විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? Th

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? Th

    මාස අටහාමාරක් තිස්සේ සැතපුම් 35,20,00,000 දුර ගෙවමින් පසුගිය 06 වැනිදා නාසා ආයතනයට අයත් “කියුරියෝසිටි” රෝවරය අඟහරු මතට සාර්ථකව ගොඩ බස්සවන ලදි. :D

    Chamikawpblogspotcom8-22.jpg


    එයට ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාද දායකත්වය සපයා තිබීම තවත් ආඩම්බරයකි.. :yes:

    Chamikawpblogspotcom11-12.jpg


    මෙසේ වෙහෙසෙමින් පිටසක්වල තතු සොයද්දී තවත් යානා දෙකක් පිටසක්වල ජීවින් සොයා අපේ ක්ෂීර පථ‍යටත් එපිටින් පෘතුවියේ පණිවිඩයක් රැගෙන තවමත් ගමන් කරන බව දන්නවාද? :angry::angry:

    එය මේ වනවිටත් සුර්යයාගේ සිට සැතපුම් බිලියන 11 දුරින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කරමින් සිටී.

    මොකක්?? :baffled:
    Chamikawpblogspotcom6-33.jpg


    “කියුරියෝසිටි” රෝවරයට ලැබෙන,ලැබුන ප්‍රසිද්ධිය මෙම යානා වලට නොලැබුනත් ඒවා තවමත් ක්‍රියාකාරීව පෘතුවිය‍ට විශ්වයේ තොරතුරු, ජායාරෑප එවනු ලබයි. :oo:

    ඉතින් “චාමිකයගේ” මේ උත්සහය එම යානා දෙක පිළිබඳවත් එහි රඳවා තබා ඇති තැටි‍යේ අඩංගු දෑ ගැනත් ඉසව්ව කියවන ඒ ගැන දන්න නොදන්න ඔබ හැමව දැනුවත් කරන්නටයි.:rolleyes:

    1977 දි එනම් දැනට අවු. 35 කට පෙර ඇමරිකාවේ නාසා ආයතනය ගුවන් ගත කල මෙම Voyager 01 හා Voyager 02 යානා තුල
    අඟල් 12 ක් තරම් වු රන් ආලේපිත තඹ ග්‍රැමෆෝන් තැටියක පෘතුවියේ භාෂාවන්ගෙන් සුභ පැතුම්,සොබාදහමේ ශබ්දයන්, සතුන්ගේ ශබ්ද හා පින්තූර එකතුවක් තැන්පත් කර ඇත. :nerd:

    යම් දිනක විශ්වයේ යම් දියුණු ජීවින් කොට්ඨාසයක් මේ තැටිය සොයා ගත හොත් පෘතුවිය හා එහි වසන මිනිසුන් ගැන යම් අවබෝධයක් ලබා ගන්නවා ඇති. වසර 2020 වන තුරු බැටරි බලය ඇතැයි පැවසෙන මෙම යානා වලට යම් තරුවක් හමුවීමට තව වසර 40000 ගත වේවි යයි අදහස් කෙරේ. :baffled:

    අවුරුදු 65 කට පෙර පිටසක්වල යානයක් අනතුරට පත් වු “ රෝස්වෙල් හි සිද්ධිය“ ඇත්තක්ලු..! ඒ ගැන දන්නවද? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්...... :yes:

    Voyager 01 හා Voyager 02 යානා බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස් හා නෙප්චුන් යන ග්‍රහයන්ට ගොඩ නොබැස සමීප වෙමින් පමණක් ගවේෂණය කරමින් ජායාරෑප පෘතුවියට එවමින් තවමත් ගමන් කරමින් පවතී. මීට පෙර මිනිසා විසින් Pioneer 10 හා Pioneer 11 යන යානා දෙක මිනිසා නිපද වු අභ්‍යාවකාශයේ දුරටම ගිය යානා වුවත් 1998 පෙබරවාරි 17 දින Voyager 01 යානය Pioneer 10 යානය පසු කරමින් මෙතෙක් අභ්‍යාවකාශයේ වැඩිම දුරක් ගිය යානාව බවට පත්විය.

    :yes:

    1977 අගෝස්තු මස 20 දින Voyager 02 ෆ්ලෝරිඩාවේ කැනවරල් තුඩුවෙන් ගුවන් ගත කල අතර 1977 සැප්තැම්බර් 05 වැනිදා එම ස්ථානයෙන්ම Voyager 01 යානය ගුවන් ගත කරන ලදි. :D

    Chamikawpblogspotcom4-43.jpg


    Voyager 01 යානය 1979 මාර්තු 05 වැනිදා බුහස්පතිට ලගා වු අතර 1979 ජුලි 09 දින Voyager 02 එයට ආසන්න විය. :P

    1980 නොවැ 12 සෙනසුරුට මුලින්ම Voyager 01 යානය ළගා වු අතර 1981 අගෝස්තු 25 දින Voyager 02 එයට ආසන්න විය :P

    යුරේනස් අසලට 1986 ජනවාරි 24 දින ළගාවු Voyager 02 යානය 1989 අගෝස්තු 25 නෙප්චුන් ග්‍රහයාට ළගා වෙමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කිරීම ආරම්භ කරන ලදි. :P

    දැන් එම යානා ගමන් කරන ප්‍රදේශය හදුන්වන්නේ “නිසලන කලාපය“ ලෙසයි. පහත තියෙන පින්තූරයෙන් ඒ ගමන් මග පිලිබඳ හොද අවබෝධයක් ලැබේවී... :D

    Chamikawpblogspotcom12-9.jpg


    Voyager 01 1990 දි පුලුටෝ ග්‍රහයා පසුකරමින් ගොස් දැන් Kuiper belt නම් ස්ථානය පසුකරමින් සිටින අතර ඒවාට යම් හානියක් අභ්‍යවකාශයේදී සිදු නොවුන හොත් එය තවත් අවුරුදු 40000 කින් Ophiuchus නම් චක්‍රාවාටයේ Gliese 445 නැමැති තාරකාව වෙතත්, Voyager 02 යානාය Andromeda චක්‍රාවාටයේ Ross 248 තාරකාව වෙතත් ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ... :baffled:

    Chamikawpblogspotcom3-45.jpg



    කැමතිද සජීවීව Voyager යානා වල දැන් සිටින දුර දැන ගන්න..
    (ඒ කියන්නේ මේ මොහෝතේ ඒ යානා තියෙන්නේ කොච්චර දුරින්ද කියලා...? )
    කැමති නේද එහෙනම් මෙතනින් යන්න.... ;)


    Voyager යානා මගින් බ්‍රහස්පති ග්‍රහයාගේ පමණක් සමීප ජායාරෑප 19000 ආසන්න ගණනක් පෘතුවියට එවා ඇත. :rofl:

    Chamikawpblogspotcom10-13.jpg


    මෙතනින් ගියාම ඒ ඒ ග්‍රහයන්ගේ Voyager යානා මගින් එවන ලද පින්තූර රැසක් බලන්න පුළුවන්......
    14.gif



    ඇමරිකානු ක්‍රෝනේල් සරසවියේ ආචාර්ය කාල් සේගාන්
    (Carl Sagan) මහතාගේ අදහසක් අනුව ඔහුගේ කණ්ඩායම ලොව වැඩියෙන්ම භාවිතා කරන භාෂා 55කින් වු සුභ පැතුම් පණිවිඩ ඇතුලත් කර තිබුනේ එකල එම සරසවියේ අධ්‍යාපනය ලැබු විවිධ ජාතීන් හා විවිධ භාෂාවන් කතා කරන සිසුන් එකතු කරගනිමිනි. :P

    Chamikawpblogspotcom9-19.jpg


    අඟල් 12 ක් තරම් වු රන් ආලේපිත තඹ ග්‍රැමෆෝන් තැටියේ ජායාරෑප ඇනලොග් ආකාරයෙන්ද, ශබ්ද විනාඩියට 16 3/2 වේගයකින්ද සකසා ඇත. එහි මුළු විකාශන කාලය විනාඩි 90 ක් වෙනවා... :yes:

