◄ ගණිතය Vs තර්කය ►

-Scorpion King-

Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    ◄ ගණිතය Vs තර්කය ►

    ගණිතය Vs තර්කය

    එක රටක කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගණිතවතී, අනෙක්කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතීට තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඔන්න මේ දෙන්න පොඩි කැලෑපාරක් මැද්දෙන් ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝවීගෙන ආවා. මේ අතරේ...

    ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.
    තර්කවතී: ඕක තර්කානුකුලයි. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.
    ගණිතවතී: අනේ අපොයි. මේ වේගෙන් අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟාවෙනවා.
    ගණිතවතී: හරි. දැන් අපි මොකද කරන්නේ.
    තර්කවතී:හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුලදේ තමයි බෙදිලා යන එක. ඔය අරපාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ.

    ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතීතාම ඇවිත් නැතිබව දැනගෙන තර්කවතිට මොනවාවෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටිකවෙලාවක් යනකොට තර්කවතී ආවා.

    ගණිතවතී: අම්මෝ ඇතියන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරිනිසා මගේ පස්සෙන් ආවා.
    ගණිතවතී: හරි,ඊට පස්සේ මොකද වුනේ
    තර්කවතී: මම, මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා.
    ගණිතවතී: ඉතින් ?
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකමදේ වුණා. ඔහු මගේ ලඟට ආවා
    ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ
    තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..
    ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?
    තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..
    ගණිතවතී: ඉතින් .. මොකද වුනේකියන්නකෝ ..
    තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද? රෙද්ද උස්සපු ගැහැණුකෙනෙක්ට,කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා.. :D


    Source: E-mail