අපේ මැච් බැලිල්ල - T20
වෙලාව කෙමෙන් කෙමෙන් 5 වී තිබුනේය. ක්ෂණිකව නා ගත් මම කැම්පස් එක පැත්තට ගියෙමි. අෆ්ෆට සිරි..... කට්ටිය කැන්ටිමේ සෙට් වෙලා මැච් එක බලන්නේය. මට සීන් එක මතක් උනේ එතකොටය.
මල්ලි හෙට අපේ මැච් එක 3ට.. සෙට් වෙයන් ඈ බලන්න..
මම යනකොට කට්ටිය උඩ දාගෙන ටීවී එක දිහා බලාගෙනය. මමත් පිටිපස්සෙන් ජෝයින් උනෙමි. කැම්පුස් එකේ මැච් බලන තරම් ආතල් එකක් පිට්ටනියෙවත් නැති බව මම හොඳින්ම දන්නේය. සංඟා සමග දිලී වැඩේ ලෙසටම කරගෙන යන්නේය. අපි ආතල් එකේ බලාගෙන සිටියෙමු. සංඟ පුල් ෂොට් ගහනවා... නිකන් වෙඩි වගේය. කිසිම ටෙන්ශන් එකක් නැත. හතරට අත්පුඩියයි... හූවයි... එච්චරයි. එක පාරට සංඟා රනඋට් උනේය. තනිකර වැරැද්ද දිලීගේය. එක දෙයක් නම් ගලේ කෙටුවා වගේ සහතිකය. ඒ වෙලාව දිලියගේ මුළු පවුලටම චිබුහුන් යන්නට ඇත. මැරිච්ච උන්ටත් එසේමය.

ඊලගට ආව උන් දෙන්නා එහෙන් මෙහෙන් වනලා යන්න ගියේය. ඒත් තිසරයයි, මෙන්ඩියයි ගහපු හතරේ පාරවල් දෙක නිසා බෝලයි ලකුනුයි පරතරේ සැහෙන්න අඩු විය. හතරේ පහරට පසුව තිසරයා අවුට් විය. ඒ වෙලාවේ කැන්ටිමේ තිබ්බ නිහැඩියාවට මීයෙක් හූ.... කිව්වත් ඇහෙන්නේය. ඊළඟට අවේ තිරියාය. ඌටත් ගොන් ෂොට් එකක් ගහන්න ගිහින් තව සුට්ටෙන් හරිය. උගේ වෙලාව හොඳය. අන්තිම බෝල 2ට ලකුණු ලකුණු 5ක්ය. කැන්ටිමේ මේස ටිකි ටිකි ගාන්නේය, නියපොතු කෑලි විසිවෙන්නේය.

මෙන්න යකෝ තිරියා පැනපු ගමන් හතරක් ගහපි. ඒ ආපු කෑගැහිල්ලට අනිවා කැන්ටිමේ වහලේ නම් උඩ ගියාමය. සුවර් ඇන් ශොට්ය. ටීවී එකේ ඉරිත් ගියේය. මැච් එක ටයි ය. ඒ බෝලෙට හතරක් ගැහුවේ නැත්තන් මායියා තිරියාව මරාගෙන කන ලයින් එකේ හිටි බව ඉදිරිපෙළ අසුන් වලින් තොරතුරක් පසුපස කලාපයට ආවේය. අන්තිම බොලේ රන් අවුට් කියහන්කෝ. කැන්ටිමේ උන්ට නිකන් චූ යන්න වගේය. තර්ඩ් අම්පයර් ඩිසිෂන් පෙන්ඩින්ය. එක එකා, එක එක අදහස් දෙන්නේය.
අඩෝ කකුල වදිනවා බං...
නෑ යකෝ... බොලේ නැතුව අතින් කඩන්නේ...
බලපන් ඇස් දෙකෙන්... බොලේ වදිනවා අයිනේ පොල්ලේ.
.
කෙසේ හෝ වැඩේ දෙල්ය. සුපර් ඕවරේ ආවේය. අපේ උන් ලෑස්ති වෙන අස්සේ මෙන්න යකෝ ගේල් අයියා පෙන්නන්නේය. රජාට රජා අයිඩියා එකක් ආවේය.
අඩෝ ගේල්ට කතා කරලා දෙන්න බැරිද බං...?

සිරාවට බං... කීයක් හරි දෙමු. ඌට තියෙන්නේ එතන ගිහින් පොඩ්ඩක් දෙපැත්තට වනන්න විතරයි.
හිකිස් හූ හූ....

සුපිරි ඕවරෙත් සුපිරිය. බැට්ස්මන්ලා දෙන්නා පල්ලේකැලේ බැටින් කරද්දී බයි රන් එක දෙන්නේ ගල්කිස්සේය.
දෙක දුවපන්... දෙක දුවපං....
තුනයි... තුනයි.... කැන්ටිම ඇතුල නිකන් ගණන් පන්තිය වගෙය.

එක එක.. දෙක දෙක... එකතු කරලා, වයිඩ් ටිකත් එක්ක ලකුණු 13ක් අපේ උන් රැස් කරගත්තේය.කැන්ටිමේ මද නිහඩ තාවයකි. රිප්ලයි එක පටන් ගත්තේය.
අඩෝ මාලිංගයාද බං දාන්නේ? හරියට දායිද?
ආයේ මොනවා අහනවද? වයිඩි දෙකයි බං දාන්නේ.... සංඟට අල්ලගන්න බැරුව යනවා.... උන් දිනුම්. ඕකයි වෙන්නේ.

ඕවරේ සුමටව පටන් ගත්තේය. පලවෙනි බෝල දෙක නම් සුපිරිය. ඊලඟ බොලේත් මැක්සය. හැබැයි සංඟා අතහැරියේය. වක්කඩ කැඩුවා වගේ සම්භාව්‍ය වදන් මාලාවක් කැන්ටිමේ සිට රස බැලුවෙමු. ඒකේ සුවද සංඟට යන්නටත් ඇත. ඊලග බොලේ කැච් එකත් අතහැරියේය. ඒ පාර නම් සුවද සංගගේ මහ ගෙදරටම යන්නට ඇත. පස්වෙනි බොලේ උඩී..........................න් ඇදී ගියේය.
හරි මචන් ඕක වහපන්. මැච් එක ඉවරයි....

බෝලේ හෙමින් පාත් උනේය. අඩෝ මොකෙද්ද ඇටකිච්චෙක් හතර සීමාව ළඟ ඉඳන් ඇල්ලුවා කියහන්කෝ බෝලේ. කැන්ටිමේ මේස දෙක තුනක් පැලෙන්නට ඇත. ඒතරම් වේගයෙන් ඒවාට තඩි බානු ලැබුවේය. ටිකකට ඉස්සරලා ඩිලීට බැනපු වදන් සියල්ල යලි හකුලා ගත්තෙමු.

මුළු කතාවම කියවන්න... තහනම් අඩවිය බ්ලොග් අඩවිය - http://harshana-bc.blogspot.com/2012/09/dancalious-night.html

.කෙසේ හෝ වැඩේ දෙල්ය. සුපර් ඕවරේ ආවේය. අපේ උන් ලෑස්ති වෙන අස්සේ මෙන්න යකෝ ගේල් අයියා පෙන්නන්නේය. රජාට රජා අයිඩියා එකක් ආවේය.