෴ ♥ ආදරණිය ජෝති ♥ ෴
[FONT="]ජෝතිපාල 1936 - 1987 පනස් එක් වසරක සෞන්දර්යය චාරිකාව.[/FONT]
[FONT="] පූර්විකාව:[/FONT]
[FONT="]ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක සිට........[/FONT]
[FONT="]හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න කියන විදියට "ජෝති" ශ්‍රී ලාංකේය සංගීත අඹරේ සුපිරි ගායන තරුව, ජෝතිපාල මිය ගොස් 2012 ජූලි මස 07 වන දිනට (අද) වසර 25 කි. ඔහු ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් හැර ගියේ 51 වියේ දීය. ජෝති ශ්‍රී ලාංකේය සංගීත සමාජය හැර ගොස් වසර විසිපහක් ගත වුවද, තවමත් ගායන අඹරෙහි සුපිරි ගායන තරුව ඔහු ය. ඔහු ගොඩ නැගූ ඒ ජනප්‍රිය සංගීත සංස්කෘතිය අභිබවා යාමට එදා මෙදා තුර කිසිවකු මේ ශ්‍රී ලංකාවේදී සමත් වී නැත.[/FONT]
[FONT="]ජෝතිපාල ලංකාවේ පහල වීම අහම්බයක් හෝ විශ්මකර්මයක් නොවේ. අහම්බෙන් වුවද එවැනි පහළ වීම් නැවත ඇති නොවනු ඇතැයි සිතිය නොහැක. එසේම එවැනි විශ්මකර්මයකු නැවත පහළ නොවනු ඇතැයි යන්න ද සිතිය නොහැක. මන්ද යත් එවැනි හැකියාවන් ඇති මිනිසුන් කිනම් මොහොතක හෝ පහළ විය හැකි බැවිනි.[/FONT]
[FONT="]ජෝතිපාල මිය ගිය පසුව ද ගෙවුණු වසර විසිපහ තුළ චිත්‍රපට 25 ක පමණ ගී ගැයුවේ ය. විවිධ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, මෙන් ම පුවත් පත් සඟරා ඔස්සේද ඔහු පිළිබඳව විවිධ කතා බහ ඇති විය.[/FONT]
[FONT="]ජෝතිපාල ජීවත් ව සිටි සමයේ සිට මේ දක්වා ගතවූ හැම දවසකම, ඉර බහින හැන්දෑවක ගමක ගෙපැළක, පිල්කඩ උඩ ඇසුණේ ජෝතිපාල ගැයූ ගීයකි. හේනක, කුඹුරක, පැල් රකින ගොවියා තම කාංසිය සහ පාලුව මඟ හරවා ගත්තේද, ජෝතිගේ ගීයක් මිමිණීමෙන් හෝ ගුවන් විදුලියේ පාව ආ ජෝතිගේ ගීයක් ඇසීමෙනි. [/FONT]
[FONT="]හැන්දෑවට, පාරේ වැනි වැනී යන බේබද්දා බැරි බැරි ගානේ කෑ මොරදෙන්නේද, ජෝතිගේ ගීයක් කෑ ගසා කීමෙනි. එහි කිසිඳු සෞන්දර්යයක් හෝ රසයක් නැත ද , තවත් අයෙකුට මහත් හිසරදයක්, කන්දොස්කිරියාවක් වුවද, ඔහු සිය ගායනය නවත්වන්නේ නැත. ඔහු අමාරුවෙන් හෝ වෙරි මරගාතේ පෙම් බඳින්නේ ජෝතිපාලට ය.[/FONT]
[FONT="]හැන්දෑවක වැව් ඉවුරක, ගං ඉවුරක, ඇලක් හෝ දොලක් අයිනේ "සෙට්" වෙන කොල්ලො කුරුට්ටෝද දෙකක් දාගත්ත ගමන් මුමුණන්න පටන්ගන්නේ ද, දවසේ මෙහෙය නිමවා බාර් එකේදි "සෙට් " වෙන කම්කරු පන්තියේ මිනිසුන් ද, සති අන්ත වලදී හවසට සොඳුරු තැන්වල හමුවෙන හිත මිතුරු පිරිස් ද, රාත්‍රී සුපිරි සමාජ ශාලාවක "සෙට්" වෙන ඉහළම කෝටිපතියාගේ සිය මධ්‍යම පාන්තික රැඩිකල් තරුණයා දක්වා ද තෝරා ගන්නේ ජෝතිපාලගේ ගීයකි. [/FONT]
[FONT="]ගායන ලොවේ සුපිරි තරු තෝරන "සුපර් ස්ටාර්" තරඟ වලදී අධුනිකයා ගයන්නේ ද ජෝති පාලගේ ගීයකි. මෙරට හතළිස් ගනනකට කිට්ටු සියළුම ගුවන් විදුලි නාලිකා වලින් අවම වශයෙන් එක ගුවන් විදුලි නාලිකාවක් දිනකට ජෝතිපාලගේ ගීත අවම වශයෙන් 10 ක් හෝ 12 අතර ගනනක් ප්‍රචාරය කරයි. ජෝතිපාල නොසිටියේ නම් ඒ ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යාම ද ගැටළුවක් වනු නියත බව සිතෙන්නේ දිනකට ඇසෙන ජෝතිගේ ගිත ගැන හිතෙන විට ය. ජෝතිපාල සමාජ ගත වන්නේ ඒ විදියට ය.[/FONT]
[FONT="]මෙරට විචාර කලාව අනුව ජෝතිපාල ජීවත්ව සිටි සමයේ ගීතය සහ සංගීතය ද දෙකට බෙදුනි. අමරදේවයන් ප්රමුඛ ගායන පරපුර සම්භාව්‍ය ගීත සාහිත්‍යයේ ඇසුර එක් පසෙක ද, ජෝතිපාල , පුමුඛ ගායක පරපුර ජනප්‍රිය සංගිතය සහ ගීත ශෛලියද අනෙක් පස සිට අනුගමනය කළේය. අමරදේවයන් ප්රමුඛ ගායන පරපුර උත්තම ගණයට අයත් වූ අතර එකී විචාර කලාව අනුව ජෝතිපාල වැටුනේ අධම ගණයේ ගීත ගොඩටය. අපේ විචාර කලාව ක්‍රියාත්මක වූ යේ ඒ අයුරිනි.[/FONT]
[FONT="] පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත "ජෝති රශ්මි රාත්‍රී" කාව්‍ය සංග්‍රහයේ ඇති ජෝතිපාල පිලිබඳ ලියැවුණු මේ අපූරු කාව්‍යයේ කොටසක් උපුටා දක්වමිනි.[/FONT]
[FONT="] ...... ජෝති ඔබ[/FONT]
[FONT="] යුගයේ වඩාත්ම ප්‍රේමනීය හඬද වූවෙහිය[/FONT]
[FONT="] වඩාත් විශ්වාශවන්ත හඬද වූවෙහිය[/FONT]
[FONT="] හැම යුගයක්ම[/FONT]
[FONT="] බිහිකරයි තම කාලයේ විරුවන්[/FONT]
[FONT="] ඇතැම්විට ඒ දරුවෝ[/FONT]
[FONT="] වැටී සමාජ පත්ලෙහි[/FONT]
[FONT="] සැඟව යති මහා නෞකා සේ[/FONT]
[FONT="] සාගර කුක්ෂියෙහි ගිලී යන[/FONT]
[FONT="] ඒ වීර දූ පුතණුවන්[/FONT]
[FONT="] යළි සොයා ගොස්[/FONT]
[FONT="] වඩා හිඳුවා[/FONT]
[FONT="] නළවන්න එපාද[/FONT]
[FONT="] ඉතිහස නම් මෑණිය උකුළේ?[/FONT]
[FONT="]උපුටා ගැනීම:[/FONT]
[FONT="] පරාක්‍රම කොඩිතුවක්කු ගේ "ජෝති රශ්මි රාත්‍රී" කාව්‍ය සංග්‍රහය (10 සහ 11 පිටු වලින් ) [/FONT]
මෙය අස්වැන්න බ්ලොගයෙන් උපුටාගත් ලිපියකි..
එයි කර්තෘ වන දයානන්ද රත්නායක මහතාට සියලු ගෞරවයන් හිමිවිය යුතුය.
ජෝති යනු ‘ආලෝකයයි’. සැබැවින්ම ජෝති අපේ ගී ලොව ආලෝකමත් කළේය. ඒ ආලෝකය මහා පහන් ටැඹක් වී සසර පුරාවටම අප හද සන්තානයේ අඳුර පලවා හරින්නේ සදාතනික සෙනෙහකිනි.

ජෝතිපාල මහාතා ගැන ලියාවුණු තවත් ලිපියන් පහලින් දමා ඇත..
ඔහුගේ සියලු ගීත ඩවුන්ලෝඩ් කරගන්න ඕන අය ඉන්නවා නම් මට PM කරන්න.. මේකෙ ඇල්බම් දාන්න තහනම් කියලා දන්නවනේ

Last edited: