අව්‍යාජ_මිනිසෙකු_දිටිමි.

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    982
    113
    New York, USA
    අව්‍යාජ_මිනිසෙකු_දිටිමි.

    ඒ 2011 වසරේ අගෝස්තු මාසයේ දිනයකි..... රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ කදවුරුගතව සිට සමස්ත ලංකා පළමු ස්ථානය දිනාගත් අපගේ අපරදිග තූර්ය වාදක කණ්ඩායමේ වර්තමාන කොලු පොඩ්ඩන් හමු වෙන්නට බයිසිමොටෝ මගින්ම රංටැඹේ වෙත යාමට පිටත් වූ ගමනකි... සිරාගේ බයිසිකල් චාරිකා නඩේ අඩුවක් නැතිව සහභාගී වූ මේ චාරිකාව උදා අරුමැක්කේ පිටත් වූ එකකි. උදෑසන 8 වන විට බයිසිකල් කරුවන් කෑගල්ලට අතුරු උපද්‍ර‍වයකින් තොරව ලගා විය. දතා මල්ලීගේ බයිසිමොටෝවේ පශ්චාත් රෝදය අනතුරුදායක ලෙස තට්ටය පෑදෙන්නට ගෙවී තිබුන නිසා පිරිස සුනංගු නොවී ඒ වෙලාවේ නගරයේ විවෘතව තිබූ එකම ටයර් කඩයට සම්ප්‍රාප්ත විය. නගරය සාමකාමීය... උදා හිරු රැස් ක්‍ර‍මයෙන් නගරය ගිලගන්නට මාන බලනවා වුවත් හාත්පස තිබුනේ සීතලකි...

    ටයර් කඩය විශාල එකකි... බැලූ බැල්මට එහි පුෂ් බයිසිකල් සදහා සේවා සැපයෙන්නේ නැත.. හිමිකරු යැයි කිවහැකි උස මහත මැදිවයසේ අයෙකු බුදු පහන දල්වා ආශිර්වාද ලබාගෙන සුවද දුම් හමන මද පවනට එකතු කරමින් සිටී. තත්වය එසේ වූවත් අපේ කථා නායකයා අහිංසක ලීලාවෙන් ඒ ඉදිරිපිට සිටගෙන සිටියේය. බැලූ බැල්මට හෙතෙම අහිංසක කමේ ප්‍ර‍තිමූර්තියකි... පළමු බැල්මෙන් සිරාගේ සිත දිනාගත්තෙකි... දතා මල්ලි අවශ්‍යතාව පවසා කඩය තුලට යනතෙක්ම දරුවෙකු මෙන් ආදරයෙන් අල්ලාගෙන සිටි පාපැදිය දෙස දයාවෙන් බලා සිටි ඔහුගේ මුහුණේ මන්දාස්මිතියක් නැගින.


    CIMG4795.JPG


    ඔය සීයා මාර භාණ්ඩයක්... පොඩ්ඩක් කථා කරලා බලන්න....

    බයිසිමොටෝවේ ටයරය ගලවන ගමන් කාර්මිකයා තෙපලූ හෙයින් සිරා උන්දෑ සමග වචනයක් දොඩන අටියෙන් ඔහු සමීපයට ගාටන්නට විය...

    සීයෙ කොහොමද ඉතිං....
    වරදක් නෑ පුතේ.....
    මොකද උනේ...
    බයිසිකලේ පැච් එකක් ගියා නොවැ... වෙන ලෙඩක් නම් මටම හදා ගන්න ඇහැකි... නැත්නම් අනිත් අඩුම කුඩුම ඔක්කොම මයේ ලග තියෙනවා....

    එසේ ඇරඹුනු කථා බහ විවිධ අතුරු මාර්ග තරණය කර පෑ භාගයක් තරම් කාලසීමාවක් පැවතිනි... ඒ අවසානයේ මා විමතියට පත් වූයේ මෙවැනි අධිවේගී සමාජයක් තුල මේ තරම් අව්‍යාජ මිනිසුන් තවමත් වෙසෙන බව දැනගැනීමෙනි....

    මුතුබණ්ඩා තමයි ඔන්න සීයගෙ නම... මහනුවර පිළිමතලාව ඔහුගේ ගම..කථාවට ඉතාමත් ප්‍රියයි.. ඒ වගේම කථා බහ අතරතුර විහිලු තහලු කරන්නත් අමතක කරන්නේ නැති නිසාමදෝ නුවර තරුණයන් අතර මුතුබණ්ඩා සීයා ජනප්‍රිය චරිතයක් ලු... ඔවුන් ඔහු අමතන්නෙ ජොලි අන්කල් එහෙමත් නැත්නම් චූන් අන්කල් ලෙස... මේ විස්තර කිව්වෙ මුතු බණ්ඩා සීයාම තමයි....

    මේ බයිසිකලේ අරගත්තෙ එකදාස් නමසිය හැට අටේ... ඉස්තරම් රැලේ බයිසිකලයක්...කීයද දන්නවද ගාන... රුපියල් 65/- යි... ඒ සන්දියෙ මම ඉතින් ශක්තිසම්පන්න පුරුෂයා...මඩ ගොවිතැන තමයි කොලේ... කරකාරයක් බැදගෙන පිළිමතලාවෙම තමයි විසුවෙ... කටුමැට්ටෙන් යන්තම් ගේ පොඩ්ඩක් හදාගෙන අපි ජීවත් වුනේ...අදටත් මම ඉන්නෙ ඒ ගෙදර තමා... වෙනසකට තියෙන්නෙ මම දැන් ඉන්නෙ තනියෙන්.... මයෙ උන්දෑ කරුම ලෙඩක් හැදිලා අවුරුදු 4ට විතර ඉස්සර මිය පරලොව ගියා.... ඔන්න ඔහොමයි සීයා සීරාට විස්තර කියන්න පටන් ගත්තෙ.

    මුතුබණ්ඩා සීයාට අනුව ඔහු දියණියකගේ සහ පුත්‍රයෙකුගේ පියෙක්....විවාහයෙන් පසු දියණිය ජීවත් වන්නේ කටුනායක ප්‍රදේශයේ.. පිළිමතලාවේ සිට ඔහු තවමත් දියණිය බැහැ දකින්නට යන්නේ පාපැදියෙන්..

    අයියෝ ....මම ලංකාවෙ ඕනේම තැනකට යන්නෙ මේ බයිසිකලයෙන් තමා.... කටුනායකට බයිසිකලේ යන්න දුර වැඩි නැද්ද කියලා ඇහුවාම ඔහුගේ පිළිතුර එහෙමයි...

    තුන් දොහොකට කලින් කෙලීගෙ ගෙදර ගියා... ඒකි වරකා කන්න රුසියා... මම අයිස් කැට ගොඩක් මැද්දෙන් වරකා මදුලුත් කීපයක් තියාගෙන තමයි කටුනායක ගියේ..... අද රාත්තිරියේ 12.20 ට තමයි ඔන්න දුවගෙ ගෙදරින් පිටත් වුනේ...


    උදෑසන 8 පමණ වන විට මුතුබණ්ඩා සීයා කෑගල්ලට ඇවිල්ලා තිබුනෙ පැය 8 කට ආසන්න කාලයක් බයිසිකලය පැදීමෙන් අනතුරුව...

    මේ වගේ ගමන් බිමන් යනවට දරු මල්ලො කැමතිද.....සිරාගෙ ප්‍ර‍ශ්නෙට මුතුබණ්ඩා සීයා හිනාවුනා...

    දරුවන්ට කියලා මට ඉන්නෙ ඔය කෙලී විතරයි දැන්...

    එතකොට පුතා...


    දියේ ගිලෙන්න ගිය කෙනෙක් බේරගන්න ගිහිල්ලා මයෙ කොල්ලා මැරිලා හුගක් කල්... වැලි ගොඩදාන රස්සාව තමයි කලේ... උගෙ මරණය ගැන හිතලමයි මයෙ ගෑණිත් ලෙඩ ඇදට වැටුනෙ....

    ඉතිං සීයෙ ඇයි දුව ලගට යන්නෙ නැතුව පිළිමතලාවෙ තනියෙන් ඉන්නෙ....

    දුවත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ... උන්ටත් මහලොකුවට සල්ලිය භාගෙ නෑ... නාකි මම උන්ට කරදරයක් වෙන්ට නරකයි... ඒ හින්දා මම තියෙන දෙයක් කාලා ගෙදරට වෙලා තනියෙන් ඉන්නවා.... දුව නිතර නිතර මා එක්ක කථා කරන්න මට සැල්ටොන් එකකුත් අරන් දුන්නා... මේ තියෙන්නෙ ඒක..... මේක වැඩිය වටින එකක් නෙමෙයි මගෙ හිතේ....මයෙ ගෙදර කරන්ට් එක නැති හින්දා ගේ ළග කඩේකින් තමයි මේකෙ බැටරිය චාර්ජ් කොරන්නෙ...


    සීයගෙ පාපැදියත් අපූරු එකක්... ඊට අන්තර්ගත දේවල් බොහොමයක් තිබුනා...

    මයේ බයිසිකලේ ඕනෙ දුර ගමනක් යන්ට පුලුවන්... මේ බලන්න තියෙන දේවල්... ඔහු එකිනෙක දෑ පෙන්වයි.


    CIMG4802.JPG


    ඒ අතර හාල් මිටියක්, තේ පෝච්චියක්, පස් පංගුව පැකට් කීපයක්, විදුලි පන්දමක්, ආයුධ කට්ටලයක් වගේම බැටරි කීපයකින් ක්‍රියාත්මක වන පරිදි පාපැදියටම සවිකල අපූරු රේඩියෝවක්ද වුනා....

    CIMG4796.JPG


    අද උදේ බයිසිකලේ නවත්තලා තියෙද්දි පෙරලුනා. දැන් රේඩියෝ එක වැඩ කරන්නෙ නෑ... වයර් එකක් ගැලවිලාද කොහෙද...

    මම ගමනක් යද්දි උවමනා වුනොත් පාර අයිනෙ ලිපක් හදාගෙන තේ වතුර ටිකක් පස්පංගුව ටිකක් හදාගෙන බොනවා... මේ ඉස්සරහා කූඩෙ සීනි,කෝප්ප, හැදි වගේ අඩුම කුඩුමත් තියෙනවා....


    CIMG4799.JPG


    සීයෙ බයිසිකලේ මෙහෙට ගන්න... පැච් එක දාලා දෙන්න.. කාර්මිකයා බෙරිහන් දුන් හෙයින් කථාව මදකට නවතා බයිසිකලය ඔහු සමීපයෙන් නවතා මුතුබණ්ඩා සීයා නැවතත් අප වෙත පැමිණියා... ඒ වන විට දතා මල්ලීගේ බයිසිමොටෝවේ කටයුතු අවසන් හෙයින් අපට ඔහුගෙන් සමුගැනීමට කාලය එළඹ තිබිනි.

    සීයා උදේට කෑවද ? ඔහු සිනාවක් දක්වයි. මුහුණේ ඉරියව් අනුව නිරාහාරව සිටින බව පෙනේ.

    අතේ සල්ලි තියෙනවද ? නැවතත් සිනාවකි... ආහාර ලබා ගැනීමට අත මිට මුදල් නැති සෙයකි.
    ළග පාත කෑම කඩයකුත් නොවූ හෙයින් මුදල් නෝට්ටු කීපයක් ඔහු අත මිට මෙළවූ ජපන් චමී...

    ඔන්න බලපන් මචං අපේ රටේ නියම මිනිස්සු
    යැයි පවසා යතුරු පැදියට නැගුනේය.

    කාටවත්ම අතනොපා පරම්පරාගත කුඹුරු අස්වද්දමින් තනියෙන් ජීවත් වන ගමන් දියණියගේ දුක සැප බලන්නට ගත වාරු නැති මේ කාලසමයේදීත් හිත වාරුකර විදුලි වේගයෙන් දුවන වාහන වලට මැදිවී මෙතරම් දුරක් පාපැදියෙන් ගමන් කරන මුතුබණ්ඩා සීයා සැබෑ වීරයෙක් නොවේද ?

    අනුන් සතු දේට ලොබ බැද, පරපණ නසනා මෙවන් කලියුගයක.. පුහුදුන් හරසුන් මිනිසුන්, කාඩ්බෝඩ් වීරයන් රජකරනා මෙවන් සමාජයක මුතුබණ්ඩා සීයා යනු සැබැවින්ම ගැමිකමේ සුවද පතුරන අව්‍යාජ මිනිසෙකි. ඔහුට දීර්ඝායුෂම වේවා !


    හිතට වැදුන කතාවක් නිසා, හිතුන අනිත් යටත් බලන්න දාන්න
    උපුටා ගැනීම සිරාගෙ කාමරේ බ්ලොග් අඩවියෙනි. .
    http://siragekamare.blogspot.com/
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    maxxa..mehema minissu innava....
    e minissu ohoma inna eke thamai ayalata hoda..
    mehe genalla promote karannagiyama e minissunta e venasa
    mala karadarayak venava....
     
    • Like
    Reactions: snoop

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    " baisikalaya" kiyala keti kathawak thibuna mata eka mathak una meke kiyawapu gaman... potha nm "rathu rosa mala" da koheda mata mathaka widiyata...
    +6
    හ්ම්.. බයිසිකලය කියන කෙටි කතාව මමත් කියවලා තියෙනවා.. කතාව ඇසුරෙන් ටෙලි කතාවකුත් හදලා තිබුණා.. ඉස්සර පෙන්නුවා රූපවාහිනියෙ.. ඉස්ලෙ තෙත් තිබුණා ඔය කතාව..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    හ්ම්.. බයිසිකලය කියන කෙටි කතාව මමත් කියවලා තියෙනවා.. කතාව ඇසුරෙන් ටෙලි කතාවකුත් හදලා තිබුණා.. ඉස්සර පෙන්නුවා රූපවාහිනියෙ.. ඉස්ලෙ තෙත් තිබුණා ඔය කතාව..
    Gunadasa Amarasekara mahathmayada koheda thamai potha liyala thibbe mata matha widiyata...:nerd::nerd: Tele drama eka nm mama balala ne a potha nm asawen kiyeuwa pothak.. :yes: nedda a tele drama balanna link ekak..???:nerd: