Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළඳපොළ කොල්ලකෑම ?



    කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක අදත් 2%කට ආසන්න අගයන්ගෙන් ඉහළ ගියේය.

    ඒ අනුව මාසයේ අද දක්වා කාලය තුළ පමණක් සියලු කොටස් මිල දර්ශකය පමණක් ඒකක 597කින් ඉහළ ගොස් ඇති අතර එය 11.5%ක වර්ධනයකි.

    කොටස් වෙළදපොළේ මෙම වේගවත් වර්ධනය සැබෑ වර්ධනයක් ද යන්න අර්ථ ශ්‍රාස්තයින් ප්‍රශ්නකර සිටී.

    ඊයේ කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශකය 1.38කින් හා මිලංකා මිල දර්ශකය 1.7%කින් ඉහළ ගොස් තිබුණි.

    අද සියලු කොටස් මිල දර්ශකය 1.92%කින් ඉහළ යද්දී මිලංකා මිල දර්ශකයේ ඉහළ යාම දැක්වූණේ, 2.09%ක් ලෙසයි.


    මෙම දර්ශකය අනුව පසුගිය වසරේ මැද භාගය වන විට කොළඹ කොටස් වෙළඳපොළ ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර ප්‍රමුඛස්ථානයට පත් විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7816ක් දක්වාත් මිලංකා මිල දර්ශක අගය ඒකක 7327ක් දක්වාත් ඉහළ ගියේය.

    එහෙත් එම අවසරය අවසන් වන විට වෙළඳපොළ ශීඝ්‍රයෙන් කඩාවැටුණු අතර සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,742කින් හා මිලංකා මිල දර්ශකය ඒකක 2,098කින් පහළ ගියේය.


    මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය.


    මෙම නීතිවිරෝධි කටයුතු අවම කිරිම සඳහා විනිමය හා සුරැකුම්පත් කෙමිෂන් සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය හා තිලක් කරුණාරත්න මහතා කටයුතු කළත් අවසානයේදී ඔවුන් දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදු විය.

    තිලක් කරුණාරත්න මහතාගේ ඉවත්වීමත් සමග කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ, ආචාර්ය නාලක ගොඩහේවා මහතාය.

    එම පත්වීමත් සමග කොටස් වෙළඳපොළ විශාල ලෙස ඉහළ ගියේය.


    ඊයේ වන විට ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර 3 වන ස්ථානයට පත්ව ඇතැයි, මාධ්‍ය වාර්තා කළේය.


    මේ අතර අද අයිලන්ඩ් පුවත්පතේ පළ වූ වාර්තාවකින්ද මෙම සිදුවීම මනා ලෙස පෙන්වා දී තිබුණි.

    මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය.

    http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=9587
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළෙඳපොළ අද දවස - උච්ඡාවචනයන් බහුල දිනයක්, වැවිලි සමාගම් නගී

    අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී පෙර දිනයට සාපේක්ෂව ඒකක 8.1 ඉහළ යාමක් සමස්ත කොටස් මිල දර්ශක අගය අනුව දක්නට ලැබිණ. දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශකය කියැවුණේ ඒකක 5910.07 ක් ලෙසිනි. කෙසේ වෙතත් දිනය තුළ දී මිලංක මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 23.75 කින් පහළ ගොස් තිබුණි. එහි අගය ඒකක 5,534.31 ක් විය. දෛනික වෙළෙපොළ පිරිවැටුම රු. බිලියන 1.364 කි.



    දිනය තුළ මිල ඉහළ ගිය සමාගම් අතර අවීවා NDB රක්ෂණ සමාගම කැපී පෙනුණි. ඊයේ දිනය අවසානයේ දී රු. 316.90 ක් ලෙසින් වාර්තා වුණු අවීවා NDB කොටසක මිල අද දිනයේ දී රු. 369.60 දක්වා රු. 52.70 ක දැවැන්ත මිල ඉහළ යාමක් සටහන් කර තිබුණි.

    අද දිනය තුළ දී වැවිලි කර්මාන්ත අංශයේ සමාගම් රැසකම කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම විශේෂ සිද්ධියක් ලෙස දැකිය හැකිවිය. මිල ඉහළ ගිය වැවිලි සමාගම් වූයේ බලංගොඩ, බොගවන්තලාව, ඇල්පිටිය, හපුගස්තැන්න, හොරණ, කෑගල්ල, කැලණිවැලි, මැඩොල්සිම, මල්වත්ත, මස්කෙළිය, මෙට්‍රොපොලිටන් රිසෝසස්, නමුණුකුල, තලවාකැලේ, උඩුපුස්සැල්ලාව හා වටවල යන වැවිලි සමාගම්ය. පෙර දිනය හා සැසඳීමේ මෙම අංශයේ කොටස් මිල පහළ ගොස් තිබුණේ කොටගල වැවිලි සමාගමේ පමණි.


    http://www.lankabusinessnews.com/Sinhala.html
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    කොළඹ කොටස් වෙළඳපල ඉදිරි දින වලදී හොඳ වර්ධන තත්වයක් පෙන්නුම් නොකළහොත් එය නුදුරු දිනයකදී දැඩි පසුබෑමකට ලක්විය හැකිය....
    බොහෝවිට එය ASI අගය 2800-3000 තත්ත්වයකට ගමන් කල හැකිය....


    (Publisher is not liable for any loss or damage, including without limitation, any loss of profit, which may arise directly or indirectly from use of or reliance on such information.)
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කොළඹ කොටස් වෙළඳපල ඉදිරි දින වලදී හොඳ වර්ධන තත්වයක් පෙන්නුම් නොකළහොත් එය නුදුරු දිනයකදී දැඩි පසුබෑමකට ලක්විය හැකිය....
    බොහෝවිට එය ASI අගය 2800-3000 තත්ත්වයකට ගමන් කල හැකිය....


    (Publisher is not liable for any loss or damage, including without limitation, any loss of profit, which may arise directly or indirectly from use of or reliance on such information.)

    harsha kiyana ponsiyath ekka dias pora eke unge goo kana ballek tho.mama dakka equity forum eke dala nondi wela thinawa dan elakiri eketh dala
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ජෝර්ජ් ස්ටුවර්ට් ගේ අධිතක්සේරුව හෙවත් විස්සේ කොටස එක්දහස් පන්සීයට යාම



    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ලාබාලතම සමාගම ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගම හැඳින්විය හැකිය. පසුගිය සැප්තැම්බර් 12 වැනිදා කොටස් වෙළෙඳපොළ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කළ මෙම සමාගමෙහි කොටස් මේ වන විට ගනුදෙනු වී ඇත්තේ යම්තම් දින 10 ක කාලයක් පමණි. මෙහි ඇති අපූරුවත්වය නම් මෙකී දින දහය තුළ දී නොසිතූ විරූ ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක මිල ඉහළ ගොස් තිබීමයි.

    ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස්, කොළඹ කොටස් වෙළෙපොළේ ලැයිස්තුගත කෙරුණේ හඳුන්වාදීමේ ක්‍රමවේදය (Introduction) අනුවය. එනම් මහජන නිකුතුවක් (Public Issue) සිදුනොකර සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයට හෝ ඉන් යම් ප්‍රතිශතයක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමයි. සමාගමක් මහජන නිකුතුවක් සිදුකරන අවස්ථාවක දී ඊට ඇතිවන දායකත්වය මත අදාළ සමාගම සම්බන්ධයෙන් පවතින මහජන සංජානනය (Public perception) පිළිබඳ යම් තක්සේරුවක් ලබා ගත හැකිවේ. එහෙත් හඳුන්වාදීමේ ක්‍රමවේදයේ දී එවැනි පූර්ව ඇගයුමක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

    හඳුන්වාදීමේ ක්‍රමවේදය අනුව සමාගමක් ලැයිස්තුගත වන අවස්ථාවේ එම සමාගමේ කොටස්වල හිමිකාරීත්වය ඇත්තේ සමාගමට සම්බන්ධ පුද්ගලයින් හා ආයතනවලට මිස මහජනයාට නොවේ. එබැවින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සැපයුම් බලවේගය කෙරෙහි පූර්ණ බලපෑමක් කිරීමට පෙර කී සමාගමට සමබන්ධිත පාර්ශවවලට ඓන්ද්‍රීය හැකියාවක් ලැබේ. මෙවැනි අවස්ථාවක දී ගැනුම් පාර්ශවය තුලින් ඉහළ මිල ක් ලැබෙන තෙක් සිය කොටස්, විකුණුම් ඇණවුම් ලෙස එක්නොකර සිටීමට අදාළ පාර්ශවවලට අවස්ථාව උදාවේ. එබැවින් මෙවැනි තත්ත්වයක් තුළ අදාළ සමාගමේ කොටස් මිල විශ්වාස කළ නොහැකි අගයයක් දක්වා ඉහළ යාම පාලනය කළ හැක්කක් නොවේ.

    ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් පවතින්නේ ද මේ හා සමාන තත්ත්වයකි. ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක හඳුන්වා දීමේ මිල රු. 20 කි. එනම් මින් පැහැදිල් වන්නේ සමාගමේ මුල් කොටස් හිමියන්ට එක කොටසක් සඳහා හිමිව තිබූ වටිනාකම රුපියල් විස්සක් බවයි. මහජන නිකුතුවක් සිදු කර නොමැති මෙවැනි අවස්ථාවක දී ඇතැම් විට පුද්ගලික නිකුතුවක් (Private Placement) කර තිබුණා නම් එහිදී ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් එක් කොටසක් සඳහා දැරීමට සිදුවූ උපරිම පිරිවැය රුපියල් විස්සක් ලෙසින් ද මෙහිදී උපකල්පනය කළ හැකිය.

    අද දින මෙම සමාගමේ කොටසක අවසාන ගනුදෙනු මිල වූයේ රු. 1,101කි. ගෙවී ගිය වෙළෙඳ දින (Trading Days) 10 පුරාවට රු. 1,500 දක්වා වූ ඉහළ අගයකට ද ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටස් ගනුදෙනු විය. රුපියල් විස්සකට වටිනාකම නියම වී ඇති කොටසක් සඳහා රුපියල් එක්දහස් පන්සියය දක්වා ඉහළ ඉල්ලුමක් ඇති වූයේ ඇයි ? මෙය මවා පෑමක්ද?

    මෙහිදී තවත් එක් සාධකයක් පිළිබඳව අවධානය යොමු කිරීම වටී. එනම් දෛනිකව ගනුදෙනු වූ කොටස් ප්‍රමාණය යි. සැප්තැම්බර් 12 වැනිදා සිට අද (සැප්තැම්බර් 25) දක්වා ගත වූ වෙළෙඳ දින 10 තුළ දී, ගනුදෙනු වී ඇති ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 1,249 කි. මින් දින 4 කදී ම ගනුදෙනු වී ඇත්තේ දෛනිකව 100 නොඉක්ම වූ කොටස් ප්‍රමාණයන් ය. ඊයේ දිනයේ දී ගනුදෙනු වී තිබුණේ යම්තම් කොටස් 3 ක් පමණි.

    මීට ඉහත දී කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුවූයේ පුවරු දෙකක් ඇසුරෙනි. එනම් සාමාන්‍ය පුවරුව (Normal Board) හා ඔඩ් පුවරුව (Odd Board) යි. සාමාන්‍ය පුවරුවේ දී ගනුදෙනු විය යුතු අවම කොටස් ප්‍රමාණය 100 ක් වූ අතර එහිදී ගනුදෙනු සිදුවූයේ සියය හෝ සියයේ ගුණාකාරවලිනි. ඔඩ් පුවරුවේ ගනුදෙනු වූයේ 1 සිට 99 දක්වා වූ කොටස් ප්‍රමාණයන් ය . ඔඩ් පුවරුවේ සිදුවූ ගනුදෙනු සාමාන්‍ය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ලෙසින් එහිදී සැලකුවේ නැත. දෛනික මිල ඉහළ පහළ යාම්වල දී ඔඩ් පුවරුවේ කොටස් ගනුදෙනු වූ මිල ගණන් පිළිබඳව අවධානය යොමු නොක‍ළේය. එමෙන්ම සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීමට ද ඔඩ් පුවරුවේ නියම වූ මිල ගනන් සැලකිල්ලට ගත්තේ නැත.

    එහෙත් 2012 පෙබරවාරි 24 වැනි දින ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ නව සංස්කරණයක් හඳුන්වා දීමත් සමඟම ඉහත කී ආකාරයේ සාමාන්‍ය හා ඔඩ් පුවරු අහෝසි වී සීමාවකින් තොරව ඕනෑම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු කිරීමේ අවස්ථාව ඇති කරන ලදී. එය ඒ දක්වා අඛණ්ඩව දින 7 ක් ඉහළ නැගි කොටස් වෙළෙඳපොළ යළිත් වරක් පල්ලම් බැස්සවීමට අනියමින් දායක වූ කාරණාවක් පමණක් වූවා නොව මුලින් සඳහන් කළ අයුරින් සුළු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වීමට සලස්වා දෛනික කොටස් මිල ඉහළ පහළ දැමීමට හා විකෘති කරන ලද වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ තත්ත්වයන් පිළිබිඹු කිරීමට ද හේතුවිය.

    සැප්තැම්බර් 12 වන දා ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටසක හඳුන්වාදීමේ මිල (Introduction Price) රු. 20 කි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය මිලියන 22.5 කි. එදිනට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. මිලියන 450 කි. වෙළෙඳ දින 10 කට පසුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක මිල රු. 1,101 කි. අද වන විට එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 24 ද ඉක්මවා තිබේ. එහෙත් ගෙවීගිය දින 10 පුරාවට ජෝර්ජ් ස්ටුවට් ෆයිනෑන්ස් සමාගමේ ගනුදෙනු වූ සමස්ත කොටස්වල වටිනාකම රුපියල් මිලියනයක්වත් ඉක්මවා නැත.

    රුපියල් මිලියන 450 ක නෛසර්ගික වටිනාකමක් ඇති සමාගමකට රු. බිලියන 24 දක්වා වූ අගයයක් තක්සේරු වීම කොතරම් දුරකට තාර්කිකද? මෙසේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී මෙම සමාගමේ ප්‍රධාන විධායකවරයා ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොටස් මිල ඉහළ යාම සමාගමේ අනුදැනුම මත සිදුනොවන්නක් බවයි. එසේ නම් දෝෂය ඇත්තේ කොතැනද?

    සමාගම් ලැයිස්තුගත කිරීමේ දී වඩාත් තර්කානුකූල ක්‍රමවේදයන් සැකසීමට අදාළ පාර්ශව කටයුතු කරන්නේ නම් මෙවැනි විකෘති තත්ත්වයන් ඇතිවීම අනාගතයේ දී හෝ යම්තාක් දුරකට පාලනය කළ හැකිය. එසේ නැතහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හා දත්ත සම්බන්ධයෙන් ඇති ආයොජක විශ්වාසය තවතවත් පළුදු වීම වැළැක්විය නොහැකි කාරණයක් වනු ඇත.


    http://www.lankabusinessnews.com/12.09.September/174.GSF.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    විනිමය කොමිසම තැරැව්කාර ණය ලිහිල් කරයි


    කොටස් තැරැව්කාර සමාගම්වල ණය ආන්තිකයන් ලිහිල් කිරීමටත් තැරැව්කාර සමාගම්වල අධ්‍යක්ෂ වරුන්, සේවකයින් මෙන්ම සේවකයින්ගේ බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයින් මිලදී ගත් කොටස් මාස හයක් යනතුරු විකිණිය නොහැකි බවට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කරයි.


    මේ අනුව, විනිමය කොමිසම පවසා තිබෙන්නේ මෙම ලිහිල් කිරීමෙන් පසුව තැරැව්කාර සමාගමකට සිය ශුද්ධ ප්‍රාග්ධනය (ස්ථාවර වත්කම්වල වටිනාකමින් සියයට 50 ක් අඩුකළ පසුව) මෙන් තුන් ගුණයක් දක්වා ශුද්ධ ප්‍රාග්ධනයෙක් ණය අඩු නොකර ගනුදෙනු කරුවන්ට කොටස් මිලදී ගැනීම සඳහා ණය ලබාදිය හැකි බවයි.

    එසේම, වෙළඳ පොළින් පිට ගනුදෙනු සඳහා පනවා තිබූ සියයට 20 ක ඉහළ සීමාවද නියාමකයා විසින් මෙහිදී ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානියාව සිටි තිලක් කරුණාරත්න මහතා තමාට බලපෑම් එල්ලවූ බව පවසමින් අදාළ තනතුරින් පසුගියදා ඉවත් වූ අතර පසුව ඒ සඳහා පත් කෙරුණේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1457236851
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    [B]කොටස් වෙළෙඳපොළ පසු බසින්නේ කෙළිකාරයෝ ජපන් ගිය නිසාද ?[/B]

    ජපන් ආයෝජකයින් වෙනුවෙන් මෙරට ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් මේ දිනවල ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වේ. ජපානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා නිව් වර්ල්ඩ් සිකියුරිටීස් ආයතනය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මෙරට රාජ්‍ය නියෝජිතයින් හා ආයෝජකයින් රැසක්ම සහභාගී වී සිටී.

    අද දින Daily FT පුවත්පතේ දැක්වෙන පරිදි මෙරට කොටස් වෙළෙඳපොළ මුල්පෙළේ චරිත කිහිපයක් වන දිලිත් ජයවීර, නිමල් පෙරේරා, තරණ තෝරදෙණිය වැන්නවුන් ද මේ සඳහා සහභාගී වී සිටී.

    මේ අතර පසුගිය සැප්තැම්බර් මාසය තුළ දී ඒකක 791.84 කින් ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊ‍යේ (ඔක්තෝබර් 11) වන විට ඔක්තෝබර් මාසය තුළ දී ඒකක 251.13 කින් පහළ ගොස් තිබේ.එය පසුගිය මාසයට සාපේක්ෂව 4.2% ක පහළ යාමකි.


    http://www.lankabusinessnews.com/12.10.October/079.Japan.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    To all my EK friends Happy New year

    happy-new-year-2013-design.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    2012 වසරේ දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සිදුවූ සියලූම වැදගත් සිදුවීම් එකපෙළට කියවන්න



    ජනවාරි

    ජනවාරි 02
    2012 වසරේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹේ. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,074.42 ක් හා මිලංක මිල දර්ශකය ඒකක 5,229.16 ක් ලෙසින් දැක්වේ.

    ජනවාරි 04
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 62.90 කින් පහළ බසී.

    ජනවාරි 11
    ආන්තික ණය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කොටස් තැරැව්කාර ආයතන වෙත පනවා ඇති නීතිරීති සම්බන්ධ අවසාන තීරණයක් ගැනීම ජනවාරි 16 වනදාට කල්තැබීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සතිමැද සාකච්ඡාවේ දී තීරණය වේ.

    ජනවාරි 12
    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට වරුණ ඈපාසිංහ මහතා පත්කිරීමට සූදානම් බව වාර්තා වේ.

    ජනවාරි 17
    දිනයේ ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 10 ඇතුලත, ඒකක 111 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ යයි. එහෙත් දිනය අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.73 කින් පහළ යමිනි.

    ජනවාරි 23
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 118.04 කින් පහළ බසී.

    ජනවාරි 24
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළ බසී. දින 7ක් තුළ අඛණ්ඩව ඒකක 406.38 කින් සියලු කොටස් මිල දර්ශක අගය පහළ ගොස් ඇත.

    ජනවාරි 27
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 133.04 කින් ඉහළ නගී. ජනවාරි මාසය තුළ ඒකක 100 ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය එකම දිනයයි.


    පෙබරවාරි

    පෙබරවාරි 03
    ENVIRONMENTAL RESOURCES INVESTMENTS PLC සමාගමේ 2012 Warrants (GREG.W0002) කොටස් බලපත්‍රය ගනුදෙනු කිරීම අත්හිටුවයි.

    පෙබරවාරි 07
    ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමේ කොටස් මිල අඛණ්ඩව 17 වන දිනයටත් අද ඉහළ යයි. දින 17 කට පෙර එහි කොටසක මිල රු. 84 ක්වූ අතර අද දිනය අවසානයේ දී කොටසක මිල රු. 160.60 ක් විය. දින 17 ක වර්ධනය 91.19% කි.



    පෙබරවාරි 07
    ජනවාරි 24 සිට පෙබරවාරි 01 දක්වා ගනුදෙනු දින 06 ක් තුළ දී රු. 20.10 සිට රු. 33.50 දක්වා, ඇක්මි ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් සමාගමේ කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පෙබරවාරි 02 වන දින මෙම සමාගමේ කොටසක මිල 25.67% කින් පහළ ගොස් රු. 24.90 ක් ලෙසින් දැක්වුණි.

    පෙබරවාරි 08
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.18 කින් පහළ බසී.

    පෙබරවාරි 09
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.26 කින් පහළ බසී.

    පෙබරවාරි 13
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 117.01 කින් පහළ බසී.

    පෙබරවාරි 14
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 190.02 කින් පහළ බසී. දින 09 ක් තුළ අඛණ්ඩ පසුබැස්ම ඒකක 745.60 කි.

    පෙබරවාරි 16
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 255.29 කින් හා මිලංක මිල දර්ශකය ඒකක 179.22 කින් ඉහළ නගී.

    පෙබරවාරි 22
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.46 කින් ඉහළ නගී.

    පෙබරවාරි 23
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.96 කින් ඉහළ නගී.

    පෙබරවාරි 24
    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය නවීකරණය කෙරේ. ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ (ATS) නවතම සංස්කරණය හඳුන්වා දේ. මෙතෙක් පැවති ‘සාමාන්‍ය පුවරුව‘ හා ‘ඔඩ් පුවරුව‘ අහෝසි වී ගනුදෙනු එකම පුවරුවක් තුළ ගනුදෙනු සිදුකෙරේ. මේ අනුව 100 ට අඩු පුමාණයක් වුවද සාමාන්‍ය පරිදි ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ. දින 07 ක් තුළ ඒකක 556.34 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යයි.

    පෙබරවාරි 27
    නව ගනුදෙනු පද්ධතිය සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ පාර්ශව ගණනාවකගෙන්ම අප්‍රසාදය පළවේ. ගෙවී ගිය ගනුදෙනු දින 07 තුළ අඛණ්ඩව ඉහළ නැගි සියලු කොටස් මිල දර්ශකය යළිත් පහළ බසින්නට පටන් ගනී. දිනය තුළ ඒකක 89.71 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ බසී.

    පෙබරවාරි 29
    කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ දෛනික සංක්ෂිප්ත කොටස් මිල ලේඛනය දෝෂ සහිත තොරතුරු ගණනාවක් ඉදිරිපත් කරයි. දෛනික කොටස් ගනුදෙනු හා ප්‍රමාණයන්වල දෝෂ ගණනාවක් පෙන්නුම් කරයි.






    මාර්තු

    මාර්තු 05
    ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් එක් කොටසක් කොටස් 20 ක් වන පරිද්දෙන් අතුරු බෙදුමක් සිදුවන බව සමාගම නිවේදනය කරයි. අදාළ සමාගමේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ මෙම කාරණය නිසාය.



    මාර්තු 16
    මැලේසියාව මූලස්ථානය කරගත් ආයෝජන අරමුදලක් වන කසානා ජාතික කොටස් අරමුදල විසින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 70 කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගනී. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 51.85 කින් ඉහළ යයි. දිනය තුළ පිරිවැටුම රුපියල් බිලියන 15 ඉක්මවයි. මෙය වසර තුළ තනි දිනක් තුළ දී දක්නට ලැබුණු ඉහළම පිරිවැටුමයි.




    මාර්තු 19
    සේවක අර්ථසාධක අරමුදල සතුව තිබූ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් මිලියන 20.5 ක් විදේශීය සමාගමකට අලෙවි කරයි.

    මාර්තු 23
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.63 කින් ඉහළ යයි.
    අප්‍රේල්

    අප්‍රේල් 04
    ආචාර්ය හරීන්ද්‍ර දිසාබන්ඩාර, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරයි.

    අප්‍රේල් 10
    එක් ගනුදෙනුවක් සඳහා වූ රුපියල් 10 අවම තැරැව්කාර ගාස්තු සීමාව හා රුපියල් 5 ක්වූ අවම මධ්‍යම තැන්පතු ක්‍රම ගාස්තු සීමාව අහෝසි කෙරේ.

    අප්‍රේල් 19
    මිල සීමා නීතිය (Price Band) ඉවත් කෙරේ. සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.25 කින් ඉහළ යයි.

    අප්‍රේල් 27
    ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් 50 බැගින් කොටස් මිලියන 7.86 ක් මිල දී ගනී. එය ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 13.02% කි. පෙර දිනයේ රුපියල් 30.00 ක්ව පැවති ද ෆිනෑන්ස් කොටසක මිල අද දිනය අවසානයේ දී දැක්වුණේ රු. 44.00 ක් ලෙසිනි.

    අප්‍රේල් 30
    ද ෆිනෑන්ස් සමාගමේ කොටසක මිල රු. 34.40 දක්වා 22% කින් පහළ බැස්සේය.


    මැයි

    මැයි 04
    බ්ලූ ඩයමන්ඩ් සමාගමේ එක් කොටසක් කොටස් 14 ක අතුරු බෙදුමක් බවට පරිවර්තනය කරන්නට ගෙන ආ යෝජනාව සමාගමේ අතිවිශේෂිත මහා සභා රැස්වීමේ දී ප්‍රතික්ෂේප වේ.

    මැයි 05
    ගනුදෙනු බේරුම්කරණ (settlements) කටයුතු සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව, NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුවේ දී භාරකාර (Custodian) බැංකුව ලෙසින් කටයුතු කළ සම්පත් බැංකුවට, මුදල් ගෙවීම පැහැර හරියි.



    මැයි 10
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 92.85 කින් පහළ යයි.

    මැයි 14
    අඛණ්ඩව දින 10 ක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 329.21 කින් පහළ බසී.

    මැයි 17
    ආන්දෝලනාත්මක NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුව ආපසු හරවයි. විකුණුම්කරුවන්ට සිය කොටස් නැවත ගැනීමට සිදුවෙයි.

    මැයි 21
    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

    මැයි 23
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.50 කින් පහළ බසී.

    මැයි 24
    NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුවේ තැරැව්කරුවා හා එක් විකුණුම්කරුවකු වූ තැප්‍රොබේන් සුරැකුම්පත් සමාගමේ ප්‍රධාන විධායක ඩිනාල් විජේමාන්නට, කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල නිරත වීම සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් තහනම් කරයි.

    මැයි 29
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 121.75 කින් පහළ බසී. අඛණ්ඩව දින 07ක් තුළ ඒකක 408.83 කින් පහළ බසී.

    මැයි 30
    NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුව සම්බන්ධයෙන්, ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මාධ්‍යයට කරුණු දක්වයි.



    ජූනි

    ජූනි 05
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 136.58 කින් පහළ බසී.

    ජූනි 06
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,737.75 ක් ලෙසින් වාර්තා වේ. වසරේ වාර්තා වුණු අවම සියලු කොටස් මිල දර්ශක අගයයි.

    ජූනි 26
    S&P Sri Lanka 20 දර්ශකය හඳුන්වා දෙයි.



    ජූලි

    ජූලි 02
    දෛනික පිරිවැටුම රුපියල් මිලියන 91 ක් ලෙස වාර්තා වේ. මෙය වසරේ අවම දෛනික පිරිවැටුමයි. එමෙන්ම වසර තුනක් ඇතුළත තනි දිනක් තුළ වාර්තා වුණු අවම දෛනික පිරිවැටුමයි.

    ජූලි 19
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 68.47 කින් ඉහළ යයි.

    ජූලි 20
    ජනපති හා කොටස් වෙළෙඳපොළ පාර්ශවකරුවන් අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.




    ජූලි 26
    Parkson Retail Asia Limited විසින් ඔඩෙල් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 41.8% ක් මිල දී ගැනීමට එකඟ වේ.



    ජූලි 31
    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා කොටස් තැරැව්කරුවන් අතර හමුවක්.



    අගෝස්තු

    අගෝස්තු 17
    තිලක් කරුණාරත්න, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවයි.



    අගෝස්තු 21
    කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු වන දිලිත් ජයවීර, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි. සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙයි.






    අගෝස්තු 23
    ආශා පිලිප්ස් කොටස් තැරැව්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිමුතු අබේසේකර කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ අභිනව සභාපතිවරයා වශයෙන් නිතරඟයෙන් පත්වේ. ඔහු එම ධූරයට පත්වූයේ LOLC කොටස් තැරැව්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රියාන් ගුරුසිංහ කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිධුරය දැරීමෙන් අනතුරුවයි.

    අගෝස්තු 28
    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය නාලක ගොඩහේවා පත්වෙයි.

    අගෝස්තු 30
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 66 කින් ඉහළ නගී.





    සැප්තැම්බර්

    සැප්තැම්බර් 07
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.93 කින් ඉහළ නගී.

    සැප්තැම්බර් 10
    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ෂන අංශයේ අධ්‍යක්ෂ ධම්මික පෙරේරා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත්කෙරේ.
    වසර ආරම්භය හා සැසඳීමේ දී පළමු වරට මිලංක මිල දර්ශකය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. 2012 වසර ඇරඹෙන විට මිලංක මිල දර්ශකය ඒකක 5,229.16 ක්වූ අතර අද දින එහි අගය ඒකක 5,248.84 කි.

    සැප්තැම්බර් 12
    Bloomberg දත්ත වාර්තා අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළෙඳපොළ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ තෙවැනි ස්ථානයට පත්වේ.

