රට යන අයට අවශ්‍යම තොරතුරු ටිකක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
රට යන අයට අවශ්‍යම තොරතුරු ටිකක්

කාලෙකින් මුකුත්ම මේකේ ලියලා දැම්ම නැති එකේ මම හිතුවා, රට යන්න හිතන, මේ වෙද්දී රට යන්න ලැස්ති වෙන අයට අවශ්‍ය වෙයි කියලා හිතන විස්තර ටිකක් දෙන්න.

මේ ත්‍රෙඩ් එකේ මෙන්න මේ විස්තර පිළිවෙලට ඇතුලත් වෙනවා.

අපි කොහොමද Passport එකක් ගන්නේ ?

Police report එකක් apply කරන්නේ කොහොමද ?


IELTS විහාගයට ලියාපදිංචි වෙන්නේ කොහොමද ?

දැනට නම් මතක් වුනේ ඔය කරුණු ටික විතරයි. හැබැයි ඉස්සරහට තවතව කරුණු මේකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. හරි දැන් අපි පිළිවෙලට මේ එකින් එකේ විස්තර බලමු.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අපි කොහොමද Passport එකක් ගන්නේ ?

අලුතෙන් Passport එකක් ගන්න ලේසිම ක්‍රමය තමයි කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට ගිහින් apply කරන එක. එහෙමත් නැත්නම් ඒ දෙපාර්තමේන්තුවේම නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් හෝ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ සදහා අයදුම් කරන්න පුළුවන්.

මේ Passport එකට අයදුම් කරන්න ඕනේ සියලුම අයදුම්පත්‍ර ඔයාලට පහල ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.

http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=si

කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ contact details මෙන්න මෙහෙමයි.

41, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව

දුරකථන : 94-11-5329000 ක්ෂණික ඇමතුම්
ෆැක්ස් : 94-11-2674621
ඊ-මේල් : controller[at]immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk


දැන් අපි බලමු Passport එකක් ගන්න ක්‍රමය කොහොමද කියලා.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?


ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
අවශ්‍ය පරිදි විවාහ සහතිකය (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය.


සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?

සාමාන්‍ය පදනම - වැඩකරන දින 10 ක්
හදිසි පදනම - එදිනම


සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?

සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00


අයදුම්පත් භාර ගැනිම,

සාමාන්‍ය සේවා ඉල්ලුම් පත් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට පස්වරු 2.30 දක්වා.
හදිසි පදනමින් වූ ඉල්ලුම් පත් - සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වාත්
සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.


මෙතනදී මම දාලා තියෙන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය වෙන විස්තර ටික විතරයි. ඉතින් කාට හරි මීට අමතර විස්තරයක් අවශ්‍යනම් ත්‍රෙඩ් එකේම අහන්න.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
දැන් අපි බලමු රට යන්න Police Clearance certificate (මේ කියන්නේ අධ්‍යාපන වීසා හෝ යුරෝපා රටවල් සදහා අවශ්‍ය වෙන සහතිකය) එකක් ගන්නේ කොහොමද කියලා.

මේ සදහා අවශ්‍ය වෙන අයදුම්පත්‍රය ඔයාලාට මේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්.


http://www.police.lk/images/formsdownload/clearanceapplication-protected.doc

එහෙම නැත්නම් ඔයාලට පහත ලිපිනයේ Clearance Application Center එකෙනුත් මුද්‍රිත අයදුම් පත්‍රයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කොහොම වුනත් ඔයාල මේ අයදුම්පත්‍රය පුරෝගෙන මේ ලිපිනයට යන්න ඕනේ එක බාර දෙන්න (ඔයාලගේ නගරයේ පොලිසියට බාර දීලා හරියන්නේ නෑ)


Clearance Application Center
No. 331, Ollcot Mawatha,
Colombo 11
(කොළඹ කොටුවෙමයි මේ සථානය තියෙන්නේ)


අයදුම්පත් භාර ගැනිම

සතියේ දිනවල පෙ.ව. 9.00 සිට පස්වරු 4.00 දක්වා.

ගාස්තුව රුපියල් 500 (මට මතක විදියට දැන්නම් රු. 1000 ද මන්දා)

ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

ජාතික හැදුනුම්පතේ පිටපතක්
ගමන් බලපත්‍රයේ (Passport) පිටපතක්


* මේ Police Clearance certificate එක ඔයාලගේ අතට ලැබෙන්න අඩුමතරමින් දවස 30 ක් වත් ගත වෙනවා. මොකද මේ සහතිකය ලබා දෙන්නේ ටිකක සංකීර්ණ ක්‍රියාවලියකින් පසුවයි. අනික මේ සහතිකය ඔයාලට ලැබෙන්නේ ලියාපදිංචි තැපෑල මගිනුයි. ඔයාලට මේක අතින් ලබා ගන්න බෑ.

ඒ වගේම ඔයාලගේ Police Clearance certificate එකේ සුදානම්ද කියලා දැනගන්න sms ක්ටමයකුත් හදුනවලා දීලා තියනවා.


PLC CRT {Reference Number} එක ටයිප් කරලා (උදා: PLC CRT 12345/12) අංක 1919 ට යැවීමෙන් ඒ ව්ස්තර ලබා ගන්න පුළුවන්ලු.

Contact Details.

Application Centre - 0112422994
OIC/ Clearance, Police Headquarters - 0112421111 – Ext : 437, 01124392185-88
ASP/ Clearance, Police Headquarters - 011242111 – Ext: 288,
Fax - 0112326022


හැබැයි මැදපෙරදිග වගේ රටවල් සදහා නම් ඔයාලගේ නගරයේ පොලිසියෙන් සාමාන්‍ය පොලිස් සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඊට අදාළ ගාස්තුව රුපියල්. 25 යි.

හරි, ඒ ගැනත් විස්තර එපමණයි.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
IELTS විහාගයට ලියාපදිංචි වෙන්නේ කොහොමද ?

අපි මුලින්ම බලමු ලංකාව ඇතුලත කොහෙද අපිට මේ IELTS විභාගය සදහා පෙනී ඉන්න පුළුවන් තැන් කියලා.

British Council - Colombo/Kandy
ACBT (Australian College of Business & Technology) - Colombo/Kandy

කියන ආයතනවල කොළඹ හා නුවර මධ්‍යස්ථාන වලදී ඔයාලට මේ විභාගයට පෙනී ඉන්න පුළුවන්.



British Council - Colombo/Kandy

මේ සදහා අදාළ අයදුම්පත්‍රය ඔයාලට මේ ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.

http://www.britishcouncil.org/srilanka-exams-ielts-application-form.pdf

එහෙම නැත්නම් මෙන්න මේ ලිපිනයේ තියන මධ්‍යස්ථානයකින් අදාළ අයදුම්පත්‍රය ලබා ගන්නත් පුළුවන්.

British Council
49 Alfred House Gardens
(PO Box 753)
Colombo 3
Telephone +94 (0)11 7521521
+94 (0)11 4521521
E-mail [email protected]

British Council
88/3 Kotugodella Veediya
Kandy
Telephone +94 (0)81 2222410
+94 (0)81 7222410

E-mail [email protected]


විභාග ගාස්තුව රුපියල් 17,900.

අයදුම් කරන්න අත්‍යවශ්‍ය දේ

සම්පුර්ණ කරන ලද උඩින් කියපු අයදුම්පත්‍රය
passport ප්‍රමාණයේ වර්ණ චායාරූප දෙකක් (2)
විභාග ගාස්තු.
මම දන්න විදියට නම් ඔයාලගේ passport එකත් අරන් ගියොත් හොදයි.


විභාගයට ලියාපදිංචි වෙන්න ඉහත කියපු ප්‍රධාන මධ්‍යස්ථාන දෙකේ වගේම මේ පහත ලින්ක් එකේ ඔවුන්ගේ නියෝජිත ආයතන හරහාත් පුළුවන්.

http://www.britishcouncil.org/srilanka-exams-ielts-registration-centres.htm

ඒ වගේම Online ලියාපදිංචි වීමේ ක්‍රමයකුත් තියනවා. පහල ලින්ක් එක.

https://ielts.britishcouncil.org/srilanka

වැදගත්ම දෙයක්: ඒ ඉස්සරහට එන විභාග දින (Upcoming Test dates) මොනවද කියලා දැනගන්න මේ ලින්ක් එකට යන්න.


http://www.britishcouncil.org/srilanka-exams-ielts-dates.htm

විභාගයෙන් පස්සේ ප්‍රතිපල ලැබෙන්න දවස 14 ක් යනවා. මේ ප්‍රතිපල තැපැලෙන් ඔයාලගේ ගෙදරටම ලැබේවි. ප්‍රතිපල බලාගන්න හදිස්සි අයට පහල ලින්ක් එකෙන් online බලන්න පුළුවන්.

https://ielts.britishcouncil.org/Results

ACBT (Australian College of Business & Technology) - Colombo/Kandy

විභාග ගාස්තුව රුපියල් 18,000.

විභාග මධ්‍යස්ථාන

ACBT (Colombo)
442 Galle Road
Colombo
Sri Lanka
Telephone: +(94) 112565511
Facsimile: +(94) 112565594
Email: [email protected]

ACBT (Kandy)
3A, Mahamaya Mawatha
Kandy
Sri Lanka
Telephone: (94) 812205800
Email: [email protected]


ඉදිරි විහාග දින (Upcoming test dates)

කොළඹ - http://www.acbt.net/images/PDF/acbt_test_dates_Colombo.pdf

නුවර - http://www.acbt.net/images/PDF/acbt_test_dates_Kandy.pdf

මම මෙතනදී ඔයාලට IELTS උපකාරක පාඨමාලා ගැන විස්තර අරන් ආවේ නෑ, මොකද IELTS වලට හොදම ආයතනය මොකද්ද කියල එක එක අය එක එක අදහස් දරනවා. ඒ නිසා ඒ තැන තීරණය කරගන්න එක ඔයාලගේ දෙයක්. හැබැයි මතක තියාගන්න British Council හා ACBT ආයතන දෙකම මීට අදාළ පාඨමාලා පවත්වනවා.
 
Last edited:

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    good

    000204ae.gif