බැග්_හොරා

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    images.jpg


    උදේ පාන්දරම මහා ගාලගෝට්ටියකි.නිවි හැනහිල්ලේ නින්දක් වත් දාන්නට නැත.කුනුකෙල පිටින්ම කුනුහර්ප දෙකක් කියාගෙන ඇඳෙන් නැගිට්ටෙමි.වෙනදා වගේ නොව සරම ඇඟේම තිබුනි.මෙය නම් ආශ්චර්යයක්මය.එක්කෝ චූටි මල්ලී උදේ පාන්දරම කාමරයට පැමින සරම අන්දන්නට ඇත.
    විවිධ මනස්ගාත සිතමින්ම මම කාමරයෙන් දොට්ට බැස්සෙමි.
    ගේ ඇතුලේ හෙනම සද්දේය.
    ලොකු මල්ලී චූටි මල්ලීට බනී,
    චූටි මල්ලී ලොකු මල්ලීට බනී.
    අම්මා මුන් දෙන්නාටම බනී.
    අපේ අහිංසක ගෙදර හිංසක භාෂාවෙන් අමතනවාට මම කැමතිම නැත
    ලොකු පුතා වශයෙන් යම් කිසි වගකීමක් ඇති නිසා මම මැද්දට පැන්නෙමි.

    "මොකද යකෝ තොපිට වෙලා තියෙන්නේ උදේ පාන්දරම.තොපි දෙන්නටම ගහනවා මට කේන්ති ගියෝතින්.."

    මල්ලිලා බය කරන රිසියෙන් මම නපුරු අයියාගේ චරිතයට ආවේශ උනෙමි.මට කේන්ති ගියොත් හෙන සැර බව උන් දෙන්නාම දනී.එවිට උන් කිසිවක් කියන්නේ නැත.මට නිතරම කේන්ති යන්නේ නැති බව උන් දෙන්නාම දනී.

    "තෝ එනවද මුදරස්පලමෝ අපිට ගහන්න.අන්න අරෙහේ ඇඳට ගිහින් තව ටිකක් නිදා ගනින් පව් නොදී"

    කුමක් හෝ නරක දෙයක් සිදු වී තිබේ.නැති නම් මල්ලිලා මෙහෙම කතා කරන්නේ නැත. ( හරි ඉතින් නිතරම මෙහෙම කතා කරන්නේ නෑ නේ..හ... )

    මාගේ බයාදු මුහුන දුටු අම්මා මා බේරා ගැනීම උදෙසා සටනට අවතීර්ණ වුනාය.

    "අයියට මෙහෙමද කතා කරන්නේ.මම කී පාරක් නම් කියලා තියෙනවද.ඔහොම කතා කරද්දී පාරේ යන කාට හරි ඇහුනොත් හිතාවි මේ ගෙදර වැඩිමල් අයට ගරු කරන්න දන්නේ නැති ගෙදරක් කියලා.සද්දේ අඩු කරලා කතා කරනවා."

    අම්මාගේ ඔවදන මල්ලී පිලිගත් සැටියකි.කට හ‍‍‍‍‍ඩේ සැර මදක් බාල කල ඔහු නැවත අයියාට වදින ගාථාවෙන් මා ඇමතුවේය.

    "මේ ඕයි..පව් නොදී යනවද? "

    අද ගාථාවත් හෙනම කෙටිය.වෙනදට වල් ඉත්තෑවා,ගස් බල්ලා,දිගංචිය,පොට්ටයා වැනි පාලි සංස්කෘත වචන කිහිපයක්ද අන්තර් ගත වේ.

    ඉල්ලන් ටිංකිරි ගා ගැනීමෙන් පසු නැවත කාමරය බලා යෑමට මා හැරුනා පමනි.
    කවදත් මාගේ අතිජාත බොක්කේ ලව් පිට් එක චූටි මල්ලී මා ඇමතුවේය.

    "ලොකු අයියේ.මම ඉස්කෝලේ යන්න ගත්තු අලුත්ම බෑග් එක මූ අරගෙන.දැන් එකේ කොහේ දාලද දන්නේ නෑ."

    මට ඔහු ගැන හෙන අනුකම්පාවක් සිතුනි.චූටි මොල වලට බෑග් එකක් උවත් හෙන වටී.ලොකු අයියා වශයෙන් මම චුටි මල්ලී වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය.ඌ කාගේ උනත් හොද ලොකු අයියෙක්ගේ මල්ලි කෙනෙක්ය

    "හොද හිතින් චූටි මල්ලිගේ බෑග් එක ආපහු දියන්.නැති නම් මම තොගේ තේ එකට ලුණු දානවා."

    "ඔව් ඔව්..ලොකු අයියා තේ එකට ලුණු දායි,මම තේ එකට ජාපාල දානවා..හොඳ හිතින් මගේ බෑග් එක දියන් හික් මීයෝ."

    පියවරක් ඉදිරියට තැබූ ලොකු මල්ලී, චූටි මල්ලීගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

    "ඈ යකෝ..තෝ ඔහොමද මට කතා කරන්නේ.මම තොගේ අයියා නේද?"
    බෙල්ල අත හරින්නේ නැතුවම චූටි මල්ලීගේ මූනට එබුන ලොකු මල්ලී කේන්තියෙන් පුපුරමින් අසයි.
    "ඉතින් ඔයා ලොකු අයියට කතා කරන්නේ එහෙමනේ.හ..."

    චූටි මල්ලී බයාදු ලෙස කීවේය.මමද බයාදු ලෙස හිනා වුනෙමි.

    "ඌ ඒ ලොකු අයියා නිසා.පොඩි අයියලට එහෙම කතා කරොත් තොට දෙනවා දත් ටික බඩට යන්න."

    මාගේ චූටි මල්ලීට අත උස්සනවා මට බලා සිටීමට නොහැකිය.ලොකු අයියා වශයෙන් මම මේ වගකීම බාරගත යුතුය.දඩි බිඩි ගා උන් දෙන්නාගේ මැද්දට පැන්නමි.

    "අඩෝ...."

    "ඇයි"

    "නෑ ඉතින්..අපි සහෝදරයෝ තුන් දෙනෙක් වශයෙන් මේක සාකච්චා මාර්ගයෙන් විසඳගමු.හරිය..දැන් ඔන්න ඔය චූටි එකාව බිමින් තියපන් මයේ අම්මේ.."

    "නෑ..මාව බිමින් තියන්න ඕන නෑ.මම තෝව කනවා..මගේ බෑග් එක දියාන් යකෝ...."
    මූට කට පියන් ඉන්නට බැරි සෙයකි.මූ ඉල්ලන්නේ ගේමමය.ගමේ ගොඩේ හුජ්ජ කොල්ලන් සමග බෝල සෙල්ලම් කරන්නට ගොස් උන්ගේ පාට් අපිට දමන්නට එයි.අපිට කිව්වට මට දමන්නේ නැත.මල්ලිලා දෙන්නාම මට බයය.
    මාගේ රහස් පරීක්ෂක බුද්ධිය භාවිතා කල යුතු අවස්ථාවකි මේ.
    හරි..ඔන්න පටන් ගත්තා...
    "මම මේ විශ්‍රාම ගිය රහස් පරීක්ෂකයෙක්.නිවාඩුවට ආවා දුවලෑ ගෙදර ජුංඩක් නැවතිලා යන්න. "
    රහස් පරීක්ෂක කතාවක දෙබසකින්ම මම බෑගය සෙවීම ආරම්භ කිරිමට සැරසුනෙමි.
    "බෑග් එක මොන පාටෙයි? අර පරණ කලු පාට එකමය."

    "නෑ ඕයි..අලුතෙන්ම ගත්ත එකක්.නිල් පාට.ඒකේ හොර පොකට් තියෙනෝ."

    මේ නම් ආස්චර්යයක්මය.ඉස්සර අපිද හොරපොකට් තිබූ බෑග් වලට ආසා කොලෙමු.එව්වායේ එක එක ඒවා දාගෙන පාසලට ගෙනිච්චෙමු.එක එක එව්වා කියන්නේ නරක දේවල් නොවේය.අපි පාසලට ඔයාලා වගේ නරක දේවල් ගෙනිච්චේ නැත.

    "ඒකේ Kill Me කියලා ගහලා තිබ්බා.නිල් පාටයි.ටිකක් ලොකුයි කලින් එකට වඩා.කර පටි දෙක ම්හතයි."

    ඒ වදන් ටික කියද්දී මාගේ ඇස් වලින් ඩොලර් පැන්නේය...

    "ඒකේ කර පටිය කලු පාටෙයි,බෑග් එක ඇතුලේ පැන්සල් පෙට්ටියකුයි,පොත් දෙකකුයි තිබ්බය?.හොර පොකට් එකේ සෙලීනා ගෝමස් ගේ කී ටැග් එකකුත් තිබ්බද?"

    "හෑ...ඔව් ඔව්.අන්න ඒක තමා.කොහේදිද දැක්කේ..?"

    පෙරේදා කොළඹ යද්දී මම රැගෙන ගොස් ඇත්තේ මුගෙ බෑග් එකය.එය මම ගත්තා යැයි දැන ගත්තොත් මුන් දෙදෙනාම එක්වී මට පහර දෙනු ඇත.සෙලීනා ගෝමස් ගේ කී ටැග් එක ඇත්තේ මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක දාන ලාච්චුව විවෘත කරන යතුරේය.
    කුප්ප බුද්ධිය යොදා මෙයින් ගැලවිය යුතුය.

    "ඔව් මම දැක්කා..මම දැක්කා ඒක මෙන්න මූ අරගෙන පන්ති යනවා..ඇත්ත කියපන්..තෝ කොහේද චූටි මල්ලිගේ බෑග් එක දැම්මේ."
    පොඩි මල්ලී දෙසට අත දික් කල මම ඌට චෝදනා කලෙමි.

    "මම ගත්ත බෑග් එකක් නෑ පොට්ටයෝ.."
    උපැස් යුවල් පලඳින හැම අයියාටම මල්ලිලා කතා කරන්නේ පොට්ටයෝ කියාලා නිසා මට එය ගානක් නැත.
    "ආ...උඹ ගත්තේ නෑ..හිටපන්කෝ...චූටි...ඔයා මුගේ කාමරේ බැලුවද?"

    "ඔව් අයියේ..කාමරේ තිබුනේ නෑ..මම හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවා."

    "හ්ම්ම්ම්..ඔයා මගේ කාමරේ බැලුවද?"

    "නෑ..බලන්නද?''

    "හෑ...නෑ නෑ...මම මේ නිකන් ඇහුවේ.කවුරු හරි උදේ කාමරේට ඇවිල්ලා මට සරම අන්දලා ගිහින් තියෙනවා.ඒකයි ඇහුවේ.."

    "මම යකෝ සරම ඇන්දුවේ."
    පොඩි මල්ලී පිලිතුරු දුන්නේය.

    "ආ..එහෙමද...ටැන්කුයි ආ....චූටි..ඔයා කුස්සියේ පොඩ්ඩක් බලන්න.බෑග් එක.මම ආයේ මුගේ කාමරේට ගිහින් සර්ච් එකක් දාන්නම්."

    "කුස්සියේ? කුස්සියේ කොහේද අයියේ බෑග්.."

    "තොට ඒ පන්ඩිත කම් වැඩක් නෑ නේ..ගිහින් බලපිය.සීනි බෝතලේ තියෙන හරියේ බලපන්..මූ එතන තමා හංගන්න ඇත්තේ."

    "බලන් ඉඳපල්ලා..අයියටයි මල්ලිටයි හම්බෙයි ලබ්බක්.මම යනවා ඇඟ හෝදගන්න.උබලට බෑග් එක හම්බුනොත් මටත් කියපන් හොඳේ"

    තුවායත් කරේ දමා ගත් පොඩි මල්ලී පිටව ගියේය.ඔහුට පිටු පසින් චූටි මල්ලීද කුස්සිය දෙසට ඇවිදගෙන ගියේය.කරන දෙයක් ඉක්මනින් කල යුතුය.දඩ බඩ ගා මාගේ කාමරයට පැනගත් මම ,මේසය උඩ තිබූ බෑග් එක ගෙන පොඩි මල්ලීගේ කාමරයට පැන්නෙමි.බෑග් එක ඉක්මනීන් ඇද යටට විසි කල මම ටික වෙලාවක් කාමරයේ රැඳී සිටියෙමි..ඉන් පසු එක් වරම

    "මෙන්නෝ....මූ බෑග් එක හංගපු තැන අහු වුනෝ..." කියා කෑ ගැසුවෙමි.

    කාමරය සෙනඟින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැත.

    "පෙනේද..මූ බෑග් එක හංගලා තියෙන්නේ ඇඳ යට.මට කාමරේට ආපු ගමන් සැක හිතුනා..දන්නව නේ ඉතින් මට ඕනම දෙයක් ඉක්මනට හොයා ගන්න පුලුවන් කියලා."

    ටවල් එක සරමක් ලෙස හැද සිටි ලොකු මල්ලී කටත් ඇරගෙන මා දෙස බලා සිටී.සියල්ලෝම ඉදිරියේ ඔහුගේ රෙදි ගැලවීම ගැන මම හෙනම ප්‍රීතියෙන් සිටියෙමි.
    නමුත් එක් වරම චූටි මල්ලී කටහඩ අවදී කලේය..

    "ලොකු අයියේ.."

    "හ්ම්ම්ම්ම්ම්,,,,"

    "මම ඔයා කාමරේට එන්න කලින් ඇඳ යට හොඳටම හොයලා බැලුවනේ"


    Source
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මාත් ඔහොම වැඩ කරලා තියෙනවා..
    මැද එකාව තමා හැමදාම ඕවට අහු වෙන්නේ....
    වැඩේ කියන්නේ මුලු ගෙදරම නැති උන දෙයක් හෙව්වත්
    එකෙක්වත් ඇවිත් මගේ කාමරේ ඕව හොයන්න එන්නේ නෑ..
    ඒක Restrict area එකක් කියලා ගෙදරම දන්නවා.
    විශේෂ අවසරයකින් තොරව ඇතුල් වීම තහනම්...
    :lol::lol::lol:
    ඒත් මම උන්ගේ කාමර වලට අවශය ඕනෑම වෙලාවක යමි...
    දෙන්නාගෙන් එකෙක්ටවත් මට විරුද්ධව කැරලි ගැසිය නොහැක..
    දෙදෙනාම එකතුව ගේම ඉල්ලූ විට එකෙක්ට අත කට පුරා වදිනකොට අනිකා මාරු වෙයි...
    :oo::oo:
    අඩේ පවුලේ පළවෙනියා තමයි බලන් ගියාම පවුලේ එපාම කරපු එකා..
    අම්මත් වැඩියෙන්ම ආදරේ ලොකුම එකාටලු ඕනම පවුලක..
    :sorry::sorry::sorry:
    පොඩිම එකා අම්මාටද,ලොකු අයියාටද,දෙවැන්නාටද (අක්කෙක් නම් ටිකක් ෂේප්) බය විය යුතුමය...
    :shocked::shocked::shocked:
    මේ නිසා පවුලේ අවුල් 100% ට ම අදින්නේ පොඩි එකා ය...
    ළමා කාලේ මතක් උනා මචෝ මේක බලලා..
    දුන්න ඔන්න REP අත පුරවලම 3+
    :):):)
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩේ මාත් ඔහොම වැඩ කරලා තියෙනවා..
    මැද එකාව තමා හැමදාම ඕවට අහු වෙන්නේ....
    වැඩේ කියන්නේ මුලු ගෙදරම නැති උන දෙයක් හෙව්වත්
    එකෙක්වත් ඇවිත් මගේ කාමරේ ඕව හොයන්න එන්නේ නෑ..
    ඒක Restrict area එකක් කියලා ගෙදරම දන්නවා.
    විශේෂ අවසරයකින් තොරව ඇතුල් වීම තහනම්...
    :lol::lol::lol:
    ඒත් මම උන්ගේ කාමර වලට අවශය ඕනෑම වෙලාවක යමි...
    දෙන්නාගෙන් එකෙක්ටවත් මට විරුද්ධව කැරලි ගැසිය නොහැක..
    දෙදෙනාම එකතුව ගේම ඉල්ලූ විට එකෙක්ට අත කට පුරා වදිනකොට අනිකා මාරු වෙයි...
    :oo::oo:
    අඩේ පවුලේ පළවෙනියා තමයි බලන් ගියාම පවුලේ එපාම කරපු එකා..
    අම්මත් වැඩියෙන්ම ආදරේ ලොකුම එකාටලු ඕනම පවුලක..
    :sorry::sorry::sorry:
    පොඩිම එකා අම්මාටද,ලොකු අයියාටද,දෙවැන්නාටද (අක්කෙක් නම් ටිකක් ෂේප්) බය විය යුතුමය...
    :shocked::shocked::shocked:
    මේ නිසා පවුලේ අවුල් 100% ට ම අදින්නේ පොඩි එකා ය...
    ළමා කාලේ මතක් උනා මචෝ මේක බලලා..
    දුන්න ඔන්න REP අත පුරවලම 3+
    :):):)

    patta
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,184
    113
    Forest
    Ado pattetama liyala tiyanawa :D 150% awesome :D Uba ayith me wage thread ekak daanawanun mata PM ekak daala kiyapan hode tharaha nathuwa. Patta athal writing style ekak :)
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    985
    113
    New York, USA
    ආතල් බන්.. මටනම් ඉන්නෙ නංගිල දෙන්නෙක්, උන් එක්ක රණ්ඩු වෙනවට වඩා හොඳයි කෝච්චියට බෙල්ල තියනව
    :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආතල් බන්.. මටනම් ඉන්නෙ නංගිල දෙන්නෙක්, උන් එක්ක රණ්ඩු වෙනවට වඩා හොඳයි කෝච්චියට බෙල්ල තියනව
    :P

    මම වගේ...
    මම නම් දීලා අදිනවා...
    මල වදේ...
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මුන් දෙන්න හොදයි මගෙ මල්ලිල දෙන්නගෙ ඔහොම සකච්චා නැහැ කෙලින්ම කරාටි මරාටි වලින් තමා දෙන්න පටන් ගන්නෙ ලොකු එක පොඩි එකට බිම දාගෙන හොදටම සලකද්දිත් පොඩි මල්ලි නෙවේ ගෙම අතාරින්නෙ ජිවිතෙ පරදුවට තියල හරි කමක් නැහැ ගෙම් එක වින් කරන්නයි පොඩි මල්ලිට ඔන, සාමාන්නයෙන් අම්ම බෙරන්න ෆුල් ට්‍රය් එක දිල බැරිම උනාම තමා මට කොල් කරන්නෙ සාමාන්යයෙන් නම් ලොකු මලය මම කියන දෙ එකෙන්ම අහනව එකට පොඩි එකා.... ගුටි කන්නමයි ඔන, මටත් එයාගෙ වැදි බාසාවෙන් අමතන්න පටන් ගත්ත ගමන් මමත් දෙක තුනක් සලකල තමයි ප්‍රශ්නෙ විසදන්නෙ...