Screen Capture Google Chrome Extension එක

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo

    Softwares+and+utilities+(--------+-----).jpeg

    Screen Capture Google Chrome Extension එක ගැන:-
    මම අද දෙන්නෙ මටත් ඕන වෙලා තිබ්බ වටින කියන Google Chrome Extension එකක්.Screen Capture Google Chrome Extension එක Technology Blog ලියන කට්ටියට එහෙම වැදගත් වෙයි කියලා හිතුනා කියවලා බලන්නකො අද මම අ යන්නේ ඉඳලම දෙන්නයි හදන්නේ.
    Screen එක Capture කරන Software නම් ඕන තරම් අපි දන්නවනේ.ඒත් ඒවයෙන් Screen එක Capture කරලා අපිට ඕන කරන දේවල් මකලා ඕන කරන ඒවා Type කරලා හදාගන්න වෙන Software එකක උදව්ගන්නම වෙනවා.මේ Chrome Extension එක දාගත්තහම වෙන වෙන ඒවයෙ උදව් ඕනෙ නැහැ.හරිම සරලයි මුලින්ම කරන්න තියෙන්නේ මේ Chrome Extension එක දාගන්න එක.ඒකට කරන්න තියෙන්නේ පහල තියන Button එක ඔබලා ඒ එන Screen එකේ දකුණු පැත්තෙ උඩින් තියෙන ADD TO CHROME කියන Button එක ඔබන එක විතරයි.ඊට පස්සෙ එන පොඩි .Window එකේ Install Click කරන්න.
    එතකොට පට් පට් ගාලා අපිමේ කතාකරන Chrome Extension එකට අදාල Button එකක් Google Chrome Window එකේ දකුනු පැත්තේ ඉහලට එකතුවෙනවා.දැන් පොඩ්ඩකට Google Chrome එක Close කරලා ආයිත් Open කරන්න.

    දැන් තියෙන්නේ ඔයාට Capture කරගන්න ඕන Screen එකට ගිහින්.අර කලින් අපි ඉහල කෙලවරට දාගත්ත Button එක Click කරලා මේ තියෙන ඒවයෙන් ඔයාගේ අවශ්‍යතාව මත කැමති දේවල් තේරීමයි.ඒ ටික මේ විදිහට ඔයාට පෙන්වයි.
    Real+Time+Unicode+Converter.png

    ඒකෙන් Capture Page Region තේරුවහම ඔයාලට පුළුවන් Google Chrome Window එක ඇතුලෙතියෙන කොටසක් කපලා ගන්න. ඒකට තියෙන්නේ Capture Page Region Button එක Click කරලා ඒ එන Box එකේ අවශ්‍ය Size එක හදලා අවශ්‍ය තැනට ඒ කොටුව ගෙනිහිල්ලා එතන තියෙන OK Button එක Click කරන එක විතරයි .එතකොට අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

    Capture Visible Content තේරුවහම ඔයාලට පුළුවන් Screen එකට අහුවෙලා තියෙන සම්පූර්ණ කොටසම Capture කරගන්න ( උඩින් තියෙන Tab, Address bar එහෙම නැතුව ).Capture Visible Content තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

    Capture Whole Page තේරුවොත් මුලු පිටුවම Capture වෙලා ගොඩාක් උස Photo එකක් එනවා.Capture Whole Page තේරුවහම අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.

    Capture Screen Region තේරුවොත් අපිට මුළු Screen එකේම තියෙන ඕනෑම දෙයක් කපලා ගන්න පුළුවන්.Google Chrome Window එක පොඩ්ඩක් පහලට කලොත් Desktop එක හෝ වෙනත් Window එකක් වුනත් Capture කරගන්න පුළුවන්.Capture Whole Page තේරුවහම Screen එක අඳුරු වෙලා යනවා ඊට පස්සේ අවශ්‍ය කරන තැන අවශ්‍ය ප්‍රමාණයට කොටුවක් ඇඳලා OK කරන්න අළුත් Tab එකක් Open වෙනවා.ඒ එන Tab එකේදි පුළුවන් අවශ්‍ය කොටස් රවුම් කරන්න කොටු කරන්න Password කොටස් අහුවෙලා එහෙම තියෙනවනම් ඒවා Blur කරන්න හෝ පාට කරන්න.Text එකක් ඇතුල් කරන්න ඉරි හෝ ඊතල දමන්න එහෙම.


    උපුටාගැනීම freesofthut.blogspot.com වෙතින්
    freesofthut.blogspot.com වලට ගිහින්Chrome වලට එක්කරගන්න
     
    • Like
    Reactions: imp and sudu pusa