2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බනී...

    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුළෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකෙ සොයාලා

    සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් සලාලා
    පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා සුවඳ එවමි සුළගේ ඔතාලා
    එවිට මල සොයා පියඹා එමි රුංගාලා මම සමණලයකු වාගේ සැරසිලා
    සොඳුරු සමණලා එනකල මලට පියඹලා පිලිගන්නම් පෙති විහිදාලා

    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුළෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකෙ සොයාලා

    මැණික් කැට අරන් පෙරලෙන් පහල බල බලා මම නිල් දිය දහරක් වෙනවා
    මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා මාළුවෙක් වෙලා පීනනවා
    මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා මම රිදී දැලක් වාගෙ මැවෙනවා
    ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදිවෙලා පෙම් ගීයක් කියා නටනවා

    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුළෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා

    9.gif
    සුරංගනා ලෝකෙ සොයාලා :lol::lol::rofl: