ලොවම එපාවී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වෙලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...
... අසා අශෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැළපෙන මොහොතේ...
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිතවූ හද සිහිලැල් වේ ...
ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ භියපත් මොහොතේ...
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන්වුණු සිත උණුසුම් වේ ...




