ප්‍රේමය ලොව හැම තැනම ඇති
ප්‍රේමය ලොව හැම තැනම ඇති...
හැම දෙනටම හමුවෙලා ඇති...
එනමුදු ප්‍රේමය කිමැයි කියා...
හඳුනාගත් කිසිකෙනෙකු නැති.
විල්තෙර දිය යට දියබුන් නගනා...
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි ...
සියපත විල මත පුබුදන මුත් යස...
උල්පත හැමදාමත් නිසලයි...
ප්‍රේමය හැමදාමත් නිසලයි.
සුවිසල් රුක්ගොමු දෙරණත රඳවන...
ප්‍රේමයෙ මුල් පස යට සැඟවී...
නන් පල මල් දලු පුබුදන මුත් ගස...
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි...
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි..
ගායනය - චන්දන ලියනාරච්චි