හැඬෙන්නට කඳුළුත් නෑ....
රිදෙන්නට හිතකුත් නෑ.....
මගේ ජීවිතේ... මගේ ජීවිතේ...
නින්ද මට.. අද උරුම නෑ......
තවත් හිත රවටන්න බෑ....
ඔබ මගේ.. ළග නෑ....
ඔබව මට හිමි නෑ....
හැඬෙන්නට කඳුළුත් නෑ....
සිතා ගන්නටවත් බෑ....
ඇයිද මෙතරම් ඔබට ආදරේ කියලා....
නොදැක ඉන්නට සිතුවත්...
හිත අකීකරු වෙනවා...
හිමි උනානම්... ඔබව මට සදවතියේ....
මගේ පණ මෙන් රකිනවා... මම සත්තයි...
හදා ගන්නට නම් බෑ....
හඩන සිත මගෙ ඔයා ගැන විමසනවා....
නොලැබෙනා බව දැණුනත්....
තවත් මම පෙම් කෙරුවා....
ඉන්න සතුටින්... මගේ සද රාජිණියේ...
හිමි නැතත් මට ඔයා මගෙමයි... සැමදා....
හැඬෙන්නට කඳුළුත් නෑ....