CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

    CCTV ගෙදරදීම_2



    මේකේ පල වෙනි පාඩම බැලුවේ නැත්නුම් ඒක මෙතනින් ගිහිල්ලා බලලා එන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1514498

    පලවෙනි පාඩමට සහයෝගය දුන් හැමෝටම ස්තුති කරලා මම දෙවැනි ඒක පටන් ගන්නම් පටන් ගන්න කලින් කලිං පුංචි දෙයක් කියන්න තියනවා මම දැක්කා මේ සිස්ටම් හයි කරන රස්සාවක් විදියට කරන අයත් ත්රේඩ් එකට ඇවිල්ලා හිටියා ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා මම වැරද්දක් කනරනවම්, මගේ දැනුම මට පුලවන් විදියට හැමොත් එක්කම බෙදා ගන්නයි මම උත්සහ කරන්නේ හරි එහෙනම් වැඩේට බහිමු.

    self-confidence.jpg


    වැඩේ කරන්න කලින් පටන් ගත්ත දෙයක් ඉවර කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියාගෙන වැඩේට බහිමු. මුලින්ම සිස්ටම් ඒක හයි කරන්න ඕනි ස්ථානය හොදින් විමර්ශනය කරන්න කොතනටද වැඩි පුර ආවරණයක් අවශ්ය් වන්නේ කොතන කැමරා හයි කරෝත්ද වැඩිම ප්රශදේශයක් ආවරණය වෙන්නේ කියලා තීරණය කරන්න, ඊට පස්සේ DVR ඒක සහ මොනිටර් ඒක සවි කරන්නේ කොතනටද කියලා තීරණය කරන්න . අපි පාවිච්චි කරන කැමරා වල රේන්ජ් දෙකක් එනවා එකක් 3.6mm මෙක්දී මේකට කවර් වෙන ඒරියා ඒක වැඩි ඒ කිව්වේ පුළුල් ප්රරදේශයක් ආවරණය වෙනවා අනික 8mm මෙක්දී ආවරණ වෙන ප්රඒදේශය අඩුයි ඒ වුනාට සූම් ඒක වැඩි ඒ කිව්වේ ටිකක් ලං වෙලා පේනවා, හයි කරන තැන තෝරද්දී මේ ගැනත් සැලකිලීමත් වෙන්න.

    හරි මෙතනින් එහාට වෙන වැඩ ටික එක එක අය එක එක විදියට කරනවා ඉතින් මම කරන විදිය ලියන්නම් කියවලා බලලා ඔයාලාට ලේසි විදියකට වැඩේ කරන්න කොහම කරත් එකයි,

    මුලින්ම මම කරන්නේ කැමරා හයි කරන තැන් වලට කැමරා එකේ ස්ටෑන්ඩ් එක හයි කරගන්නවා . හරි විදියට කරනවානම් බිත්තිය ඩ්රිල් කරලා වෝල් ප්ලග් දාලා බෝල්ට් වලින් ස්ටෑන්ඩ් එක හයි කරන්න ඕනි, ඒ වුනාට තමන්ගේ ගෙදර ඩ්රිල් එකක් නැත්නම් එච්ච‍ර හිතන්න එපා හරියට තැන බලලා කොන්ක්රීට් ඇන වලින් හයි කරන්න අවුලක් වෙන්නේ නැ ආපහු ගලවාගන්න ඕනි වෙලා ගලවා ගන්න බැරි වුනත් අලුත් කැමරා ස්ටෑන්ඩ් එකක් රුපියල් 150 ක් විතරයි වෙන්නේ,

    507506443_571.jpg


    හරි ඊට පස්සේ ස්ටෑන්ඩ් එක හයි කරාට පස්සේ වයරින් එක. කැමරාව ලගට වයර් දෙකක් එනවා එකක් වීඩියෝ වයර් එක අනිත එක පවර් එක මෙකිදී වීඩියෝ වයර් එක කෙලින්ම කැමරා එක ලග ඉදන් DVR එක ලගටම යන්නම ඕනි එත් පවර් යන වයර් එක ෂෙයාර් කරන්න පුළුවන් ඒ කිව්වේ වයර් එක යන අතර මගදී වෙන කැමරා එකකට යන පවර් වයර් එකකට මේක සම්බන්ද කරන්න පුළුවන්.

    දැන් වයරින් එක පටන් ගමු වීඩියෝ වයර් එකේ කැමරාව පැත්තට දාන කොනට BNC ජැක් එක හයි කර ගන්න TT වයර් එකටත් DC ජැක් එක හයි කරගන්න

    a20791f12e793e0e3c96dc_m.JPG


    ඊට පස්සේ එතන ඉදන් DVR එක තියන තැනට වයර් දෙකම බිත්තිය දිගේ වයරින් ක්ලිප් බාවිතා කරලා සුදුසු විදියට අදින්න, වයර් එක බිත්තිය දිගේ නිකම්ම ගෙනියනවා වෙනුවට කේබල් හවුසින් එකක් දිගේ ගෙනිච්චනම් වැඩේ තවත් පිළිවෙලයි ආරක්ෂාවත් හොදයි හැබැයි එකට අමතර වියදමක් යනවා , මම පැහැදිලි කර විදියට කැමරා හයි කරන තැන ඉදලා DVR එක ලගට වයර් ඇද ගත්තට පස්සේ රෝලෙන් වයර් එක වෙන් කරන්න

    ඊට පස්සේ අනිත් කැමරා එක ලග ඉදලා ආපහු ඒ විදියටම අදින්න, මම කියපු විදියට වයර් ටික ඇදලා ඉවර කර ගත්තට පස්සේ DVR එක පැත්තට ආපු වීඩියෝ වයර් වලටත් BNC jack හයි කර ගන්න TT වයර් වලට මොකුත් කරන්න ඕනි නැ දැන් සැහෙන වැඩ කොටසක් ඉවරයි,

    දැන් අපි DVR එකට හාර්ඩ් ඩිස්ක් එක හයි කරමු මේක නිකම් කජු කනවා වගේ වැඩක් DVR වටේ තියන ඇන ටික ගලවලා DVR එකේ හවුසින් එක ගලවන්න ඊට පස්සේ ඔයාලට සාටා කේබල් එක දකින්න පුළුවන් ලේසියෙන්ම සාටා කේබල් එක ගහලා එතන තියන බේ එකට හර්ඩ් ඩිස්ක් එක හයි කරන්න DVR එකත් එක්කම හාර්ඩ් එක හයි කරන්න ඇන හම්බ වෙනවා හරි දැන් කෙසින් එකත් වහගන්න ඔන්න එකත් හරි .

    moxi3tunerdvrinsidefront.jpg


    ඊට පස්සේ අර කැමරා වල ඉදන් ආපු BNC ජැක් හයි කරගත්ත වීඩියෝ කේබල් ටික DVR එකේ පිටි පස්සට හයි කර ගන්න එක නිකන් ටීවී එකේ ඇන්ටනා ජැක් එක ගහනවා වගේ, ඊට පස්සේ මොනිටර් එකත් DVR එකට ප්ලග් කරගන්න ඔයාලා ටීවී එකට නම් DVR සෙට් කරන්නේ BNC to AV කේබල් එකක් ගන්න වෙනවා හරි දැන් ඒ ටික හරිනේ හැබැයි තවම කිසිම දෙකට පවර් දෙන්න එපා නිකන් වයර් හයි කර ගන්නවා විතරයි හරිද ,

    ඊට පස්සේ කැමරා ටිකත් ස්ටෑන්ඩ් එකට හයි කරලා එකේ එන වයර් ජැක් වලට අපි හයි කරපු ජැක් ටික ෆිට් කරන්න

    දැන් අපි කැමරා වලට පවර් දෙන්න හදන්නේ ඔය කැමරා වලට වෙනම පවර් පැක් පාවිචිචි කරලා පවර් දෙන්නත් පුළුවන් නමුත් අපි පාවිචිචි කරන්නේ තනි පවර් පැක් එකක්, හරි දැන් අපේ පවර් පැක් එක ගත්තාම එකේ වයර් හයි කරන්න ස්ලොට් 5ක් තියනවා දෙකක් 230 v පවර් ඉන් එක ඒ කිව්වේ අපි කරන්ට් එක දෙන්නේ මෙතනින් මේකට වයර් එකක් දෙකක් හයි කරලා අනිත් පැත්තට ප්ලග් එකක් හයි කර ගන්න අනිත් ස්ලොට් දෙක DC අවුට් එක මේකට අර කැමරා වලින් ගෙනාපු TT වයර් ටික සම්බන්ද කරන්න අනිත් ස්ලොට් එක earth එක .

    PS1-25W-05


    ඔන්න දැන් අපේ වැඩ ටික ඉවරයි දැන් ඉතින් සුබ මොහිතින් මේ ටික ඕන කරන්න තියන්නේ ඊට කලින් අපහු සේරම හරියට සවි කරලද කියලා ඩබල් චෙක් කරන්න දැන් DVR එකයි මොනිටර් එකයි පවර් පැක් එකයි ප්ලග් කරලා ඔන් කරන්න සේරම ටික හරියට හයි කරනාම බීප් එකක් හෝ දෙකක් එක්ක DVR වැඩ කරන්න පටන් අරන් මොනිටර් එකට අවුට්පුට් එක එයි

    හරි මෙතනින් එහාට DVR එකේ වැඩ කැලි ටිකයි නෙට්වර්ක් කර ගන්න හැටියි පාඩම මම ඊලග පොස්ට් එකෙන් දාන්නම් මොනා හරි ප්‍රශ්න තියනවනම් ත්‍රෙඩ් එකෙන්ම අහන්න මම පුළුවන් විදියට උත්තර දෙන්නම් සහයෝගය දුන්න හැමෝටම ජය වේවා


    ප ලි .
    මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං, පවර් පැක් එකෙන් යන 12 අවුට් එක බෙදන්න බැහැ නේද?
    කැමරා ගානට වෙන වෙනම DC ලයින් අදින්න ඕන නේද?
    නැත්නම් පවර් අවුල් උනොත් IR එක ඔන් උනාම පික්චර්ස් අප්සෙට් යනවා නේද?
    මට එහෙම උනා.. අපේ තියෙන්නේ DVR එකක් නෙමෙයි, DVR කාඩ් එකක් ගහලා තියෙන්නේ PC එකට, 16 චැනල් කාඩ් එකක්, එලටම වැඩ..
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචං, පවර් පැක් එකෙන් යන 12 අවුට් එක බෙදන්න බැහැ නේද?
    කැමරා ගානට වෙන වෙනම DC ලයින් අදින්න ඕන නේද?
    නැත්නම් පවර් අවුල් උනොත් IR එක ඔන් උනාම පික්චර්ස් අප්සෙට් යනවා නේද?
    මට එහෙම උනා.. අපේ තියෙන්නේ DVR එකක් නෙමෙයි, DVR කාඩ් එකක් ගහලා තියෙන්නේ PC එකට, 16 චැනල් කාඩ් එකක්, එලටම වැඩ..

    ඒක හින්දා තමයි මචන් 12v 5amp පවර් පැක් එකක් අරන් තියෙන්නේ මේකෙන් දුන්නාම අවුලක් වෙන්නේ නැ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒක හින්දා තමයි මචන් 12v 5amp පවර් පැක් එකක් අරන් තියෙන්නේ මේකෙන් දුන්නාම අවුලක් වෙන්නේ නැ

    මචං 5A එකෙන් දුන්නම එක වයර් එකෙන්ම කැමරා 16ටම දෙන්න පුළුවන්ද?
    අවුලක් වෙන්නේ නැද්ද?
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචං 5A එකෙන් දුන්නම එක වයර් එකෙන්ම කැමරා 16ටම දෙන්න පුළුවන්ද?
    අවුලක් වෙන්නේ නැද්ද?

    බැහැ මචන් ඒක කැම් එහෙකට 1A ඕනි මෙතන කැමරා 4 ක් හින්දා තමා 5A ඒක ගත්තේ කැමරා 16 කට නම් 16A දෙන්න පුළුවන් පැක් එකක් ගනින්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බැහැ මචන් ඒක කැම් එහෙකට 1A ඕනි මෙතන කැමරා 4 ක් හින්දා තමා 5A ඒක ගත්තේ කැමරා 16 කට නම් 16A දෙන්න පුළුවන් පැක් එකක් ගනින්

    මචං මගේ තියෙන්නේ 30A එකක්.. ඒකෙන් අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙයිද? මට කලින් වයරින් කරපු එකා වෙන වෙනම කැමරා 16ටම TT වයර් ඇදලා.. ඌ කියනවා එහෙම ඕනලු.. නැත්නම් ඩ්‍රොප් වෙනවලු:confused: