නෝම්බි_අල්ලනු නැත්නම් පිටුවහල් – සෞදි රජය #
උපවාස කරනු ! නැත්නම් පිටුවහල් – සෞදි රජය මුස්ලිම් නොවන්නන්ටද අනතුරු අඟවයි
රාමසාන් උපවාස කාලය තුලදී සෞදි අරාබියාව තුල වෙසෙන මුස්ලිම් නොවන අය පවා උපවාසය අනුගමනය කල යුතු බව එරට රජය පවසයි.එය කඩ කරන්නන්ට දඬුවම් විඳීමට සිදු විය හැකි බවත් එය කඩ කරන විදෙස් රටවලින් පැමිණියවුන් වහාම පිටුවහල් කරන බවටත් සෞදි අරාබි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
පසුගිය සිකුරාදා රාමසාන් උපවාස කාලය ආරම්භ කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති සෞදි රජය රාමසාන් කාලය තුල ප්‍රසිද්ධියේ ආහාර පාන ගන්නා මුස්ලිම් නොවන විදෙශිකයන්ගේ රාජකාරී බලපත්‍ර වහාම අහෝසි කරන බවටද අනතුරු අඟවයි. “මුස්ලිම් ජනතාවගේ හැඟීම් වලට ගෞරව කරන්න.ශුද්ධ වූ ඉස්ලාම් පූජාව සුරක්ෂිත කරන්න” යයි අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ඉල්ලා සිටී.
සෞදි අරාබිය තුල මුලු ජනගහනය මිලියන 27ක් පමණ වන අතර එයින් මුස්ලිම් නොවන විදේශිකයන් ප්‍රමාණය මිලියන 8ක් පමණ වන බව රජයේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දෙයි. අන්තගාමී සුන්නි රාජ්ය්යක් වන සෞදිය සෑම වසරකම උපවාස කාලය තුල මෙම නියෝගය නිකුත් කරන බවද වාර්ථා වේ.
රාමසාන් උපවාස කාලය තුලදී හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යන තෙක්ම කෑම බීම ආදියෙන් ඉවත්ව සිටින්නට ඉස්ලාම් භක්තිකයන්ට අනිවාර්යය කෙරේ. අල්ලාහ් දෙවියන් නියෝග කල පරිදි ඉස්ලාම් භක්තිකයකු වන්නට කුරානයේ සඳහන් ප්‍රධාන කරුණු පහෙන් එකක් වන්නේ රාමසාන් කාලය තුල උපවාස කිරීමයි
cnews

ara sebastian low inneth saudi wala.uth dan nombi allanawa athi.