යනඑන මං නැති වුණේය (දුකට කියන කවි)
වරායවල් මංමාවත් රටේ තොටේ ඉදි වුනේය
දහඅට වංගුවද අලුත් වීමෙන් හැඩවැඩ වුනේය
හිටිහැටියෙම සමහරුන්ගෙ ආදයම වැඩි වුනේය
අපි කන හැටි ළිපා දනියි දුප්පතාව දිය වුනේය
යුද ගිනි දැල් නිවී දැනට වසර තුනක් ගත වුණේය
ඉස්සරහට හැමදෙනාට හොඳකල එන බව පෙනේය
උපදින්නට සිටින එකත් ණය උගුලක හිර වුනේය
හැම බඩුවෙම මිල වැඩිවී යන එන මං නැති වුනේය
පාන් ඉහළ ගියා! ඒක දුප්පතාට කොඩි විනේය
සිමෙන්ති, කිරිපිටි, ගෑස් ද ඒ එක්කම වැඩි වුණේය
ගොවියට සහනය දෙන්නලු වැදුනේ එකෙන් හෙණේය
කළ කොඳ පස්සෙන් එන බව හැම දෙනාට වැටහුණේය
රුපියල් සිය ගණන් වලින් හැම දෙයක්ම වැඩි වුනේය
ඇති හැකි අය හැමදාමත් හිත සතුටින් සැන සුනේය
තිස් වසරක් විඳපු දුකෙන් හැමදෙනාම ගැල වුනේය
කට ඇරගෙන කන්න හිටපු කොයි කාටත් කෙළවුනේය
රට එකටයි බඩ පසුවයි හැමතැනකම බර බරේය
ඒක හොදයි නැහැ! නරකයි! කොයි කවදත් ජර මරේය
සල්ලි බාගෙ ඇති උදවිය හැමදාමත් සැන සුනේය
නැති බැරි අය මැරෙන තුරා කොයි කවදත් කරදරේය
ජීවත් වෙන්නට දඟලා අසරණයා වැළපුනේය
හොර මැරකම් තක්කඩිකම් දවස ගානෙ වැඩි වුනේය
කලදුටු කල වළ ඉහගන්නට සමහර සැරසුනේය
අනේ අනිච්චං දුක්ඛං කොයි කාටත් කෙලවුනේය

rep+++

.දැන්නෙ තේරුනෙ.උබට කවි සිතිවිලිත් මෙවුව වෙනවනෙ