පෙරවදනක් නැති ආදරයක විරහාත්මක පසුවදන
පෙරෙදා, එ කියන්නේ සිකුරාදා පාන්දර 3:45 ආපු දුරකතන ඇමතුමෙන් මම විසිවෙලා ඇහැරුනා." මම තව විනාඩි 15 සර්ගේ ගේ ගාව ලෑස්තිවෙල ඉන්න .මම දැන් මහරගමින් පිටත් වෙනවා " . මල මගුලයි තිබ්බ එලාම් එක වැදිලා නැහැ.(කොහේ වදින්නද එලාම් එක තිබ්බ ෆොන් එක ඔෆ් වෙලා
) කොහොමින් කොහොමහරි ලෑස්තිවෙලා රාජකාරි කටයුත්තකට ආයතනයෙන් දුන්නු සැප පහසු
වාහනයක හරිබරි ගැහිලා පෙරෙදා වැස්සත් අරගෙනම කොලඹින් නුවර බලා පිටත් උනේ.යන්න පිටත් උනාට මොකද නිදිමතයි .සීට් එකත් පාත් කරගෙන නිදාගත්ත මම හතර පස් පාරක් විටින් විට නින්දෙන් ඇහැරුනත් හරියටම ඇහැරුනේ වහනේ පේරාදෙණිය පාරට හරොනකොට ( ඔව් හොදට නින්ද ගිය
)
මම දන්නේ නැහැ මම එ පලාතට මොකට එච්චර ලෝබ කන් කරනවද කියලා. පුදුමාකාර කියාගන්න බැරි සැහැල්ලුවක් දැනෙනවා. මට එතකොටම මතක් උනේ මීට අවුරුදු 2කට විතර උඩදි පේරාදෙනිය සරසවියට කරක් ගහපූ වෙලාවේ හිතට ආපු දේවල් ටික. මම පේරාදෙනිය සරසවියට යන්න තරම් පින් කරපු හාදයෙක් නෙමෙයි .එත් මට හිතුනා මෙතන ඉන්න උන් මේ පරිසරෙත් එක්ක ගනුදෙනු කරන්න , ගැවසෙන්න කොච්චර නම් පින් කරලා ඇත්ද කියලා . ඒ සරසවිය ඇතුලේ කරත්තයක් දක්කන්න
(කෙල්ලෙක් දාගන්න
) බැරි උනානම් එක ඒ මනුස්සයගේ ආත්මගානක් තිස්සෙ කරපු පවක් කියලයි මට හිතෙන්නේ 
. සරසවි ප්‍රෙමය කොච්චර සුන්දරද සහ කොච්චර අමරණීයද කියලා ගිය අක්කල අය්යලා හොද හැටි දන්නවා ඇති
________________________________________________________________
ඔන්න කයිවාරු ගහල ගහල සින්දුවට එන්ටර් වෙන්නයි හදන්නේ.
හන්තාන කඳු පෙළ හඳට ආවඩා...
සරසවියට පිණි පොදක් වැටෙනවා...
මගෙ හද මැදුරට අඳුර ගලනවා...
බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...
භද්‍රජී මහින්ද ජයතිලකයන් අතින් රචනා වෙන මේ ගීතයට සන්ගීතය මුසු වෙන්නෙත් එතුමන් අතින්මයි. විදෙශයක ජීවත් වුනත් ලන්කාවෙ ජීවත් වෙන බොහෝ දෙන්නෙක්ට තමුන්ගේ කරගන්න පුලුවන් ගීතයකට පන පොවන්නට එතුමා හැකියාව ලැබුනා .
කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...
මේ ගීතය නිර්මානය වන්නේ සරසවිය තුල බිහිවූ ප්‍රෙමය විරහවකින් කෙලවර වුනු වට පිටාවක් කේන්ද්‍ර කරගෙන. පෙර දිනවල සරසවිය තුල ප්‍රෙමයෙන් වෙලිලා ඒ ගත කල කාලය ,ඒ මතකය ඒ පෙම්වතියගේ වෙන්වීමෙන් මේ පෙම්වතාව තනි කරනවා. එ තනිය මේ පෙම්වතා බෙදාගන්නේ එ අවට කෑ ගහන බට්ටිත්තෙක් එක්ක.
මා මෙන් තනි උන බට්ටිත්තෝ..
ගොම්මන් අඳුරට බිය වීදෝ..
විරහ ගීය මගෙ ගයනවදෝ..
මා සනසන්නට හඩනවදෝ..
විරහව හිතට වද දෙනකොට සමහරු තනිවෙන්න උත්සහ කරත් සමහරු තනිවෙන්න බයයි. එ ඔවුන් තනිවෙන මොහොතක් ගානේ ඒ මියැදුනු ප්‍රේමයේ මතක හොල්මන හිත පුරා සැරිසරන නිසා. මේ බට්ටිත්තා කියන දේ මොහුට නොතෙරුනත් ඔහු අනුමාණ කරනවා තමුන්වගේම මේ කුරුල්ලත් තනිවෙලා එ දුක කාට හෝ ඇහෙන්න කෑගහනවා කියලා. එත් මේයට මේක තව විදිහකට පේනවා.එ මගේ අසරණ කම දැකලා මගේ හිතට අස්වැසිල්ලක් ගෙන දෙන්න මාව සනසන්න කරන උත්සහයක් හැටියට .
පියඹා යන්නට මට නම් බෑ..
ඈ සරසවියට එන්නෙත් නෑ..
ගග ලග පෙම් තොට පාළු වෙලා..
මල් පෙති බොර දියෙ මලින වෙලා...
බට්ටිත්තො නුබට නම් දෙයක් නැති උනාම පියබා යන්න පුලුවන් නැතත් තව ටිකෙන් නුඹ් එහේ කරාවි.එත් මට එහෙම කරන්න බැහැ. මොකද දැන් ඈ මේ සරසවියට එන්නෙ නැහැ. වර්ථමානයේ ඈගේ නොපැමිනීමත් අතීත මතකයනුත් එක්ක වෙලුනු මේ පරිසරය මට සමුගෙන යන්න අවසර දෙන්න නැහැ
කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා..
මම අදටත් පුදුම වෙන්නේ නුබේ නික්මයාමට හේතුව සොයාගන්න බැරුව. නමුත් මම දන්නවා නුබ දැන් මගෙන් ගොඩක් ඈතක ඉන්නේ .මම වෙලාවකට බොලදයි ද මන්ද . මොකද නුබේ නැවත පැමිනීම මගේ හිත බලපොරොත්තු වෙනවා.
පෙරෙදා, එ කියන්නේ සිකුරාදා පාන්දර 3:45 ආපු දුරකතන ඇමතුමෙන් මම විසිවෙලා ඇහැරුනා." මම තව විනාඩි 15 සර්ගේ ගේ ගාව ලෑස්තිවෙල ඉන්න .මම දැන් මහරගමින් පිටත් වෙනවා " . මල මගුලයි තිබ්බ එලාම් එක වැදිලා නැහැ.(කොහේ වදින්නද එලාම් එක තිබ්බ ෆොන් එක ඔෆ් වෙලා
) කොහොමින් කොහොමහරි ලෑස්තිවෙලා රාජකාරි කටයුත්තකට ආයතනයෙන් දුන්නු සැප පහසු
වාහනයක හරිබරි ගැහිලා පෙරෙදා වැස්සත් අරගෙනම කොලඹින් නුවර බලා පිටත් උනේ.යන්න පිටත් උනාට මොකද නිදිමතයි .සීට් එකත් පාත් කරගෙන නිදාගත්ත මම හතර පස් පාරක් විටින් විට නින්දෙන් ඇහැරුනත් හරියටම ඇහැරුනේ වහනේ පේරාදෙණිය පාරට හරොනකොට ( ඔව් හොදට නින්ද ගිය
) මම දන්නේ නැහැ මම එ පලාතට මොකට එච්චර ලෝබ කන් කරනවද කියලා. පුදුමාකාර කියාගන්න බැරි සැහැල්ලුවක් දැනෙනවා. මට එතකොටම මතක් උනේ මීට අවුරුදු 2කට විතර උඩදි පේරාදෙනිය සරසවියට කරක් ගහපූ වෙලාවේ හිතට ආපු දේවල් ටික. මම පේරාදෙනිය සරසවියට යන්න තරම් පින් කරපු හාදයෙක් නෙමෙයි .එත් මට හිතුනා මෙතන ඉන්න උන් මේ පරිසරෙත් එක්ක ගනුදෙනු කරන්න , ගැවසෙන්න කොච්චර නම් පින් කරලා ඇත්ද කියලා . ඒ සරසවිය ඇතුලේ කරත්තයක් දක්කන්න

Last edited: