නැව~ගිලුනත්~බෑන්~චූන්
Good Friends Good Times (EK Traveler Reunion @ Seegiriya)
හලෝ.....

මෙන්න මෙහෙමයි කතාව සිද්ද උනේ.
ඉස්සර මාසයක් මාසයක් ගානේ ට්‍රිප් යන්න සෙට් වෙච්ච අපේ සෙටාර් එකට පසුගිය මාස කීපයේම කොහෙවත් ඇවිදින්න හැකියාවක් ලැබුනේ නෑ. ඔන්න ඉතිං අපි ට්‍රිප් එකක් ප්ලෑන් කලා. මුලින්ම අපේ අදහස් උනේ අරණායක අසුපිනි ඇල්ල පැත්තේ සංචාරය කරන්නයි. සංචාරයට සියල්ල සුදානම් කරලා තිබුනේ. නමුත් අරණායක ප්‍රදේශයට එක දිගටම මහා මුරුගසං වරුසාවක් දින කීපයක් තිස්සේ වැටෙන්නට පටන් ගත්තා. ඒ වගේම මා ඔයේ වතුර මට්ටමත් වැඩි වෙලා තිබුනා නොසිතූ විරූ ලෙසට. ඒ නිසා අපි හැමෝගෙම අදහස උනේ ගමනාන්තය වෙනස් කල යුතු බවයි.
කිසිම කෙනෙකුට හරි ගමනාන්තයක් පිළිබඳ හැගීමක් තිබුනේ නෑ. හවස 03ට මාගේ කාර්යාලයට පැමිනි කඩියත් එක්ක සාකච්චාවක් කලා. ඒත් ගමනාන්තයල් පිළිබඳ අපිට පැහැදිලි අදහසක් තිබුනේ නෑ. හවස 06ට විතර මට ආයේ හම්බ උනේ බෝල්ටා. එකවරම අදහසක් ආවේ සීගිරි ගිහින් එමු කියලයි. ට්‍රිප් එකක් යනවාට වඩා ගොඩ දවසකින් සෙට් නොවුනු අපේ සෙටාර් එක සෙට් වීම තමා අපේ මූලිකම පරමාර්ථය උනේ. ඒ වෙනකොට අපේ ටීම් එකේ හැමෝම ඔන්ලයින්. සට සට ගාල මැසේජ් කීපයක් හුවමාරු කරගත්ත අපි අපේ ගමනාන්තය සීගිරිය බවට ස්ථිර කරගත්තා.
උදේ 5.45 ට කොටුවෙන් පිටත්වෙන යාල් දේවී දුම්රියේ කුරුණෑගලට ගමන් කර එතනින් වෑන් රථයකින් සීගිරිය වෙත සංචාරය කිරීම තමා අපේ ප්ලෑන් එක උනේ.
වෙලාව උදේ 5:25ට විතර ඇති. මට කෝල් එකක් ආවේ නදියාගෙන්.
"මචං දිලුමා තවම කැම්පස් එකේ හිර වෙලා. ඌට එන්න බස් නෑලු"
"හප්පට....එහෙමද සීන් එක? හිටහං මම කෝල් එකක් දෙන්නම්මෙහෙම කියපු මම අනිත් පැත්තට ගත්තේ අපේ වල් දෙළුම් ට.
" හලෝ පෙරා.. මාර සීන් එක ඕයි.. මම මේ පාන්දර 1 ඉඳන් ඇඳගෙන ඉන්නවා පාරට එන්න විදියක් නැතුව" ඒ දෙලුමාගේ කට හඬ.
"අනේ මචං ඒගන්න විදියක් නැද්ද?" මට පට්ට විදියට දුක හිතුනා ඌ ගැන.
"උඹලා පලයල්ලා. මම දඹුල්ලට එනවා කීයට හරි. අනිවා" එහෙම කීවේ දිලුමා.
අපේ සෙට් එකේ එකෙක් හරි එනවා කීවොත් ආයේ එනවාම තමා. ඒක මම අත් දැකීමෙන් දන්න දෙයක්. ආයේ ලෝකේ අනිත් පැත්ත පෙරලුනත් කීව තැනට එන එක අපේ සෙට් එකේම තියෙන පුරුද්දක්.
