තමන් කැමති කෙල්ලව ගොඩ දාගන්න, මේ විදිහට කතා බහේ යෙදෙන්න

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලො කියන්නේ තේරුම් ගන්න අපහසු හරිම විෂම මනුස්ස කොට්ටාසයක් කියලා තමා හැමෝම හැම තැනකම කියන්නේ. ඒ වුනාට මේ ලෝකේ සිටින ලස්සනම සුන්දරම නිර්මාණය වෙන කාන්තාව කියන්නේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි හරිම ආදරණිය ජීවින් කොටසක් කියලා තමා අනිවා අපිට නම් හිතෙන්නේ.

    ආදරය කියන දේ ඉහටත් උඩින් බලාපොරොත්තු වෙන හිතා ගන්න බැරි තරම් වෙනස් අවස්ථා වල හිතා ගන්න බැරි තරම් පුදුම දේවල් කියන කරන, මේ හිතා ගන්න බැරි තරම් සුන්දර නිර්මාණය දෙවියන් මැව්වා කියල කියනවා නම් අපිට කියන්න තියෙන්නේ “දෙයියෝ ඔයානම් මාර ම මාර පොරක්” කියලා තමා.

    කතාව පිට පොට යන නිසා ආපහු ට්‍රැක් එකට ගන්න හිතුවා. නිකමට වත් හිතුවද ඔයා කැමති ගෑනු ළමයා එක්ක කතා කරනකොට ඒක හරියට කරන්නේ කොහොමද කියලා, එහෙමත් නැතිනම් ඔයා කරන කතාවෙන් ඔයා කැමති යුවතිය ඔයාට ආශක්ත කරගන්නේ කොහොමද කියලා? සමහර අයට මෙහෙම ටෝක් කරන එක ගේමක් නැති වුනත් සමහර අය කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා තමා හිතාගෙන ඉන්නේ. ඉතින් අද මේ කියන්න හදන්නේ නියම ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ නා ගන්නේ නැතුව කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලයි.

    1.ආරම්භය – පටන් ගන්නොනේ හොඳම තැනින්

    ගැහැණු ළමයෙක් බලා පොරොත්තු වෙන දෙයක් තමා ගෞරවය කියන්නේ. විශේෂයෙන් ම ඒක කොල්ලෙක් ගෙන් ඇය වඩාත් ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගැහැණු දැරිවියක් එක්ක කතා බහ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඇයට ගෞරවයක් හිතට දැනෙන විදිහට, ඒ කියන්නේ “මේ පුද්ගලයා මට ගෞරව කරනවා” කියන හැඟීම දැනෙන විදිහට හැසිරෙන්න. එතකොටයි මුල ඉඳන්ම තමන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න අඩිතාලම දාගන්න පුලුවන්.

    “ආ නංගි, අද වැස්ස නේද?” වගේ කාලගුණ විද්‍යා වැඩමුළු වල වචන වලින් අද කාලේ කෙල්ලෙක්ව අල්ලගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ටිකක් වෙලා බලාගෙන ඉන්න වේවි. එහෙම නැත්නම් යන්න වේවි නිකරගුවාව පැත්තට.

    2. රෙස්පෙක්ට් එක – රන්ජන් ඉල්ලපු එක එයාටත් දෙන්න.

    උඩ කාරනාවේ අපි කතා කරපු ගෞරවය කියන දේ ගැන අපි වැඩි දුරටත් කතා කලයුතුයි කියලා හිතුනා. කියමනක් තියෙනවා, ඔයා කාන්තාවට ගෞරව කරන ආකාරය මත ලෝකය ඔයාට ගෞරව කරනු ඇත. කියලා. අන්න ඒ වගේ අපි කතාව පටන් ගන්න වෙලේ සිටම අපි ඇයට ඉඩක් දීලා කතා කරන්න ඕනේ. රන්ජන් අර මාධ්‍ය වෙදියාගෙන් බලෙන් ඉල්ලපු එක වගේ නෙවෙයි මේක. ඔයා විසින් එයා ඉල්ලුවේ නැතත් දෙන්නට අවශ්‍ය දෙයක් තමා ගෞරවය කියන්නේ.

    3. කෙල්ලෙක් කියන්නේ කොටියෙක් නෙවෙයි.

    ඒ නිසා මට බනියි ද, වාරියපොළ අක්කා වගේ වෙයිද කියලා එහෙම බයේ පස්ස ගහන්න එපා. ඔබ බය නැතුව ගිහින් කතා කරන්න. පොඩි පෞර්ෂවත් ගතියක් එහෙම තියෙනවා නම් ඔයා කැමති කෙල්ල වුනත් ඔයා එක්ක බය නැතුව කතා බහ කරන්න ගනීවි.

    4. ටෙනි බන්දු වෙන්න හදන්න එපා කෙටියෙක් කිව්වොත් “ගොන්ජෝක්ස්” එපා.

    ගැහැණු ළමයි ආසයි හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක් එක්ක කතාබහ කරන්න. එහෙම නැතුව කෙල්ල වෙනුවෙන් හැම වෙලාවේම විහිලු කරලා ජෝක් එකක් වෙන කොල්ලෙක් එක්ක කතා කරන්න කැමති කෙල්ලෝ ඉන්නේ ලංකාවේ ෆිල්ම් වල විතරයි. අන්න ඒ නිසා හැම වෙලාවකම විහිලු කරන්නත් එපා.

    කෙල්ලෝ කැමතියි සැහැල්ලු සරළ පිරිමින්ට ඒත් ඔයාගේ කතා බහ ඇතුලේ ඔයා ටිකක් සීරියස් වෙන්න ඕනේ අවස්ථාත් තියෙනවා, ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. කෙල්ල මොනා හරි සිරියස් දෙයක් කිව්වම ඔයා ෆ්‍රෙඩී සිල්වා ටෝක් එකක් දුන්නොත් කෙල්ලගේ හිතේ ඔයා ගැන තියෙන කැමැත්තත් එතනින් ම හබක් තමා.

    5. එයාටත් මයික් එක දෙන්න.

    කතා කරන්න පටන් ගත්ත වෙලාවේ හිටං නිහාල් නෙල්සන් සින්දු කියනවා වගේ මයික් එක අතින් අතට මාරු කර කර ඔයාම කතා කරන්න එපා. කෙල්ලටත් අවස්තාවක් දෙන්න කතා කරන්න. එතකොට ඔයා හොඳ කතා කාරයෙක් වගේම හොඳ සවන් දෙන්නෙක් කියලා කෙල්ල සිතාවි. කොහොමත් කෙල්ලෝ කැමතියි තමන් කියන දේ අහන්න කැමති පිරිමින්ට.

    6. හොයාබලන්න – ෂර්ලොක් හෝම්ස් වෙන්න යන්න එපා

    මේකත් කරන්න වෙන්නේ කතා කරලම තමා. ඔයාට එයා කැමති දේවල් ගැන අවබෝධයක් නැති නම් ඔයාට කරන්න තියෙන්නේ එයා කැමතියි කියලා හිතෙන මොනවා හරි දෙයක් ගැන තමන්ට උපමා කරලා මොනා හරි කියල බලන එක.

    දන්නවද මම එක පාරක් අවාරේ සිරිපාදේ නැග්ගා නේ. මම ඇල්බම් එකක් හදලා අප්ලෝඩ් කළා. බැලුවද?

    එතකොට ගෑනු ළමයා “හානේ ඔයා ෆොටෝග්‍රෆි කරනවද?” එහෙම නැති නම් “ඔයා ට්‍රැවල් කරනවද?” කියලා අහන්න පුළුවන්, එතකොට ඔයා දෙන උත්තරය මත තමා එයාගේ ප්‍රශ්නය තීරණය වෙන්නේ. එකට කරන්න වැඩක් තියෙනවා ඒ තමා හැම වෙලාවේම කතාව කොතනින් හරි නවත්තනවා නම් එයාට ප්‍රශ්නයක් අහන්න ඉතුරු කරලා නවත්තන එක.

    එයා ඇත්තටම ඔයා කියන දේට කැමති නම් ඒ ගැන තොරතුරු හාර හාර අසාවි. හැබැයි එකක් මතක තියාගන්න. බොරු විස්තර කියන්නෙපා. ඔයාට කලින් එයා ඔයා කියන තැනට ගිහින් තියෙනවා නම් එයා ඔයාට ඒක ගානක් කියද්දී වෙන්නේ ඔයාට කට ඇරගෙන අහගෙන ඉන්න තමා.

    7. බෝරින් ද? – දෙයියන්ගේ නාමෙට ටොපික් වෙනස් කරන්න

    ඔයා කතා කරන දේවල් වලට කෙල්ල කැමති නම් අවුලක් නැහැ, හැබැයි අකමැති නම් මොකෝ කරන්නේ? ඔයා කියවගෙන යනකොට එයා කිව්වොත් “හ්ම්ම් ” “ඇත්තද?” “ඇවිදින එක හරි බොරින් නේද?” වගේ වචන; වහාම ක්‍රියාත්මක වෙන පරිදි මාතෘකාව වෙනස් කරන්න. ඔයා එයා කියන දේවල් වලට අවධානයක් නොදක්වා ඔහේ කතා කරනවා නම් මහත්තයෝ, සමහර වෙලාවක එයා ඔයාගේ කතාව මැද්දෙන් නැගිටලා යන්නත් පුළුවන්. මොකද කිසිම කෙනෙක් කැමති නැහැනේ තමන් අකමැති දෙයක් අහගෙන ඉන්න.

    8. පිපාසෙන් කරවෙලාද?

    පිපාසෙන් හිටපු එකෙකුට වතුර උගුරක් හම්බුනා වගේ කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉඳලා කෙල්ලෙක් ලැබුනා වගේ හැසිරෙන්න එපා. කොයි වෙලෙත් වැඩි වර්ණනාවට ගිහින් ලකුණු කපාගන්න යන්න එපා තමන්ට කියලා ආත්මගරුත්වයකුත් තියාගන්න. මොකෝ කොල්ලෝ කියලා ප්ලාස්ටික් යැයි. උන්ටත් තත්වයක් කියලා දෙයක් තියෙනවානේ. ඒ නිසා ඊළඟ පොයින්ට් එකේ තියෙන දේවලුත් හොඳින් හිතට ගන්නෝනේ.

    9. කාඩ් කුඩු කරගන්නේපා.

    ඔයා ගැහැණු ළමයෙක් එක්ක කතා බහ කරනකොට කල්පනා කරන්න උවමනා දෙයක් තමා ඒ දැරිවි ඔයා කියන දේට සම්පුර්ණ අවධානය දෙනවද කියන කාරණාව ගැන. මොකද ඔයා කතා කරනකොට එයා අනවධානයෙන් හුමිටි තියනවා නම්, එහෙමත් නැතිනම් ඔයා කතා කරන වෙලාවට එයා ගණන් නොගෙන ඉන්නවා නම්, එහෙම ගැහැණු ළමයින්ගෙන් පොඩ්ඩක් ඉවත් වෙලා ඉන්න එක වටිනවා.

    මොකද තමන්ට කියල ආත්මගරුත්වයක් තියෙන නිසා. යම් කෙනෙක් ගෞරවයක් දීලා කතා කරනකොට එයට ප්‍රති උත්තර දීලා බොහොම විනීත ස්වරයෙන් පිළිතුරු දීම හැදිච්ච ගැහැණු දරුවෙක්ගේ වගේම පිරිමි දරුවෙක්ගේත් ලක්ෂණ.

    ඒ නිසා ඒ ගැනත් හිතේ තියාගෙන වැඩේට බහින්න ඕනේ.

    aniwa.lk වෙතින් උපුටා ගන්නා ලදී :)
    මොන කෙල්ලොද බන් (එල්සාජීන්,ඇබෙලා ඩේන්ජර් වගෙ නම් ok)
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Why did you delete that comment?
    ( Okay this just my opinion, don't judge me)
    1. මුලින් මුලින් දෙන attention එක අවුරුදු ගානක් ගියත් ඒ විදිහටම තියාගන්න
    2. අවංක වෙන්න. ඒ වගේම එයා ඉස්සරහ වෙනස් වෙන්න එපා තමන්ට ආදරේ කරන කෙනෙක් හොයා ගන්න
    3.girl කෙනෙක්ට කතා කරන්න ඕනි විදිහට කතා කරන්න ( ගෞරවය තියන්න)
    4. කොච්චර busy උනත් එයා ලගට වෙලා ඉන්න වෙලාව වෙන්කර ගන්න.( Girls ලට ඕනි ඔයා ලග වෙලා ඉන්න)
    5. eye contact එක හදා ගන්න.( ගොඩක් ගැඹුරු affair එකක් ගොඩ නගන්න පුළුවන් eye contact eken)
    6. එයාලට insecurities තියෙන්න පුළුවන් , ඒවා ගැන බය නැතුව කතා කරන්න.( අවබෝධය තියා ගන්න, තේරුම් ගන්න.)
    7. පොඩි පොඩි දේවල් වලින් හිත දිනා ගන්න. එයාට ඔයා ලඟ ආරක්ෂා ව තියෙනවා කියලා එයාට දැනෙන්න දෙන්න.

    මේක මේ විදිහටම girl ගේ පැත්තෙනුත් තියෙන්න ඕනි( if not, you deserve better)

    Thank you
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    1.ආරම්භය – පටන් ගන්නොනේ හොඳම තැනින්

    ගැහැණු ළමයෙක් බලා පොරොත්තු වෙන දෙයක් තමා ගෞරවය කියන්නේ. විශේෂයෙන් ම ඒක කොල්ලෙක් ගෙන් ඇය වඩාත් ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගැහැණු දැරිවියක් එක්ක කතා බහ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඇයට ගෞරවයක් හිතට දැනෙන විදිහට, ඒ කියන්නේ “මේ පුද්ගලයා මට ගෞරව කරනවා” කියන හැඟීම දැනෙන විදිහට හැසිරෙන්න. එතකොටයි මුල ඉඳන්ම තමන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න අඩිතාලම දාගන්න පුලුවන්.

    “ආ නංගි, අද වැස්ස නේද?” වගේ කාලගුණ විද්‍යා වැඩමුළු වල වචන වලින් අද කාලේ කෙල්ලෙක්ව අල්ලගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ටිකක් වෙලා බලාගෙන ඉන්න වේවි. එහෙම නැත්නම් යන්න වේවි නිකරගුවාව පැත්තට.
    :)

    onna oka tamai amaruma eka. patan ganna eka. :dull:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කියවපු උන්ට තියා දාපු එකාටවත් කෙල්ලෙක් නෑ, නේද @siri_ayya 😏
    Coaches don't play 🌚
    සිරි අයියාටත් අම්මට සිරි වූ තවත් එක් සුන්දර අවස්ථාවක්...🥴

    bump
    ------ Post added on Sep 4, 2022 at 9:24 AM
     
    • Haha
    Reactions: NRTG and siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලො කැමති උන්ට මාර විදියට care කරන උන්ට.
    ලැජ්ජව පැත්තක තියලා කඩේට ගිහින් පෑඩ් පැකට් එකක් උනත් ගෙනල්ල දෙන්න පුලුවන් වෙන්ම ඕනෙ.Matured වෙන තරමට පොඩි කෙල්ලෙක් අල්ල ගන්න තියන චාන්ස් එක වැඩි මම නම් කියන්නෙ. මොකද උන්ගෙ සමවයස් උන්ට වඩා ලොවෙත් උන් බලාපොරොත්තු වෙන කොලීටිස් matured උන්ට තියනවා. ඒක නිසා උබල නාකි කියල සැලෙන්න එපා. සල්ලි හොයපන්.ලස්ස්නට ඇදපන්. ඩීසන්ට් විදියට ඉදපන්.ඉදල හෙමිට පොඩි කෙල්ලෙක් ට ලයින් එකක් දාපන්.

    මම යාලුවෙලා දැන් අවුරුදු 4 කටත් වැඩි. ඒ කාලෙ හෙන කැතයි මම. කෙල්ලෙක් මලාට බලන්නෙ නෑ මන් දිහා. හැබැයි මන් අනික් උන් වගේ චා වෙන්න ගියේ නෑ.ඩීසන්ට් පිට හිටියා පාඩුවෙ. අන්තිමේ බලාපොරොත්තු උන ජාතියෙම කෙල්ලෙක් හම්බුනා.( ඒකිගෙ යාලුවෝ /ඔෆිස් එකේ උන් ඔක්කොම ඒකිගෙ හිත වෙනස් කරන්න හෙන ගේමක් දුන්නා. මම කැතයි කිව්ව.ගැලපෙන්නෙ නෑ කිව්ව. ඒකි අතැරියෙ නෑ මාව.❤️ එදා ඉදන් අද වෙනකන් හැමදේටම පස්සෙන් ඉන්නව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මේ ලෝකේ සිටින ලස්සනම සුන්දරම නිර්මාණය වෙන කාන්තාව කියන්නේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි හරිම ආදරණිය ජීවින් කොටසක් කියලා තමා
    kK8NrGE.gif
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    කෙල්ලො කැමති උන්ට මාර විදියට care කරන උන්ට.
    ලැජ්ජව පැත්තක තියලා කඩේට ගිහින් පෑඩ් පැකට් එකක් උනත් ගෙනල්ල දෙන්න පුලුවන් වෙන්ම ඕනෙ.Matured වෙන තරමට පොඩි කෙල්ලෙක් අල්ල ගන්න තියන චාන්ස් එක වැඩි මම නම් කියන්නෙ. මොකද උන්ගෙ සමවයස් උන්ට වඩා ලොවෙත් උන් බලාපොරොත්තු වෙන කොලීටිස් matured උන්ට තියනවා. ඒක නිසා උබල නාකි කියල සැලෙන්න එපා. සල්ලි හොයපන්.ලස්ස්නට ඇදපන්. ඩීසන්ට් විදියට ඉදපන්.ඉදල හෙමිට පොඩි කෙල්ලෙක් ට ලයින් එකක් දාපන්.

    මම යාලුවෙලා දැන් අවුරුදු 4 කටත් වැඩි. ඒ කාලෙ හෙන කැතයි මම. කෙල්ලෙක් මලාට බලන්නෙ නෑ මන් දිහා. හැබැයි මන් අනික් උන් වගේ චා වෙන්න ගියේ නෑ.ඩීසන්ට් පිට හිටියා පාඩුවෙ. අන්තිමේ බලාපොරොත්තු උන ජාතියෙම කෙල්ලෙක් හම්බුනා.( ඒකිගෙ යාලුවෝ /ඔෆිස් එකේ උන් ඔක්කොම ඒකිගෙ හිත වෙනස් කරන්න හෙන ගේමක් දුන්නා. මම කැතයි කිව්ව.ගැලපෙන්නෙ නෑ කිව්ව. ඒකි අතැරියෙ නෑ මාව.❤️ එදා ඉදන් අද වෙනකන් හැමදේටම පස්සෙන් ඉන්නව.
    කොල්ලන්ගේ පෙනුම බලන්නේ teenage කෙල්ලෝ.
    වයස යද්දී උන් හොයන්නේ වාහනයක් තියෙන stable කොල්ලෙක්ව.