Will you just look at this :O :O :O

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    This is most proly a repost. But here we go in any case

    484552_4204471678852_819734067_n.jpg


    ..............
    කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඔහු රාත්‍රී ඡායාරූප වැඩමුළුවක්‌ සංවිධානය කළේය. ඊට උචිත ස්‌ථානය කරගත්තේ පොළොන්නරුව පුද බිමේ ගල් විහාරයයි. ....... විදුලි පන්දමක්‌ භාවිත කරමින් ගල් විහාරයේ ඒ අසම සම සැතපෙන සම්බුද්ධ පිළිමවහන්සේ ආලෝකයෙන් ආලේපනය කළේය. .......
    බලන්න! මේ විශේෂිත පිළිරුවේ වීදුරු තරම් විනිවිද පෙනෙන සිවුරු පටට මෑතින් දකින අප මහා තථාගතයාණන් වහන්සේගේ මස්‌ පිඬුවක පවා සජීවී බව හෙළ කලාකරුවා මේ පිළිමවහන්සේ වෙත කැඳවා ඇති අපූරුව. උදරයේ මස්‌පිඬු, නාභිය, දෙතන් වැනි සියුම් බාහිර රූපකාය පවා සලකා නොවේද මෙවන් විශ්මිත නිර්මාණ බිහිකර ඇත්තේ.........
    ඒ ගැන මේ ඡායාරූපයේ නිර්මාණ ශිල්පියා කීර්ති කියන කතාව මෙවැන්නකි.

    "මම විශ්වාස කරන්නේ අතීත කලාකරුවා (ගල් වඩුවා) මේ නිර්මාණය කරන්න ඇත්තේ පන්දම් එළියක්‌ භාවිතයට අරගෙන කියලයි. තමාගේ කලා කෘතිය නරඹන්නන් විශ්මයට පත්කරවන දෙයක්‌ බවට පත්කිරීම සඳහා ඒ, ඒ තැන්වල රැඳවූ පන්දම් ආලෝකය භාවිත කරන්නට ඇති. ඒත් අද රාත්‍රියේදී මේ පිළිම වහන්සේලා බැතිමතුන්ට විවර වෙන්නේ නැති නිසා මෙසේ කැමරාවෙන් දුටු දර්ශන දකින්න ලැබෙන්නේ නෑ. දහවලේදී වැටෙන සෘජු, රළු ආලෝක ධාරාවන්ටත් මේ සියුම් නිර්මාණ දර්ශනය වෙන්නේ නෑ. කොහොමහරි අපි මේ පරීක්‍ෂාවට බඳුන් කළේ ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේ පමණයි. හිටි පිළිමය, හිඳි පිළිමය හා අවුකන පිළිමවලත් මේ වගේ විශේෂතා ඇති. අපි ඒවා අඳුනා ගත යුතුයි.
    ...
    by ඉරිදා දිවයින