** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **
සිරිපාදේ කියන්නේ බෞද්ධ අපිට දළඳා මාලිගාව තරම් වටනා ස්ථානයක්. සමනල කන්ද, ශ්‍රී පාදස්ථානය යන විවිද නම් වලින් හඳුන්වන මෙම ස්ථානය බුදුන් තෙවනවරට ලංකාවට වැඩම කරපු වෙලාවේ සබරගමු ප්‍රදේශයට අදිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පරිදි උන්වහන්සේගේ වම් ශ්‍රී පාදයේ ලාංචනය පිහිටවපු ස්ථානය හැටියට තමා මෙතන සලකන්නේ. අතීතේ පටන්ම රාජකීය ගෞරව සහ වැඳුම් පිදුම් මෙන්ම මහජනයාගේ අතිශය ගෞරවයට වැඳුම් පිදුම් වලට ලක්වුන මෙම ස්ථානය බෞදයෙක් හැටියට වරක් හෝ වන්දනා කල යුතු තැනක්. සම්ප්‍රදායික ශ්‍රී පද වන්දනා සමය දෙසැම්බර් මස පොහොයත් සමග ඇරඹිලා අප්‍රේල් පොහොයත් සමග නිමා වෙනවා. මෙහෙම වන්දනා සමයක් ඇති වීමට ප්‍රදාන හේතු දෙකක් තියෙන්න පුළුවන්.එකක් තමා වන්දනා කරුවන්ට වැස්සෙන් සහ සතුන්ගෙන් බාදා නොවී සමනල කන්ද තරණය කිරීම. මේ කාලයට වර්ෂාව හරිම අඩුයි, අවාරයට සාපේක්ෂව නැතිම තරම් (අවාරේ සිරිපාදේ ගිය ය ඉන්නවනම් මේ ගැන හොඳ අත්දැකීමක් ඇති) මේ සම්බන්ද අනික් හේතුව තමා ශ්‍රී පාදයේ යන ගමන් මාර්ග ආශ්‍රිත ඇති ගස්වැල් සහ සතා සිව්පාව'ට වන්දනාකරුවන්ගේ ගමනින් සිදුවන හානිය යටපත් කරගෙන නැවතත් යලට වැඩෙන්නට වෙනම කාලයක් ලබා දීම (අපේ මුතුන් මිත්තෝ පරිසරයත් එක්ක පුදුම සහජීවනයකින් සහමනා අවබෝධයකින් ජිවත් වෙච්ච අය)
හොඳයි දැන් මම සිරිපාදේ සහ වරේ අවාරේ ගැන කිව්වනේ දැන් කියන්න යන්නේ අපි අවාරේ සිරිපාදේ ගිය හැටි. එළකිරි එකේ පරණ අයනම් දන්නවා ඇති අපේ ටීම් එක ගිය අවුරුද්දේ රත්නපුර-පලාබද්දල සහ කුරුවිට-එරත්න යන පාරවල් දෙකේම අවාරේ සංචාරය කරලා ඒ ගැන විස්තරයක් ඔයාලට ඉදිරිපත් කලා.
** අවාරේ සිරිපා කරුණාව **
අද මම කියන්න යන්නේ වැඩි දෙනෙක් නොයන පාරක් ගැන. මේක ගොඩදෙනෙක්ට අමතක වුන පාරක්. ඒ වගේම ශ්‍රී පදයට ලඟාවීමට තියන අමාරුම පාරක්. ඉතින් මේ වගේ පාරක අවාරේ යනවා කිව්වම ටිකක් විතර අවදානම් සහගත වැඩක්. ඒ නිසා මේක කියවල ඔයාලත් මේ ගමන අවාරේ යන්න හිතනවනම් දෙපාරක් හිතන්න. අනිත් පාරවල් වගේ ට්‍රේල් එක හැම තැනම අඳුරගන්න බැහැ. විවිද අතුරු පාරවල් ගොඩක් තියනවා විශේෂෙන්ම වාරෙට මිනිසුන් විසින් තියන මග සලකුණු අවාරෙට ටිකෙන් ටික මැකෙනවා ඒකනිසා පොඩ්ඩක් අවදානෙන් යන්න ඕනේ. අනික තමා අවාරේ යනකොට පරිසරයට නියමිත් ගෞරවය සැලකිල්ල ලබාදෙන්න අද අපි ඒස්වාභාවික පරිසරය විනාස කරල ආවොත් කවද හරි පාඩුව වෙන්නේ අපිට සහ අපේ අනාගත පරපුරටමයි. කොහොමටත් අනිත් පාරවල් වල අවාරේ ගිහින් අත්දැකීම් තියන අය මේ පර අවාරේ යන එක හොඳයි නැතිනම් වාරෙටම යන්න. එකත් බොහොම සුදානමෙන්( මේක කියවල අවාරේ හෝ වාරෙ ගිහින් අතරමන් වෙලා මට නඩු දන්නා හෙම එපා, ඒ වගේ කිසිම දෙකට මම වගකියන්නේ නම් නැහැ)
හොඳයි දැන් මම මෙච්චරවෙලා පාර පාර කිව්වට නම කිව්වේ නැහැ නේ. උඩමාලිබොඩ කියන ප්‍රදාන නමින් හඳුන්වන මේ පාරට ඉහල මාලිබොඩ හෝ දැරණියගල පාර කියලත් කියනවා. කොළඹ ඉඳන් එනවනම් අවිස්සාවේල්ලට ඇවිත් එතනින් දෙහිඕවිට ටවුමෙන් වමට හැරිලා තමා උඩමාලිබොඩ එහෙම නැත්නම් ඉහල මාලිබොඩ එන්න ඕනේ. එතනිනුත් උඩමාලිබොඩ තේ ෆැක්ටරි එක පහුකරගෙන ඇවිත් දික්ඇලිකන්ද එහෙමත් නැත්නම් දික්ඇල්ලකන්ද කියන ගමට එන්න ඕනේ දික් ඇල්ල කන්ද පාරේ ඉවරවෙන තැනටම ගියාම ලොකු ලොකු පිට්ටනියක් වගේ තැනකට වැටෙනවා එතන ලොකු වතුර අරන් යන නල වගයකුත් තියනවා ඒ නිසා අඳුරගන්න අපහසු නැහැ. වාහනයකට එන්න පුළුවන් මෙතනට විතරයි. තව දෙයක්, මේ පාර ග්‍රවුන් ක්ලියරන්ස් අඩු වාහනවලට නම් එන්න බැහැ. කට්ටියක් එනවනම් 4 විල් එකක් හරි කැබ් එකක හරි එන්න. අවිස්සාවේල්ලේ ඉඳන් යන්න තියෙන්නේ 50 km වගේ පොඩි දුරක් උනාට පාර හරිම දුෂ්කරයි. ගොඩක් වෙලාවට පාරේ නම අහපු ගමන් " ඒ පැත්තෙනම් යන්නේ නැහැ, පාර සවුත්තුයි" කියලත් කියාවි. ඒකනිසා හොඳම දේ තමා කලින්ම වහනයක් කතාකරගෙනම එන එක.

Last edited:
ela
11++