බෞද්ධ ධර්මයේ කොහේවත් කියලා නෑ සමලිංගික විවාහ තහනම් කියලා. ඒවගේම බෞද්ධ ධර්මයේ නීති තියෙන්නේ භීක්ෂූන් වහන්සේලට පමණයි සාමාන්‍යය මිනිස්සුන්ට නීති නෑ. ඉතින් මේ Lesbian Marriage එක කිසිම ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ අද Lesbian/Gay Marriages තහනම් බටහිර චින්තනය නිසයි. බටහිර ආරම්භයේදි (ඒ කියන්නේ කාර්මික විප්ලවය වෙනකම් සහා දැනටත් යම් වශයෙන්) ඒ ගොල්ලන්ගේ චින්තනය පදනම් වෙලා තිබුනේ(තියෙන්නේ දැනටත් යම් වශයෙන්) ග්‍රීක යුදෙව් චින්තනය මතයි. ග්‍රීකයන් කොහොම වෙතත් යුදෙව් වන් (මෝසෙස්ට පස්සේ) සමලිංගික විවාහ දැඩි ලෙස ගැරහීමකට ලක් කරා. ඉතින් එහෙම චින්තනයක, රාමුවක තමයි අද ලංකාවේ නීති පද්ධතිය සහා ඒකි වැසියන් ඉන්නේ. නමුත් බටහිර අද මේ යල් පැනගිය රාමු වලින් මීදි විවෘත චින්තනයක් කරා ඇදෙනවා තුන්වෙනි ලෝකයේ රටවල් එක තැන පල් වෙද්දි.
බුද්ධාගමේ බැඳීම් ගැන කියන්නේ ඒවා ඇති වෙන්නේ, ආශාව, තණ්හාව නිසා කියලයි. එනිසා දුක හට ගන්නවා. දුකෙන් මිදෙන්න නම් බැඳීම් නැති කරගන්න ඕනේ. ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ ගිහි ගේ ඇත හැරලා ගියේ නිවන් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මුළු ලෝකයටම ධර්මය බෙදන්න. බුද්ධාගමේ විවාහ පවත්වන චාරිත්‍රයක් නැහැ. චාරිත්‍ර එන්නේ ජාතියට අනුව සහ සංස්කෘතියට අනුව. ආගමට අනුව ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වගේ බුද්ධාගමේ විවාහ චාරිත්‍රයක් නැහැ. නමුත් අඹු සැමි දෙන්නෙක්ට ගිහි ජීවිතයේදී සාර්ථකව ගෙවන හැටි ගැන දේශනා කරලා තියෙනවා. නැතුව මේ විදියේ සමලිංගික ඒවා අනුමත කරලා බුද්ධාගමේ කොතනකවත් නැහැ. මුන් එකතු වෙලා trend එකට ආගම විකුනනවා.... කලකිරෙනවා ආගමක් ධර්මයක් හරිහැටි නොදන්න මිනිසුන් ගැන....
බෞද්ධාගම තියෙන්නේ කර උඩ තියාගෙන ඉන්න නෙවෙයි අවශ්‍යය වෙලාවට භාවිතා කරලා පැත්තකින් තියන්නයි ඒක හරියට ඔරුවක් ගගකින් එතෙර වීම සදහා භාවිතා කරනවා වගේ.
බෞද්ධ දර්ශනය කියන්නේ ඔරුවක් එක තමන්ට ගංගාව නැමැති බාදකය ආවම පමණක් භාවිතා කරන්න ඒකෙන් එතෙර වෙන්න අනෙක් වෙලාවට බිමින් තියන්න..
අනෙක් එක තමයි මේ තරම් බණ කියා තමන් මොකද එළකිරි එන්නේ? යන්නකෝ කැළයකට මොකද බෞද්ධාගමේ හැටියට ගිහිගෙයි ඉන්න එකත් වැරදියි නේ දැන් ඔය කියන තර්කය අනුව..

මේ thread එක මෝඩ නෑ තමන් පටු මානසික ධාරියෙක්, යම් මතයකට හිරවෙලා ඒකට සාපේක්ෂ ලෙසයි සමාජය දිහා බලන්නේ එහෙම බලන ගමන් අනෙක් ආගම් අදහන අයට බණ කියනවා ඒ මිනිස්සු හරක් මරනවා, අරවා කරනවා මේවා කරනවා කියලා එහෙම නේ තමන් වගේ ආධාග්‍රාහින් කරන්නේ? සමාජය දිහා ,ජීවිතය දිහා බලන්න සංස්කෘතික රාමුවක්, ආගමික රාමුවක් නැතුව. එතකොටයි තමන්ට සත්‍යය දකින්න පුලුවන්. දැන් ඒ කාලේ බුදුන් පවා හින්දු වරුන්ගේ විදියට සමාජය දිහා බැලුවා නම් තමන්ට බුදු වෙන්නත් බැරි වෙනවා. තමන් අනෙක් අයට කරදරයක් නැතුව ජීවත් වෙන්නයි ඉගෙන ගන්න ඕනේ, තමන් තමන්ව සතුටින් තියන්නයි උත්සහා කරන්න ඕනේ, තමන් තමන්ගේ ජීවිතය අර්ථ වත් ලෙස , පසුතැවීමක් නැතුව ගත කරන්නයි ඉගෙන ගන්න ඕනේ, තමන් අනුන්ට උදව් කරමින්,මෛත්‍රී කරමින් ඉන්නයි ඉගෙන ගන්න ඕනේ එහෙම නැතුව තමන්ගේ පොතේ මේක වැරදි කිව්වා කියලා ඒක ඒ විදියටම ක්‍රියාත්මක කරන එක නෙවෙයි හරි දේ, දැන් ඔයා ඔය කියන විදියට එහෙම බලනකොට මුස්ලිම් මිනිස්සු වැරදි නෑ නේ. අද ලංකාවේ ජිහාඩ් එකත් හරි, සිංහලයෙක්ගෙ බෙල්ල කැපුවත් ඒකත් හරි මොකද තමන්ගේ ආගම ක්‍රියාත්මක කරන එක නේ කරන්නේ ඒ මිනිස්සුත්. ඉතින් ආගම් මත වලින් මිදෙන්න. තමන්ට බුද්ධියක් කියලා තියෙන්නේ හිතන්නයි නැතුව අර නාට්‍යය වල වගේ director දෙන දෙබස බලාගෙන ඒකට අනුව තමන්ගේ ජීවිතය ගෙනියන්න නෙවෙයි.. gay/lesbian මොක වුනත් වැරදි මේ පටු මානසික මත නිසයි..
සමාවෙන්න සහෝ. ඔබතුම කරුණු වැරදියට වටහාගෙන. මම මෙතන බණ කියනවා නෙවෙයි. අනිත් එක රාමුවක් තුල ඉදන් කියනවත් නෙවෙයි. මම කිව්වේ බුදු දහමේ මම දන්නා කරුණු සහ ඒවා ජීවිතයට යම් තරමින් හරි අදාල වෙන විදිය බුදු දහමට අනුව. මම අනිත් ආගම් වලට ගරු කරනවා. නමුත් ඒවායේ ඉගැන්වීම් වලට එකඟ නැහැ. ඔයා උඩින් කියල තියෙන එකක්වත් මම කියපුව නෙමෙයි යාලුව. ඒ ඔයාට මම කියපු දේ තේරුණා විදිය වෙන්නැති. ඔයාගේ කමෙන්ට් එකේ මම බෝල්ඩ් කරලා තියෙන ටිකට විතරක් මම එකඟයි. ඇත්ත ඔබ කියන දේ. බුද්ධාගම කියන්නේ බුද්ධියට මුල්තැන දෙන දර්ශනයක්. බුද්ධාගමේ මිනිස්සුන්ට ධර්මය විසින් නීති දාල නැති නිසා අනිත් ආගම් වලින් බුද්ධාගමට තර්ජනයක් කියල කිව්වේ, බුද්ධාගමටත් නීති ඕන වෙලා නෙවෙයි. මම කිව්වේ බුද්ධ ධර්මයේ ස්වභාවය. ඒ වගේම එකෙන් අදහස් කරේ සමාජයේ බුද්ධිමත් මිනිස්සු ටිකෙන් ටික අඩු වෙලා යනවා කියන එකයි. 

- දුකෙන් මිදෙන්න නම් බැඳීම් නැති කරගන්න ඕනේ.
- අඹු සැමි දෙන්නෙක්ට ගිහි ජීවිතයේදී සාර්ථකව ගෙවන හැටි ගැන දේශනා කරලා තියෙනවා.
- සමලිංගික ඒවා අනුමත කරලා බුද්ධාගමේ කොතනකවත් නැහැ.
- මම කිව්වේ බුදු දහමේ මම දන්නා කරුණු සහ ඒවා ජීවිතයට යම් තරමින් හරි අදාල වෙන විදිය බුදු දහමට අනුව.
- ඔයාගේ කමෙන්ට් එකේ මම බෝල්ඩ් කරලා තියෙන ටිකට විතරක් මම එකඟයි. ඇත්ත ඔබ කියන දේ.
- බුද්ධාගම කියන්නේ බුද්ධියට මුල්තැන දෙන දර්ශනයක්.
- බුද්ධාගමේ මිනිස්සුන්ට ධර්මය විසින් නීති දාල නැති ..
- මම කිව්වේ බුද්ධ ධර්මයේ ස්වභාවය.
- සීමාව තුල ඉදගෙනයි.
[/LIST]
දැන් අපි එකින් එක ගමු, දුකෙන් මිදෙන්න බැදීම් නැති කරගන්න ඕනේ. දැන් ඔයා එහෙම නැති කරගෙනද ඉන්නේ? දැන් ඉන්නේ කැළෑවකද? නෑ නේ ගෙදර. තමන්ට දෙමව්පියන් ඉන්නවනේ? බැදලද නැත්නම් gf (assume you are a guy) ඉන්නවද? සමහර විට යම් දවසක එහෙම ගන්නත් අදහස ඇති නේ? movies බලනවානේ, ඈලිම් නැති කරගන්න කියල හමුදාවට කැමැත්තක් දක්වනවා නේ? කන්න කැමති කෑම ඇති නේ? කරන්න කැමති දේවල් ඇති නේ? ඉතින් ඔයාගේ ජිවිතයම ඇළිමක් නේ?
ඉතින් දුකෙන් මිදෙන්න කියන කෙනා මොකද ගිහිගෙහි කරන්නේ?
පරස් පර දෙයක්. මේකට අපි කියන්නේ "අණුන්ට බණ කියනවා කියලයි"
අඹූ සැමි කියන්න එකේ කොහේවත් කියලා නෑ කාන්තාවක් සහා පිරිමි ගැන, සැමියා කියන්නේ ස්වාමියා කියන එකටයි ඒ කියන්නේ පාලකයාටයි, අඹුවා කියන්නේ ඊට යටත් වෙන කෙනාටයි ඒ කියන්නේ පාලිතයාටයි. ඒකත් කිසිම පදනමක් නැති ප්‍රකාශයක්. මෙතන අඹුවා පිරිමියා වෙන්නත් පුලුවන් සැමියා ගැහැණිය වෙන්නත් පුලුවන් කාන්තා මූලික ගෙදරක. ලංකාවේ ගොඩක් ගෙවල් පුරුෂ මූලික නිසයි මේ අඹූවට හැමදාම කාන්තාවව ආදේශ වෙන්නේ.. ඒ වගේම අඹුවට පිරිමි/ගැහුණු වෙලා සැමියට පිරිමි/ගැහැණු වෙන්නත් පුලුවන් පිළිවෙලින්.
සමලිංගික විවාහ තහනම් කරලත් නිති කොහේවත් බුද්ධාගමේ නෑ, දැන් ඔයා කලින් කිව්වා නේ බෞද්ධාගමේ බැදීම් නැති කරගන්න දේශනා කරලා තියෙන්නේ කියලා? ඉතින් කොහොමද මොනම විවාහයක් වත් අනුමත කරලා දේශනා කරන්නේ? පරස් පර විරෝධියි
ඉතින් ඒකයි වෙන්න ඕනේ නැතුව පොතේ තියෙන විදියට රගපෑම නෙවෙයි.. තමන් පොතේ තියෙන විදියට කරනවා නම් තමන් ආගම් ආධානග්‍රාහියෙක්.
ඒක තමයි මේ thread එකේ පදනමත් ,බෞද්ධාගම බුද්ධියට තැන දෙන්නේ.
ප්‍රශ්ණය : සමලිංගික සම්බන්ධතා හරිද?
පිළිතුර : හරි . අපි හිතන්න දැන් කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නා එකිනෙකාට ආදරය කරනවා ඊට පස්සේ මොකක්ද වැරද්ද විවාහ වෙන එකේ? දෙන්නම කැමැති නම් ,දෙන්නටත් ප්‍රශ්ණයක් නැත්නම් අනෙක් අයට මොන අමාරුවක්ද තියෙන්නේ?
මේකයි බුද්ධිමත් ලෙස හිතනවා කියන්නේ, මේකයි තර්කානූකූල ලෙස හිතනවා කියන්නේ. ඉතින් එහෙම බලන කොට බෞද්ධාගම අනුව මේක සම්පූර්ණයෙන්ම එකගයි.
හරි එහෙම නීති දාලා නෑ තමයි මොකද ඒක දර්ශණයක් නිසා.
බෞද්ධාගමේ ස්භාවය කියලා දැන් ඉස්සෙල්ලා කිව්වා සමලිංගික විවාහ හොද නෑ කියලා , ඊට පස්සේ කියනවා බුද්ධියට තැන දෙන එකක්ලු, ඊට පස්සේ කියනවා අනුමත කරලා නෑ කියලා කොතනකවත්. මේ එකක් වත් එකිනෙකට ගැලපෙන ප්‍රකාශ නෙවෙයි..
මොකද බුද්ධියට තැන දෙනව නම් ඒක අනුමත වෙන්න ඕනේ, එහෙම බලනකොට තුන්වැනි ප්‍රකාශය වැරදියි , සමලිංගික විවාහ හොද නෑ කියලා කියනවා නම් එතන බුද්ධියට තැන දීමක් වෙන්නේ නෑ,මෙතන අරමුණ පැහැදිලියි තමන්ගේ න්‍යාය පත්‍රය බෞද්ධාගම පිටින් දාලා ඒක සක්ෂාත් කරගන්නයි හදන්නේ , මේක අමු අමුවේ බෞද්ධාම විකෘති කිරිමක්.
සීමාව කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක්. සීමාවේ ඉන්නේ ළිං මැඩියෝ, ඉස්සර කාලේ ලෝකය පැතලී කිව්වම මේක අහන්නේ නැතුව කොලොම්බස් නැවක නැගලා ගිහින් ඇමරිකාවට වෙනකම්ම ගියේ. පල්ලියෙන් ඉර පෘතුවියට වටේ යනවා කියලා කිව්වමත්, ලෝකය පැතලී කියලා කිව්වත්, කෝපර්නිකස්, ගැලීලියෝ වගේ පඩිවරුන් මේවා ප්‍රතික්ෂේප කරෙත් තමන් සීමාවෙන් පිට ගිය නිසයි . සීමාවේ ඇතුලේ හිටියා නම් අදටත් විද්‍යාව කියලා එකක් නෑ.
සීමාවේ ඉන්න එක නෙවෙයි වෙන්න ඕනේ තමන් සීමෙන් පිට වුනත් තමන්ගේ බුද්ධිය භාවිතා කරලා ඉන්නයි දැනගන්න ඕනේ. සීමාවල් තියෙන්නේ මෝඩයන්ට මොකද සීමාව කියන එක හරියට අර බැටලුවෝ එළියට යන එක වළක්වන්න වැටවල් දානවා වගේ. ඊට පස්සේ බැටලුවෝ සීමාවේ ඇතුලේ විතරයි ඉන්නේ ඉතින් මිනිහට පුලුවන් ඔවුන්ව ලේසියෙන් පාලනය කරන්න. නමුත් බුද්ධිමත් මිනිස්සුන්ට එහෙම ඕන නෑ. මිනිසුන්ට පුලුවන් ස්වං ලෙස තීරණ ගන්න.

- බුදු හාමුදුරුවෝ ගිහි ජීවිතයටයි පැවිදි ජීවිතයටයි වෙන වෙනම දේශනා කරලා තියෙනවා.
- අපි පෘතග්ජනයෝ විදියට ඕනෑම දෙයක ස්වභාවයෙන්ම ඇලෙනවා.
- මිත්‍රය මම ඔයාට කිව්වේ නැහැ ඇලීම් නැති කරගන්න කියල.
- ඔබට නිදහස තියෙනවා ඔබට කැමති විදියකට ඔබේ ජීවිතය ගෙවන්න.
- ඒ වගේම මම කියල නැහැ මම සසර දුකින් එතෙර වෙන්න දේවල් කරනවා කියල කොතනකවත්.
- තර්ක කරන්නේ මේ පිළිබඳව බුදු දහමේ ඉගැන්වීම මිසක් මම රහත් වෙන්න හරි සෝවාන් වෙන්න හරි බැඳීම් නැති කරගන්නවා කියන ඒක නෙමෙයි.
- මම ඔයාට මම කියන දේ කරන්න කියනවත් නෙවෙයි.
- කැලාවකට යන්න කියන එක මෝඩ කතාවක්නේ
- මම සීමාව කිව්වේ නිදහසේ සීමාව නෙමේ. අසම්මතයේ සීමාව. කරුණු පටලව ගන්න එපා.
- ගොඩක් මිනිස්සු බුද්ධාගමේ දේවල් පරස්පරයි කියල කියන්නේ ඒ පිළිබඳව හරියට අවබෝද කරගන්න බැරි උනාමයි.
- පැවිද්දන්ටයි ගිහියන්ටයි ආරක්ෂා කරන්න වෙන වෙනම සිල් තියෙන්නේ. ..
- මම මෙතනින් එහාට මේ පිළිබඳව කමෙන්ට් කරන්නේ නැහැ. මොකද දැන් කියයි මම ඒවා ආරක්ෂා කරලද කතා කරන්නේ කියල.
දුකෙන් මිදෙන්න නම් බැඳීම් නැති කරගන්න ඕනේ.
දුකෙන් මිදෙන්න නම් බැඳීම් නැති කරගන්න ඕනේ.
[/LIST]
2 කට අනුව තමන්ම පිළිගන්නවා තමන් පෘතග්ජනයෙක් කියලා එහෙම පිළි අරගෙන
කලින් කියලා තියෙනවා මෙහෙම
එතකොට දැන් තමන් බැදීම් ඇතිකරගෙනයි(පෘතග්ජන වෙලා) අනුන්ට උපදෙස් දෙන්නේ (මම හිතුවේ රහත් වෙලා කියලයි) බැදීම් නැති කරගන්න එකක් ගැන? බුදුන් උනත් බණ කියන්න ගියේ බුදු වෙලා මිසක් සිද්ඨාර්ත වෙලා ඉන්නකොට නෙවෙයි නමුත් ඒකට තමන් තමන්ගේ කුහකත්වය වහගන්න ඒ මත බුද්ධ ධර්මයත් පටලවා ගන්නවා.
ඇලිම් නැති කරගන්න කිව්වේ නෑ කියන එකෙන් අදහස් කරන්නේ
තියෙන ඇලීම් ඒ විදියටම පවත්වා ගන්න නේ?
ඉතින් ඇලීම් පවත්වා ගැනිම බෞද්ධ දහමට එකග නෑ. ඉතින් තමන් බෞද්ධ වෙන්නේ කොහොමද? කලින් කියනවා සම ලිංගික සේවනය හොද නෑලු මොකද ඒක ඈලිමක් නිසා නමුත් දැන් මෙතන කියනවා ඇලීම් තියාගත්තට කමක් නෑලු, ඊට පස්සේ කියනවා බෞද්ධ දර්ශණයට අනුව ඇලීම් හොද නෑලු.. පරස් පරයි හොදටම..
ඊට පස්සේ මාවත් ඒකට ඇදලා ගන්නවා.. ha
මම තර්ක කරන්නේ යථාර්තය වෙනුවෙන්, ඔහේ තර්ක කරන්නේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය නිසයි..
තමන් සසර දුකෙන් එතෙර වෙන්න දේවල් කරන්නේ නැත්නම් මොකටද අනෙක් අයට කියන්නේ ඇලෙන්න එපා කියලා? තමන් සසර දුකෙන් එතෙර වෙන්නේ නැත්නම් ඒකේ අදහස තමනුත් ඇලිලා කියන එකයි , ඉතින් තමන් යම් කිසි දෙයක් කර කර අනෙකාට ඒක කරන්න එපා කීම පැහැදිලිවම කුහකම.. යටි අරමුණ පැහැදිලියි දැන් හොදටම වගේ..
තමන් තර්ක කරන්නේ බුද්ධ දර්මය නිසා නෙවෙයි තමන් පෞද්ගලික වශයෙන් සමලිංගික සේවනයට කැමැති නැති නිසයි,. බෞද්ධ දර්මය මෙතන භාවිතා කරන්නේ excuse එකක් විදියටයි.. එතකොට හේතුව ඇහුවම කියන්න පුලුවන් නේ බෞද්ධාගමට ගැලපෙන්නේ නැති නිසා මේක වැරදි කියලා. කෙලින්ම කියන්න "මම කැමැති නෑ සම ලිංගික සේවනයට මොකද ඒක පිළිකුල් සහගතයි" එහෙම නැතුව බෞද්ධ දර්මය මේකට පටළවගෙන ඒක විකෘති කරන්න එපා..
දැන් ඉස්සෙල්ලා තමන් කිව්වා මෙහෙම
බැදීම් නැති කරගන්නවා කියන්නේ මොකක්ද? ගිහිගෙය හැරලා කිසිම කෙනෙක් නැති වනයකට යන එක හෝ පාළු සොහොනකට යනවා කියන එකයි ඊට පස්සේ කියනවා
8 වෙනි එකෙන් ඒක මෝඩ කථාවක් කියලා . මොකද බෞද්ධාගම පිළිපදිනවා නම් තමන් ප්‍රායොගික වෙන්න ඕනේ.
අසම්මතය කියන්නේ මොකක්ද දැන් ඉතින් සංස්කෘතික අර්ථ දැක්වීමක් නේ?
සම්මතය කියන එක හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ පටු රාමු වලින්. දැන් අරාබියේ කාන්තාවන් 4 දෙනෙක් සමග විවාහ වීම සම්මතයක්. නමුත් ලංකාවේ ඒක 1 කයි , ඉස්සර ලංකාවේ බහු පුරුෂ විවාහ තිබුනා එතකොට ඒක සම්මතයක් නමුත් දැන් ඒක නෑ එතකොට ඒක සම්මතයක්. මේ සම්මත/අසම්මත මිනිස්සු හදාගන්න ඒවා මිසක් ඇත්ත දෙයක් නෙවෙයි.. නමුත් අපි විය යුත්තේ යථාර්තවාදියි.
මෙතන පරස් පර විරෝධි කිව්වේ තමන්ගේ ප්‍රකාශ මිසක් බෞද්ධාගම නෙවෙයි.. ඔයා මෙතන කියන කිසිම දේක අර්ථයක් නෑ, පදනමක් නෑ, පරස් පරයි..
එහෙම සිල් තියෙනවා කියන කෙනා 2 න් කියනවා තමන් පෘත්ගන ලු හැම එකටම ඇලෙනවලු
දැන් එතකොට ඔයා බෞද්ධයෙක් වෙන්න බෑ මොකද බෞද්ධ දර්මයේ කිසිම දෙයක් හරියට පිළිපදින්නේ නැති කෙනා බෞද්ධ නොවන නිසා.. හැම එකටම ඇලෙන කෙනා කොහොමද බෞද්ධ වෙන්නේ..
ඔව් වැඩක් නෑ නේ. මෙච්චර තර්ක කිරිම අනවශ්‍යයයි මොකද බෞද්ධාගමේ කොහේවත් කියලා නෑ සමලිංගික විවාහ තහනම් කියලා . තමන් මේ හදන්නේ excuse එකක් විදියට බෞද්ධාගම භාවිතා කරලා තමන්ගේ තියෙන අරමුණු ඉටු කරගන්නයි ඕක හරියට අර එදා ENEMY කියන මනුෂ්‍යයා සංස්කෘතිය excuse එකක් විදියට ගෙන කාන්තාවන්ට බැන්නා වගේ..
anything. up to you man.... http://www.elakiri.com/forum/showthread.php?t=1482869:rolleyes::rolleyes::rolleyes:mr madushana learn to accept the truth though it's bitter right?
it's a good attitude.
mr madushana learn to accept the truth though it's bitter right?
it's a good attitude.

Don't misunderstand me. I didn't accept.
decide as your way.. it's your freedom..
well people can make their own decisions and it's also their right ..
if you don't accept it ,it's fine because it's your own choice but don't
try to shove your ideology under someone's throat.
the second thing is, be straight , don't use Buddhism to fulfill your hidden agenda...

If I knew before commenting, that you are some out minded one I'll never do that... මොකද ඔය රෙප්ල්යි කරලා තියෙන ඒවා මම කියපු ඒවා වල content ඒකට අදාල ඒවා නෙවේ. ඔය වෛරයෙන් රෙප්ල්යි කරලා තියෙන විදිය ආයිමත් කියවල බලන්න.
බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවනේ, මෝඩයොත් එක්ක වාදෙට යන්න එපා කියල..![]()