ඉතුරුටිකත් කාපල්ලා..

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ඉතුරුටිකත් කාපල්ලා..

:angry::angry::angry::angry:වනය වනසන සංශෝධන පනතක්‌!
මෙරට වනජීවීන් සහ වනජීවී රක්‍ෂිත ප්‍රදේශ ආරක්‍ෂා කිරීම සඳහා බලපවත්වන ප්‍රබල පනතක්‌ වන "වන සත්ත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත" නැවත වරක්‌ සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.

මෙහි අරමුණ සංචාරක කර්මාන්තය මුවාවෙන් පනතේ බලතල ලිහිල් කිරීම බවට පරිසරවේදීහු චෝදනා කරති.

එසේම ඉදිරියේදී වන සතුන් ගෘහස්‌තව ඇති කිරීම සඳහා අවසර ලබාදීමට ද මේ මගින් කටයුතු කරනු ඇතැයි දැනගන්නට තිබේ.

දැනට පනත මගින් බලපවත්නා නීතියට අනුව ජාතික වනෝද්‍යානයක සිට ඊට පිටතින් කිලෝමීටරයක ස්‌වාරක්‍ෂක (ආරක්‍ෂිත) කලාපයක්‌ පවත්වාගෙන යනු ලබන අතර එහි කිසිදු ඉදිකිරීමක්‌ කරන්නේ නම් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලි�ත අවසරයක්‌ අවශ්‍ය අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක්‌ ද ලබාගත යුතුය.

එහෙත් පනත සංශෝධනයෙන් පසු මෙම ස්‌වාරක්‍ෂක කලාපය ඉවත් කරනු ඇතැයි ද එහි අරමුණ එම ඉඩම් සංචාරක හෝටල් ඇතුළු සංචාරක හා පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම බව ද ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

-ජගත් කණහැරආරච්චි

http://www.divaina.com/2012/07/22/news08.html