ඔන්න පොරක් යකඩ ඇන කොම්පැනියක් පටන් ගත්තා. අපි නිකමට හිතමුකෝ, මිනිහගේ නම ගාමිණී. ඒ හින්ද කොම්පැනියේ නමත් ගාමිණී කියලා. කොටින්ම කියනවානම් "ගාමිණී " තමයි Brand name එක. ඉතින් වැඩේට පොඩි ප්‍රමෝෂන් පාරක් දෙන්න ඕනි නිසා මිනිහා ගියා සිරිපාලගේ advertising කොම්පැනියට. සිරිපාලත් වැඩේ බාර ගත්තා.
ඊළඟ දවසේ උදේම ගාමිණීට කෝල් එකක් ආවා. බැලින්නම් ක්‍රිස්තියානි පල්ලියේ ෆාදර්. කෝල් එකට ආන්සර් කරපු වෙලේ ඉඳන් ෆාදර් මුට හොඳට අමතනවා... ගාමිණීට පිස්සු පීකුදු මේ මොකක්ද මේ මරාලේ කියලා.
ඉතින් මු ඇහුවා "ෆාදර් , මොකක්ද ප්‍රශ්නේ??" කියලා. එතකොට ෆාදර් කිව්වා "ප්‍රශ්නේ??? ප්‍රශ්නේ බලන්න ඕනි නම් බලාපිය අද පත්තරේ. හෙට වෙද්දී ඕක නිවැරදි වෙන්න ඕනි " කියලා.
ගාමිනියත් ඉක්මනට පත්තරේ අරන් බැලුවා මොකක්ද සීන් එක කියලා. මේ තියෙන්නේ ඇන කොම්පැනියේ පලවෙනි ඇඩ් එක. ඔන්න ඇඩ් එකේ විස්තරේ මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇන ගහපු චිත්‍රයක් තියෙනවා. ඒක යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.
"ගාමිණී ඇන .....ගැහුවොත් ගැහුවාමයි ..."
ඉතින් ෆාදර්ට මල පනින එක පුදුමයක් යැ??? ඒ පාර ගාමිණී ගියා සිරිපාල හොයාගෙන. ගිහින් උටත් ඇමතුවා...
"වහාම හෙට පත්තරේ මේක නිවැරදි කරලා දාපන්, නැත්තම් මම ඇන බිස්නස් කරලා හමාරයි යකෝ"
සිරිපාලත් ඔලුව වැනුවා ..."හරි මචන්, මම ඕක ශේප් කරන්නම්කො, උඹ හෙට පත්තරේ බලපංකො " සිරිපාල කිව්වා.
ඔන්න ඊළඟ දවසේ උදේම ගාමිණී හරිම සන්තෝසෙන් පත්තරේ අතට ගත්තා සිරිපාලගේ නිවැරදි කිරීම බලන්න. මෙන්න උගේ නිවැරදි කිරීම. ඒකත් පොඩි ඇඩ් එකක්.
කුරුසිය තියෙනවා. හැබැයි කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඈතින් ඇවිදගෙන යනවා. යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.
"හූ, හූ, ගාමිණී ඇන පාවිච්චි කරානම් ඔහොම වෙන්නේ නෑ නේ "

sirawatama bada yanna hina, ty. rep+