ඔයාලා මේ පුංචි වදුරු පැටව් කලින් දැකල තියෙනවද??
ඔයාල මේ ගොල්ලෝ ගැන දන්නවද??එහෙනම් අපි ටිකක් විස්තර හොයල බලමුනේ..

මෙයාලව හදුන්වන නම තමයි Pygmy marmoset..ඒ නම විතරක් නෙවේ මෙයාලට තව ගොඩක් නම් තියෙනවා...(අපි කාටත් එක එක නම් තියෙනවනේ..

)මෙයාලට pocket monkey,little lion, සහ tiny lion වගේ නම් පාවිච්චි කරනවා..මෙයාලගේ විද්යාත්ම නම තමයි Cebuella pygmaea..

මේ ගොල්ලෝ බ්රසීලය පේරු බොලිවියාව ඉක්වදෝරය සහ කොලොම්බියාව වගේ රටවල වැසි වනාන්තරවලට අවේනික සත්ව විශේෂයක්.

මෙයාල තමයි ලෝකේ ජිවත් වන කුඩාම වදුරු විශේෂය..
ශරීරයේ දිග සෙන්ටිමීටර් 14ත් 16ත් අතර වෙනවා..වැඩුණු පිරිමි සතෙක් ග්රෑම් 140ක් වගේ වෙනවා..ගෑනු සතෙක්නම් ග්රෑම් 120 වගේ වෙනවා.
සාමානයෙන් මේ අය අවුරුදු 11-15ත් අතර කාලයක් ජිවත් වෙනවා...එත් සමහර අය අවුරුදු 25ක් වගෙත් ජිවත් වෙලා තියෙනවා...
මේ ගොල්ලෝ කැලෑවේදි ජිවත් වෙන්නේ රංචු වශයෙන්..සාමානයෙන් රංචුවට වැදුණු ජෝඩුවකුත් සමග 6ත් 10ත් අතර ප්රමාණයක් ඉන්නවා..
ගැනු සතුන් මාස 5 කට වරක් අලුත් පැටියෙක් බිහි කරනවා..හුගක් වෙලාවට නිවුන් පැටව් තමයි බිහි කරනේ..
මේ ගොල්ලෝ සුරතල් සතුන් විදිහටත් ඇති කරනවාලු වෙනත් රටවල් වල..
මේ ගොල්ලෝ ටිකක් ආක්රමණශීලි සතුන් විෂයක් නිසා ටිකක් පරිස්සමින් ඇති දැඩි කරන්න ඕනලු..
මේ ගොල්ලෝ අපේ ඇගිල්ලක් තරම් ඇති නිසා තමයි Finger Monkey කියල කියනේ..(නැති උනොත් හොයාගන්ත් බැරිවෙයි නේ??
ගේ පුරාම හොයන්න වෙයි..
)බලන්නකො මෙයාලගේ පින්තුර ටිකක්



(අන්තර්ජාලය ඇසුරෙන්..
)
ස්තූතියි කට්ටියගෙ දැනුමට යමක් එකතු කළාට.

