පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමලිංගික හි&#
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා/පුරුෂ සමලිංගික හිංසනය
ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය.
ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය.
ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව මේ අනුව පෙනී යයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මෙවැනි ඉරණමක් අත් වුයේ මන්ද ? ඒ සඳහා වගකිවයුත්තෝ කවුරුද ?
මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්රශ්නයකි.
බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.
එම නිසා මේ පිළිබඳව විමර්ශනය කොට කරුණු ජනතාවට හෙළි කිරීමට අප උත්සහ ගත්තෙමු.එහෙත් මෙම වෑයම සමලිංගිකයන්ට එරෙහිව කරුණු දැක්වීමක් හෝ හෝ පුරුෂ අධිපත්‍යට යටවී කාන්තාවන් ගැන පමණක් කෙරෙන හෙළිදරව්වක් නොවේ.
ජනතාවගේ මුදලින් නඩත්තු වන රජයේ විශ්ව විද්‍යාලයක සිදුවන සදාචාර විරෝධී ක්‍රියා පිලිබඳ දැනුවත් කිරීමකි. සැබවින්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැබවින්ම බරපතළ ගැටලුවක් ඇත. ඒ සඳහා වහාම පිළියමක් යෙදීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය අදාල බලධාරීන්ගේ ඇස් අරවන්නක් වේවා යැයි පතමු.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සදාචාරාත්මක පරිහානිය ගැන 1960 – 1970 දශකයේ පවා කරුණු ලියැවී තිබේ. දිවංගත ලේඛක සිසිර කුමාර මනික්‍යආරච්චි මේ සම්බන්ධයෙන් පොත් පවා පළ කොට ඇත. එසේම හිටපු අධ්‍යාපන අමාත්‍ය ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කල කොමිසන් වාර්තා වලද මේ ගැන සඳහන් වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
එම හිංසනය ගැන සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා ලදී. එහෙත් මෙම ප්රශ්නය එම සිදුවීමෙන් පසු නැවතී නැත. මාධ්‍යවේදිනී රොෂෙල් සෙනෙවිරත්න හෙළි කරන පරිදි නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවේ. එය නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව කරුණු විමසීමට අප ශිෂ්‍ය උද්ගෝෂණ සපිරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූයෙමු. එම සංචාරයේදී අප නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් මුණගැසී මෙම ප්රශ්නය සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස් විමසුවෙමු. අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ යන බියෙන් බොහෝ දෙනෙකු අපට කතා කිරීමට මැළි වුහ. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක වන නිලුකාගේ ( නියම නම නොවේ) වෑයම නිසා නවක සිසුවියන් කිහිප දෙනෙකු ඔවුන් විසින් මුහුණ දුන් අප්‍රියජනක අද්දැකීම් අප සමග පැවසුහ.
නිලුකා ගේ ගම් පළාත උඩරටය ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. මුළු විශ්ව විද්‍යාලය සහ එහි ගොඩනැගිලි අතැඹුලක් සේ දන්නා ඇය අපගේ මාර්ගෝපදේශිකාව මෙන්ම විස්තර සපයන්නිය වුවාය. ඇයගේ ආරක්ෂාව පතා අපට නිලුකා ගේ තොරතුරු මෙහි හෙළි කල නොහැක. නමුත් ඇය විසින් පැවසූ තොරතුරු අප මෙසේ හෙළි කරමු.
" පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය අලුත් දෙයක් නෙවෙයි. මේක හැමදාම පේරාදෙණියේ තිබ්බා. ඒත් ඒක රහසක් හැටියට තමයි පැවතුනේ. මොකද සමලිංගික හිංසනය කරන සිසුවියත් එයට ලක් වන නවක සිසුවියත් කවදාවත් ඒක වෙන කෙනෙකුට කියන්නේ නැහැ. අතවරයට ලක් වන සිසුවියට ඒක විශාල මානසික පීඩනයක්.
ඇයට ඒක විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට හෝ ගුරුවරුන්ට කියන්න බැහැ. ඒ වගේම ඒක ගෙදර කෙනෙකුටවත් කියන්න බැහැ. තනියම මේ හිංසාව දරාගෙන ඉන්න තමයි ඔවුන්ට සිදු උනේ. අතවරයට පත් වූ සිසුවිය විවහා වූ පසු තමාගේ සැමියාටවත් මේක කියා ගන්න බැහැ. නමුත් සදහටම මේ මානසික කැළල ඇය තුල තියනවා. මවක් වූ පසුව ඇය තමන්ගේ දරුවන් දකින විට පවා මේ සිද්දිය ඇයට මතක් වෙන්න පුළුවන්. මේ අතවර නිසා කාන්තා සිසුවියන් බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ගියා. සමහරු මානසික රෝගීන් උනා. කීප දෙනෙකු දිවි නසාගෙනත් තියනවා. "
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පවතින කාන්තා සමලිංගික හිංසනයේ ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා.
අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.
රූපා රත්නසීලි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා.
මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා.
රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.
වර්තමානයේත් පේරාදෙණියේ මේ ලිංගික අතවර තියනවා. සමහර ජ්‍යෙෂ්ඨ සිසුවියන් නවක සිසුවියන්ව බලහත්කාරයෙන් සම ලිංගික සේවනයට යොදවා ගන්නවා. මේ වින්දිතයන් ඊළඟ වසරේ එන නවක සිසුවියන්ට ලිංගික අතවර කරනවා. මේක හරියට විෂම චක්‍රයක්. සමහර අතවර පුවත් පත් වල ලිවීමට පවා බැහැ. ඒතරම් අශ්ශීල දේවල් මේ විශ්ව විද්‍යාලයේ සිදුවෙනවා. කවුරුත් මේ ප්‍රශ්න ගැන ලියන්නේ නැහැ.
ඒ නිසා මේවා සදහටම මේ විශ්ව විද්‍යාලයේ තියේවි. දැන් බලන්න ලඟදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දහ දෙනෙකුගේ ඇඳුම් ගලවලා වැසිකිලියකට දමලා නවක වදය දීලා. මේක කරලා තියෙන්නේ දෙවැනි වසරේ සිසුවියන් වගයක්. මේ අය සමහර අලුත් ගෑනු ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් පවා කරලා තියනවා කියලා සමහර නවක ළමයි කියනවා. එක ළමයෙකු නිරුවත් කරවලා ඇඟට මුත්‍රා පවා කරලා. අපට ආරංචිය තියනවා මේ තුන්දෙනා එකතු වෙලා ගම්පහ ඉස්කෝලෙකින් ආපු ළමයෙක්ව බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ යොදවාගෙන කියලා.
මේක අමු අමුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයක්. ලිංගික දුෂණයක්. වෙළඳ කලාපයේ අඩු ඉගෙනීමක් තියන කෙල්ලොවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. මේ තුන්දෙනාගේ පන්ති තහනම් කිරීම විතරයි කරලා තියෙන්නේ. හරිනම් මේ අය උසාවි දාන්න ඕනේ. මේ අයගේ නම් ගම් පත්තර වල දන්න ඕනේ. එතකොට තම තමන්ගේ ගෙවල් වල අය, අසල්වැසියෝ මේ අයගේ හැසිරීම කොහොමද කියලා දැනගන්නවා. එතකොටවත් ලැජ්ජා වෙලා හැදෙයි. එක අනෙක් අයටත් පාඩමක් වෙයි. නමුත් දැන් මේ තුන්දෙනා පන්ති තහනමෙන් පස්සේ අපහු එනවා. ඇවිත් නැවත අහිංසක කෙල්ලන්ට අතවර කරයි.
ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ.