ලයිට් බිල වැඩිද..? පොඩ්ඩක් අඩුකර ගමුද...?

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ලයිට් බිල වැඩිද..? පොඩ්ඩක් අඩුකර ගමුද...?

    මේක ගැන අපේ තවත් යාළුවෙක් නූලක් දාලා තිබ්බා මට මතකයි. ඇත්තට LED බල්බ් වලින් විදුලිය වැය වීම අඩු වෙනවද.?

    ඔව් :yes: අඩු වෙනවා. මම එහෙම් කියන්නෙ මීට මාස 6 , 7 කලින් අපේ ගෙදර ලයිට් බිල කවදාවත් යුනිට් 90 අඩුවෙන් නම් ගියෙ නෑ :(, නමුත් මම ටික ටික මුලු ගෙදරම තිබ්බ CFL වෙනුවට LED බල්බ් දැම්මා. දැන් අපේ ගෙදර දවසකට LED බල්බ් 10-12 විතර වැඩ කරනවා. අන්තිම මාස 4 විදුලි බිල යුනිට් 70-80 අතරෙ තමා තිබුනෙ. මට මේ පොස්ට් එක දාන්න හිතුනෙත් අද ආපු ගිය මාසෙ බිල යුනිට් 71 නිසා :P.( කාටද ආඩම්බර )

    graphic1t.jpg


    මේ තියෙන්න අපේ ගෙදර භාවිතා වෙන LED බල්බ් වල පින්තූර


    new-10.jpg


    new-4.jpg


    new-6.jpg


    new-8.jpg


    new-18.jpg


    මීට අමතරව පැය 24x365 පුරාම දැල්වෙන බුදු පහනත් LED. (මට ඒකෙ පින්තූරයක් ගන්න බැරි උනා )

    මේ ගැන වැඩි විස්තර හා තවත් පින්තූර පහත ලින්ක් එක තියෙන මගෙ මගෙ බොලොක්කයෙ තියෙනවා.


    http://www.seekmind.com/p/hol.html

    (ලින්ක් එක දැම්මේ ස්පෑම් කිරීමේ අදහසින් නොවන බව කරුනාවෙන් සලකන්න.)

    දැන් අපි බලමු මේ බල්බ් වල තියෙන මූලික වාසි මොනවද කියල.

    * ප්‍රධානම වාසිය තමයි තාපය ලෙස පිටවන ශක්තිය අවම වීම. - CFL බල්බයක් හෝ සාමාන්‍ය විදුලි බුබුලක් විනාඩි 2 / 3 ක් පමන දාලා තිබ්බම අල්ලන්න බැරි තරම් රත් වෙනවා. ඒත් LED විදුලි බුබුලක් දවසක් දාලා තිබ්බත් අල්ලන්න පුලුවන් :yes:.

    * දිගු ආයුකාලයක් තිබීම.

    * රසදිය හා UV කිරන නොමැති වීම.

    * නැවත නැවත අලුත්වැඩියා කිරීමේ හැකියාව. - CFL බල්බයක පරිපතයේ දෝෂයක් නම් ඉලෙක්ට්‍රොනික් දන්නා කෙනෙකුට අලුත්වැඩියා කල හැක. ( පිටකොටුවේ පදික වේදිකාවේ අඩුමිලට ඇත්තේ අලුත්වැඩියා කල CFl බල්බ්ය ) එහෙත් ටියුබය දැවී ඇත්නම් අලුත්වැඩියා කල නොහැක.

    * බිදීමෙන් සිදුවන අනතුරු අවම වීම.

    * මෙරුන් වැනි සතුන් බල්බය වෙත නොපැනීම. - මෙම කරුන මගේ අත්දැකීමෙන් පමනක් නොව, මාගෙන් බල්බ් ලබාගත් සෑම දෙනාම පැවසූ කරුනකි. ( හේතුව මා නොදනී :()

    අවාසි ලෙස මා දකින්නේ බල්බයක් සදහා වැයවන මූලික මුදල වැඩිවීම හා බාල අමතර කොටස් භාවිතය නිසා හට ගන්නා දෝෂ පමනි.
    ( ඔබ දන්නා වෙනත් කරුනු ඇත්නම් සඳහන් කීරීමට අමතක නොකරන්න. :yes:)