දිලුමා කීයට හරි දඹුල්ලට එනවා කියන එක ඉර හඳ වගේ ෂුවර් එකක් තිබුනා මට.
කොහොම හරි උදේ 5:30 වෙනකොට කොටුව ඉස්ටේසමේ හිටියේ මමයි, චමිතුයි, නදියයි විතරයි. ඊට මිනිත්තු කීපයකට පස්සේ චාමික ඒ ස්ථානයට සැපත් උනා. ඒත් සතරේ නෑ.
"කොහෙද යකෝ ඉන්නේ" මම ගත්තා සතරෙට කෝල් එකක්. වෙලාව 5:40යි. යාල් දේවි යන්න තියෙන්නේ විනාඩි 05යි. "මම මේ බෝගහ ගාව" සතරේ කීවා. "වරෙං ඉක්මනට. විනාඩි 05යි. කෝච්චියට. මම ටිකට් ගත්තා උඹලාටත් එක්ක" මම කීවා. කොහොම හරි කෝච්චිය අදින්න ඔන්න්න මෙන්න තියෙනකොට සතරේ ඉස්ටේසමට ආවා. දුවගෙන ගියපු අපි කෝච්චියේ එල්ලුනා.
යාන්තම් කොටුවෙන් කෝච්චිය අල්ලගෙන සෙට් එකම ගොඩ උනා. ඊට පස්සේ තිබුනේ රාගමින් බෝල්ටාව ගන්න එක. රාගමට එනකොට අනෝරා වැස්සක්..
කොහොම හරි බෝල්ටා කෝච්චියට ගොඩ උනා රාගමින්. මූ නැග්ගේ අවසාන පෙට්ටියට කෝච්චියේ. අපි හැමදාමත් වගේ හිටියේ පළවෙනි පෙට්ටියේ. වහලා තිබුන Reserved Carriage වල දිරවල් ඇරවගෙන බෝල්ටාව අපේ පෙට්ටියට ගෙන්නා ගත්තා. ඊට පස්සේ කඩියා තමයි ගොඩ වෙන්න හිටියේ. "මම මේ ඉස්ටේසමට එනගමන් ඉන්නේ" කියලා කෝල් කර වෙලාවේ කීවත් මූ ඉන්න ඉසවුවක් අපිට කීවේ නෑ. ගම්පහට කෝච්චිය එනකොට කඩියා මඟ. මුලින් හිතුවේ මූ අපිට බයිට් එකක් දෙන්න ලණුවක් දුන්නා කියලයි. නමුත් ඇත්තටම මූට කෝච්චිය මිස් උනා. අපිට කරගන්න දෙයක් තිබුනේ නෑ. අපි කවදාවත් අපේ එකෙක් හලලා ට්‍රිප් යන සෙට් එකක් නෙමෙයි. එහෙම ගිහිල්ලත් නෑ. එහෙම යන්නෙත් නෑ. වේයන්ගොඩ ඉස්ටේසමෙන් අපි හැමෝම බැස්සා කඩියට ජාතිය අමතමින්. ඒ වෙනකොටත් පට්ට වැස්ස.
ඊගාව කෝච්චිය උදය දේවි. විනාඩි 30කට පස්සේ එන උදය දේවි කෝච්චියට කඩියට ගොඩවෙන්න කීවා ගම්පහින්. අපි වේයන්ගොඩින් උදය දේවි අල්ලා ගත්තා.
දැන් ඔක්කොම හරි. කුරුණෑගලට එන්න ඉන්නේ බන්ඩා විතරයි.
අපි මගදී කැබ් සර්විස් එකකට කෝල් කරලා වෑන් එකක් කුරුණෑගලට එවන්න කියලා තිබුනේ. දෙයියන්ගේ පිහිටෙන් කුරුණෑගලින් බහිනකොට වහින්නේ නෑ.
කුරුණෑගල ටවුන් එකේ කඩයකින් තරඟෙට කෑම් කාපු අපි බන්ඩාවත් ඇහිඳගෙන සිගිරි යන්න පිටත් උනා. කෑම් කෑමේ තරඟෙන් දින්නේ මමත් නදියත් හිටිය ටේබල් එක.

