<< සුපිරි කවි ට්කක් >>

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    කාලෙකින්නෙ කවි මඩුවට ආවේ මම
    කවිකාරයෝ පේනඩනම් නෑ තාම
    මේ නූලට ප්‍රතිචාරය මදි බොහොම
    එන්න සැවොම කවි කියන්ඩ එකෙන්ම
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    සීත රැයේ කවි මතකෙට එනවා
    එන එන කවිය කියාගන්ට ලත වෙනවා
    දැක්ක ගමන් මේ නූලට ගොඩවෙනවා
    කියමු ඉතින් කවි පද අපි පච ගොතලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපිරි කවි ගොඩක් ලියවී ඇති හූයේ
    කවි රජවරුන් රැජිනන් නැත අද ඊයේ
    පෙර කල සේ ම නැගලා යති මෙය ආයේ
    ආවොත් කවියො හූයේ සඳවත පෑයේ
     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    කාලෙකින්නෙ කවි මඩුවට ආවේ මම
    කවිකාරයෝ පේනඩනම් නෑ තාම
    මේ නූලට ප්‍රතිචාරය මදි බොහොම
    එන්න සැවොම කවි කියන්ඩ එකෙන්ම



    සීත රැයේ කවි මතකෙට එනවා
    එන එන කවිය කියාගන්ට ලත වෙනවා
    දැක්ක ගමන් මේ නූලට ගොඩවෙනවා
    කියමු ඉතින් කවි පද අපි පච ගොතලා



    ආසයි එන්න නැවතත් එළකිරි කවි අතරට
    එක් විලා පැන්තර් එක්ක ගේමට කවි කියන්නට
    එලද මන්ද දැන් හැදුව මේ කවි පොඩ්ඩ
    අමතකත් වුන කවි පේලි මේ හිටි ටිකට



    සුපිරි කවි ගොඩක් ලියවී ඇති හූයේ
    කවි රජවරුන් රැජිනන් නැත අද ඊයේ
    පෙර කල සේ ම නැගලා යති මෙය ආයේ
    ආවොත් කවියො හූයේ සඳවත පෑයේ


    කලකට පසුව කවියක තාලය ඇසුනා.
    .
    මලකට බඹරු මෙන් කිවිදුන් මෙහි ඇදුනා..
    විලකට අගය ඇති පියුමක් ලෙස දිලුනා..
    එළකිරි සුපිරි කවි මඩුවම ඔප වැටුණා..



    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    කලකට පසුව කවියක තාලය ඇසුනා.
    .
    මලකට බඹරු මෙන් කිවිදුන් මෙහි ඇදුනා..
    විලකට අගය ඇති පියුමක් ලෙස දිලුනා..
    එළකිරි සුපිරි කවි මඩුවම ඔප වැටුණා..



    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    මලක සුවඳ දසත සරා කවියක රස මතු කරලා
    ගොතන පදට බඹරු ඇදී මේ හූය ම එකලු වෙලා
    නෙක නෙක හැඩ කවි මැවිලා සිනා සරින් ඔප වැටිලා
    ලලනා සිරි අසිරි මවා එළකිරි කවි පද ගෙතිලා
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම නම් අලුත් කකුලකි මේ thread එකට
    ලියලා නම් නැහැ කවියක් ආත්මෙට
    එනමුත් මෙහි ඇති කවි ටික කියන විට
    හිතුන හදන්නට පද ටික මේ ලෙසෙට
     
    • Like
    Reactions: -Petsha-

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    කලකට පස්සේ එලකිරියට මම ආවේ
    ආ දින සුබ නිසයි මෙය නම් සෙට් වුයේ
    දිගටම ලියන්නයි මගේ නම් හිත කීවේ
    දැම්මොත් දානවා මම කවි මේ හූයේ....:D
     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මම නම් අලුත් කකුලකි මේ thread එකට
    ලියලා නම් නැහැ කවියක් ආත්මෙට
    එනමුත් මෙහි ඇති කවි ටික කියන විට
    හිතුන හදන්නට පද ටික මේ ලෙසෙට

    කලකට පස්සේ එලකිරියට මම ආවේ
    ආ දින සුබ නිසයි මෙය නම් සෙට් වුයේ
    දිගටම ලියන්නයි මගේ නම් හිත කීවේ
    දැම්මොත් දානවා මම කවි මේ හූයේ....:D

    පිලිගමි දෙපල සාදරයෙන් මේ ලෙසට
    තුති පුදකරමි සිව් පදයේ ලියකමට
    නැවත නැවත කවි මඩුවේ පියස යට
    අපි මුණ ගැසෙමු මිතුදහමේ නාමයට...........
    hi.gif
    :)

     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    පිලිගමි දෙපල සාදරයෙන් මේ ලෙසට
    තුති පුදකරමි සිව් පදයේ ලියකමට
    නැවත නැවත කවි මඩුවේ පියස යට
    අපි මුණ ගැසෙමු මිතුදහමේ නාමයට...........
    hi.gif
    :)


    පිළිගත් Petsha හට thanku පුදන්නෙමි
    දුන් දිරි අගය කර කවියක් ලියන්නෙමි
    ඔබ වැනි කවියෝ ඉන්නා රට දහස් වටී
    මෝරුන් අතර අපි පොඩි හාල්මැස්සෝ වැනී....... :): cool:
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    බැලුවා thread එක මුල සිට අන්තිමට
    මුල තිබු ගතිය දැන් ගිලිහිල යනවද .... :( :( :(
    කුමක් හෝ කලයුතු බව හැගුනි මට :yes: :yes:
    සොයුර කුමක් කරම්ද අපි මේ දෙයට ...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් අලුත් කකුලකි මේ thread එකට
    ලියලා නම් නැහැ කවියක් ආත්මෙට
    එනමුත් මෙහි ඇති කවි ටික කියන විට
    හිතුන හදන්නට පද ටික මේ ලෙසෙට

    මටත් ලියන්නට බැහැ කවිනම් යසට
    වචන ටිකක් ලියලා දානව පෙලට
    එළිවැට වුණත් ගොනු කැඩු නියරක් ලෙසට
    සැබෑ කවියො ඉවසයි මගෙ කවි කමට

    අපූරුවට සෙට් වී මේ හූය තුළ
    ඔබ ලියලා ඇත කවියක් අනගි බල
    දිගට ම ලියන්නට ඇරයුම් පාන කල
    හිතුනි අගයන්න ලියලා වදන් පෙල



    කලකට පස්සේ එලකිරියට මම ආවේ
    ආ දින සුබ නිසයි මෙය නම් සෙට් වුයේ
    දිගටම ලියන්නයි මගේ නම් හිත කීවේ
    දැම්මොත් දානවා මම කවි මේ හූයේ....:D


    සුභ නැකතක් බලලා කවි ගොතාගෙන
    දිගට ම ලියන්නට පැතුමන් පතාගෙන
    ආ ඔබ තුටින් පිළිගමි අප සෑම දෙන
    ඇරයුම් කරමු ලියනට තව කවි සොඳින