Neth FM Ayeth ගාල්තැන්නට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නෙත් එෆ්. එම් බැලුම්ගල ගාල්තැන්නේ දේවාලයට ගොස් වීඩියෝ කරයි.



    gamini+prew.jpg




    මහනුවර ගාල්තැන්න දේවාලයේ දෙවගැති ගාමිණී ආනන්දගේ ක්‍රියාකලාපය මෙයට පෙර කිහිපවතාවක්ම අප විසින් හෙළිකරනු ලැබුවා. ගාල්තැන්න දේවාලය මාධ්‍යය මගින් විශාල සහයක් ලබාදෙන්නේ ස්වර්ණවාහිනිය වන අතර එය ස්වර්ණමහල් හා බැදුණු ව්‍යපාරික සම්බන්ධයක් බව අප මෙයට පෙර හෙළිකර සිටියා.

    මේ පිළිබඳව සවිස්තරව හෙළිකොට සිටියේ නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසිනි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් කෝපයට පත් දේවගැතිවරයා විසින් මිලියන 50 ක් ඉල්ලා නෙත් එෆ්. එම් වෙත වන්දි නඩුවක් පැවරු අතර නෙත් එෆ්. එම් කණ්ඩායම විසින් දෙවගතිවරයාගේ ගිලන්වූ පියාට රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබුවා.

    නෙත් එෆ්.එම් විසින් දේවාලය තුලට විත් සිදු කරන පටිගත කිරීම් නතර කිරීම සඳහා දේවාලයේ ආරක්ෂාව තර කෙරු අතර කිසිදු පටිගත කිරීමේ යන්ත්‍රයක් දේවාලය තුලට ගෙනයාමට අවසර ලබාදුන්නේ නැහැ.

    නමුත් බැලුම්ගල කණ්ඩායම විසින් ප්‍රසිද්ධියේ අභියෝගකොට මෙයට පෙර දේවාලයේ නැවත පටිගත කිරීමක් සිදුකල අතර එම හඬ පට පිලිබඳ දෙවගතිවරයාගේ ලැබුණු සැකසහිත පිළිතුර හේතුවෙන් මෙවරද නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසින් ගුවන් විදුලිය ඔස්සේ ප්‍රසිද්ධියේ අභියෝග කලේ ඔවුන් නැවතත් දේවාලයට එන ලෙසයි.

    මින් පෙර දේවාලය තුලට විත් සිදුකල පටිගතකිරීම දේවගැතිවරයා ප්‍රතික්ෂේප කල අන්දම
    පල්ලෙහා ඉඳලා එනකොට ගිහි පැවිදි නිලතල බලතල තියෙන ඕනෑම කෙනෙක් දේවාලයට ඇතුල්වෙන්න මත්තෙන් මෙවැනි උපකරණ තියාන ඒගොල්ලෝ චෙක් කරනවා.තව උපකරණ ගොඩක් දේවාලයේ තියෙනවා.

    ඒ හැම උපකරනයෙන්ම පහල ඉදන් උඩට යන මනුස්සයන්ව චෙක් වෙනවා.එතකොට ඒගොල්ලෝ කොහමද කියන්නේ දේවාලෙට ඇවිල්ල රෙකොර්ඩ් කරගත්ත කියල.එක සම්පුර්ණ අසත්‍යය කතාවක්. මිනිස්සු නොමග යවන්න තමා මේවගේ බලු ආයතන තියෙන්නේ.


    මෙවරද ඔවුන් දේවාලය තුලට ගොස් දේවගැතිවරයා මුණගැසී සාස්තර අසා ඇති අතර දෙවගතිවරයාගේ බලගතු හාස්කම් වලට ඔවුන් හදුනාගැනීමට නොහැකිවී ඇත.

    මෙවර දේවාලයට ඇතුල්වූ ආකාරය වීඩියෝ කිරීමටද බැලුම්ගල සමත්වී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.








    Neth FM Challenged Gaalthanna Again

    Balumgala 2012-09-17





    gossip9
     
    Last edited: