සදක් අදුරට දුන් එළියක්
සිසිල ගෙනආ මුදු පවනක්
තුන්කල් පිටු නොපෑ බිතුසිතුවමක්
සකිසදේ මගෙ යාළුවේ
සකිසදේ මගෙ යාළුවේ
තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
මේඝදූතය වී....
ආ.දර සදවත... අමාවකේ ගිලිලා
අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
ඔබ මා ලග උන්නා.....
සකිසදේ මගෙ යාළුවේ
සකිසදේ මගෙ යාළුවේ
අකුරට ගිය මග.... වැරදී.. මන් පෙත....
සෙනෙහෙ පිදූ සැම පිටුපා යද්දී ..
ගමන් සගයා වී...
වැරදුන මාවත... තරු සලකුණු පේනවා...
තරුපති වී හිනැහෙන්නට තරු මැද......ගුරුතරුව වී......
ඔබ මා ලග උන්නා.....
සකිසදේ මගෙ යාළුවේ
සකිසදේ මගෙ යාළුවේ