මෙහෙම සින් එකක් දන්නවද ?

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මෙහෙම සින් එකක් දන්නවද ?

මේ ටික පිළිවෙලට බලාගෙන පහලට යන්නකෝ ....

මේක විශේෂ ජායාරුපයක්
පලවෙනි ජායාරුපය බ්‍රන්ඩිස් විශ්වවිද්ද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මොලයේ සයිල නියුට්‍රෝන එකින් එකට සම්බන්ද වෙන විදිහ ගැන කරපු පර්යේෂණයකදී සොයා ගත් මොලයේ සයිල එකින් එකට සම්බන්ද වී ඇති අයුරු දැක්වෙන ජායාරුපයක් ...

දෙවැනි ජායාරුපය ගිය අව්රුද්දෙ තාරක විද්ද්‍යා පරේක්ෂක පිරිසක් ව්සින් මේ වන විට විශ්වය පැතිරී ඇති ආකාරය ගැන පරිගණක අශ්රිතයෙන් නිර්මාණය කල විශ්වයේ පැතිරී ඇති අයුරු දැනට සොයා ගත් ආකාරය දැක්වෙන ජය රුපයක්

හරිම සමානයි නේද ?


2hoi83c.jpg


හරි දැන් මේක බලන්නකෝ , අපිව 90 % හැදිලා තියෙන්නේ තරු දුහුවිලි වලින්ලු

tumblr_m8e5wlnXUS1r9axpeo1_500.jpg


ඊට පස්සේ මම වීඩියෝ එකක් දන්නම් , මේක පොඩි වීඩියෝවක් ,Neil deGrasse Tyson කියන්නේ තාරක විද්ද්යව පිළිබද දැනට ඉන්න විශිෂ්ටතම scientist කෙනෙක් , යුටියුබ් එකේ හොයල බැලුවොත් ගොඩක් කරුණු හොයා ගන්න පුළුවන් වේවි .

මේකේ මෙයාගෙන් අහනවා විශ්වයේ ඇති අසිරිමත්ම , පුදුමාකරම fact එක මොකක්ද කියල , එය දෙන උත්තරය තමයි ඒ "දැනුම" කියන එක , එහෙම කියන්නේ ඇයි කියල අහල බලන්නකෝ

"තමන් තුලම විශ්වයක් ඇති බව එතුමාගේ අදහසයි"








මේ ඔක්කොම දාල අන්තිමට මට දන්නා ඕනි උනේ ඔයාල හැමෝම අහල තියන මේ වගේ දෙයක්

" මහණෙනි සත්ත්‍ය බබයක් පමණ වූ ශරීරයෙ තුලින්ම අවබෝද කර ගත හැක "
බුදුරජාණන් වහන්සේ


Cosmic_Buddha.jpg






මෙහෙම කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි , මේ කියමෙනේ යට ලොකු කතාවක් තියනවා නේද කියලයි මට හිතෙන්නේ ..උබලට මොකද හිතෙන්නේ ?

මේක ගැලපෙන්නේ නැති එකක්ද දන්නේ නැහැ එත් ඔයාලගේ අදහස දැනගන්න කැමතියි

ප : ලි : මේකෙන් මන් අදහස් කරේ බුදුන් තමන් තුලින්ම විශ්වය විනිවිද දැක්කය කියන එක ගැන අදහසක් ඉදිරිපත් කිරීමකුයි



:):):):):):):):):):):):):):)
 
Last edited:

Sachchaka

Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    100% true story
    Nice youtube comments :
    "well if you put it that kind of a texture that would make me want to kill myself just by the way you said that. The idea is that your life on earth is a lot bigger than you think. You live because the exact things that you're made of is the exact reason anything is well anything. So if you feel out of touch from society or the world, you're really not. You're the reason the earth or any of the planets exist. When you think of it like that life means a lot more than just living.You make life live"


    "Though humans may one day be gone. Our atoms will live on."

    True story!!!

    rep+
     
    Last edited:
    • Like
    Reactions: guru.G

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    oka therum gaddi api godak parakku wadi wei machan...



    Thanks for sharing ... 2+

    beda gaththata bohoma sthuthiyi.
    wasara 2500 kata kalin bubun wahanse deshanaa kala dewal aththama thamayi.

    අම්මෝ ඉතුරු ජිවිත කාලෙම හිතන්න තරම් දෙයක් මේකේ තියෙනවා .... බොහොම ස්තුතියි.....+++

    Siraavata machan :)

    thanks machan :):)
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    100% true story
    Nice youtube comments :
    "well if you put it that kind of a texture that would make me want to kill myself just by the way you said that. The idea is that your life on earth is a lot bigger than you think. You live because the exact things that you're made of is the exact reason anything is well anything. So if you feel out of touch from society or the world, you're really not. You're the reason the earth or any of the planets exist. When you think of it like that life means a lot more than just living.You make life live"


    "Though humans may one day be gone. Our atoms will live on."

    True story!!!

    rep+

    සිරාවට මචන් , ඔය සින් එක තමයි මරෙනෙන් මතු ජීවිතය ,නැවත ඉපදීම , සසරේ සැරී සැරීම කියල එහම කියනවා ඇත්තේ
     
    Last edited:

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    උඹට ගොඩක් පින් මචන් share කර ගත්තට...

    මේ ටික උපුටා ගත්තේ මෙතනින් 'http://slgsin.blogspot.com/2009/07/blog-post_3934.html' . වැදගත් වෙයි කියල හිතුනා.


    "බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

    විශ්වය සාමාන්‍ය නුවණින් විස්තර කළ නොහැකි ය. බුදුන් වහන්සේ ලෝකය යනුවෙන් නිර්වචනය කරන ලද්දේ ‘ලුජ්ජති පලුජ්ජතී’ ති ලෝකෝ’ යනුවෙනි. එනම් කැඩෙන - බිඳෙන ස්වභාවයෙන් පත්වන දේ ලෝකයයි, යනු යි.

    විද්‍යාඥයින් විසින් පිටසක්වළ යනුවෙන් හඳුන්වන්නේ මේ විශ්වයමයි. බටහිර නවීන විද්‍යාවට බුදුරදුන් දෙසූ විස්තර ගෝචර වී නොමැත.

    බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳ ඉතා පැහැදිලි හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂය පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒවා නම් ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය හා සෘද්ධි විෂය යි.

    එසේම, බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි.

    ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි."
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,551
    8,631
    113
    kandy
    ගොඩක් වටිනා හිතන්න දෙයක් තියන නූලක්.අපි වෙනුවෙන් ඉදිරිපත් කරාට thnx bro