    Chamikawpblogspotcom1-52.jpg


    Chamikawpblogspotcom2-49.jpg


    එම හඩ පටයේ “ ආයුබෝවන්“ යන්න ඇතුලත් වී ඇතැයි පැවසුව හොත් ඔබ පුදුම වේවි. :nerd:

    ඔව් !! :P

    එහි “ ආයුබෝවන්“ යන සිංහල වචනය ඇතුලත් ... :baffled:

    එයට හඩ ලබා දී ඇත්තේ එකල ක්‍රෝනේල් සරසවිටේ ප්‍රශ්චාත් උපාධීය හදාරමින් සිටි කමල් ඩී අබෘ නැමැති ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු විසිනි. :P

    එහි ඇති සුභපැතුම් හා භාෂාවන් අහන්න මෙතනින් ගියාම ඔයාලටත් පුළුවන්... :yes:

    ඊට අමතරව එහි පෘතුවියේ ජායාරෑප 115 ක්ද ඇතුලත් කර ඇත්තේ පෘතුවියේ ආහාර,ගෘහ නිර්මාණ,මිනිසුන්, වේලාව යන විවිධ වු මාතෘකා ඇතුලත් වන ලෙසයි. එලෙසම ලොව ප්‍රසිද්ධ සංගීතවේදින්ගේ සංගීත කණ්ඩයන් හා ලොව පවතින ස්වාභව ධර්මයේ ශබ්දයන්ද ඇතුලත් කර ඇත. :yes:
    තැටියට ඇතුලත් සංගීත කණ්ඩයන් හා ලොව පවතින ස්වාභව ධර්මයේ ශබ්දයන් මෙතනින් අහලා බලන්න පුළුවන්... :yes:

    එහි ඇති ලිඛිත ප්‍රකාශයන් සඳහන් කර ඇත්තේ එවකට ඇමරිකානු ජනපති ජිමී කාටර් මහතා හා එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වු ජෙනරාල් කූර්ටි වෝල්ඩයිම් මහතා පමණකි. :P
    ඇමරිකානු ජනපති ජිමී කාටර් මහතාගේ ලිඛිත පණිවිඩය..

    Chamikawpblogspotcom7-30.jpg


    Voyager 01 හා Voyager 02 යානාවල ගමන් මග ගැන විස්තර කෙරෙන විඩියෝවක් මෙතින්න බලන්න හැකියාව තියෙනවා...:yes:


    කෙසේ වුනත් මෙය දුපතක අතරමං වු අයකුට බෝතලයක් තුල පණිවිඩයක් යවනවා වැනි වැඩක් බවම එයට මුලිකත්වය දුන් ආචාර්ය කාල් සේගාන් මහතාම පවසනවා... :P

    AREA 51 නැතිනම් 51 වැනි කලාපය කිව් සැනින් නොදන්න කෙනෙක් නැති තරම්....
    ඒ ගැන වැඩියෙන් බලන්න මෙතනින් පුළුවන්.... ;)


    කියවලා බලලා අදහසක් යොදලම යන්න... :yes:

    වෙනදා වගේ තොරතුරු හා ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන් තමා උපුටා ගත්තේ.. :D

    අපරාදේ ළගදි ඔය තැටිය යවන්න හිටියනම් “චාමිකයගේ බ්ලොග් ඇඩ්‍රස් එකත් යවාගන්න තිබුනා“ බැරි වෙලාවත් ලොග් වුනොත් පිටසක්වලින්.. කාටද ආඩම්බර....... :rolleyes:


    [FONT=&quot]
    [/FONT][FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]


     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    adeee..patta ban...ආයුබෝවන් එකට කොහොමද එසේම වේවා වගේ රිප්ලයි එකක් ලැබුනොත්..
    පට්ට චාමිකයෝ +8