ගසක්_වූ_මිනිසා

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ගසක්_වූ_මිනිසා

ගසක් වූ මිනිසා
ඩේ ඩේ ඉන්දුනීසියානු ධීවරයෙකි .ඔහු බියපත් වුයේ තමාට කවදා හෝ සම්පුර්ණ ගසක් බවට පත්ව මිය යතැයි කියාය.ඔබේ මුවගට සිනා නැගුනද ඔහුට එසේ සිතන්නට හේතු තිබිණ .සියල්ල ආරම්භ වුයේ කුඩා කල සිදුවූ අනතුරකින් ඔහුගේ දණහිස කැපී යාමත් සමගිනි .ඔහුගේ අත් පා වලින් ගස්වල මුල් මෙන් අපි චර්මිය මස් දළු වැඩෙන්නට පටන් ගත්තේය
26934033.jpg

වෙද්‍යවරු මේ රෝග තත්වය ඉදිරියේ අසරණ වුහ. එම අපි චර්මිය මස් දළු පෙනුනේ ගසකින් පිටතට ඇදී ආ මුල් මෙනි එම මස් දළු ක්‍රමයෙන් මුළු ශරීරයෙන්ම පිටතට ඇදී එන්නට පටන් ගත් අතර ඔහුට ගෙදර දොර කටයුතු පවා අපහසු වුයේය ඔහුව රැකියාවෙන් නෙරපා දැමු අතර බිරිය ඔහු අතහැර ගියේය .
73984398.jpg
87459449.jpg
37967247.jpg
79086762.jpg

ඩේ ඩේ ට සිදුවුයේ තනිවම තම දරු දෙදෙනා හදා ගන්නටය .දරිද්‍රතාවයෙන් පෙළුණු ඔහුට ඉන්දුනීසියානු
වෙද්‍යවරු පැවසුයේ එම අරුම පුදුම රෝග තත්වයට කිසිම ප්‍රතිකාරයක් නැත යන්නයි .අගහිග කම් වලින් පීඩා විදිද්දී ඔහුට සිදුවුයේ මස් දළු සහිත තම සිරුර ප්‍රදර්ශනය කරමින් ,තමන් විකෘර්ති ශරීරාංග සහිත මිනිසෙකු බව පවසමින් මුදල් උපයන්නටය.
සිය ගම්මානය ඇතුලත ඔහු නොසලකා හැරුණු අතර සැවොම ඔහුට නින්දා පරිභව කළහ .
චර්මවේදය පිළිබද ඇමෙරිකානු විශේෂඥයෙක් ඉන්දුනීසියාවට පැමිණියේ ඒ අතරතුරේය ඩේ ඩේ ගැන ආරංචි වූ ඔහු ඉන්දුනීසියාවේ දකුණු දිග පිහිටි ධිවර ගම්මානයට පැමිණියේය. ඩේ ඩේ පරික්ෂා කර බැලු ඔහු නිගමනය කලේ ඩේ ඩේ human papiloma වයිරසයට ගොදුරු වී ඇති බවයි .එය සාමාන්‍ය කාටත් වැළදෙන ආසාදන තත්වයක් වුයේය .එහෙත් එම වයිරසය ආසාදනය වූ තැනැත්තාගේ සම මතුපිට මස් දළුවක් දෙකක් ඇතිවනවා මිස ඊට වැඩි යමක් සිදුවන්නේ නැත. ඩේ ඩේ ගේ තත්වය අසාමාන්‍ය එකක් වුයේය.
වෙද්‍යවරයා තව දුරටත් වටහා ගත්තේ ඩේ ඩේ ගේ ජානමය දුර්වලතාවයක් ඔහුගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයට බලපා ඇත කියාය. එහි අදහස අපි චර්මිය මස් දළුවලට එරෙහි ප්‍රතිශක්තියක් ඔහුගේ ශරීරයේ නැත යන්නයි. ඒ අනුව එම වයිරසය ඔහුගේ ශරීරයේ චර්ම සෛලයන්ගේ පාලනය තමන් වෙත පවරා ගෙන ඇත. වයිරසය ඔහුගේ සිරුර පුරා චර්මය මත මස් දළු වැවීම අරබා තිබිණි.
69759081xz.jpg

ඩේ ඩේ ගේ ශරීරයේ සුදු රුධිරානු ප්‍රමාණයද අවම මට්ටමක තිබු අතර වෙද්‍යවරයා වරෙක සැක කළේ ඩේ ඩේ ට ඒඩ්ස් රෝගය වැළදී ඇත්ද කියායි. කෙසේ වෙතත් පරීක්ෂණ වලින් තහවුරු වුයේ ඩේ ඩේ ගේ ප්‍රතිශක්තිය ඉතා අසාමාන්‍ය හා අද්භූත එකක් බවයි. .ඔහුගේ ජිවිතයේ මිට පෙර ඔහුට කිසිම බරපතල රෝගයක් වැළදී නොතිබිණි. ඔහුගේ දෙමවුපියන්ට හෝ ඥාතින්ට වත් අපි චර්මිය මස් දළු වැළදී නොතිබිණි.
'' ඇත්තටම මෙය දස ලක්ෂයක් අතරින් එක් අයෙකුට ඇතිවිය හැකි අසාමාන්‍ය රෝග තත්වයක් ''බව
වෙද්‍යවරයා පැවසිය. වෙද්‍යවරයා විශ්වාස කලේ දිනපතා රෝගියාට සින්තටික් ආකාරයේ විටමින් A විශාල ප්‍රමාණයක් ලබා දීම හරහා මස් දළු සුව කල හැක කියායි.
''ඔහුට පෙර පරිදි සුවයක් ලැබෙන්නේ නැහැ .එත් අත් පා පාවිච්චි කල හැකි තරමට මස් දළු අඩු වී යාවි''
වෙද්‍යවරයා පැවසිය .
ඩේඩේ ට අවශ්‍ය බෙහෙත් ලබාදීමට ඉන්දුනීසියාවේ ඖෂධ සමාගම් ඉදිරිපත් වූ අතර එරට
වෙද්‍යවරු ඔහුගේ තත්වය නිතර පිරික්සන්නට ඉදිරිපත් විය.
දැන් ඩේ ඩේ තරමක සුවයක් ලබා මහත් සැනසිල්ලක් අත්කරගෙන සිටියි. ඔහු නිතර පවසන්නේ ඒ සදහා ඔහු ඇමෙරිකානු
වෙද්‍ය ''ඇන්තනි ගස්පාට'' ණය ගති බවය.
ඒ අතර
වෙද්‍ය විශේෂඥ ඇන්තනි ගස්පාරී පවසන්නේ ඩේ ඩේ ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම මානව සංහතිය වෙනුවෙන් කරන යහපතක් කියාය.


මේ විස්තර ටික පරණ මුතුහර කින් ගත්තේ . දැන් මේ පුද්ගලයට හුගක් හොද අතට හැරිලා කියල discover චැනල් එකේ ළගදි දවසක් පෙන්නුවා .
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ikmanin suwa wenna kiyala prarthana karanawa

මම කට්ටා;12991468 said:
hambo
thanx dhanuwath kalata

Honda wela nam loku deyak


:eek::eek: ගුජුප්සාජනකයි.. :baffled::baffled:


affoiiiiiiiiiiii

hammoo...:baffled:

තැන්ක්ස් මචන්...
3.gif
3.gif
3.gif