    මෙහිදී තවත් කරුනක් මා සඳහන් කරන්න කැමතියි. එනම් බල්බ යෙදීමේදී ස්ථනය හා බිත්තිවල වර්නය ගැන සැලකිලිමත් වන්න. උදාහරනක් ලෙස නානකාමර හා කොරිඩෝ වැනි කුඩා පටු ස්ථන වලට පලමු රූපයේ ඇති 2W වන එලිය වැඩිය විහිදී නොයන බල්බ් භාවිතා කරන්න. එමෙන්ම සාල හා විශාල කමර සඳහා අවසන් රූප දෙකේ ඇති අංශක 360 එලිය විහිදෙන බල්බ් භාවිතා කරන්න. තවද විශාල ස්ථන වල හෝල්ඩර කිහිපයක් ඇත්නම්, එකවර වැඩි එලියක් සහිත බල්බ් නොදා අඩු එලියක් සහිත බල්බ් කිහිපයක් භාවිතා කරන්න. එවිට උපරිම එලියක් අවශ්‍ය නොවන විට අනවශ්‍ය විදුලිපහන් නිවා දැමීමට හැක. ඒ වගේම බිත්තිවල සුදු වර්නය ආලේප කර ඇත්නම් උපරිම ආලෝකය ලබා ගත හැක (සුදු එලියෙන් ආලෝකය පරාවර්තනය කරන නිසා )

    ඉතින් මේ දේවල් එලකිරියෙ බුවාලට බුවීලට වැදගත් උනා යයි සිතමි. LED බල්බ් හදන ආකාරය කලින් යාළුවෙක් සඳහන් කර තිබූ නිසා ඒ ගැන ලියන්නේ නැත. මෙම LED බල්බ් අවශ්‍ය කෙනෙක් වේ නම් සාධාරන මිලකට වගකීමක්ද සහිතව ලබා දිය හැක :yes:.අවශ්‍ය කෙනෙක් මට PM ;) එකක් දාන්න.

    ගල් මල් යෝජනා චෝදනා බාර ගනිමි. නිකන් යන්නෙ නැතිව බම්පියක් වත් දාල යන්ඩෝ........ ;)
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mama gathea 7 w ,10 w ebay eakan...loku eliyayak na.....books ehama balana ba.....eye penna nathuwa yanawa.....eye ladak na,,,,,cfl tharam develop na
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meke ara heat sink ehema dala ban, apita dawasak suddo tikak avit presentation ekak kala LED gena. bt api katawath eka echchara alluwe ne, specially electrical eng lath tharamak sekaen wage omment dunne... un kiyanawa normal LED eka dala me wede karanna belu... jst smtn i kw machan.. ubawa wattanna nemei hode...
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මේවගෙ හීට් සින්ක් නෑ මචං, (මමනෙ හැදුවෙ ) හීට් සින්ක් තියෙන්නෙ 1W වගෙ high power LED තියෙනෙ ඒවගෙ. ඒවා කරන්ට් එක කනවා මේවගෙ තියෙන්නෙ normal super bright LED

    meke ara heat sink ehema dala ban, apita dawasak suddo tikak avit presentation ekak kala LED gena. bt api katawath eka echchara alluwe ne, specially electrical eng lath tharamak sekaen wage omment dunne... un kiyanawa normal LED eka dala me wede karanna belu... jst smtn i kw machan.. ubawa wattanna nemei hode...
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    බඩු ගැනනම් මම දන්නෙ නෑ මචං. ඒත් අපේ ගෙදර තනිකර දුවන්නෙ මේ බල්බ් වලින්. මගේ ගාව තියෙන්නෙ 2W, 3.5W, 5W විතරයි (මගෙ කමර වල තියෙන්නෙ 3.5W, සාලෙ 2Wx3, කුස්සියෙ 2Wx2, එලියෙ 2Wx2 ) . උඹ කියනවගෙ 7W ,10W නම් ඉතින් සුපිරි එලියක් තියෙන්නෙ ඕනෙ.

    mama gathea 7 w ,10 w ebay eakan...loku eliyayak na.....books ehama balana ba.....eye penna nathuwa yanawa.....eye ladak na,,,,,cfl tharam develop na
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මේවගෙ හීට් සින්ක් නෑ මචං, (මමනෙ හැදුවෙ ) හීට් සින්ක් තියෙන්නෙ 1W වගෙ high power LED තියෙනෙ ඒවගෙ. ඒවා කරන්ට් එක කනවා මේවගෙ තියෙන්නෙ normal super bright LED

    i am not agree with this,i made 5W bulbs with 1W led,it lights equivalent to 60W filament light and saved current...:yes: