ගිටාර් shops

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Guitar-Shop.jpg

    ගිටාර් ගන්න හොඳ තැන් මොනවද කියල හැමෝම අහනවා.ලංකාවේ එවැනි ස්ථාන කීපයක ලිපිනයන් සහ දුරකථන අංක සටහනක තබන්න හිතුවා. එක එක ස්ථාන පිලිබඳව දීර්ඝ විස්තරයක් කරන්න තිබ්බ නම් හොඳයි, ඒත් හදිසි අයට ඕනේ නිසා කෙටි විස්තරයක් එක්ක ලිපිනයන් දාන්නම්.

    Sai Sangeetha
    L G 180/123 Gasworks Street, Peoples Park, Colombo 11
    (011)2445102


    මේක තියෙන්නේ කොටුවේ.ගණන් ගොඩක් අඩුයි.හොඳ ගිටාර් තියෙනවා.


    Yamaha Music Centre
    No 296,Bauddhaloka Mw, Colombo 7

    (011) 2595608


    ටිකක් ගාණ සැරයි.හැබයි හොඳ ගිටාර් තියෙනවා. Yamaha ගිටාර් වලට අමතරව Takamine ගිටාරුත් තියෙනවා. ලංකාවේ මං දැකපු හොඳම guitar shop එක තමයි මේක.Showroom එකේ ගිටාර් ඔක්කොම tune කරලා තියෙන්නේ. ගිටාර් දෙක තුනක් වුනත් මුල ඉඳන් ටියුන් කරන්න ගියාම එපා වෙනවනේ.හොඳට ඉඩකඩත් තියෙනවා.අපිට නිදහසේ වාදනය කරලා බලල ගන්න පුලුවන්.

    Bombay Harmonium
    122 Sea Street,, Colombo 11
    ( 011) 2325817

    පරණ තැනක්.හොඳ ගිටාර් තියෙනවා.ලඟදී නම් ගියෙ නෑ.ඔබ ආධුනිකයෙක් නම් එහි අයිතිකරු ඔබට උදව් කරාවි හොඳ ගිටාරයක් තෝරගන්න.

    Sarasi Musical Centre
    206 Sarasavipaya, Colombo 10
    ( 011) 2438811

    මේක තියෙන්නේ එල්ෆින්ස්ටන් එකේ.

    Melodyland
    52 2nd Flr Welikada Plaza, Rajagiriya
    ( 011) 2862075



     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මතකයට ආපු සහ ලිපිනයන් තියෙන තැන් විතරයි දැම්මේ.මීට අමතරව ඔයාල දන්න තැන් කියන්න.
    second hand ගිටාර් ගන්න වනම් ක්‍රවුන් මධ්‍යස්ථාන වලින් මිලදී ගන්න පුලුවන්.හොඳ ගිටාර් තියෙනවා.නමුත් second hand ගිටාරයක් ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න.ඒ සඳහා මේ ලිපිය කියවන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1481478
     
    Last edited: