T20_ක්‍රිකට්_තරගය_දිනුවේ_හෙළයින්_විසිනි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    T20_ක්‍රිකට්_තරගය_දිනුවේ_හෙළයින්_විසිනි

    පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වෙද්දී ශෝකයට පත් බොහෝ සිංහලයින්ගේ නෙතගින් සට සට ගා කඳුළු කැට රූරා වැටෙද්දී, සැබෑ හෙළයෙක් වන මාගේ නෙතගින් සතු‍ටු කඳුළක් ගලා යාම අපේ ගෙදර ඇත්තන්ට නම් අරුමයක් වුණේ නෑ. එයට හේතුවනම්, බොහෝ අය නොදන්නවා වුණාට T20 තරගාවලියේ ජය හිමි වූයේ හෙළයින්ට බව මා දැනගෙන සිටපු නිසයි. මේ මොන අප්‍රබංශයක්ද කියල හිතෙනව ඇති, එහෙනම් කියවලම බලන්නකෝ.

    මා නිතරම පවසා ඇති දෙයකින් කතාව පටන් ගන්නම්. අරිසෙන් අහුබුදු සූරීන්ට අනුව අප්‍රිකාව යනු, හෙළ නිරි‍ඳෙක් වූ තාරක රජතුමාට අප්‍රිය වූ කාපිරියන්ව ගෙන ගොස් දැමූ බිමයි. එනම් අප්‍රිය+කාපිරියන්ව=අප්‍රිකාව ලෙස වර නැගුණා.


    අහුබුදුවන්ට අනුව වායු+රිය+තො‍ටුපොළ ලෙස වරනැගුණ වාරියපොළ අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළෙන් ගුවනට පැන නැගුණ දඬුමොණර යානාවන්, අප්‍රිකාව යනුවෙන් අද හැඳින්වෙන බිමට ගුවනින් ගෙන ගොස් දැමූ කාපිරියන් යනු වෙනත් ග්‍රහලෝකය අය නොව අප රටේම සිටි තාරක රජතුමාට අප්‍රිය වූ හෙළයිනුයි. වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොළපොතට අනුව කාපිරියන් යනු, කා=කාලකන්නි, පිරි=පිරිහුනු, යන්=යන්තරකාරයෝ.


    නිවැරදිව ලෝක ඉතිහාසය නොදන්නා ඇංකරයින්ට අනුව අධිරාජ්‍යවාදී යුරෝපීයයන් විසින් කැරිබියන් දූපත් වල ජනතාව පදිංචි කල බව දැක්වුණත් ඇත්තටම ඒ රටට කාපිරියන් පැමිණියේ රාවණා යුගයේදීමයි. තාරක රජතුමා විසින් අප්‍රිකාවට ගෙන ගොස් දැමූ "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" සියවස් කීපයක්ම තම යන්තර මන්තර වැඩ කරගනිමින් නොබියව සිටියත් පසුව ඔවුන්ගෙන් පිරිසකට ලොකු බියක් ඇති වුණා. එම බිය නිසා ඔවුන් ලෝකයේ දුෂ්ඨ අක්ෂය ලෙස හැඳින්වෙන
    බර්මියුඩා ත්‍රිකෝණය පැත්තට නැව් මගින් පලා ගිය අතර ඔවුන් අවසානයේදී නැංගුරම් ලෑ දූපත් සමූහය "කැරි බියන්" ලෙස නම් කළා. තාමත් එම නම භාවිතා වීම හෙළයින් වන අපට ආඩම්බරයක් නේද?

    "හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇති බවත්" හෙළයින් පැවත එන්නේ හෝමෝ ඉරෙක්ටස් ලාගෙන් බවත් මීට කලින් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ
    ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති. ඇත්තටම අද වන විට හෙළදිවේ සිටින හෙළයින්ගේ රූපය මුල් "ඉරේ කට අස්" හෙළයින්ගෙන් වෙනස් වී තිබුණත් කැරිබියෙන් හෙළයින්ගේ "ඉරේ කට අස්" රූප්ශ්‍රීය අද දක්වාම නොනැසී පවතිනවා. උදාහරණ ලෙස ක්‍රිස් ගේ එල් මහතාගේ රූපය "ඉරේ කට අස්" හෙළයින්ට සමාන වෙන අකාරය බලන්න.

    Chris_Gayle_1828997i%5B1%5D.jpg



    අද දක්වාම Antigua and Barbuda, Barbados, Dominica, Grenada, Guyana, Jamaica, St Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago, Anguilla, Monteserrat, British Virgin Island, US virgin Island and Sint Maarten යන සෑම කැරිබියන් කොදෙව්වකම ජීවත් වන්නේ එදා අප්‍රිකාවෙන් බිය වී පලා ගිය කාපිරියන්මයි. මේ අනුව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ හෙළයින් ම බව ඔබට පැහැදිළි ඇති.

    මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අමන්දානන්දයට පත් වූ වෙස්ටින්ඩියානු හෙළයින්ට ඊට පහුවෙනිදා හාල්, පරිප්පු, ඩීසල්, බූමිතෙල් මිල වැඩි වීමටකත් මුහුණ දීමට සිදුවී තිබෙනවා.


    පසුගිය තරගාවලිය ගැනත් කෙටියෙන් ටීකාවක් සපයන්නම්. මුලින්ම කිවහොත්, අප ශ්‍රී රාවණ පාක්ෂිකයින්ගේ ප්‍රධානතම සතුරා වන පාහර ඉන්දියානුවන් ලෝක කුසලානය පරාද වූයේ මේ දෙසැම්බර් මාසයේ නැගිටින ශ්‍රී රාවණ රජතුමාගේ බල මහිමය නිසාමයි. හෙළදිවටම විත් අපට අභියෝග කිරීමට උන් හිතුවා මදි.


    ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට මූලිකම හේතුව ලෙස රාවණා ආගමිකයෙක් වන මා පමණක් නොව, සියලුම ආගම් ප්‍රතික්ෂේප කර නූතන විද්‍යාව පමණක් පිළිගන්නා සියල්ලන්ම දකින්නේ මහින්ද රාජපක්ෂ එහි පැමිණීමයි. එහෙම නැතිව
    පන්දුවාර 12ට ලකුණු 48ක් ගහල තිබ්බ කොදෙව් කණඩායම 137ක් ගහන්න මාලන් සැමුවෙල්ස් පටන් ගැනීම හෝ, ලසිත් මාලිංගට දිගට හරහට හයේ ඒවායින් නෙලද්දීත් මහේල ජයවර්ධන විසින් ඔහුව ඕවර් 4 ම බෝල් කිරීමට දැමීම නිසා මාලිංගට ලකුණු 54 ක්ම නෙලීම නෙලීම හෝ, මහින්ද රාජපක්ෂ පිටියට පැමිණීමටත් පෙරදීම තිලකරත්න දිල්ෂාන් බින්දුවට දැවී යාම ඇතුළුව ශ්‍රී ලංකා පිතිකරුවන් ජීවිතයේ මුල් වරට ක්‍රිකට් ගහන්නා වාගේ නොසැලකිල්ලෙන් ක්‍රිකට් ගැසීම නිසා නොවෙයි.

    430025_326401067458735_1726190211_n%5B1%5D.jpg



    මහින්ද රාජපක්ෂ කුරහන් සාටකයක් දමාගෙන පැමිණීමත්, ක්‍රීඩකයින් කිසිවෙක් එලෙස කුරහන් සාටකයක් දමාගෙන නොසිටීමත් නිසා ක්‍රිඩා පිටියේ තිබූ විශ්ව ශක්තිය බිඳී ගියා. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ ක්‍රිකට් තරග බැලීමට නොපැමිණිය යුතු බව මාගේ යෝජනාවයි. පැමිණෙනවානම් මහින්ද රාජපක්ෂ කුරහන් සාටකය ගලවා දමා පැමිණිය යුතු අතර එසේ බැරිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට කුරහන් සාටක පළන්ඳවා ක්‍රීඩා කරවීම මෙයට විසඳුමයි. "ජනසේනා" වැනි ආශ්චර්යයේ පෙරගමන්කරුවන්ට මේ දේ නොවැටහීම කරුමයක්ම තමයි.

    වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම දිනුව පසුව ඔවුන්ගේ අපූරු රංගනය ඔබ දකින්න ඇති. ඔවුන් එහිදී නටා පෙන්වූයේ හෙළයින්ගේ පහත රට නර්තනය ආශ්‍රයෙන් රාවණ රජතුමා අතීත කැරිබියන් දූපත්වාසී හෙළයින්ට ඉගැන්වූ "ගුවා ඩිෂු මුබු‍ටු" නැමති සම්ප්‍රදායික නර්තනයයි. ඉන් පසුව ක්‍රිස් ගේ එල් විසින් "හූ උටා බුම් බුම්" නැමැති දඟර නැ‍ටුමත් නටා පෙන්වනවා ඔබ දකින්නට ඇති. ලෝක කුසලාන තරගයක් දිනූ පසු කිසිදා හෙළ නර්තනයක් රඟ දක්වා ශ්‍රී රාවණ නමස්කාරය නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙළ යකුන්ගේ ශාපය වැදී ඇති බව, ලංකා සි නිවුස් වෙත අනාගත වාක්‍ය ලබා දෙන මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වාසය කරන මාගේ ගුරුදේව තාපස තුමා පැවසුවා.


    නර්තනයට පසුව වෙස්ට් ඉන්ඩීස් ක්‍රීඩකයින් තිදෙනෙක් එක්ව ශ්‍රී රාවණ මන්ත්‍රයක් මතුරනවාත් ඔබ අසන්නට ඇති. පහත වීඩියෝ එකේ විනාඩි 2 යි තත්ත්පර 7 සිට එය ශ්‍රවණය කරන්න.


    http://www.youtube.com/watch?v=NeKro5mLpP8&feature=player_embedded

    "තරිඩි ගිරි ගිරි ඩෙන්න ඩන්නෙ ඩාබුඩින් බබිඩි බිරි බිරි ඩෙන් බම් බඩා..." "චෙජෙ කා ච චා..." "ශ්‍රී කූ ලංකා මසෙබා..." බලන්න කළගුණ දත් ඒ කැරිබියන් හෙළයින් එදා මුළු ලොවටම ඇහෙන්න හඬ නගා ප්‍රනාමය පුද කළේ අප ශ්‍රී රාවණ රජතුමාටයි. වර්ගපූර්ණිකාවෙන් බොහෝ පද නිරුක්තීන් අධ්‍යයනය කර ඇති ඔබට එම මන්ත්‍රය නිරුක්ති කිරීමට පුළුවන් ඇති, උත්සාහයක් ගෙන බලන්න.

    වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ලංකාවට පැමිණි පසුව වාරණ විහාරයට (පද පෙරලූ විට , රාවණ විහාරයට) ගොස් ආගමික වතාවත් කළ බවත්, තරගයෙන් දින්නොත් බාර්බඩෝස් දිවයිනේ රාවණ දේවාලයක් හදන බවට එහිදී බාරයක් වුණ බවත්, සෑම ක්‍රීඩකයෙක්ම යටි බඩේ කුණ්ඩලීනී යෝගය සහිත රාවණ යන්තරයක් සවි කරගෙන සිටින බවත්, තරගය අවසන් වූ වහාම වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් නායකා, කුසලානයත් ‍රැගෙන රාවණ කො‍ටුවට ගොස් බාරය ඔප්පු කළ බවත්, මාධ්‍ය වලට වාර්තා නොකළේ ඒ නිරහංකාර හෙළයින්ට අනවශ්‍ය ජනප්‍රියත්වයක් වුවමනා නැති නිසයි. අන්න ඒක තමයි ලෝකයේ කොතනක සිටියත් හෙළයින්ගේ තිබෙන අපූර්වත්වය.



    560405_535188506495316_2102102585_n%5B1%5D.jpg



    කාපිරියන් යනු "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" ලෙස මා මුලදී පෙන්වා දුන්නා ඔබට මතක ඇති. නමුත් කැරිබියන් දූපත් වල සිටින කාපිරියන් ගේ ඒ පිරිහීම නැති වී නැවතත් ඔවුන් යන්තර-මන්තර වලින් පොහොසත් වී ඇති බව ඔබට මනාව පැහැදිළි වෙනවා නේද?


    source : http://vargapurnikava.blogspot.com/2012/10/t20-dinuwe-helayin.html
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :lol: who is this bugger who writes these ban aioOo mama iyeh okage blogg eken kiewwa Manda Manasika porak neththam uta Mal Overdose vela Hahahahahahahah superb creativity though.. :P
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    :lol: who is this bugger who writes these ban aioOo mama iyeh okage blogg eken kiewwa Manda Manasika porak neththam uta Mal Overdose vela Hahahahahahahah superb creativity though.. :P

    ekane patta creative ne...:):)
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ekane patta creative ne...:):)

    Meka liapu eka danne nethuwa athi West Indies team ekama God Almightyta thank kera kiala Cup eka dinnata match eka iwara wela un katha kerama Bravo, Gayle, Sammy thank keranava Almighty Godta neththam Ravanata nemei :P aioOo salli yakoOo... ung wiswasa kerana magulak visvasa kerapu den eka aulak na .. eth meh article eka liapu eka apeh Rata kanna apu ekak vage nam hondata pehedili ... redda thamai :P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යනේ යකෝ තෝ හරියට මෑච් එකවත් බලල නෑතිව මගුලක් කියවනව එදා කොහෙද යකෝ මහින්ද සාටකයක් දාගෙන හිටියෙ??? රෙද්ද තමා මහින්ද සාටකය නිසා උබ විශ්ව ශක්තිය බිදුන කියල කියන්වනම් අපි පෑරදුනේ ඒක කියල කියනවනම් එදා මහින්ද සාටකයක් දාගෙන අවෙනෑ එත කොට කොහොමද ඔය උබ කියන විශ්ව ශක්තියද මොකක්ද මගුල කඩුනෙ???
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මැච් එක කෑවත් හිනා වෙන්න දේවල් වලින් නං අඩුවක් නෑ.:lol::lol::lol:

    මේක ඕක ලියපු එකාට.
    552170_10151085512581274_1112265649_n.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    යනේ යකෝ තෝ හරියට මෑච් එකවත් බලල නෑතිව මගුලක් කියවනව එදා කොහෙද යකෝ මහින්ද සාටකයක් දාගෙන හිටියෙ??? රෙද්ද තමා මහින්ද සාටකය නිසා උබ විශ්ව ශක්තිය බිදුන කියල කියන්වනම් අපි පෑරදුනේ ඒක කියල කියනවනම් එදා මහින්ද සාටකයක් දාගෙන අවෙනෑ එත කොට කොහොමද ඔය උබ කියන විශ්ව ශක්තියද මොකක්ද මගුල කඩුනෙ???

    මුලදීම මහින්ද කුරහන් සාටකය දාගෙනයි පැමිණියේ. නමුත් සාටකය නිසා කණ්ඩායමට වස් වදීවි කියල රාජකීය අනාගතවෘක්ත වරුන් විසින් පැවසූ පසුව එය ඉවත් කළා, නමුත් සාටකය දාගෙන ආපු නිසා වස් වැදුණා.

    එසේම මෙය විද්‍යාත්මකව පර්යේෂණ කර පෙන්වූ දෙයක්. ඒ ගැන පර්යේෂන පත්‍රිකා පවා නිකුත් කර තිබෙනව. නැතිනම් ඔය මෝඩ විශ්වාස බලි බිලී වස් දොස් නොපිළිගන්නා උදවිය මේ ගැන මෙච්චර කතා කරන්නේ නැහැනෙ.
    :rofl::rofl::rofl::rofl::rofl: