වීර පුරන් අප්පු ජාතිය වෙනුවෙන් දිවිපුදා &#3520

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වීර පුරන් අප්පු ජාතිය වෙනුවෙන් දිවිපුදා &#3520

    386910_287022774739109_550904898_n.jpg


    වීර පුරන් අප්පු ජාතිය වෙනුවෙන් දිවිපුදා වසර 164යි!
    1848-08-08 - 2012-08-08

    වසර දහස් ගණනක පැරණි ඉතිහාසයකට උරුමකම් කී සිංහලයෝ සුදු අධිරාජ්‍යවාදීන් යටතේ 33 වන අවුරුද්දත් මේ වනවිට ගෙවා දමමින් සිටියහ. කෙසේ වෙතත්, තම ජාතියේ නිදහස අහිමි කල අධිරාජ්‍යවාදීන්ට එරෙහිව බුර බුරා නැගෙන චේතනා සහිත අප මුතුන් මිත්තෝ තම ජාතියේ අභිමානය වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවය ඉටු කිරීමේ අදහසින් දඹුල්ල විහාරය අවට රොද බැඳගනිමින් සිටියහ. එසේ එක් රොක් වූ ජනතාවකට නායකත්වය දුන් අභිමානවත් වීරයෙකි වීර පුරන් අප්පු! 1848 නිදහස් අරගලයේදී පුරන් අප්පුට පැවරුන ජාතික වගකීම නම්, මාතලේ ඉංග්‍රීසි බලකොටු සුනු විසුනු කරමින් කන්ද උඩරට අපගේ ඓතිහාසික මහනුවර රාජධානිය පර සුද්දන්ගෙන් මුදා ගැනීමයි.

    ලංකාව තරම් විදේශ ආක‍්‍රමණිකයන්ගෙන් තාඩන පීඩනවලට ලක්වූ රටක් මේ මහ පොළොවේ නැති තරම්ය. මෙම තාඩන පීඩන මැද සම්බුද්ධ ශාසනය ද රැකගෙන විදේශ ආක‍්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටි උදාර වීරවරයන් සිටියහ. සිංහල ජාතිය රැකගැනීමට උරදුන් මෙවැනි වීරවරයන් සිහිිකිරීම අපගේ යුතුකමකි.මාතෘ භූමියේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදීන් හමුවේ අභීතව නැගී සිටිමින් සිංහල ජාතියට නායකත්වය දෙමින් තම ලේ දහරින් මාතෘ භූමිය තෙත් කළ සිංහල වීරවරයන්ගේ සුවඳ අදත් මේ දෙරණේ හමායන සුළඟේ ගැබ් වී තිබේ.

    වසර 1848 විමුක්ති අරගල තුළින් ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද සටහන් කළ උදාර වීර පුරුෂයෙකි වීර පුරන් අප්පු.මොරටුවේ උයන නම් ග‍්‍රාමයේ ශ්‍රී මහා විසූ සිංහල බෞද්ධ පරපුකින් පැවත එන ඉංග්‍රීසින් ගේ නීච බළපෑම් හමුවේ කිතුණු ආගම වැළදගත් සන්නද්ද වීරබල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප‍්‍රනාන්‍දු හා වර්නමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්‍ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ දම්පති දාව 1812 නොවැම්බර් 07 වැනිදා පුතෙකු උපත ලැබීය. වීරහැන්නදිගේ ප‍්‍රැන්සිස්කු ප‍්‍රනාන්‍දු යන නම ඔහුට තැබීය. කුඩා කාලයේ පටන්ම එඩිතර භාවය ඔහු තුළින් කැපී පෙනුනේය. දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් ඔහු කි‍්‍රයා කළේය. එකල සුද්දන්ට ආවඩා තාන්න මාන්න ලබාගත් පරගැති ගම්මුලාදෑනිවරු අහිංසක ගැමි ජනතාව තලා පෙලා අත්තනෝමතික ලෙස ගම් පාලනය කළේය. අයුක්තිය, අසාධාරණය හමුවේ නැගී සිටි ප‍්‍රැන්සිස්කු ලක්‍ෂපතියේ ගම්පතියාට දෙවතාවක්ම පහර දුන්නේය. සාධාරණත්වය හා යුක්‌තිය වෙනුවෙන් සටන් කළ වීර පුරන් අප්පුගේ නිර්භීතභාවයෙහි සමාරම්භය මේ යෑයි සඳහන් කළ හැකිමුත් ඔහු රත්නපුරයට පලා ගියේ බියගුලුකමක්‌ නිසා නොවේ. ගම්මුලාදෑනියාගේ ද්වේශයට ලක්‌වීමට වඩා පිටමංව යැම යෙහෙකැයි සිතූ හෙයිනි. එයින් පසුව බදුල්ලටත්, හල්දුම්මුල්ලටත් ගිය ඔහු එයින් පසුව උඩරට ප්‍රදේශයට පැමිණියේය. ඇත්තෙන්ම පුරන්අප්පු සිංහලයාගේ අපූරු උරුමය බවට පත්වන්නේද මෙතැන් සිටය. මෙතැන් පටන් සැබෑම සිංහල ලේ සහිත සිංහලයකු වූ එතුමන් තම විදේශ නම අතහැර පුරන් අප්පු නමින් ඔහු පෙනී සිටියේය.

    මේ වන විට සිංහල රාජධානියෙන් අඩකටත් වඩා ඉංග්‍රීසි ජාතිකයන්ගේ අණසකට යටත්වී තිබුණේය. ඊට එරෙහිව සිංහලයන් කෙරෙන් නැඟුණු සටන් ගිනිදැලින් බොහෝ තැන් දැවී තිබිණි. එහෙත් ඒ සටන් බොහොමයක්‌ම සිංහලයනට අත්පත්කර දුන්නේ සතුටුදායක ජයග්‍රහණයක්‌ නොවේ. කැප්පිටිපොල, කොහුකුඹුර වැනි වීරයන් බොහෝ දෙනකුටම එහිදී සිදු වූයේ දේශප්‍රේමී සටන්වලින් පමණක්‌ නොව ජීවිත සටනින්ද මුළුමනින්ම සමුගැනීමටයි. මෙයින් රාජධානිය පුරාම කවර තත්ත්වයක්‌ ඇතිවී තිබුණේ දැයි කියතොත් සිංහල රාජධානිය පැවතියේ එකම පාළු හුදෙකලා තත්ත්වයකය. එම තත්ත්වය මුළුමනින්ම වෙනස්‌කොට එයින් පලාගිය සියලු සශ්‍රීකත්වයක්‌ එයට යළි රැගෙන ආ යුතු යෑයි පුරන්අප්පු තරයේ සිතට ගත්තේය. ඒ සඳහා ඔහු මුලින්ම කළේ සිය මාමාගෙන් ඉංග්‍රීසි බස චතුර ලෙස කතාකරන්නටත්, ලියන්නටත් දැන ඉගෙන ගැනීමයි. එමෙන්ම ඔහු එය හොඳින්ම සපුරා ගත්තේය. ඔහු එසේ කළේ හේතුවක්‌ ඇතිවය. වැඩිදුරටත් සඳහන් කළහොත් පුරන් ඉංගිරිසිය උගත්තේ එය හිස උදුම්මා ගැනීමෙහිලා කදිම වූ මෙන්ම ව්‍යාප්තම වූද ඔටුන්නක්‌ බවට පත්කර ගැනීමට නොවේ. ඉංගිරිසිය ඉගෙන ගැනීමෙන් සිංහල රටත්. සිංහලයාත් තලන පෙළෙන විදේශිකයාට තේරුම් ගත හැකි පරිදි උත්තර දිය හැකි යෑයි පුරන් කල්පනා කළේය.

    ඉංග්‍රීසි බස ඒ ඔස්‌සේ මැනවින් ඉගෙන ගත් පුරන්අප්පු සිංහලේ අවසන් රාජධානිය යටත්කර ගැනීම හා රදළ අධිකාරම්වරුන්ගේ පාවාදීම් පිළිබඳව ලියෑවුණු සියලු දේ කියෑවූයේය. කෙමෙන් කෙමෙන් පිරිහීමට පත්වන හෙළ දිවයින මෙන්ම එහි මිනිසුන්ගේ ජීවිතය, නිදහස හා අයිතිවාසිකම් පිළිබඳවත් ඒවායින් ඔහුට මනාව වටහා ගත හැකි විය. එම සියලුම වූ වැටහීම් තුළින් වීර පුරන්අප්පු තුළ ඇතිවූයේ ලක්‌ දෙරණ විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ පිරිසිදු ෙච්තනාවයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලන ව්‍යqහය හා බැඳී පැවැති ජන පීඩක අමානුෂිකවාදිත්වය එම පවිත්‍ර අරමුණ ජය ගැනීමෙහිලා ඔහු තුළ වූ එම බලාපොරොත්තුව තව තවත් දල්වාලීය. එයට හොඳම උදාහරණයක්‌ වන්නේ වර්ෂ 1948 කාලය තුළ පැවැති එවක සමාජ වාතාවරණයයි. රටේ බොහෝ ප්‍රදේශවල සුදු අධිරාජ්‍යවාදීන් මේ කාලයේ කෝපි වගාව ව්‍යාප්ත කර තිබුණේය. එතෙකුදු වුවත් ඔවුන්ට එමගින් අපේක්‌ෂිත ලාභ කිසිවක්‌ ලබා ගැනීමට හැකි නොවීය. හදිසියේ පැනනැඟුණු රෝගයකින් වගාව විනාශ වී යැම ඊට හේතු විය. ඒ අලාභ පියවා ගැනීමෙහිලා විදේශීය පාලකයෝ රට පුරා විවිධ බදු ක්‍රම පනවා ක්‍රියාත්මක කිරීමට පියවර ගත්හ. ඒ 1848 හි ජුලි මාසයේ පළමුවැනිදාය. තුවක්‌කු බද්ද එසේ පැනවූ බදු අතර එකක්‌ විය.

    කරත්ත බද්ද තවත් බද්දක්‌ විය. සාප්පු බදු ඇඟ බදු, බලු බදු ආදී වශයෙන් බදුවල කෙළවරක්‌ නොවීය. කිසියම් ගෙදරක බල්ලෙකු ඇතිකිරීමට අවශ්‍ය නොවීය. කුසගින්නේ ගිය බල්ලකු කිසියම් ගෙදරකට වැදී ඉවතලන බත් මිටක්‌ හෝ කමින් සිටිනු දුටුවහොත් බල්ලන් ඇතිකරතැයි පවසා එහිලා බදු මුදල් අය කිරීමට අදිරදවාදීහු වහා ක්‍රියාත්මක වූහ. ඔවුන්ගේ එම අසාධාරණ පිළිවෙත වඩාත් පණවත් කිරීමෙහිලා විදේශීය පාලකයන්ට කත් අදිමින් සිටි පරගැති සිsරිත්වලට ආ වැඩූ ඇතැම් ගම්මුලාදෑනීහු මහ මෙහෙවරක්‌ ඉටුකළහ. වීර පුරන්අප්පුට එය කිසිසේත් ඉහිලුම් නොදුන්නේය. ඊට දැඩි විරෝධයක්‌ ද පෑ ඔහු ඊට සම්බන්ධ වූ බොහෝ අයවලුනට උස්‌ පහත් භේද නොතකා අත දිග හැර පහර පිට පහරද දුන්නේය. උක්‌කු බණ්‌ඩාගේ ගෙදර සිදුවූ මේ සිදුවීම එයට හොඳම සාක්‌ෂියක්‌ සපයයි. උක්‌කු බණ්‌ඩා එනම් එදා උඩරට ප්‍රදේශයේ ජීවත්වූ ඉතා දුම්පත් මිනිසෙකි. කෑමට යමක්‌ සොයා සපයාගත නොහැකිව කුඩා බලු පැටවෙක්‌ ඔහුගේ නිවසට විත් ගුලිවී නිදා සිටියේය. ආරච්චිල නැතහොත් ගම්මුලාදැනියා ඇතුළු පිරිසක්‌ ඒ සඳහා බලු බද්ද අයකර ගැනීමට උක්‌කු බණ්‌ඩාගේ ගෙදරට පැමිණියේය. පැමිණ නිකම් බලා සිටියේ නැත. අසරණ උක්‌කු බණ්‌ඩාට සැර වැරකොට ඔවුහු ගෝරනාඩු ද කළෝය. මොහොතක්‌ ගතවූයේ නැත. කනින් කොනින් ඒ ගැන කනවැකුණු වීර පුරන්අප්පු වේගවත් ගමනකින් පැමිණ නතර වූයේ උක්‌කු බණ්‌ඩාගේ ගෙපැලේය. "කෝ ගෙනෙව් ඔය බලු කුක්‌කා මෙහාටයි කී පුරන් කෑ ගැසුවේය. ඔහුගේ අණින් ලිප්බොක්‌කේ නිදා සිටි බලු පැටියා ආරච්චිරාළ ඉදිරියට පැමිණියේ තවත් අසරණ ගැමියෙකුගේ ආධාරයෙනි. එක්‌වරම ආරච්චිලගේ බෙල්ල අල්ලාගත් පුරන් ඔහුගේ මුව බලුපැටවාගේ වසුරුමගෙහි ගෑව්වා පමණක්‌ නොව ඔහු අත තිබූ බලු බදු ලෙස අයකරගත් සියලුම මුදල් ද උදුරා ගත්තේය. එම මුදල් සියල්ල උක්‌කු බණ්‌ඩාට ප්‍රදානය කළේය. අසාධාරණ බදු පැනවීමට එරෙහි වූ පුරන් එයින් නොනැවතී ඊට විරෝධය පළ කළ පෙත්සමක්‌ද රැගෙන ගොස්‌ ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාගේ නිල නිවසේ බිම මහ හඬින් කෑ ගැසුවේය.

    පුරන්අප්පු තුළ පැවැති ජාති මාමක බව, නිර්භීත බව පමණක්‌ නොව බුදු දහමට තිබූ දැඩි ළෙන්ගතුව හා ආදරයද මතුවී පෙනෙන කතාත් පුරන්ගේ උදාර ජීවන චරිතාපදානය තුළ විරල නොවේ. මේ දුලබ කතා පුවත ඒ බව හෙළිකරන අපූරු කැඩපතක්‌ වැන්න. එක්‌දහස්‌ අටසිය පහළොවේදී අත්සන් කළ ගිවිසුමට අනුව බුද්ධාගම හෝ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ ගෞරවනීය ලෙස ආරක්‌ෂා කිරීමට අදිරදවාදී පාලකයෝ පසුකාලීනව ක්‍රියා නොකළහ. බදු ගෙවිය නොහැකි නම් භික්‌ෂූන් පවා පාරේ වැඩ කළ යුතු බව ඔවුන්ගේ මතය විය. එය පුරන්අප්පුගේ කලකිරීම පමණක්‌ නොව කෝපයද වඩාත් තියුණු කළේය. "කවදද බොලව් මේ සිංහල බෞද්ධ රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේල වහල් වැඩ කළේ" යි ගුගුල පුරන් පර සුද්දන් රටින් අතුගා දැමීමට සේනා සංවිධානය කළේය. උඩුදුම්බර, හේවාහැට, පාතදුම්බර, මාතලේ, මහනුවර මෙන්ම කෑගල්ල ප්‍රදේශයද පුරා ඇවිද ගිය ඔහු එහිලා තරුණයන් දහස්‌ ගණනින් උද්යෝගිමත් කළේය. "පුරන් අයියණ්‌ඩි උඹ පෙරමුණ ගන්නව නම් අපි එක පියන්" යි තරුණයෝ පුරන් වටා එක්‌වී රොද බැඳ ගත්හ. කඩු, දුනු ශිල්පයන්හි නිපුණත්වය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙන්ම තුවක්‌කු හෙවත් ගිනි අවි හරඹය පුහුණුවීමේ වැදගත්කම ගැන ද පුරන් මෙහිදී කරුණු පැහැදිලි කර දුන්නේය. එපමණක්‌ නොව එයට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කළ පුරන් තරුණයන්ට ඒ පුහුණුව රහසේම ලබා ගැනීමට අවැසි සියලු කටයුතු ද සලසා දුන්නේය. පුරන් පිළිබඳව සුද්දන් තුළ පැවැති අවධානය වඩාත් තීව්‍ර වූයේ මෙතැන් පටන්ය. සුද්දොa පුරන් අප්පු ගැන වඩාත් විමසිල්ලෙනුත්, සෙවිල්ලෙනුත් සිටියෝය. එහෙත් පුරන්ගේ සූක්‍ෂ්මෝපායයන් හමුවේ ඔවුනට ඔහු පිළිබඳව සොයා ගත හැකි කිසිවක්‌ නොවීය. පුරන්අප්පු සෑම විටෙකම සෑම තැනකම කටයුතු කළේ විවිධ වෙස්‌ ගනිමින් වෙස්‌ වලාගෙනය.

    ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාට මෙය ඉමහත් වූ වදයක්‌ වී තිබුණේය. කෙසේ හෝ පුරන්අප්පු අල්ලා සිර කිරීමට හෙතෙම පිඹුරුපත් සකස්‌ කළේය. ඒ සඳහා ටොරින්ටන් එවක බදුල්ලේ සේවය කළ මේජර් රොජර් කොළඹට ගෙන්වා ගත්තේය. ඔවුනොවුන් අතින් කෙසේ හෝ පුරන් අල්ලන සැලසුම සකස්‌ විණි. පුරන්අප්පු සොයා දෙන්නකුට හෝ ඔහු ගැන හරි තොරතුරක්‌ ලබා දෙන්නකුට පවුම් දහයක්‌ දෙන බවටද උඩරට පුරා පණිවුඩයක්‌ ප්‍රසිද්ධ කළේය. ජාතිෙද්‍රdaහියකු වූ උඩුනුවර ආරච්චිල පවුම් දහයට කෑදරවී පුරන් පාවා දුන්නේය. ඒ අනුව මහනුවර මුලාදෑනි වලව්වේදී පුරන් අත්අඩංගුවට ගැනීමට සැරසිණි. ඒ අනුව එහි ගියේ මේජර් රොජර් ඇතුළු අශ්වාරෝහක පොලිස්‌ භටයන් කිහිප දෙනෙකි. "මම මේජර් රොජර්" අසු පිට සිටිමින්ම මේජර් එහි උන් පුරන් ඇමතුවේය.

    "උඹ මොකා වුණත් මට කාරි නෑ. මේ අවේලාවේ ගෙවල්වලට ආ කාරණේ මොකක්‌ද? කියාපිය" බියක සේයා සෙවණැල්ලකුදු සිත තුළ නොවූ වීරපුරන්අප්පු වහා කතා කළේය.

    කට වසා ගන්නා ලෙස කී මේජර් පුරන් අප්පු උඹදැයි අසා සිටියේය. "නෑ... නෑ..මම වීර සන්නද්ධ වීර බලජයසූරිය කරු උතුම්පාල අර්ථදේව ඥානරත්න පටබැඳිගේ පුරන්අප්පු" යි පුරන් මේජර්ට ප්‍රතිඋත්තර දුන්නේ කිසිම පැකිළීමකින් නොවේ. මේ රසවත් වීර සංවාද අතරින් එක්‌කරගෙන ගිය පුරන්අප්පුට එරෙහිව මහනුවර අධිකරණයේදී නඩු පැවරීමට ක්‍රියාකෙරිණි. ස්‌ත්‍රී දූෂණ චෝදනාවක්‌ ඇතුළු තවත් විවිධ චෝදනා ගණනාවක්‌ එහිදී වීර පුරන්අප්පුට එරෙහිව එල්ල කළේය. නඩුව විභාග කිරීමට පැමිණියේ ඩෝසන් නමැති විනිශ්චයකාරවරයාය. නඩුව ඇසීමට පෙර පුරන්ගෙන් දිවුරුම් ගන්නා ලෙස ඩෝසන් තෝල්කයාට නියම කළේය. ඒ සඳහා තෝල්ක ගෙනාවේ බයිබලයයි. බයිබලය මත අත තබා දිවුරුම් දීමට තමා කිසිසේත්ම සූදානම් නැතැයි පැවැසූ පුරන් අප්පු බණ පොත ගෙනෙන ලෙස උස්‌ හඬින් කීවේය. බණ පොත ඉංග්‍රීසි ආණ්‌ඩුවට වලංගු නැතැයි තෝල්කයා කීවේය. එයට වහා වහසි බසින් පිළිතුරු දුන් පුරන්අප්පු බයිබලය සිංහල ආණ්‌ඩුවටද වලංගු නැති බව පැවසුවේය. අන්තිමට නුවර දළදා මාළිගාවෙන් බණ පොතක්‌ ගෙනැවිත් ඒ මත අත තබා දිවුරුම් ගන්නට සිදුවූයේ විනිසුරු ඩෝසන්ට වෙනත් කළ හැකි කිසිවක්‌ නොවූ හෙයිනි.

    මුලින් උසාවියේදී පුරන්අප්පු වෙත එල්ල කළේ ස්‌ත්‍රී දූෂණයකට අදාළ චෝදනාවකි. එය ඔප්පු කිරීම සඳහා දඩාවතේ ගිය වනචර සුද්දියක්‌ද උසාවියට දක්‌කාගෙන විත් තිබුණේය. නඩුත් හාමුදුරුවන්ගේය බඩුත් හාමුදුරුවන්ගේය යන කියමන සනාථ කරමින් ඩෝසන් නිවැරදිකරු වූ පුරන්අප්පු සිරකිරීමට අණ කළේය. එහෙත් පුරන් සැලුනේ නැත. වෘක විනිසුරුකරුට කිසිම ගරු සරුවක්‌ නොකළ ඔහු මෙසේ කීවේය. "ඩෝසන් මේ අපේ සිංහල රට විනාශ කරන තවත් එක පර සුද්දෙක්‌ උඹ. තොගෙ වල්බූරු නීතියට අපි ගරු කරන්නෙ නෑ. අනිත් එක තොපිට මේ රට තවදුරටත් සූරාකමින් දූෂණය කරන්න මේ පුරන්අප්පු ඉඩ තියෙන්නෙ නෑ.

    එය ක්‍රියාවෙන්ම ඔප්පු කළ පුරන්අප්පු පරදේශීය සුද්දන්ගෙන් සිංහල දීපය මුදා ගැනීමට ජීවිතය පවා නොතකා සටන් කළේය. කුරුණෑගලදී සිදුවූ සටනින් ඒ බව පෙනේ. එමෙන්ම උඩරට ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ බොහොමයක පැවැති අධිරාජ්‍ය විරෝධී සටන්වලට පුරන්අප්පුගේ අභීත නායකත්වයෙන් ලැබුණේ වචනයෙන් පවා විස්‌තර කළ නොහැකි පණවත් බවකි. පුරන් තුළ තිබූ මේ අතිශය නායකත්ව දක්‌ෂතාව නිසා 1848 හි ජුලි මස විසිහය වැනිදා ඔහුට කන්ද උඩරට රජ කිරුළද පැළැන්දුවේය. එය පැළැන්දුවේ කඩහපොළ හාමුදුරුවන්ය. එතැන් පටන් වීර පුරන්අප්පු හැඳින්වූයේ "වලිසිංහ රඡ්ජුරුවෝ" යන නමිනි. ඉන්පසුව රාජකීය කඩුවද පිළිගැන්වූ ඔහු කෙරෙන් මැනවින් දෘශ්‍යමාන වූයේ රට, දැය බේරාගැනීමට හදිසියේම පහළවූ සූර වීරධීර වූ නියම සිංහල රජවරයකුගේ අභිමානවත් ස්‌වරූපයයි.

    මෙම උත්කෘෂ්ට ස්‌වරූපය වීර පුරන්අප්පු කෙරෙන් පිළිබිඹු වී පෙනුණේ එක්‌දහස්‌ අටසිය දහ අටේ කැරැල්ලෙන් පසු කාලයේ සිටමය. ඉංග්‍රීසීන් පොරොන්දු වූ පරිදි සිංහල රටේ, රටවැසියාගේ හෝ බුදුදහමේ හෝ උන්නතියට කිසිදු අනුග්‍රහයක්‌ අනුබලයක්‌ කල්යත් යත්ම ලැබුණේම නැත. සූරාකෑමෙන් සේම විවිධ පීඩනයන්ගෙන්ද සිංහල රටත් රටවැසියාත් වෙලී තිබුණේය. වීර කැප්පිටිපොල, කොහුකුඹුර, බූටෑවේ. උණගස්‌ගොල්ලරාළ හා බදුල්ල ගම්මන හාමුදුරුවන් වැනි වීර සිංහල මහා සෙනෙවිවරු ඒ අනුව සුදු අධිරාජ්‍යවාදයටත් එහි ගැත්තන් හා ඉත්තන්ටත් විරුද්ධව මහා සටනක්‌ දියත් කළහ. එහි උච්චතම අවස්‌ථාව වූයේ 1818 කැරැල්ලයි. එහෙත් අවාසනාවකට මෙන් ජාතිෙද්‍රdaහී සිංහලයන්ගේ පාවාදීම් හමුවේ මේ දුර්ලභ සිංහලයන් බොහෝ දෙනකුටම සිදුවූයේ ඇස්‌, හිස්‌, මස්‌, ලේ පමණක්‌ නොව රට දැය සමය වෙනුවෙන් සිය ජීවිතය පවා දන් දෙන්නටයි. එයින් පසුව අතරමඟ නැවතී තිබුණු සිංහලයන්ගේ ගරා වැටුණු නිදහසේ සිහිනය කෙදිනක හෝ සැබෑකර දෙන්නට මහා මෙහෙවරක්‌ කළේ වීර පුරන්අප්පුය. ඔහුගේ එම මහා මෙහෙවර පිළිබඳව කිව යුතු බොහෝ දේ මේ සටහනෙහි නැත. එතෙකුදු වුවත් අපට ඔහුගේ මහා මෙහෙවර පිළිබඳ වූ සුළුයම් හෝ විචිත්‍ර සිත්තමක්‌ මේ ඔස්‌සේ අප සිත් සතන් තුළ අපට මවාගත හැකි යෑයි හැඟේ

    උන්ගේ ලේ මතින් මඩිය තරකරගන්නා සිගාලයන්ද දැන් දැන් බිහිවෙමින් පවතී

    395551_3231224227300_1467450585_33233362_177054518_n.jpg


    අතීතයේ මෙන්ම වර්ථමානයේදී ද පරදේශක්කාරයින්ට ගැති කම් කරන්නන් විසින් මේ බිමේ සිංහල බෞද්ධ අනන්‍යතාවය අකා මකා දැමීම සදහා ඉතිහාසය අලුතින් ලියන්නට ගන්නා උත්සහායන් අපි වරින් වර දැක ඇත්තෙමු. ඉහතින් සදහන් කරන ලද "කිතුහඩ" කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය නැමති සංවිධානය විසින් නිකුත් කර ඇති පෝස්ටරය ද අප හදුනාගන්නේ තවත් එවැනි උත්සහායක් ලෙසය. හෙළයේ සැබෑ ඉතිහාසයට වැරදි අර්තකථනයක් සපයා වත්මන් පරපුර නොමග යැවිමත් ජාතියක් සතු අනන්‍යතාවය විකෘති කිරීම ත් හා ඉදිරියටත් මෙවැනි මද මානසික ක්‍රියා සිදුවිය හැකි නිසාත් අපි තදින්ම මෙයට විරුද්ධ වෙමු. පටු ආගම්වාදී අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා ජාතිය සතු ඉතිහාසය කෙළෙසීම අපි හෙළා දකිමු.

    අපේ මේ හෙළා දැකීම සහජීවනය අගයන ආදරණීය කිතුණු සොයුරු සොයුරියන් හෝ කිතුනු දහම නොවන බව විශේෂයෙන් මතක් කර සිටින අතර ඔබ අතර සිටිමින් කිතුනු දහම රැකගැනීමේ මුවාවෙන් මෙවැනි දීන ක්‍රියාවල නියුතු වන මන්ද මානසිකයන්ට එරෙහිව නැගී සිටින ලෙස ද ආදරයෙන් ඉල්ලා සිටිමු. සොයුර කිතුනුවකු උවත් ඔබ සිංහලයෙකි. අන්වාදී මුසල්මානු ආක්‍රමණිකයා හමුවේ සිංහලයා ආගම නැමති රේඛාවේ බෙදී කුලල් කා ගැනීම කිසිසේත්ම ණුවනැති ක්‍රියාවක් නොවන අතර ආගමික සංහිදියාවට අකුල් හෙලන මේවැනි නීච ක්‍රියාවන්ට ඔබ තරයේ විරුද්ධ විය යුත්තේද ඒ නිසාවෙනි.


    සිංහල බෞද්ධයන් 61% දක්වා වඳ වී ඇති මෙවන් යුගයක, කිතුනුවන් විසින් දුප්පත් බෞද්ධයන් අන්‍යාගමික කරන මෙවන් යුගයක, මුසල්මානුවන් විසින් ශ්‍රීලංකාවේ ආර්ථිකය නම් කොඳු නාරටිය ඔවුන් සතු කර ගනිමින් සිටින මෙවන් යුගයක, දෙමහල් නිවසක් හා මෝටර් රියක් වැනි පටු අරමුණු වෙනුවෙන් ජාතිය අමතක කර ඇති බෞද්ධන් වහා ආපහු හැරී පුරන් අප්පු වැනි වීරයින් දෙස බැලිය යුතුය. අන්‍යාගමික කරණයේ නව මුහුණුවර වූ සර්වාගමික ප්‍රෝඩාවෙන් අප ජාතිය බේරා ගත යුතුය. ඒ වගේම, ශ්‍රී ලංකාව දේව රාජ්‍යයක් කිරීමේ නවතම තුරුම්පුව වන "ශ්‍රී ලාංකික" ජාතියේ බිහි වීම උපන්ගෙයිම වල දැමිය යුතුය. ඒ මන්ද, මේ දීපයේ එක බිම් අඟලක් නෑර අප මුතුන් මිත්තන් තම සිංහල රුධිරයෙන් තෙත් කර ඇති නිසාවෙනි. සිංහල බෞද්ධයෙනි! වහා අවදිවවු! අනතුර වටහා ගනිවු!

    පුරන් අප්පු වැනි විරුවන් මේ බිමේ මැරී වැටුනේ "සිංහලේ" තුල සර්ව ආගමික ශ්‍රී ලාංකික ජාතියක් උදෙසා නොව සිංහල බෞද්ධ උරුමය උදෙසා පමණි. සිංහල බෞද්ධයිනි, අපට එය මග හැර යා හැකිද?

    නොදී වැටෙන්නට විප තේ
    තබනට නිදහස් සැප තේ
    මුළු ලක්දිව උඹේ අ තේ
    තබමි ඉතින් ඔන්න පු තේ
    - ජාතික තොටිල්ල - —

    උපුටා ගැනීම් -හෙළ නෙත ෆේස්බුක් පිටුව, දිවයින පුවත්පත
    මේ බුකියේ හෙළ නෙත (Hela netha) පිටුව කරන සහෝදරයාටත් තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්තනා කරමු!!


    සම්පූර්න උපුටා ගැනීමකි

    අනුන් මහන්සිවෙලා කරපු නිර්මානයක් මෙකේ කොපි පේස්ට් කලාට මට රෙප් දෙන්න එපා ( හැබැයි දැන් දැන් එලකිරියේ හුගාක් කොපි පේස්ට් කාරයො ඉන්නවා ). ඒත් තව එකෙක්ටවත් මේක කියවන්න බම්ප් එකක් දාපල්ලා


    ඔන්න අල්පෙනිත්තක් ගත්තත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා....!!!!
    එක රුපියලක් හරි රැකගෙන ෆේරෝ ශා කෝටි අටක් බෞද්දයො මරලා එදා කරපු දේ කවදා හරි අපිට වෙන එක එක නැනෝ තප්පරේකින් හරි පරක්කු කරගමු!!!
    පොඩි පොඩි දේ වලින් ලොකු වෙනසක් කල හැකියි..
    තෙරුවන් සරණයි!!!!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;13177083 said:
    ඒ කාලෙත් උබලගේ එකෙක් ඉදලා මේ මනුස්සයවත් පාවා දීලා
    නව ගුන වැලට වැඩිය ප්‍රභාකරන් බලවත් කියපු උඹ.. කටෙන්ද කතා කරන්නෙ?:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;13178496 said:
    මොකක්ද බන් කෑගහලා කියපු ඒ ගොන් කතාව??

    ඒ විතරක් නෙමෙයි උඹ බණ භාවන දෙකටත් අපහාස කරලා තියෙනවා.
    රත්තරං;13169989 said:
    අපරාදේ බන්... උබලා කියන විදිහට යුද්ද නොකර ප්‍රභාකරනුත් අපිට නිදහස දෙනකන් බනක් භාවනාවක් කරන් ඉන්න තිබ්බේ නේද?

    සින්හල දන්න එව්න් දන්නවා මේකෙ තේරුම:dull::dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ විතරක් නෙමෙයි උඹ බණ භාවන දෙකටත් අපහාස කරලා තියෙනවා.


    සින්හල දන්න එව්න් දන්නවා මේකෙ තේරුම:dull::dull:

    හික් හික්..... ඒපාර නවගුන වැල පැත්තක තියලා වෙන කතාවක්.. උබ ඉස්කෝලේ ගියේ කරුනාවතී කන්යාරාමෙටද බන්? උබමනේ කිව්වේ අපි අපරාදේ සුද්දො එක්ක මොරාල් එකෙන් යුද්ද කලේ කියලා.. බලන් ගියහම උබට වඩා හම්බයො හොදයිනේ බන්.. අපේ ජාතික වීරයෝ, ජාතිකත්වය එක්ක උබට තියෙන තරහා දැක්කහම උබ කොටියෙක්ද කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: Roshan 4ever