Chrome Update එකට පස්සේ Facebook Scroll කරද්දී Mouse Wheel එක වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයාලත් Chrome Browser එකේ අලුත්ම Version එක (144.0.7559.97) ද පාවිච්චි කරන්නේ? මම මේ දවස් ටිකේ ලොකු ප්‍රශ්නයක හිටියේ Chrome එකෙන් Facebook යනකොට ටිකක් පහළට යනකොට මවුස් එකේ රෝදය (Scroll wheel) වැඩ කරන්නේ නැතුව යනවා. හැබැයි Firefox එකේ කිසි අවුලක් නැතුව වැඩ කරනවා.

    Internet එකෙන් හොයලා බලද්දී මේක මේ අලුත් Chrome Update එකේ තියෙන Bug එකක් කියලා තේරුණා. සෑහෙන ට්‍රයි එකක් දීලා මම මේකට විසඳුමක් හොයාගත්තා. ඔයාලටත් මේ ගැටලුව එනවා නම් මෙන්න මේ පියවර ටික කරන්න:

    විසඳුම:

    1. Chrome වල address bar එකේ chrome://flags කියලා ගහලා Enter කරන්න.
    2. එතන එන සර්ච් බාර් එකේ Overlay Scrollbars කියලා ටයිප් කරන්න.
    3. දැන් ඒක ඉස්සරහ තියෙන Default හෝ Enabled කියන එක වෙනුවට Disabled කියලා තෝරන්න.
    4. බ්‍රවුසරය යටින් එන Relaunch බටන් එක ඔබලා Chrome එක Reset වෙන්න දෙන්න.
    දැන් Facebook ගිහින් බලන්න, කිසිම අවුලක් නැතුව වෙනදා වගේ Scroll කරන්න පුළුවන්. මේක Chrome වල තියෙන Visual දෝෂයක් නිසා වෙන්නේ.

    මම මේ ගැන Google එකටත් Report කළා. හැබැයි දැනට පාවිච්චි කරන්න ලේසිම ක්‍රමය තමයි මේ Flag එක Disable කරන එක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Chrome in 2026?

    Awkward Oh No GIF by CBC