MBR & GPT #Get to know

HeroSuji

Well-known member
  • Aug 31, 2021
    214
    443
    63
    214697312_2859608027633170_5279437548719509900_n.jpg


    අලුතෙන් Computer එකක් අරන් Windows Install කරන්න ගියාම හරි දැනටමත් පාවිච්චි කරන ඔයාලගේ දත්ත (Data) ගබඩා කරලා තියෙන Hard Disk එකක් සහිත Computer එකක මෙහෙයුම් පද්ධතිය අලුතෙන් Install කරන්න ගියාම Windows Install කරන්න හදන Disk එක Partition කරන්න GPT හෝ MBR Partition Table දෙකෙන් එකක් Select කරන්න කියලා කියනවා මතක ඇති.

    සමහර අවස්ථා වල Windows මෙහෙයුම් පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට System Partition එක පමණක් Format කරලා නැවත Windows Install කරන්න හදනවනේ. අන්න එතකොට ගොඩක් අයට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "Windows cannot be installed on this disk" කියන Error එක.

    මේ වගේ අවස්ථා වල අසරණ වෙනකොට, පොඩි පොඩි Tricks පාවිච්චි කරලා වැඩේ යන්තම් කරගන්නවා මිසක් ඇත්තටම මොකක්ද තිබුන ප්‍රශ්නය කියලා හොයලා ඉගෙන ගන්න කැමති අය ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අන්න ඒ වගේ අයට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.

    Partition Table එකක් කියන්නේ මොකක්ද?

    අලුතෙන්ම ගත්ත Hard Disk එකක් හරි පරණ Hard Disk එකක් සම්පුර්ණයෙන්ම Format කලාට පස්සේ හරි, කෙලින්ම අපිට මෙහෙයුම් පද්ධතිය හරි වෙනත් ඕනෑම ආකාරයක Data හරි Store කරන්න බෑ. කොටින්ම මේ අවස්ථාවේදී Hard Disk එක තියෙන්නේ භාවිතා කරන්න බැරි අවස්තාවක.

    එහෙම තියෙන Hard Disk එකක් භාවිතා කරන්න පුළුවන් තත්වෙට ගන්න නම්, අපිට Partition හදාගන්න වෙනවා. Partition එකක් කියන්නේ Hard Disk එකේම තියෙන යම් නිශ්චිත ඉඩ ප්‍රමාණයක් (Fixed Capacity) එකක් තියෙන උප කොටසක්.
    මෙහෙයුම් පද්ධතිය මගින් මේ Partition වෙන වෙනම තනි ඒකක විදියට සලකනවා. මේ වගේ Partition කීපයක් එක Hard Disk එකක් තුල සකස් කරන්න පුළුවන්. අන්න එහෙම සකස් කරන Partition වල විස්තර ඇතුලත් වෙන්නේ මේ Partition Table කියන කොටසේ.

    නමුත් මේ Partition අපිට Hard Drive එක ඇතුලේ Physically බලාගන්න නම් බෑ. ඒ වගේම මේ Partition හැදුවත් ඒවාට කෙලින්ම Data Store කරන්න කලින් යම් සුවිශේෂී ආකාරයකට Format කරන්න ඕන. NTFS, ExFAT, FAT32 වගේ නම් වලින් හදුන්වන මේවා ට කියන්නේ File Systems කියලා.

    සරලව කියනවා නම් Hard Disk එකේ Data Store කරන්න කලින්, Partition හදලා ඒවා NTFS, ExFAT, FAT32 වගේ File System එකකට Format කරගන්නම වෙනවා.

    Partition Table වර්ග මොනවාද?

    විවිධ මෙහෙයුම් පද්ධති වල විවිධ Partition Table වර්ග පාවිච්චි වෙනවා Data Store කරන්න.
    උදා: Microsoft Windows - MBR හෝ GPT
    Apple MacOS - GPT හෝ APT (Apple Partition Table)

    MBR Partition Table

    MBR කියලා කෙටියෙන් හදුන්වන්නේ Master Boot Record කියන දිග නම. මේක ඉස්සෙල්ලම හදුන්වලා දුන්නේ PC DOS 2.0 OS එකත් එක්ක 1983 දී. මේක තියෙන්නේ Hard Disk එකේ මුල්ම කොටසේ Store කරලා. මේකෙන් Special Boot Sector එකක් විදියට ක්‍රියා කරමින් මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය Boot Loader එක, Logical Partition වල විස්තර සපයනවා. Primary Boot Loader එකේ තියෙන්නේ Hard Disk එකේ වෙනත් Partition එකක තියෙන Large Loader එක Load කරන්න අවශ්‍ය කරන කුඩා Code එකක්.

    Windows Install කරලා තියෙන Hard Disk එකක ආරම්භක දත්ත කොටස (Initial bit of the System Boot Loader) අඩංගු වන්නේ මේකේ තමයි. මෙන්න මේ හින්දා තමයි මොකක් හරි හේතුවකට Windows වලට Boot වෙන්න බැරි ප්‍රශ්නයක් ආවොත්, මේ MBR Partition Table එක Rebuild කරන්න වෙන්නේ.

    MBR වල Partition විස්තර හා Boot Data ගබඩා කරන්නේ Hard Disk එකේ පළවෙනිම Sector එකේ විතරක් නිසා මොනවා හරි හේතුවකින් මේ Data වල ප්‍රශ්නයක් ඇති උනොත් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා වගේම, Data Recover කරන්න තියෙන අවස්ථා ද අවම වෙනවා.

    Windows පරිගනකයක Linux OS එකක් Dual Boot කරනකොට, Linux වලට අදාළ Grub Boot Loader එක ඇතුලත් වන්නේත් මේ MBR Partition Table එක ඇතුලේ.

    MBR Partition Table එක Partition පිළිබද විස්තර ගබඩා කරන්නේ Hard Disk එකේ තියෙන පළවෙනිම Sector එකේ. එක Partition එකක් පිලිබදව ඇතුලත් කරන Entry එකක දිග 16 Bytes වෙනවා. නමුත් සම්පුර්ණ Partition Table එකට Hold කරන්න පුළුවන් Entries වල මුළු දිග 64 Bytes නිසා MBR Partition Table මගින් අපිට Primary Partition හදාගන්න පුළුවන් වෙන්නේ උපරිම හතරක් දක්වා පමණයි.

    නමුත් ගොඩක් අය Partition හතරක් වගේ ප්‍රමාණයකින් සෑහීමට පත්වෙන්නේ නෑ. ඒ වගේ වෙලාවට පොඩි Trick එකක් පාවිච්චි කරන්න පුළුවන්. Primary Partition හතරක් හදලා ඒ එකක් Extended Partition එකක් විදියට හරවා හත්තොත්, මේ ප්‍රශ්නේ මග ඇරෙනවා. Extended Partition එකක් ඇතුලේ තවත් Logical Partition කීපයක් දක්වා හදන්න පුළුවන්.

    MBR Partition Table එකේ ලක්ෂණ

    Primary Partition හදන්න පුළුවන් උපරිම හතරක් දක්වා පමණයි. Hard Disk එකේ පළවෙනි Sector එකේ තියෙන 64 Bytes මේ Partition විස්තර ගබඩා කරන්න පාවිච්චි කරනවා. ඒ එක Partition එකක විස්තර ගබඩා කරන්න 16 Bytes අවශ්‍ය වෙනවා
    මේකේ Primary, Extended සහ Logical කියලා Partition වර්ග තුනක් දකින්න පුළුවන්. මේ Extended සහ Logical කියලා Partition වර්ග හදුන්වලා දුන්නේ අර කියපු Primary Partition හතරක Limit එක අයින් කරන්න.

    MBR Partition Table එකේ ගබඩා කරන්නේ Primary හා Extended Partition වල විස්තර විතරයි. මේ Extended Partition වලට කෙලින්ම Data Store කරන්න බෑ, ඒකට Extended Partition එක ඇතුලේ Logical Partition හදාගන්න වෙනවා. මේ Logical Partition වල විස්තර ඇතුලත් වෙන්නේ Extended Partition එක ඇතුලේමයි.

    එක Sector එකක Capacity එක 512 Bytes වන නිසා MBR Partition Table එකකට කියවන්න පුළුවන් උපරිම ප්‍රමාණය (Capacity) 2TB වලට සිමා වෙනවා. මෙන්න මේ හින්දා MBR Partition Table එකකින් Format කරන්න සුදුසු වෙන්නේ 2TB හෝ ඊට වඩා අඩු Hard Disk පමණයි.

    MBR Partition Table එකේ යෙදීම්

    අපිට පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය Install කරන්න වගේම වෙනත් Data Store කරන්න Hard Disk පාවිච්චි කරන්න පුළුවන්නේ. උදාහරණයක් විදියට ඔයාගේ පරිගණකයේ Hard Disk එකකට වඩා තියෙනවා නම්, ඉන් එකක මෙහෙයුම් පද්ධතිය Install කරලා, අනෙක් ඒවගේ Data Store කරන්න පුළුවන්.

    සියලුම Windows version වල 32Bit හා 64Bit සංස්කරණ මේ MBR Partition Table එකට සහය දක්වනවා. MBR Partition Table එක BIOS සමග ක්‍රියාත්මක වෙන නිසා, BIOS වලට පමණක් සහය දක්වන පරණ Computers වල මේ MBR Partition Table එක පාවිච්චි කරන්නම වෙනවා. නමුත් නවීන Computers වල UEFI භාවිත වෙන නිසා මේ MBR Partition Table එක පාවිච්චි කරන්න නම්, පරිගණකය Legacy BIOS Mode එකට මාරු කරන්න වෙනවා. ඊට වඩා ගොඩාක් දියුණු GPT Partition Table එක තමයි අලුත් Computer වල පාවිච්චි කරන්න සුදුසුම වෙන්නේ.

    GPT Partition Table එක

    GPT කියන්නේ GUID Partition Table කියන දිග නම. මේක තමයි දැනට පාවිච්චි වෙන අලුත්ම Partition Table එක වෙන්නේ. මේක UEFI BIOS තියෙන Computers වල විතරයි ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම පැරණි MBR Partition Table එකේ තියෙන ගොඩාක් දුර්වලතා GPT Partition Table එකේ දකින්න ලැබෙන්නේ නෑ. GUID කියන්නේ Globally unique Identifier කියන එක, ඒ කියන්නේ අපි හදන ඕනෑම GPT Partition එකකට සුවිශේෂී Identity එකක් තියෙනවා.

    GPT Partition Table එකේ ලක්ෂණ

    Hard Disk එකක Capacity එක 2TB වලට වඩා වැඩි උනත් GPT Partition Table එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, මෙහෙයුම් පද්ධතියෙන් හා File System මගින් GPT Partition Table එක පාවිච්චි කරන්න පුළුවන් Hard Disk එකේ උපරිම Capacity එක සිමා කරනවා.

    GPT Partition Table එක ඇතුලේ ඕන තරම් Primary Partition හදන්න පුළුවන්. නමුත් නැවත වරක් මෙහෙයුම් පද්ධතියෙන් හා File System මගින් GPT Partition Table එක පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම Partition ගණන 128 කට සිමා කරනවා.
    මේ හින්දම GPT Partition Table එක පාවිච්චි කරද්දී Extended හා Logical Partition හදන්න අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නෑ.
    GPT වලදී Partition විස්තර සහ Boot Data වල Copy කීපයක් Hard DIsk එකේ තැනින් තැන ගබඩා කරන නිසා, යම් හෙයකින් මේ එක තැනක තියන දත්ත වලට ප්‍රශ්නයක් ඇති වෙලා මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැති උනොත් Recover කරගන්න ගොඩක් ඉහල අවස්තාවක් තියෙනවා.

    ඒ වගේම GPT වලට පුළුවන්, බැරිවෙලා හරි මෙහෙම Partition විස්තර සහ Boot Data වල ප්‍රශ්නයක් ඇති උනොත් ඉක්මනින් හදුනාගෙන Recover කරගන්න උත්සාහ කරන්න.MBR වල මෙහෙම හැකියාවක් නෑ. ප්‍රශ්නයක් උනොත් ඔයාට සමහර විට Partition විස්තර සහ Boot Data අහිමි වෙන අතරම ඔයාගේ Hard Disk එක නැවත Format කරන්න වෙනවා.

    ඔයාගේ Computer එක UEFI වලට පමණක් සහය දක්වන එකක් නම්, Windows වලට GPT Partition Table එකම පාවිච්චි කරන්න වෙනවා. Legacy BIOS වලට සහය දක්වන UEFI Computer එකක උනත් Windows වල 64Bit සංස්කරණයක් පාවිච්චි කරනවා නම්, GPT Partition Table එක පාවිච්චි කරන්න වෙනවා.

    වෙනත් මෙහෙයුම් පද්ධති වලත් GPT පාවිච්චි වෙනවා.උදාහරණ විදියට Linux වල GPT වලට සහය Built-in කරලා තියෙනවා වගේම Apple MacOS මේ ලගදි එයාලගෙම APT (Apple Partition Table) ඉවත් කරලා GPT පාවිච්චි කරන්න පටන් ගත්තා.
    GPT කියන්නේ ගොඩක් වේගවත්, කාර්යක්ෂම වගේම නවීන Partition Table එකක්. ඔයා අලුතෙන් Computer එකක් සකස් කරනවා නම් GPT පාවිච්චි කරන එක තමයි සුදුසුම සහ ආරක්ශාකාරිම.

    කොහොම නමුත් ඔයාගේ පරිගණකය නවීන සහය UEFI සදහා සහය දක්වන්නේ නැත්නම් හෝ ඔයාගේ Hard Disk එක ගොඩක් ප්‍රමාණයෙන් කුඩා නම්, MBR පාවිච්චි කරන එක තමයි සුදුසුම. හේතුව වෙන්නේ, GPT වලට MBR වලට වඩා Hard Disk එකේ සැලකිය යුතු ඉඩක් අවශ්‍ය වීම. (100MB)
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Mbr to gpt/gpt to mbr convert karanna lesi widihak tiyanawada
    Mini Tool partition wizard eken thamai mama karanne. bootable iso eka aragena pen ekata gahala eken boot karala karanna. data nam lost wela nehe.hebei mama backup karagannawa. warning ekakuth denawa tool eken data walata waga kiyanne nehe kiyala. eth lost ela nam nehe mage ( Runing mood eke tiyena hdd ekak convert karoth boot wenne nethuwa yanawa. ewath hadanna puluwan tools walin & CMD eken OS eka reinstall karanne nethuwa