මගදී කොමඩු කෑමේ දැඩි අවශ්‍යතාවයක් නදියා ප්රමුඛ අපේ සැට් එකටම දැනිලා තිබුන නිසා කොමඩු කන්න අපි නැවැත්තුවා. ඉන් පස්සේ ආයේ අපේ ගමන පටන් ගත්තා. ඔය අතරේ තමා අපේ Official Supplier සතරේ කෑම සප්ලයි කරන්න පටන් ගත්තේ. මුගේ ඔෆිස් එකේ ප්‍රඩක්ට්ස් එකින් එක බෑග් එකෙන් එන්න පටන් ගත්තා.

කොහොම හරි අපි සීගිරියට ලඟා උනා. තවමත් අපේ දිළුම් නෑ. ඌ කොයි වෙලේ හරි දඹුල්ලට ඇවිදින් කෝල් කරන බව නම් අනිවා අපි දැනගෙන හිටියා.
රසබර සිද්ධි, රස කතා අතරේ අපි සීගිරි නැග්ගා.
සිංහකට ගාවට එනකොට බඹර වදයක් ඇවිස්සිලා. ඒ ස්ථානයේ සිටි ආරක්ෂකයින් අපව ආරක්ෂිත කූඩු වලට ඇතුල් කලා.
ටික වෙලාවකින් තත්වය යහපත් උනා. අපි සිංහ කට ගාවින් උඩට නගින්න පටන් ගත්තා. ඔය අතරේ තමයි චාමිකට NFS ටෝකියෝ ඩ්‍රිෆ්ට් එකේ ඩයල් එකක් සෙට් උනේ.
ඌ ගැංස්ටර් කෙනෙක් වගේ ඩයල් එකක්. අපේ චාමියා එක පාරයි හෙලෝ කීවේ. ඌ හිරු දුටු පිනි බිඳුවක් වගේ අතුරුදහන් උනා.

ඒ වගේම මේ ගමනේ අපේ ගයිඩ් වශයෙන් කටයුතු කලේ චාමික. සීගිරියේ වැදගත්කම ගැන චාමික අපිට බොහෝම ලස්සනට විස්ථර කරලා දුන්නා. ඒ දේවල් අපේ වීඩියෝ එක මගින් ඉදිරි කාලයේදී ඔයාලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තුවෙනවා.
අපි ආයේ පහලට බහිනකොට තමා චාමිකගේ පවුම් 02ක් වටිනා රත්තරන් මාලයත් ඔෆිස් එකේ යතුරු කැරැල්ලත් දිය අගලට වැටුනේ.

කොහොම හරි වෙලාව 03ට කිට්ටු ඇති. දඹුල්ලට ආපු දිලුමා අපිට කෝල් කරා. අපි නැවත දඹුල්ලට යන අතරමගින් දිළුමාව අරගත්තා. ඒ වෙනකොට බස් වල ඇවිල්ලාම ඌ හෙම්බත් වෙලා හිටියේ. අපි හැමෝටම ඌ ගැන ලොකු ආඩම්බරයක් වගේම ආදරයක් ඇති උනා මෙච්චර ලොකු කට්ටක් කාගෙන පැය කීපයක් අපිත් එක්ක කාලය ගත කරන්න ආපු එක් ගැන. අතරමගදී දිවා ආහාරය අරගෙන නැවත අපි කුරුණෑගලට එන්න පිටත් උනා. කුරුණෑගලට එනකොට රෑ 7:30ට විතර ඇති.
නුවර බස් එකකට බන්ඩා ගොඩ උනා. නමුත් කුරුණෑගලින් කොළඹට එන්න එකම බස් එකක්වත් ස්ටෑන්ඩ් එකේ තිබුනේ නෑ. එදා පෝය දවසක් නිසා රෑ 7:30 කෝච්චියත් ධාවනය වෙන්නේ නැති බව උදේම අපි දැනගෙන හිටියා.
අපේ හොඳ වෙලාවට හිස් කදුරුවෙල බස් එකක් කුරුණෑගලින් අපිට සෙට් උනා.
වෙලාව 8ට විතර ඇති. 10:15 වෙනකොට ගෙදර.

රසබර සිද්ධි සෑහෙන්න තියෙනවා. ත්‍රෙඩ් එකේ ඒවා පෝස්ට් වෙනකොට ඔයලාට ඒවා රස විඳින්න පුළුවන්. පින්තූර එකතුව පහල.

මම පෙරා!
Last edited: