අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...

    Zorin OS

    distributions-zorin-os.png



    වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වැඩ කොට පුරුදු වූ සමහර අය ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලට මාරු වීමට අකමැතිය.ඊට එක් හේතුවක් වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ පෙනුම හෙවත් ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් ඉන්ටර්ෆේස් එකට වඩා වෙනස් වීමය.තවත් හේතුවක් වන්නේ අදුරු තීම්ස් ඇති නිසාය.එහෙත් දැන් මේ අපහසුව මඟ හරවා දෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තිබේ.එය නොමිලේ දෙන සොරීන් ඕඑස්ය (Zorin OS)ය.

    lookchanger.png


    සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතියේ තිබෙන අලුත් ලුක් චේන්ජර් යුටිලිටි වැඩසටහන මගින් තමන්ට කැමති ඉන්ටර්ෆේස් එකකට මාරු වීමට පුලුවන.එහි ඇති සෙටිංග්ස් සකසා සොරීන් ඕඑස් එකෙහි ඉන්ටර්ෆේස් එකෙහි ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් සෙවන් ආකාරයට සකසා ගත හැක.එසේ නැතහොත් වින්ඩෝස් විස්ටා එක්ස්පී හෝ වින්ඩෝස් 2000 දී තිබෙන ඉන්ටර්ෆේස් වෙත යාමට පුලුවන.මැක් ඕඑස් වැනි ඉන්ටර් ෆේස් ද යුනිටි නෝම් වැනි ඉන්ටර්ෆේස් වලටද හරවා ගත හැක.

    වින්ඩෝස් සෙවන්

    desktop.png


    වින්ඩෝස් එක්ස්පී

    XP.png


    යුනිටි

    Unity.png


    මැක්

    Mac.png



    නෝම්

    GNOME.png



    සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය තැනීමට පාදක කොට තිබෙන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහනයි.ඒ මත සිට සෑදුවත් සොරීන් ඕඑස් උබුන්ටු වලට වඩා ගතිගුණ අතින්ද පෙනුමෙන්ද වේගයෙන්ද වෙනස්ය.මූලික වශයෙන්ම ගත් විට සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වෛරස් හෝ වෙනත් මැල්වෙයා වලින් ආරක්ෂිතය.සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් සෙවන් මෙන් හතර ගුණයක් වේගවත්ය.විවිධ භාෂා 55කින් ඉදිරිපත් කොට
    තිබේ.ඊට අමතර වශයෙන් මෙම මෙහෙයුම් පද්ධතිය තමන්ට කැමති විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නට පුලුවන් එකකි.

    media.png


    වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් වැඩ කරන ගමන්ම පරිඝණකයේ වෙනත් පාර්ටිශන් එකක සොරීන් ඕඑස් ඉන්ස්ටෝල් කොටගෙන වැඩ කරගත හැකිය.එවිට වින්ඩෝස් වල පමණක් ධාවනයට සැකසූ වැඩසටහන් සොරීන් සමග ක්‍රියාත්මක කල හැකිය.වයින් මෟදුකාංගය සොරීන් සමග ලැබේ.වින්ඩෝස් සදහා සැකසූ වැඩසටහන් වින්ඩෝස් වලදී ක්‍රියාත්මක වෙනවාට වඩා අධි වේගයෙන් සොරීන් තුල ක්‍රියාත්මක වේ.උබුන්ටු වලදී මෙන් සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකක් මෙහිද ඇත.එයින් තමුන්ට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් සොරීන් තුලට එක්කරගත හැක.අති විශාල මෘදුකාංග එකතුවක් ඒ තුල ඇති බැවින්
    පරිඝණකයකින් සිදුකරගැනීමට අවශ්‍ය ඕනෑම කාර්යයකට සොරීන් සූදානම්ය.

    softwarecenter.png


    ඔෆීස් පැකේජය සදහා ඇත්තේ ඕපන් ඔෆීස්ය.වෙබ් බ්‍රවුසරය සදහා ඇත්තේ ෆයර්ෆොක්ස්ය.ඊමේල් ක්ලයන්ට් එක වන්නේ ඉවලූෂන්ය.මියුසික් ප්ලේයර් වැඩසටහන රිදම් බොක්ස් වන අතර වීඩියෝ ප්ලේයරය ටෝටම්ය.ෆොටෝ එඩිටින් සදහා ගිම් ෆොටෝ මෘදුකාංගය ලැබේ.ඊට අමතරව මල්ටිමීඩියා වැඩසටහන් ක්‍රියාත්මක ක්‍රිරීමට අවශ්‍ය කරන කොඩෙක්ස්ද මේ සමගම ලබා දේ.



     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මාචාන් මේක ගන්නේ කොහොමද.. MB කියද මචාන්.. අනේ සිඩි එකක් ගන්න විදියක් නැද්ද...
    ඩිරෙක් බාන්න පුලුවන්ද.. ? +5
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ekenma ela
    :yes::yes::yes:
    මාචාන් මේක ගන්නේ කොහොමද.. MB කියද මචාන්.. අනේ සිඩි එකක් ගන්න විදියක් නැද්ද...
    ඩිරෙක් බාන්න පුලුවන්ද.. ? +5
    1.3GB තියෙනවා මචන්:D
    සීඩීනම් දෙන්නෑ මහිතේ:rolleyes:
    ඩිරෙක්ට් බාන්න පුලුවන් ෆුල් ස්පීඩ් එකෙන්
    good one...

    Thnkx For Sharing
    :D:D:D:D
    meka hari speed da?

    උපරිමයි:yes:
     
    • Like
    Reactions: chamaz

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබත් ඉදලා ඉදලා හොයන් එන්නේ ගින්දර බඩුනේ සුදා.. දෙන්න තිබුනනම් දෙනවා ලොවෙත් නැතිවෙන්න රෙප්! උම්මා! උදේ පාන්දර හොද දෙයක් ගෙනත් දැම්මට:P