හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවටම සස්සලිටයෝ අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සස්ලිට් ගොඩයා...

    ඔය වගේ සුන්දර ලමාවියක් ලබන්න තරම් අපි පින්කරල මදි සහෝ.. අපේ ලමාකාලය ගෙවිල ගියෙ ටියුශන් ක්ල්ස් වලට ඒ රෙස් ඒකෙ දුවපු දිවිල්ලට දෑන්නම් හොදටම හති ඒත් කෙහෙනවතින්නද මට දෑන් දුවන්න වෙලා තියෙන්නෙ අම්මවයි නංගිවයි තාත්තවයිත් කරේ තියාගෙනෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරාගික නොවන ප්‍රේමයක සදාකාලික සිහිනය...........

    මිදුම් දුමාරයේ.......................

    [FONT=&quot]මිදුම් දුමාරයේ - සීත හැන්දෑයාමේ[/FONT]
    [FONT=&quot]සීන ඇන්ද සානුවේ..................[/FONT]
    [FONT=&quot]ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න....................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]ඒ....ඒ......................................[/FONT]

    [FONT=&quot]නිශා නින්ද ඇහැරවා....[/FONT]
    [FONT=&quot]මල් බිගුන්ටත් හොරා...............[/FONT]
    [FONT=&quot]ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න.......[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]

    [FONT=&quot]වළාවකින් හැඩ දමා [/FONT]
    [FONT=&quot]කූඩාරමක් එහි තනා.................[/FONT]
    [FONT=&quot]ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න.......[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]ඒ.....ඒ........................[/FONT]

    [FONT=&quot]මිදුම් දුමාරයේ - සීත හැන්දෑයාමේ[/FONT]
    [FONT=&quot]සීන ඇන්ද සාළුවේ..................[/FONT]
    [FONT=&quot]ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න....................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]ඒ....ඒ......................................[/FONT]

    [FONT=&quot]ප්‍රේමය විදින සියළු ම පෙම්වතුන් යම් කිසි ස්වප්නමය ආශාවක ගිලී හිදිති. අප සියලු දෙනා සම්බන්ධයෙන් මේ කරුණ පොදු වේ යයි සිතමි. ඒ ස්වප්නය පෙන්වනු ලබන, ගයනු ලබන, පුන:රූපණය කරන කවර කෘතියක් මුත්, එය එසේ ස්වප්නයේ ගිලෙන උන් අතර ජනප්‍රිය ද, ප්‍රිය ද වේ. මේ නිසාය බොහො හින්දි සිනමා පට භාෂාවේ කඩයිම් ද, වටහා ගැනීමේ වැට මායිම් ද ගලවා ගෙන අප සන්තානයන් හි ගිලී සැගවෙන්නේ. මේ ගීතයට ද එම ධර්මතාවය පොදු යයි සිතමි. කසුන් කලාතුරකින් ගායනය සදහා යොදා ගන්නා මන්ද්‍ර තාලුජ ස්වරය [/FONT](husky voice) [FONT=&quot]යොදා ගෙන මේ ගයනු ලබන්නේ අප සියලු දෙනා ම ප්‍රේමය පිළිබද ව අප යටි සිතේ සගවා ගෙන දිවි ගෙවනා සදාතනික වූ සිහිනයයි.[/FONT]

    [FONT=&quot]මිදුම් දුමාරයේ - සීත හැන්දෑයාමේ[/FONT]
    [FONT=&quot]සීන ඇන්ද සානුවේ..................[/FONT]
    [FONT=&quot]ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න....................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]ඒ....ඒ......................................[/FONT]

    [FONT=&quot]කසුන් ගායනය අරඹන්නේ ම, මේ සිහිනයේ විචිත්‍ර කැටයමක් අප සන්තානයේ අදිමිනි. සීත හැන්දෑ යාමයක, මීදුම වටින් ගොඩින් මෝදු වි එන මොහොතක, ප්‍රේමයේ ද, අලහාදයේ ද, රාගයේ ද, සිහින පිරුනු සානුවක තමා සමග තනිවෙන්නට ආශාවක් නැතිද යයි ඔහු සිය පෙම්වතිය ගෙන් අසයි. ඒ ද රතු පැහැති වන රාගාන්විත වූ නිම්නයක නොව, සිත භාවනාවකට පත් කරන කොළ පාට හැළුනු නිම්නයකය........!!!!! ව්‍යාංගයන් රහිත, මේ පද පේළිය තුළින් අප හදවත් තුළ භාවයන් උපදවන්නේ, ඒ පද වළ අමු අර්ථය, කසුන් ගේ මා කළින් කී මන්ද්‍ර තාලුජ ස්වරය සහ මේ ගිතයට ආලෝකයක් ම වන සංගිතයෙනි. මේ ගීතයේ සංගිතය පිලිබද ව වෙසෙසි ඇගයීමක් කිරීමට කැමැත්තෙමි. එම සංගිතය ස්වාප්නික එකකි. අති මන්ද්‍ර ස්වර මූලික කොට ගත්තකි. අතිශය ලයාන්විතව සෙමෙන් වැයෙන්නෙකි. ප්‍රේමාන්විත හදක පැන නැගෙන රාගයේ අති ධාවනකාරී හැගිම් යටපත් කොට සිත් නිවා සනහා ලන්නකි. මේ ගීතය ඇසෙන, අසන හදක් තුළ ප්‍රේමය විෂයකොට ගත් රාගාන්විත හැගීම් නූපදවන තරමට එය සිත නිවා සනසන එකකි. එයින් පළවන්නේ ප්‍රේමයේ ලාලසාවය මිස, රාගයේ හද දවන රත් යවට නොවේ. සිත ශාන්තියට පත් කරන ගුණයක් මිස එහි ප්‍රේමය, ප්‍රේමිය පෙළා, උදුරා ගන්නට සිත පොළඹවන හැගීම් උද්දීපනය නොකරයි. ප්‍රේමය සම්බන්ධව සිත යම් භාවනාත්මක තලයකට පත් කිරීමට මේ සංගීතය සමත් වීම, ඇත්තෙන් ම උපක්‍රමික සංගීතයේ තවත් ඉන්ද්‍රජාලයක් ලෙස හැදින්වීමට කැමැත්තෙමි. එපමණක් ම නොව කසුන් ගේ ගායන විලාශය ද සිත ප්‍රේමාන්විත භාවනාවක ගිල්වන්නක් මිස හැගීම් කුළු ගන්වන්නක් නොවේ. මෙහි වෙනස හොදින් ම විදිය හැකි වන්නේ ඔහු ම ගයන “පිටස්තරයා” සහ “ඔබට මතක ද තවම” යන ගී රස විදීමෙනි. මේ ගීත ද්වය ම ප්‍රේමය හා සම්බන්ධ හැගීම් කුළු ගන්වන, එයින් යම් තරමකට “ලේ රත්කරන” මට්ටමකට හඩ ද, ස්වර පරාසයද විහිදුවන ඒවාය. නමුත් මේ ගීතය.......!!!!! එය සිය පෙම්වතිය ගේ මුදු මොළොක් පෙම පිළිබද ව අප හද භාවනාවකට, නිද්‍රාවකට පත් කරන ආකාරයේ හඩකින් මෙන්ම ස්වර පරාසයකින් ද ගැයෙන්නකි. මේ ගීතයේ කිසිදු තැනක ප්‍රේමාන්විත රාගයේ ජවය අප හද තුලට එන්නත් කරන කිසිදු ස්වරයක්, ගායන හෝ වාදන, දක්නට නැත්තේ මය. එනයින් බලන කළ මෙය හෙල සුභාවිත ගීයේ ඉන්ද්‍රජාලයක් ලෙස මා දකිමි.[/FONT]

    [FONT=&quot]නිශා නින්ද ඇහැරවා....[/FONT]
    [FONT=&quot]මල් බිගුන්ටත් හොරා...............[/FONT]
    [FONT=&quot]ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න.......[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]

    [FONT=&quot]කසුන් මේ ගයන්නේ කෙතරම් ලාලස්‍ය රාගයක් පිලිබදව ද? සැදෑ වට නින්ද ඇහැරවීමට ඔහු කතා කරයි. සැදෑවට නින්ද ආවිට එළඹෙන්නේ රාත්‍රියයි. මල් බිගුන්ටත් හොරා යනුවෙන් ඔහු ගයන්නේ මල සහ බිගු අතර සම්ප්‍රදායික සාහිතයේ එන රාග නිශ්‍රිත යයි සැළකෙ ප්‍රේමය පිටු දැකීමට නොවේ ද? ඒ මේ ප්‍රේමණීය ආශාව රාගය පිණිස නොවන බව අප හද තුළ මනරම් ව චිත්‍රණය කිරීමට නොවේ ද? මේ පෙම්වතා ගේ ආශාව සිය පෙම්වතිය සමග ප්‍රේමයේ අකුරු බවට අපට පත් කළ නොහෙන හැගීම් සිතින් විද දරා ගැනීම නොවේ ද? ඇත්තෙන් ම ප්‍රේමයේ මධුර බව එය ම නොවේ ද? මීදුම් ගලන හෝරාවක, ස්වීය පෙම්වතිය සමග ශාරිරික සන්තර්පනයක ගැලෙනවාට වඩා, ප්‍රේමය පිළිබද ව සිතමින්, එය තුල ගිලෙමින්, ප්‍රේමය, ප්‍රේමය ලෙස විද දරා ගැනිම කොතරම් අලහාද ජනක කටයුත්තක් ද යන්න ‍මේ ගායනයේ හරය ම වේ. ඇත්තෙන් ම පෙම්වතියක සමග රාගය සන්තර්පනය කරනවාට වඩා, ප්‍රේමය විද දරා ගනිමින් සිතින් ප්‍රේමාන්විත ව සිටීම කොතරම් මිහිරි දෙයක් දැයි, අත්දැකීම් ලත් මා සකියනි, නුඹලා ම මෙහි ‍සාක්ෂි තබා යව්!!![/FONT]

