

මචං..පුංචි නිවැරදි කිරීමක්...ඕක ලංකාවෙ එකෙක් හැදුවා නම් කොහොමත් ප්‍රසිද්ධ වෙන්නෑ.. ඕකෙ නිෂ්පාධනය, අධ්‍යක්ෂනය දෙකම ඉතාලි ජාතික උබර්තෝ පැසොලිනී. සම අධ්‍යක්ෂණය රුවන්ති ද තිසේරා.
![]()
මම බලපු තවත් පට්ට චිත්‍රපටයක් තමයි Orphan (අනාථ දරුවා) චිත්‍රපටිය. මේකෙත් ශ්‍රේණිගත කිරීම් වලින් 7.0/10ක් අරගෙන තියෙනවා. කතාව මේකයි. කේට්, ජෝන් කියලා දෙන්නෙක් ඉන්නව (නෝනයි, මහත්තයයි). මේ දෙන්නට ලැබෙන්න ඉන්න තුන්වන දරුවා කුසේදිම මියැදෙනවා. ඒක මේ දෙන්නට මහා වේදනාවක් ගේනවා. ඒ නිසාම බිරිඳ කියනව දරුවෙක් හදාගන්න ගනිමු කියල. ඒක නිසා මහත්තය අනාථ නිවාසයකින් දරුවෙක් හදන්න අරගන්නවා. එයාලා හදාගන්න ගන්න ලමයගෙ නම ඇස්තර්. හැබැයි ඇස්තර් අනිත් ළමයින්ට වඩා ගොඩක්ම වෙනස් කෙනෙක්. අඳින පළඳින විදිය, කතාබහ කරන විලාශය හැම අතකින්ම හරිම අමුතුයි. අනිත් ළමයින්ට වඩා මෙයා විශේෂ කෙනෙක් වෙනව ඒ නිසා. කොහොම වුණත් ඔය ගෑණු ළමයව අර දෙන්නා අරගෙන යනව හදාගන්න කියලා. හැබැයි ඒක තමයි මහා විනාශයක ආරම්භය වෙන්නෙත්. මේක හොල්මං කතාවක් නම් නෙමෙයි. ඇත්තට වෙන්න පුළුවන් සීන් එකක් ගැන තමා කතාවෙ කියවෙන්නෙ. තාමත් මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලපල්ලා. මොකද මේක එකපාරක් නෙමෙයි තුන් හතරපාරක් බලන්න හිතෙන චිත්‍රපටියක්. ඇත්තටම අවසානය වෙන තෙක්ම කුතුහලයෙන් පිරිලා තියෙන චිත්‍රපටියක්. අවසානය ගැන කතා කරලා වැඩක් නෑ. ෆිල්ම් එක බලලම හිටපල්ලා.
වෙලාවක් ලැබුණාම තවත් එලස් චිත්‍රපටි ගැන දාන්නම්..

මචාන් බාන්න තැනක්.. උපසිරැසි එහෙම තියෙනවාද සිංහල.![]()