ලොව විශ්මිත මාර්ග

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ලොව විශ්මිත මාර්ග

    ගොඩක් දවසකින් ek නූලක්‌ දාන්න බැරිවූනා 1 නිසා ටිකක් හොයලා හොදයි කියලා හිතුන නිසා දැම්මා.




    1-13.jpg


    ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය. මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී. ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ

    1-23.jpg


    අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය
    2-1.jpg


    ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි.
    66.jpg


    මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප%මාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති.
    7-1.jpg

    රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි.
    7-2.jpg

    ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි.
    10-1.jpg
    චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි.

    10-3.jpg


    ගල් පර්වතය විද ඇති ආකාරය


    14-1.jpg

    නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ.

    14-2.jpg


    නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ.

    14-2.jpg
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට