රක්ෂණ වන්දි පහසුවෙන්.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රක්ෂණ වන්දි පහසුවෙන්.

    කාලෙකට පස්සේ අද මට හිතුන ගොඩක් කට්ටිය නොදන්න සමහර කට්ටිය දාන්න දෙයක් ගැන කතා කරන්න. අටුවා ටීකා ටිප්පනි ඕනේ නෑ. මම අද කියන්න යන්නේ රථ වාහන රක්ෂණය ගැන. රථ වාහන රක්ෂණය කියන්නේ අද අපේ රටේ කාටවත් අමුතු දෙයක් නෙමෙයි. වාහනයක් තිබුනත් නැතත් ෆුල් ඉන්ෂුරන්ස් තඩ් පාටි ඉන්ෂුරන්ස් කිව්වම කවුරුත් හොදට දන්නවා. :yes::yes::yes:

    car.jpg


    එහෙනම් ඉතින් ඕක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනේ. :lol::lol::lol:
    නෑ. එහෙම නෙමෙයි, රථවාහන රක්ෂණයේ එක පැත්තක තමයි රථවාහන රක්ෂණ වන්දි කියන්නේ. කව්රුත් කියන්නේ ඉන්සුරන්ස් දාන්න ලේසියි ගන්න ගියාම අමාරුයි කියලනේ. :angry::angry:
    එහෙනම් පටන් ගමු වැඩේ.
    මෙහෙමයි. අද මම ඔයාලට කියල දෙන්නේ accident එකක් උනාම අමාරුවක් නැතුව claim එක ගන්න හැටි. මෙතැනදී වැදගත් දෙයක් තියෙනවා. ඇ තමයි ඉන්ෂුරන්ස් එක දාන්න කලින් අදාළ සමාගමේ සේවාවන් ගැන සෑහීමකට පත් වෙන්න තමුන්. නැත්නම් පස්සේ උන්ට බැනල වැඩක් නෑනේ. :P:P

    car-insurance-claim.jpg


    හොඳයි මුලින්ම අපි බලමු accident එකක් වෙන්න පුළුවන් ආකාර කොහොමද කියල.
    1. ඔබේ වාහනය වෙනත් වාහනයක් සමඟ ගැටීම.
    2. ඔබේ වාහනය වෙනත් වාහනයක් හප්පාගෙන යාම. (නවතා තිබියදී හෝ පදවමින් සිටියදී)
    3. වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩයක් විසින් පහර දීම.
    4. පාරෙන් ඉවත් වී වෙනත් දෙයක් සමඟ ගැටීම.(බාහිර පුද්ගලයෙක්, බාහිර පුද්ගලික දේපලක්, බාහිර රජයේ දේපලක්)
    5. යම් වස්තුවක් වාහනය මත පතිත වීම.
    මෙතන මට අමතක උන ඒවත් ඇති. ඔය මෙකි නොකී හැම විදිහටම වෙන අලාභ ඉන්ෂුරන්ස් වලදී හඳුන්වන්නේ accident කියල.
    හරි. දැන් බලමු ඒ වගේ අවස්ථාවක ඉහත කී අභිමතාර්ථය ඉෂ්ට වන පරිදි හැසිරෙන්නේ කොහොමද කියල. ඒ කිව්වේ අමාරුවක් නැතුව claim එක ගන්න පුළුවන් විදිහට වැඩ කරන්නේ කොහොමද කියල. :yes::yes::yes:
    හොදයි. ඔබ මෙවැනි අවස්ථාවකදී අනිවාර්යෙන් අනතුර උන ස්ථානයේ රැදී සිට ඔබගේ රක්ෂණ සමාගම දැනුවත් කල යුතුයි අනතුර සම්බන්දයෙන්. මෙහිදී ඔබට එම ස්ථානයේ රැදී සිටීමට නොහැකි හානියක් හෝ වෙනත් අයෙකුට හානියක් ඇත්නම් රෝහලකට ඇතුලත් වීම කල යුතුවේ. තුවාල තියන් උන් එනකං ඉන්න බෑනේ බං. ඒත් ඉන්න පුළුවන් නම් කතා කරලා කියපන් අනිවාර්යෙන්. සමහර කොම්පැනි කියනවා තුවාලකාරයෝ ඉන්නවනම් පොලිසියට දැනුවත් කරන්න ඕනේ කියල. ඉතින් පොඩි තුවාල තිබ්බොත් ඒවා උන්ට කියන්න එපා. ඉල්ලන කන්න ඕනේ නෑනේ බං. නමුත් තුවාල දරුණු නම්, කොම්පැනියට කියන්න පුලුවන්නම් කියල හොස්පිටල් යන්න අවසර ගනින්. සමහර විට ඉතින් ලොකු තුවාල නම් ඕවා කතා කර කර ඉන්න ඕනේ නෑ. මේ කොම්පැනිය කියන්නේ ඉන්ෂුරන්ස් කොම්පැනිය හොඳද? ඇන්ඩ් කොම්පැනිය එහෙම නෙමෙයි. :P:P

    ඇත රිදෙනවා බන්ස් කොටලා කොටලා. උඹලට මේක වැදගත් වෙන විදිහ බලලම ඉතුරු ටික දාන්නම්. අඩුපාඩු වැරදි තියෙනවනම් කියල පලයන්. උබළෙගේ කොමෙන්ට් තමයි වටිනාම දේ. ඇ නිසා එක අමතක කරලා යන්න එපා මචන්ලා. :no::no::no:

    threadclosed.jpg
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    hama ekama mehema danne ei???

    ඇත රිදෙනවා බන්ස් කොටලා කොටලා
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ela,

    ape wahnaya wena ekak heppuwoth palweniyata karanda one monawada,
    apita happapu ekagen claim eka ganda onenang monawda karanda one,polici noya ganda puluwanda
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ela,

    ape wahnaya wena ekak heppuwoth palweniyata karanda one monawada,
    apita happapu ekagen claim eka ganda onenang monawda karanda one,polici noya ganda puluwanda

    හප්පපු එක එතන තියාගනින්. ඉන්ෂුරන්ස් කෝල් කරලා Inform කරපන්. ඊට පස්සේ තීරණය කරපන් උගේ ඉන්ෂුරන්ස් එකෙන් ගන්නවද නැත්නම් උබේ එකෙන් ගන්නවද කියල.

    උගේ එකෙන් ගන්නවානම් පොලිසි ගිහින් එකේ නඩුවෙන් අනිත් එකා වැරදිකරු වෙන්න ඕනේ. ඒ නඩු තීන්දුවේ පිටපතක් උගේ ඉන්ෂුරන්ස් එකට ගිහින් දුන්නම හරි.

    හප්පපු එකා පලාගියොත් අනිවාර්යෙන් උබ එතන නැවතිලා ඉන්ෂුරන්ස් කෝල් කරපන්.
    සමහර ඉන්ෂුරන්ස් වලින් හප්පා පලාගිය ඒවාට පොලිස් කට උත්තරයක්‌ ඉල්ලනවා. ඉන්ෂුරන්ස් එකෙක් අවට පස්සේ උන්ට ඕනේ උනොත් පොලිසියට කටඋත්තරයක් දීපන්.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    හප්පපු එක එතන තියාගනින්. ඉන්ෂුරන්ස් කෝල් කරලා Inform කරපන්. ඊට පස්සේ තීරණය කරපන් උගේ ඉන්ෂුරන්ස් එකෙන් ගන්නවද නැත්නම් උබේ එකෙන් ගන්නවද කියල.

    උගේ එකෙන් ගන්නවානම් පොලිසි ගිහින් එකේ නඩුවෙන් අනිත් එකා වැරදිකරු වෙන්න ඕනේ. ඒ නඩු තීන්දුවේ පිටපතක් උගේ ඉන්ෂුරන්ස් එකට ගිහින් දුන්නම හරි.

    හප්පපු එකා පලාගියොත් අනිවාර්යෙන් උබ එතන නැවතිලා ඉන්ෂුරන්ස් කෝල් කරපන්.
    සමහර ඉන්ෂුරන්ස් වලින් හප්පා පලාගිය ඒවාට පොලිස් කට උත්තරයක්‌ ඉල්ලනවා. ඉන්ෂුරන්ස් එකෙක් අවට පස්සේ උන්ට ඕනේ උනොත් පොලිසියට කටඋත්තරයක් දීපන්.

    ela, thnx