    [FONT=&quot]වළාවකින් හැඩ දමා [/FONT]
    [FONT=&quot]කූඩාරමක් එහි තනා.................[/FONT]
    [FONT=&quot]ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න.......[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]කොළ පාට හැලුනු - ඈත නිම්නයේ...................[/FONT]
    [FONT=&quot]ඒ.....ඒ........................[/FONT]

    [FONT=&quot]මේ ප්‍රෙමණිය මොහාතේ වලාකුළකින් කූඩාරමක් තැනීම, එනම් හිස් අහස් වියන යට තරු පොකුරු ගැහිගෙන එන මොහාතක ප්‍රේමය හදට දැනෙන ලෙස විදිමින් සිටීමට ලැබීම, අප මේ යන අති ධාවනකාරී ජීවිතයේ කෙදිනක නම් අත්විදිමුද? ඇත්තෙන් ම මේ ගයන්නේ අප දකින ප්‍රේමණීය ම වූ සිහිනය නොවේ ද?????????????????[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එළකිරි විවාහක සමාජයේ “අංගා සහ හුංගී” වන තරින්ද76 සහ විචී රොක්ස් සොයුර-සොයුරිය, මේ නුඹළා වෙනුවෙනි..........!!!!!![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මා කසුන් ගේ ම ගීත විචෑරිම ගැන දෙස් තබා, එයින් අත් මිදුණු සැනින් නැවත කසුන් ගේ ම ගීයක් විචාරන ලෙස ඉල්ලන සස්ලිටය.....තට...........තට..........[/FONT]
    [FONT=&quot]කපුටෝ ම කොටපිය................!!!!!!!!!!:angry::angry:[/FONT]
     
    • Like
    Reactions: janakaparakkuwa

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු මේ බදාදා හිරු උත්තරීතර වෑඩ සටහන වෙන්වෙන්නෙ ප්‍රේමකීර්ති මහත්තය වෙනුවෙන්... විශ්වාස්යි ඔබ හොය හොය හිටිය බොහෝදේ ඔබට හොයාගන්න පුලුවන් වෙයි ඒකෙන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලගේ අවධානය පිනිසයි.. සොහොයුරියට සාධාරනය ඉටු කරන තෙක් අපි අවදියෙන්.. :yes:
    තෝ පූදින්නේ නැතුව හිටු..........!!!:angry::angry:
    මම තිළිණි නංගියත් එක්ක ගණුදෙණුව බේර ගන්නං.................!!!!!:frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සරාගික නොවන ප්‍රේමයක සදාකාලික සිහිනය...........
    එළකිරි වැඩක්නේ මචෝ උඹ කරලා තියෙන්නේ. මම කලින් වගෙම මේ ලිපියත් කියෙව්වා. ලස්සනට මහන්සිවෙලා වැඩේ කරලා තියනවා. එකට උඹට ගොඩක් thanks ! හැබැයි පොඩි දෙයක් තියනවා, ලැබිල තියන ප්‍රතිචරනම් මදි නේද? මේ වගේ මහන්සි වෙලා අනික අය එක්ක share කරන්න ලියපු එකකට මීට වඩා සැලකිල්ලක් ලැබෙන්න ඕන කියන ඒක තමයි මගේ අදහස. ලියන කෙනා දන්නවා කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර වෙලාවක් වැය කරන්න ඕනද කියල. සමහර වෙලාවට කිසිම වැඩකට නැති හිස් දෙයකට comment එකක් දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, එත් හොඳ දෙයක් අගය කරන්න කෙනෙක් නෑ, ඒක ගැනනම් කණගාටුයි මටත්. විනෝදය එක්කම මේ වගේ දේවල් වලටත් තැනක් ලැබෙන්න ඕන.:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෝ පූදින්නේ නැතුව හිටු..........!!!:angry::angry:
    මම තිළිණි නංගියත් එක්ක ගණුදෙණුව බේර ගන්නං.................!!!!!:frown:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සරාගික නොවන ප්‍රේමයක සදාකාලික සිහිනය...........

    මිදුම් දුමාරයේ.......................

    [FONT=&quot]මා කසුන් ගේ ම ගීත විචෑරිම ගැන දෙස් තබා, එයින් අත් මිදුණු සැනින් නැවත කසුන් ගේ ම ගීයක් විචාරන ලෙස ඉල්ලන සස්ලිටය.....තට...........තට..........[/FONT]
    [FONT=&quot]කපුටෝ ම කොටපිය................!!!!!!!!!!:angry::angry:[/FONT]
    Dancing_baby.gif