
මගේ පොඩි කතාවකුත් තියනවා අන්තිමට ඒක නිසා ඔක්කොම කියවපන් මචන්ලා
හුරේ... කියන්නේ මචන් හුරේම තමා...



අම්මෝ ''මම කට්ටා'' Profile එක
අපේ RCCC අය්යාට පින් සිද්ද වෙන්න ආයෙත් හදාගත්තා...



වෙලාවට දෙය්යෙක් වගේ RCCC අය්යා මගේ වැඩේ කරලා දුන්නා....

අර මම පණ්ඩිතයා වගේ ඩිලීට් කරපු E-mail account එක ආයෙත් මට අරන් දීලා. වෙනස් කරපු එලකිරි එකේ පාස්වර්ඩ් එකත් ආයෙත් රීසෙට් කරලා ''මම කට්ටා'' Profile එක මට යතා තත්වයට පත්කරලා හදලා දුන්නා..
ඇත්තටම මම මේක අපේ RCCC අය්යාට ස්තූති කරන්න අවථාවක් කර ගන්නවා...

Thankyou very much ayya

අහ්හ් අනිත එක තමා ''~කට්ටා~'' කියලා ප්‍රොෆයිල් එකකින් ආවෙත් මම ම තමා..
සමහර අය කිව්වානේ
~කට්ටා~ කියන්නේ වෙනින් කෙනෙක් කියලා..


ඔන්න දැන් මම කට්ටා කියන්නෙත් ~කට්ටා~ කියන්නේත් දෙන්නාම එක්කෙනෙක් ...

මම මීට පස්සේ ''මම කට්ටා'' එකෙන්ම එලකිරි එකට එනවා මොකද ඉතින් මෙක මගේ පරන Profile එකනේ..
අහ්හ් අනිත් සීන් එක කට්ටිය මට දීපු ඔක්කොම රෙප් තියෙන්නෙත් මේකේ.. දැන් යන්තම් කොටු 9 ම පැනලා .. අෆ්ෆට සිරි කිව්වලි තව කොටු 2ය් පනින්න තියෙන්නේත්.... එල එල...




ඔන්න මම දැන් මගේ ජීවිතේ සිද්ද වෙච්ච් වැඩගත්ම කතාවක් කියන්නම්
කට්ටියම හොඳ ලමය් වගේ කියවලා කමෙන්ට් එකක් දාල යන්න එහෙනම්



මම පොඩි කලේ ඒකියන්නේ හත වසරේදි මම නොසිතූ නොපැතූ අවස්ථා වක මගේ දන්හිස් පොල්කට්ට පැන්න කියහන්කෝ..

පොඩි පණ්ඩිත වැඩක් කරන්න ගිහිල්ලා..


මුලදි අපි දැනන් හිටියේ නෑ දන හිස පැනල කියලා..


මොකද එතන දඩ තුවාලයක් වුනා හැප්පුන පාර..

අපි සති දෙකක් විතර බෙහෙත් කලා තුවාලෙට ඇය් බන් මැහුම් හතරක් පහක් විතර ගැහුවට පස්සේ සති ගාණක් යනවනේ හොඳ වෙන්න..

අන්තිමට තුවාලේ හොඳ වුනාට පස්සේ.. දන හිස ඉදිමිලා එතකොටය් X-RAY එකක් අරන් බලද්දි දන්නේ දනහිස පැනලා කියලා..



අෆ්ෆා ඊට පස්සේ සින්හල බෙහෙත් කරලා ඒ පොඩි 7 වසරේ කොලුවගෙ දන හිස තුන් හතර දෙනෙක් එකතු වෙලා පැන්නුවා කියහන්කෝ..





මචන් ඒ අද්දැකීමනම් කියලා වැඩක් නෑ..
කොටින්නම කිව්වොත් හොදි ඕනා නෑ..



පිස්සු හැදෙනවා.. මම ගෙදර ඇවිල්ලත් ඇඩුවා මට එච්චරට රිදුනා බන් 
මතක් වෙද්දිත් ඇඩෙනවා...

අන්තිමට මාස දෙකක් විතර ඉස්කෝලේ යන්නැතුව ඉදලා ඉස්කෝලේ ගියාට පස්සේ මෙන්න යාලුවෝ කියන්න ගත්තා කියහන්කෝ මට ''පොල් කට්ටා'' කියලා

මොකද බන් මගේ දනහිස් පොල්කට්ට පැන්න නිසා..

ඔහොම ඉතින් ටික කාලයක් යනකන් මට පොල් කට්ටා කියන කාර්ඩ් එක වැදුනා..



පස්සේ කාලයාගේ ඇවෑමෙන් පොල් කට්ටා කියන එක.. ''කට්ටා'' බවට පත් වුනා..

දහය වසරෙදි විතර.. ඊට පස්සේ තාමත් මට කියන්නේ ''කට්ට'' කියලා සමහර උන් මගේ ඇත්ත නම දන්නේ නේ.. දන්නේ ''කට්ටා'' කිව්වහමය්...





ඔන්න මචන්ලා ඔහොම තමා අද වෙනකොට එලකිරි.කොම් කියන එකෙත් ''මම කට්ටා'' කියලා එකෙක් ඉන්නේ..






එදා මගේ දනහි පොල් කට්ට පැන්නේ නැත්නම් අද එලකිරි එකේ කට්ටා කියලා එකෙක් නෑ..
බලහන්කෝ ඒකෙත් හැටී....




කොහොම හරි අවසාන වශයෙන් RCCC අය්යාට නැවතත් ස්තූති කරනවා මගේ PROFILE එක හදලා දීම පිලිබඳව..
Thankyou very much ayya

Last edited:

