මම ඒතරම් කවි ලියන කෙනෙක්නම් නෙවෙයි.ඒත් පුලුවන් විදියට වචන ගලපල කවියක් දෙකක් ලියලනම් තියෙනවා.මේක ලිව්වෙ අද.මං ආදරය කල කෙනෙක් විවාහ වෙලා දැන් මාසයක් විතර වෙනවා.එයාගෙ විවාහයේදි ගත්තු පින්තූර දැක්කෙ අදයි.ඉතින් කියාගන්න බැරි දුකක් හිතට දැනුනා.දුක තුනීවෙලා යාවි කියල මේක ලිව්වා.පදපේලි ටිකයි උනාට..සරල උනාට...හිතට දැනුනු දුකනම් වචන වලින් කියන්න බැහැ.ඒ දේ දන්නෙ මේ දේට මූණ දීපු කෙනෙක්ම තමයි.මගෙ හිතේ එය ගැන කිසිම තරහක් නැහැ.හිතට දැනෙන්නෙ තරහකටත් වඩා ප්‍රශ්න කෝටියක්.ඇයි..ඇයි..කියල හිතට නැගෙන ප්‍රශ්න කෝටිය දන්නෙත් මේ වගේ දේකට මූන දීපු කෙනෙක්ම තමයි.කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් හිත කියන්නෙ බොහොම දුර්වල දෙයක්.හිත හදාගන්න කරන වෑයමක් පමණි.


