අසම්මත ආදරයක සුන්දරත්වය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අසම්මත ආදරයක සුන්දරත්වය

    අසම්මත ආදරයක සුන්දරත්වය - Last Tango in Paris






    "ලාස්ට් ටැංගෝ ඉන් පැරිස්" මා දුටු හොඳම යැයි කිවහැකි චිත්‍රපටය මෙයයි.ප්‍රධාන නළුවා ලෙස ඇමරිකානු ජාතික මාර්ලන් බරැන්ඩෝ රඟන මෙය 1972 වසරේ නිපදවනු ලැබුවකි.සුන්දර ලිංගික දර්ශන රැසක් සහිත මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසුවන xx වර්ගයේ චිත්‍රපටයකි.සොයාගෙන නැරඹීමට තරම් වටිනා අව්‍යාජ ඝනයේ විශිෂ්ට සිනමා කෘතියකි.



    ජීවිතය යනු වෙස් මුහුණක් පැළඳ කරන නාට්‍යක් පමණි.ඒ වෙස් මුහුණ පිටුපස ඉන්න මිනිසා පිලිබඳව සැබෑවටම හඳුනන්නේ ඒ මිනිසාම පමණයි.මෙම කතාව මිනිසාගේ දෙබඩි ජීවිතය පිළිබඳව කියවෙන සුන්දර ආදර කතාවකි.සුන්දර පැරිසියේදී මුණගැසෙන පොල් නමැති මැදිවිය පසුකරන වයසේ පුද්ගලයකු සහ ප්‍රංශ ජාතික කෙළිලොල් තරුණියකගේ සුන්දර අසම්මත ආදර කතාවක් ඇසුරෙන් ගෙනහැර දැක්වෙන මෙම ආදර කතාව රඟ දැක්වෙන්නේ පැරිසියේ එක කුඩා කාමරයක් පමණක් මෙකි ආදරවන්තයන්ගේ ලෝකය කොට ගෙනයි.එනම් ඔවුන්ගේ යථාර්ත ස්වරූපයන් පවතින්නේ ඒ කාමරය තුල පමණයි.ඒ කාමරය බාහිර සමාජයේ කිසිඳු බලපෑමකින් තොර වුවක්.එහි පවතින්නේ ඔවුන්ගේ අව්‍යාජ ආශාවන්,අවංක අදහස් පමණයි.එකිනෙකාගේ නම් ගම් වත් නොදන්නා,භාවිත නොකරන මේ අපුරු යුවල වරෙක වෙන්වී ගොස් වෙස් මුහුණු දමාගෙන ඔවුන්ගේ ජීවන රංගනය රඟ දක්වති.නැවත ඔවුන්ගේ යථාර්ත ලෝකයට පැමිණ ප්‍රේම කරති.නමුත් අවසානයේ සැබෑ ලෝකයට පැමිණි විගසම ඒ ආදර කතාව සිඳී බිඳී යන්නේ "යථාර්තය තුල ජීවත්වීම තාත්වික නොවන බව" හෙවත් "ජීවත්වීම සඳහා කුමන හෝ බොරුවක අතරමං විය යුතුම බව" පසක් කරමිනි.ලිංගික ආශාවන් සිත්හි තබාගෙන,සිතින් පමණක්ම රමණයකරමින් මියැදෙන බොහෝ ජීවිත අපවන් සමාජයේ විරල නොවේ.මේ කතා පුවත තුලින් ගෙනහැර පාන්නේ සබැ මිනිස් ජීවිතයයි.නොයෙක් විදිහේ අරමුණු,ආශාවන්,අදහස් සිත තුල පැවතියද සැබෑ ලෝකයට ජීවිතය ගලපාගැනීම උදෙසා ස්වකිය හෘද සාක්ෂිය යටපත් කරගෙන දෙබඩි ජීවිත ගත කරන මිනිසා පිලිබඳ කතාවයි.ගැඹුරින් සිතා බැලුවොත් අප සෑම දෙනෙකු තුලම සැඟවගත්,අතිශය පෞද්ගලිකවූ, මියෙන තුරු හෙළිදරවු නොවන්නා වූ තවත් ජීවිතයක් පවතී.සමහරවිට එය සැබෑවට පවතින්නාවූ ජීවිතයට මුළුමනින්ම පරස්පරය වුවද වියහැක.එසේ වුවද පවතින ලෝකයේ මුලාව හමුවේ මිනිසා කෙසේ හෝ සියල්ල යටපත් කරගනී.
     
    • Like
    Reactions: chinsara and mic

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    අවන්කවම මම කැමතියි ඔබේ ලිපියට ,හුගක් වටිනා අදහසක් ගොන්නක් , ඒ වගේම මාත් හුගාක් ආසා කරන චිත්‍රපටයක්
     
    Last edited:

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    EeuP3.png
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    අසම්මත ආදරයක් කියන්නෙ විදවන්න ගොඩක් අමාරු දෙයක්
    2.gif