    සැප්තැම්බර් 13
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.92 කින් ඉහළ නගී.

    සැප්තැම්බර් 14
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 149.68 කින් ඉහළ නගී.

    සැප්තැම්බර් 17
    ගෙවී ගිය වෙළෙඳපොළ දින 18 තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,023.96 කින් ඉහළ ගොස් තිබේ.



    ඔක්තෝබර්

    ඔක්තෝබර් 01
    දිනයේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාව ඉක්මවා ගියේය. එහෙත් දිනය අවසානයේ දී එහි අගය ඒකක 5,964.29 ක් විය.

    ඔක්තෝබර් 08
    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ 306 වැනි කොමිසම් හමුව පැවැත්වේ. තැරැව්කාර සමාගම්වලට ආන්තික ණය සැපයීමේ සීමා ලිහිල් කෙරේ. තැරැව්කාර සමාගමක ගළපන ලද ශුද්ධ ප්‍රාග්ධනයෙන් දැනට සිටින ණයගැතියන් අඩුනොකොට තුන්වරක් ආන්තික ණය සැපයීමට අවසර ලබාදේ.

    ඔක්තෝබර් 22
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 95.64 කින් පහළ යයි.

    ඔක්තෝබර් 25
    ඇක්සස් ඉංජිනියරිංග් සමාගමේ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවනු ලැබීය. මීට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කාර්තුමය මූල්‍ය වාර්තා කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පෙර, මාධ්‍ය වෙත අනාවරණය කර තිබීමයි.



    නොවැම්බර්

    නොවැම්බර් 15
    මිලංක මිල දර්ශකය ගණනය කිරීම 2013 වසරේ සිට අත්හිටුවන බව නිවේදනය කෙරේ.

    නොවැම්බර් 21
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.35 කින් පහළ යයි.

    නොවැම්බර් 29
    මෙරට කොටස් වෙළෙඳපොළ ප්‍රමුඛතම මහාපරිමාණ ආයෝජකයෙකු වූ ජොනතන් ඕබැච්, ඇමරිකාවේ නිව්යෝක් නුවර දී අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 70 කි.




    දෙසැම්බර්

    දෙසැම්බර් 03
    සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙ‍ළෙඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳව වෘත්තීය සමිති 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරයි. වැඩිදුර කරුණු විමසීම සඳහා 2013 පෙබරවාරි 13 වන දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මහබැංකු අධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරයි.



    දෙසැම්බර් 04
    NDB Capital Holdings PLC විසින් මෙරට එකම ස්ථාවර ආදායම් දර්ශක එකතුව හඳුන්වාදීමට පියවර ගනී.

    දෙසැම්බර් 12
    සියලු කොටස් මිල දර්ශකය ඒකක 98.86 කින් ඉහළ යයි.

    දෙසැම්බර් 21
    ජර්මනියේ DEG සමාගම හා නෙදර්ලන්තයේ FMO සමාගම ඒෂියන් එලයන්ස් සමාගමේ කොටස් අයිතියෙන් 38% බැගින් මිල දී ගැනීමට ගිවිසුම් අත්සන් තබයි.



    දෙසැම්බර් 31
    වසර අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,643.00 ක් හා මිලංක මිල දර්ශකය ඒකක 5,119.09 ක් ලෙසින් වාර්තා වෙයි. වසර ආරම්භයට සාපේක්ෂව 2012 වසරේ කොටස් වෙළෙඳපොළ පරිහානිය සියලු කොටස් මිල දර්ශකයට අනුව 7.1% ක් හා මිලංක මිල දර්ශකයට අනුව 2.1% ක් වේ.



    http://www.lankabusinessnews.com/12.12.December/207.CSE Flashback.html
     
    • Like
    Reactions: chami_84

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    welcome back

    market eke me dawaswala stock prices hodatama bahinawa.ikmanatama ekathu kara ganna.
    Mar meda wenna issella loku profit 1k ganna puluwan wei kiyala hitanawa.

    Reason :Geneva case 1 hindai bahinne
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    welcome back

    market eke me dawaswala stock prices hodatama bahinawa.ikmanatama ekathu kara ganna.
    Mar meda wenna issella loku profit 1k ganna puluwan wei kiyala hitanawa.

    Reason :Geneva case 1 hindai bahinne
    :P