Z ස්කෝර් ගැටලුව නිසා කිසිදු සිසුවකුට අසාධාරණයක් සිදුවීමට ඉඩ තබන්නේ නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
උසස් පෙළ Z ස්කෝර් ගැටලුව නිසා කිසිදු සිසුවකුට අසාධාරණයක් වන්නට ඉඩ නොතබන බවත්, තරුණ මන්ත්‍රීවරුන් ලෙස මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී හඬ නැඟීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙළේ මේ වන විටත් විවිධ විද්‍යාපීඨවලට මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවලට යෑමට විශාල සිසු පිරිසක් සූදානමින් සිටින බවත්, උසස් පෙළ ප්‍රතිඵල අවුල හේතුවෙන් ඒ අයට කිසිදු ගැටලුවක් ඇති වන්නට ඉඩ නොතබන බවත්ය. එමෙන්ම මෙවැනි සිදුවීම් ඉතිහාසය පුරාම සිදුවූ බවත් අපේ යුතුකම විය යුත්තේ වැරදි හදා ගැනීම නොව ඒවා නිවැරැදි කර ගැනීම බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.
අධිකරණය පවා සිසුන්ට අසාධාරණයක් වන ආකාරයට කටයුතු කර නොමැතිවීම ඉමහත් සතුටට කරුණක් බව වැඩිදුරටත් පැවසූ මන්ත්‍රීවරයා උසාවි තීන්දුවට ගරු කරන පිරිසක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙන්ම විභාග දෙපාර්තමේන්තුව ද සිසු පරපුරේ මේ ගැටලුවට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දෙනු ඇතැයි ද සහෝදර සිසුන් වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරුන් වන අප සියලු දෙනා පාර්ලිමේන්තුවේදී හඬ නැඟීමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කැර තිබෙන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු පිරිසක් හමු වූ අවස්ථාවේදීය.