** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

sanddun

Well-known member
  • Jun 8, 2008
    13,002
    1,246
    113
    PX3-808
    ** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **


    jXZXsvRzFrGF.JPG


    සිරිපාදේ කියන්නේ බෞද්ධ අපිට දළඳා මාලිගාව තරම් වටනා ස්ථානයක්. සමනල කන්ද, ශ්‍රී පාදස්ථානය යන විවිද නම් වලින් හඳුන්වන මෙම ස්ථානය බුදුන් තෙවනවරට ලංකාවට වැඩම කරපු වෙලාවේ සබරගමු ප්‍රදේශයට අදිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පරිදි උන්වහන්සේගේ වම් ශ්‍රී පාදයේ ලාංචනය පිහිටවපු ස්ථානය හැටියට තමා මෙතන සලකන්නේ. අතීතේ පටන්ම රාජකීය ගෞරව සහ වැඳුම් පිදුම් මෙන්ම මහජනයාගේ අතිශය ගෞරවයට වැඳුම් පිදුම් වලට ලක්වුන මෙම ස්ථානය බෞදයෙක් හැටියට වරක් හෝ වන්දනා කල යුතු තැනක්. සම්ප්‍රදායික ශ්‍රී පද වන්දනා සමය දෙසැම්බර් මස පොහොයත් සමග ඇරඹිලා අප්‍රේල් පොහොයත් සමග නිමා වෙනවා. මෙහෙම වන්දනා සමයක් ඇති වීමට ප්‍රදාන හේතු දෙකක් තියෙන්න පුළුවන්.එකක් තමා වන්දනා කරුවන්ට වැස්සෙන් සහ සතුන්ගෙන් බාදා නොවී සමනල කන්ද තරණය කිරීම. මේ කාලයට වර්ෂාව හරිම අඩුයි, අවාරයට සාපේක්ෂව නැතිම තරම් (අවාරේ සිරිපාදේ ගිය ය ඉන්නවනම් මේ ගැන හොඳ අත්දැකීමක් ඇති) මේ සම්බන්ද අනික් හේතුව තමා ශ්‍රී පාදයේ යන ගමන් මාර්ග ආශ්‍රිත ඇති ගස්වැල් සහ සතා සිව්පාව'ට වන්දනාකරුවන්ගේ ගමනින් සිදුවන හානිය යටපත් කරගෙන නැවතත් යලට වැඩෙන්නට වෙනම කාලයක් ලබා දීම (අපේ මුතුන් මිත්තෝ පරිසරයත් එක්ක පුදුම සහජීවනයකින් සහමනා අවබෝධයකින් ජිවත් වෙච්ච අය)

    හොඳයි දැන් මම සිරිපාදේ සහ වරේ අවාරේ ගැන කිව්වනේ දැන් කියන්න යන්නේ අපි අවාරේ සිරිපාදේ ගිය හැටි. එළකිරි එකේ පරණ අයනම් දන්නවා ඇති අපේ ටීම් එක ගිය අවුරුද්දේ රත්නපුර-පලාබද්දල සහ කුරුවිට-එරත්න යන පාරවල් දෙකේම අවාරේ සංචාරය කරලා ඒ ගැන විස්තරයක් ඔයාලට ඉදිරිපත් කලා.

    ** අවාරේ සිරිපා කරුණාව **

    අද මම කියන්න යන්නේ වැඩි දෙනෙක් නොයන පාරක් ගැන. මේක ගොඩදෙනෙක්ට අමතක වුන පාරක්. ඒ වගේම ශ්‍රී පදයට ලඟාවීමට තියන අමාරුම පාරක්. ඉතින් මේ වගේ පාරක අවාරේ යනවා කිව්වම ටිකක් විතර අවදානම් සහගත වැඩක්. ඒ නිසා මේක කියවල ඔයාලත් මේ ගමන අවාරේ යන්න හිතනවනම් දෙපාරක් හිතන්න. අනිත් පාරවල් වගේ ට්‍රේල් එක හැම තැනම අඳුරගන්න බැහැ. විවිද අතුරු පාරවල් ගොඩක් තියනවා විශේෂෙන්ම වාරෙට මිනිසුන් විසින් තියන මග සලකුණු අවාරෙට ටිකෙන් ටික මැකෙනවා ඒකනිසා පොඩ්ඩක් අවදානෙන් යන්න ඕනේ. අනික තමා අවාරේ යනකොට පරිසරයට නියමිත් ගෞරවය සැලකිල්ල ලබාදෙන්න අද අපි ඒස්වාභාවික පරිසරය විනාස කරල ආවොත් කවද හරි පාඩුව වෙන්නේ අපිට සහ අපේ අනාගත පරපුරටමයි. කොහොමටත් අනිත් පාරවල් වල අවාරේ ගිහින් අත්දැකීම් තියන අය මේ පර අවාරේ යන එක හොඳයි නැතිනම් වාරෙටම යන්න. එකත් බොහොම සුදානමෙන්( මේක කියවල අවාරේ හෝ වාරෙ ගිහින් අතරමන් වෙලා මට නඩු දන්නා හෙම එපා, ඒ වගේ කිසිම දෙකට මම වගකියන්නේ නම් නැහැ)

    හොඳයි දැන් මම මෙච්චරවෙලා පාර පාර කිව්වට නම කිව්වේ නැහැ නේ. උඩමාලිබොඩ කියන ප්‍රදාන නමින් හඳුන්වන මේ පාරට ඉහල මාලිබොඩ හෝ දැරණියගල පාර කියලත් කියනවා. කොළඹ ඉඳන් එනවනම් අවිස්සාවේල්ලට ඇවිත් එතනින් දෙහිඕවිට ටවුමෙන් වමට හැරිලා තමා උඩමාලිබොඩ එහෙම නැත්නම් ඉහල මාලිබොඩ එන්න ඕනේ. එතනිනුත් උඩමාලිබොඩ තේ ෆැක්ටරි එක පහුකරගෙන ඇවිත් දික්ඇලිකන්ද එහෙමත් නැත්නම් දික්ඇල්ලකන්ද කියන ගමට එන්න ඕනේ දික් ඇල්ල කන්ද පාරේ ඉවරවෙන තැනටම ගියාම ලොකු ලොකු පිට්ටනියක් වගේ තැනකට වැටෙනවා එතන ලොකු වතුර අරන් යන නල වගයකුත් තියනවා ඒ නිසා අඳුරගන්න අපහසු නැහැ. වාහනයකට එන්න පුළුවන් මෙතනට විතරයි. තව දෙයක්, මේ පාර ග්‍රවුන් ක්ලියරන්ස් අඩු වාහනවලට නම් එන්න බැහැ. කට්ටියක් එනවනම් 4 විල් එකක් හරි කැබ් එකක හරි එන්න. අවිස්සාවේල්ලේ ඉඳන් යන්න තියෙන්නේ 50 km වගේ පොඩි දුරක් උනාට පාර හරිම දුෂ්කරයි. ගොඩක් වෙලාවට පාරේ නම අහපු ගමන් " ඒ පැත්තෙනම් යන්නේ නැහැ, පාර සවුත්තුයි" කියලත් කියාවි. ඒකනිසා හොඳම දේ තමා කලින්ම වහනයක් කතාකරගෙනම එන එක.

    sripada+map.jpg
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    13,002
    1,246
    113
    PX3-808

    මේ පාරත් නඩේ ගුරා වනgreenthunder සමග chdanu සහ මම මේ ගමනට එකතු උනා.
    මම මුලින්ම කිව්වා වගේ අවාරේ යනවනම් gps හෝ ගයිඩ් කෙනෙක් අත්ත්යවශ්‍යයි.ලක්දසුන් එකේ කලින් ගියපු කණ්ඩායම හදපු trail guide එක තමයි අපි යොදා ගත්තෙ ඔයාලට මෙතනින් gps සඳහා අවශ්‍ය ට්‍රේල් මැප් එක ගන්න පුළුවන්. තව සම්පුර්ණ ට්‍රේල් ගයිඩ් එකකුත් ඒ අය පබ්ලිෂ් කරලා තියනවා එකත් ගන්න මෙතනින්. ඒ ට්‍රේල් මැප් එක ඔයාලගේ android ෆෝන් එකට දාගන්න හැටි සහ ඒවාට ඕනේ කරන දේවල් බලාගන්න ඕනේ නම් අපේ greenthunder ගේ ට්‍රැවල් බ්ලොග් එකට යන්න . මේ ගමනේ සම්පුර්ණ ඉන්ග්ලිෂ් ට්‍රවලොග් එකත් ඔයාලට එතනින් බලාගන්න පුළුවන්.

    j8VGGC9MagBLd.JPG


    DSCN1085-001.jpg


    DSCN1088-001.jpg


    jbxeBk636UiRfh.JPG


    අපි ආපු ත්‍රීරෝද රියේ සතපහේ කට්ටක් කැඩිල ගමන පොඩ්ඩක් විතර ප්‍රමාද උනා

    DSCN1100-001.jpg


    DSCN1102.jpg


    කෙසේ හෝ පන්දෙනිය විදුලි බලාගාරය අසලින් අපේ ගමන ඇරබුනා

    DSCN1103.jpg


    උදෑසන ආහාරය ගත්තෙ පන්දෙනිය ගග ලග
    ගගෙන් එගොඩ වෙලා මාර්ගය ගගට සමාන්තරව වැටී තියනව
    3km පමණ ගමන් කල පසු අපි කැලය ඇතුලට ගමන් කර ඇතිබව වටහා ගන්න පුළුවන්
    ගගේ ජලපහරේ හඩ වියැකී යනවා

    DSCN1105.jpg


    DSCN1115.jpg



    කැලේ යටි වියන් ස්තරය වැඩි වීමෙන් ගමන තරමක් අපහසු වෙනවා
    ගමන් කිරීමේදී බෑවුම් ගැන සැලකිලිමත් වීම වැදගත්
    මොකද කියනවනම්, වේලිච්ච කොළ වලින් වැහිල තියෙන්නෙ පුලුවන්නම් සවිමත් කෝටුවක්
    රැගෙන මාර්ගය පැහැදිලි කරගන්න
    වෙහෙස වැඩියෙන් දැනෙන නිසා විඩාව නිවාගෙන ගමනේ යෙදීම තමයි සුදුසු

    DSCN1124.jpg


    මගදි අපිට කැලේ දෙවියන් වෙනුවෙන් පහන් දල්වන්න හදපු තැන් කීපයකුත් මුණ ගැසුනා

    DSCN1129.jpg


    පිපාසය නිවා ගන්න කුඩා දිය පහරවල් උදවු උනා

    2012-08-02+13.29.08.jpg


    දිග මනින කට්ටිය කෑම නැතුව ලොකු අමාරුවක. ලීච් සොක්ස් තිබුනේ නැත්නම් මෙයාල ඔක්කොම සැපට අපේ කකුල්වල. ඔයාලටත් ලීච් සොක්ස් ගන්න පුළුවන් කිරුලපන EDGE ආයතනයෙන්
    මෙතන පසුකරල ඉදිරියට යන විට අඩිපාර පොඩි බැස්මක් සහිතව වැටී තියනව
    මෙලෙස 5km පමණ පසු කල පසු පස් මං හන්දියකට පැමිණියා
    මෙතනින් අපි බැස්මක් සහිත මාර්ගය තෝරා ගෙන ඉදිරියට ගියා. නමුත් පැයක් පමණ ගමන් කලත් අපිට ඉදිරියේ නියමිත කුරු ගග හමු උනේ නැහැ
    දැන් වෙලාව සවස 3.30 පමණ ටිකෙන් ටික අදුර කැලය ගිල ගනිමින් සිටිනවා
    අපට මාර්ග වැරදී ඇති බව වැටහුනත් ආපසු යාම නුවණට හුරු නොවන බව අප සිතුවා
    පහලින් ජල පහරක හඩ ඇසුණු බැවින් අපි ඒ දෙසට ගමන් කලා. අවාසනාවකට එය මාර්ග විස්තරයේ සදහන් කුඩා දිය දහරාවන් නොවන බව පැහැදිලි උනා . GPS වලට අනුව අපි නිවැරදි මාර්ගයේ සිටියත් අපට කිසිදු අඩි පාරක සලකුණු දකිනට ලැබුනේ නැහැ.

    jXnTD1gblb4cX.jpg


    පාර වැරදිලා ඇවිල්ල හිටියෙ අලි නිතර ගැවසෙන පැත්තකට
    අලින්ගෙ අඩි පාරවල් වලින් හැදිච්ච ලොකු වලවල්, වගුරු බිමක් එරෙනව හැම තැනම. අවසානයේ සියලු දේනාගේ කැමැත්ත ඇතුව අපි මාලිමාව ට අපව නිවැරදි මාර්ගය කරා ගෙනයාමට බාර කරා. සිතියමේ අප සිටිනා තැනත් කුරු ගග හමුවන ස්ථානයත් හදුනාගෙන
    ඉදිරියට ගමන් කලා. මහා කාලය මැද මෙසේ 500m පමණ දුර ගමන් කරා අපිට ඒ සදහා 45min පමණ ගත උනා. සියලු දෙනාටම සැනසුම් සුසුම් හෙලන්නට අවස්ථාවක් උදාකරමින් අපි අඩි පාරක් වෙත ලගා උනා.ඒ මග ඔස්සේ ඉදිරියට පැමිණි පසු අපට කුඩා දිය
    කඩිති දෙක මුණ ගැසුණා.

    DSCN1143.jpg


    DSCN1144.jpg


    DSCN1145.jpg


    අවසානයේ පස්වරු 5 පමණ වන විට කුරු ගග තරණය ක‍ර වෙහෙස නොබලාම ඉදිරියට ගමන් කරා පැයකට පමණ පසු කුරුවිට එරත්න මාර්ගයට පිවිසෙන්න අපිට පුළුවන් උනා. පැයක පමණ ගමනකින් පසු ඉදිකටු පාන අම්බලම වෙත පැමිණියා

    DSCN1146.jpg


    DSCN1148.jpg


    DSCN1157.jpg


    රැට වල් උරන් හෝ වෙනත් සතුන් එන්න පුළුවන් නිසා අපි අමබලමට එන්න තියන එන්ට්‍රන්ස් එක කඩන් වැටිලා තිබ්බ ටකරමකින් ආවරණය කලා
    දැඩි ලෙස වෙහෙස වී සිටියත් වේලාව රාත්‍රී 7 පමණ ඌ බැවින් විඩාව නිවා ගැනීම පසෙක තබා රාත්‍රී ගත කිරීමට අවශ්‍ය ගිනිමැලය සුදානම් කිරීමට යුහුසුළු උනා. රාත්‍රී ආහාර සකසා ගැනීමට සහ බීමට ඉතිරිව තිබුනේ එක් ජල බෝතලයක් පමණයි. පහලින් ගගේ හඩ අසුනත් ඒ වෙත යාම අනතුරු දායක බැවින් ඒ අදහස අතහැර දැමුවා

    DSCN1170.jpg


    DSCN1182.jpg


    උදෑසන 6 පමණ අවදි වී රැගෙන ගිය කේක් සවල්පයක් ආහාර ලෙස ගෙන කුඩාරම ඇතුළු සියලු දේ රැගෙන ගමන ආරම්භ කරා. ගල් වං ගෙඩිය මංසන්දියට පැමිණි පසු අපිට ජලය සපයා ගැනීමට හැකිඋනා. එහිදී තේ සුදානම් කිරීමට භාජනය සෙවීමේදී එය ඉදිකටු පාන අම්බලමේ දමා පැමිණ ඇති බව පෙනී ගියා. වාසනාවකට මෙන් අපිට උදවු කිරීමට මෙහි නේවාසිකව රැදී සිටීන පුද්ගලයෙක් ඉදිරිපත් උනා.

    2012-08-03+08.16.33.jpg


    DSCN1184.jpg


    නඩේ ගුරාගේ තවත් නිර්මාණයක් වන ජංගම රෙඩ් බුල් උදුන මගින් වතුර උණු කරවා ගෙන තේ සාදා ගත්ත.


    DSCN1191.jpg


    DSCN1192.jpg


    DSCN1204.jpg


    DSCN1215.jpg

    එතැන් සිට පඩිපේලි මතින් ගමනේ යෙදුන. පෙරවරු පමණ උඩ මළුවට ලගවූ අපි පැය දෙකක් පමණ ගතකර ආපසු එම සදහා පිටත් උනා.

    DSCN1238.jpg


    DSCN1233.jpg


    DSCN1248.jpg


    DSCN1266.jpg


    DSCN1279.jpg


    හැටන් නල්ලතන්නි මග ඔස්සේ පස්වරු 5ට පමණ නල්ලතන්නි නගරයට පැමිණි අපි තවත් එක් අවාරේ සිරිපා ගමනක අවසානය සටහන් කරනු ලැබුවා

    සැලකිලිමත් විය යුතු කරුණු :-
    * අවාරේ ගමන් කිරීමේදී හා විශේෂයෙන් මෙම මාර්ගය කලේ මැදින් පිහිට ඇති බැවින් අම්බලන් හමු නොවේ එබැවින් කුඩාරමක් රැගෙන යන්න
    * අවාරේ ගමන් කිරීමේදී රාත්‍රී කාලයේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න

    * කැලේ තුලදී වනසතුන් හමු විය හැකි බැවින් ඒ පිළිබද සැලකිල්ලෙන් ගමන් කරන්න
    * කිසිදු ලෙසකින් මස් ආහාර ලෙස රැගෙන නොයන්න
    * වැඩිපුර ආහාර රැගෙන යන්න (ශක්ති ජනක පානයන්)
    * උඩ මාලිබොඩ තේ කම්හලේ සිට මාර්ගය ඉතා අබලන් බැවින් සැලකිලිමත් වන්න
    * leech Socks රැගෙන යන්න

    වැඩිදුර තොරතුරු සදහා greenthunder අමතන්න​
     
    Last edited: