


ඔන්න යාලුවනේ මගෙත් කොටු ගාන 8 ක් වෙලා දන්නෙම නැතුව ඉතින් ඒ සතුටට උබලට මොකුත් දෙන්නත් එපැයි නේ ඉතින් කාටත් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන මම තොරතුරු ටිකක් අරන් ආවා මට මෙච්චර දුරක් එන්න සහය දුන් හැමෝටම බොහොම ස්තූතියි !!!!!!!!!!! 




හොදයි යාලුවනේ පහුගිය කාලේ ලෝකෙ ලොකු කතාබහක් ඇති උන දෙයක් නෙ Cloud Computing කියන්නේ, මේක ගැන දන්න අයට වඩා නොදන්න අය ඉන්නවා ඇති අනිවාර්යයෙන් , අවුරුදු ගානක් ටොරන්ට් වලින් ෆිල්ම් , ගේම් ඒ වගේම අර අරවා

එහෙමත් හුරේ කියාගෙන බාපු ගොඩක් දෙනෙක් තවම දන්නෙ නැහැ ටොරන්ට් කියන්නෙත් Cloud වලට දෙන්න පුලුවන් හොඳම උදාහරනයක් කියල නේ
බැලුවනේ උඩ තියන පින්තූරේ හරි එහෙනම් දැන් ඉතින් සේරම තේරෙනවා ඇති නෙ නේද ?


සරලව විස්තර කරොත් මෙහෙම දෙයක් තමා මෙතන වෙන්නේ අපි හිතමුකො අපි Facebook එකට අපේ ෆොටෝ එකක් අප් කරනවා කියලා
සැ:යු: වැදගත්ම දේ Cloud System එකක් කරන්න තනි සර්වර් එක්කට විතරක් නම් කොහෙත්ම බැහැ අනිවාර්යයෙන්ම සර්වර් 2ක් හෝ ඊට වඩා වැඩි ගනනක් තිබිය යුතුමයි හොඳේ
හරි ඒ දේත් මතක තියාගෙන අපි ඉස්සරහට යමුකො , අර කිව්ව විදියට අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරද්දී වෙන්නේ අපේ ෆොටෝ එක එයාලගේ සර්වර් එක්කට සේව් කරගන්න එකනේ (අපේ යූසර් නේම් යටතේ අදාල විදියට එයාලා හදාගෙන ඉන්න තැනකට තමා මේව සේව් කරගන්නේ ) මේ විදියට සේව් කරපු අපේ ෆොටෝ එක මෙයාලගෙ තියන අනික් හැම සර්වර් එක්කටම කොපි කරගන්න එකත් මේ එක්කම සිද්ද වෙනවා ඒක වෙන්නේ තවත් Technology එකක් නිසා ඒ තමා Clustering කියන Technology එක. මේක ප්රධාන කොටස් දෙක්කට වෙන් වෙනවා ඒ
1. Database Clustering(එක් Server Database එක්ක යම් වෙනසක් සිදුවූ විට අනික් Server Database වල එම වෙනස කිරීම )
2. Application Clustering(එක් Server Application එක්ක යම් වෙනසක් සිදු වූ විට අනික් Server වලද එම වෙනසම සිදු කිරීම )
හරි අපි කතා කරේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන වෙලාවනේ
හරි අපි ඔන්න දැන් දාපු ෆොටෝ එක FB Server වලට ගියා කියලා හිතමුකෝ. තව දෙයක් FB එකට තියන්නේ සර්වර් දෙකක් සහ මේ සර්වර් දෙක තියන්නේ එකක් ඇමරිකාවෙ සහ අනික අපේ ශ්රී ලංකාවෙ කියලත් හිතමුකෝ (හම්බන්තොටට කිට්ටුව

) හරි දැන් අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක ඔන්න ඇමරිකන් සර්වර් එකේ සහ හම්බන්තොට සර්වර් එකේ තියනවා හොදේ .... ඔන්න දැන් තමා සිරාම සිද්දිය වෙන්නේ හයියෙන් අහගන්න හොදේ අපි අප් කරපු ෆොටෝ එක ඔන්න අපේ Friend List එකේ එකෙක් ඕන් බලන්න කියලා ඒක උඩ ක්ලික් කරනවා. හරි ඒ වෙලාවේ අපි හිතමු ඒ 4to එකේ Preview එක අපිට පෙන්නුවේ ඇමරිකන් Database එකෙන් අරගෙන කියලා. තවත් දෙයක් අපි බලන ඕනම් පින්තූරයක් වීඩියෝ එකක් අපි නොදැනුවත්වම අපේ පරිගනකයට බාගන්නවා හොදේ ඒ බාගෙන තමා අපිට නිකන් එලකිරි සේ පෙන්නන්නේ. හරි ඔන්න දැන් අපි ක්ලික් කරා කියමුකො එ වෙලාවෙම ඇමරිකන් සර්වර් එකේ ඉන්න Client ලා ගාන වැඩිවෙලා සර්වර් එකේ Traffic එක වැඩිවෙනවා ඉතින් ඔන්න ඇමරිකන් සර්වර් එක Down
වෙනවා දැන් මොකද කරන්නේ අපි ඉල්ලපු ඉමේජ් එකේ Result එක අපිට නොදි ඉඳීද නැහැ මතකනේ ඒ වගේම තවත් එකක් අපේ දෙයියගේ ගමේ ඒ කියන්නේ හම්බන්තොට තියේ කියලා ඉතින් අපෙ ඉල්ලිම හම්බන්තොට Server එකෙන් අපිට ඉෂ්ඨ කරනවා . ඒත් අපි දන්නෙ නැහැ මේක ආවෙ ලොක්කගේ ගමෙන්ද නැතනම් ඔබාමගේ ගමෙන්ද කියලා හරී
ඔන්න ඕකයි ඔය පොරවල් වෙන්න අපි Cloud වලින් අපේ වැඩ කරන්නෙ වගේ පොර එක දිදී කියන දේ ඇතුලේ තියන්නේ හරි
කෙටියෙන් සාරංශය කිව්වොත් වෙන්නේ Data එකක් එක්නෙකට සම්බන්ද වෙලා තියන සර්වර් ගනනාවක තියාගෙන ඉඳලා ඒ Data එක ආපහු ඕන වෙන වෙලාවට Data Traffic එකක් අවම වෙන විදියට ගෙන්න ගන්න එකට තමා Cloud Computing කියන්නෙ
හරි මෙහෙම කියලත් සමහර විට කෙනෙක්ට තේරිලා නැතුව් ඇතිනේ එහෙම අයටයි මේ ටික හැබැයි මේක තේරෙන්න නම් ඉතින් ටොරන්ට් එකක් පාවිච්චි කරලා තියෙන්න ඕන හොඳේ

ටොරන්ට් කියන්නෙත් එක්තරා ආකාරයක Cloud System එකක් තමා ඒ කියන්නේ ටොරන්ට් එක්කට Seeds කියලා ජාතියක් තියනවා කවුරුත් දැකලා ඇතිනේ ඒ කියන්නේ එක්තරා විදියකට ගත්තොත් Seed කියන්නේ ඒ අපි ගන්න ඩේටා එක තියන සර්වර් එකක් කියලා අපිට හිතන්න පුලුවන්.
හරි තවදුරටත් හිතල බැලුවොත් ඔන්න අපි PirateBay එකෙන් ගේම් එක්ක ටොරන්ට් එකක් ගත්තා කියලා හිතමුකෝ හරි දැන් ඔන්න Piratebay Server එකේ තියනවා ඒ ගේම් එක සයිස් එකත් හිතමු 15GB විතර කියලා හරි මේක Direct Download කරන්න තියේ නම් හැමෝම කරන්නෙ මොකක්ද ගියා PirateBay එකට කෙලින්ම ඇද්දා එහේ සර්වර් එකෙන්. හරි මේ ගේම් එක Release වෙලා වැඩි කල් නැහැ පට්ට ජනප්රියයි කියලත් හිතමුකො ඉතින් දැන් Direct මේක බාගන්නේ අපි විතරද නැහැ නේ ලෝකේ ඉන්න හැම මීමම මේක ගන්න රින්ගනවා PirateBay එකට ඉතින් ටික වෙලාවයි යන්නේ මෙන්න PirateBay සර්වර් එක Down ඇයි ඉතින් දෙයියනේ බල්ලොයි කොල්ලොයි සේරම රින්ගුවාම ආයෙ කොහෙද හැරෙන්නවත් ඉඩක්



ඒත් ටොරන්ට් එක්කදි මෙහෙම වෙන්නේ නැහැ ඒකෙදි කරන්නේ හැමෝම තමන්ගේ බාගත්ත ටිකත් එකිනෙකා එක්ක බෙදා ගන්න එක ඒ කියන්නේ අපි 1GB විතර කොටසක් බාගත්තා කියමුකෝ PirateBay server එකෙන් ඒ වගේම ඒ වෙලාවේ ඉන්දියාවේ එකෙකුයි පාකිසතානේ එකෙකුයි දෙන්නාත් මේක බාගන්න හැදුවානම් සමහරවිට අපේ බාගත්ත කොටසෙන් එයාලා තමන්ගේ පරිගනකයට බාගන්නවා වෙන්නත් පුලුවන් ඒ කියන්නේ නිකන්ම ජාලයක් (Network) හැදිලා එකිනෙකාගේ ඩේටා එකිනෙකා අතරේ Share කරගැනීමක් තමා වෙන්නේ . මම බොරු කියනවා නම් බලන්නකො ටොරන්ට් එකක් බාද්දී අපේ ඩව්න්ලෝඩ් එකක් වගේම අප්ලෝඩ් එක්කුත් සිද්ද වෙනවා ඒ කියන්නේ අපේ ඩේටා තවත් කෙනෙක් අරගන්නවා කියන එකනේ නේද ?
හොදයි යාලුවනේ ඔච්චරයි තමා ඉතින් මන් නම් දන්නේ තව වැදගත් දෙයක් දැනගත්තොත් මම කියල දෙන්නම්කො දැන් නම් ඉතින් අත් දෙකත් සෑහෙන්න රිදෙනවා කොටලා කොටලා වැඩේ හොදනම් ඉතින් දන්නවනේ


එහෙනම් අපි ගියා ගිහින් එන්නම් මයි අම්මා





