තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබුනොත්..
Cinnamon, Taj, Hilton, Mount Lavinia beach, Galle-face beach, Ceysands, Intercontinental, etc...


inner-wedding-bar.jpg


ඊයෙ 12.12.12 නෙ. ඉතින් මේ දවසෙ ගොඩක් අය තමන්ගෙ විෂේශ අවස්තා සමරනව. ඔන්න ඒ නිසා Hoodටත් ඊයෙ තරු පහේ මගුලකට අරාධනාවක් ලැබුන. මගුල නම් ජයට තිබ්බ. ඒත් මේ වෙලාවෙ දැක්ක දේවල් නිසාත්, පෝස්ට් එකක් දාන්න දෙයක් ගැන හිතහිත හිටපු නිසාත් මේ ගැන කියල ත්‍රෙඩ්ක් දානව. Hood පොඩි කොල්ලෙක්. ඒත් මේවගේ අවස්තාවලට ගොඩක් සහභාගි වෙලා තියෙනව. මුල් කාලේ hoodu ත් මේ ගැන මෙලෝ සසරක් දන්නෙ නෑ. ඒත් ඒ ඒ අවස්තාවලදි සෙට් උන පුද්ගලයො සමහරක් දේවල් ඉගැන්නුව. ඒ ඉගෙන ගත්ත දේවල් වලින් තමා මේ දේවල් කියන්නෙ.

11.jpg


ඇත්තටම අපිට ඒදේවෙලා චාටරේ කාල, වලේ වැටිල තමා අපි ඉගෙන ගත්තෙ. ඉතිං මේ උත්සාහය ඔයාලට චාටර් වෙන්න කලින් කියල දෙන්නයි. අපි බොහෝ දෙනෙකුට ඔය තරු පහේ හෝටල් ගෙදර වගේ නෙමේ. ඉදලහිටල තමා ඕවට යන්න. ඒ ඉතින් සල්ලි නැති කම නිසාම නෙමේ. ඒවට ගෙවන මුදල් වලින් කරන්න වෙන ගොඩක් දේවල් තියෙන නිසානෙ. ඒ නිසා හැමදාම ඕවට යන අක්කල අයියල නම් කියවල වැඩක් නෑ. ඉදල හිටල ඔහොම chance එකක් ලැබුනොත් කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ කියලයි කියන්නෙ. පිටරටවල් වගේ නෙමේ ලංකාවෙ අපේ උන් හිනාවෙන්න බලාගෙනනෙ ඉන්නෙ. ඒකයි ලොකුම සීන් එක.

එහෙනම් මුලින්ම බලමු කොහොමද වැඩේට සෙට් වෙන්නෙ කියල.

Wedding-Invitations_25504.jpg


1.සාමන්‍යයෙන් මේ වගේ වෙඩිමකට අරාධනාවක් අඩුම තරමින් සති 2 කටවත් කලින් ලැබෙනව. ලැබෙන ආරධනා පත්‍රයත් ටිකක් බරට වැඩකිඩ එහෙම දාල තියෙන්නෙ. බොහෝ වෙලාවට මේ ආරධාන පත්‍ර වල ඔබේ පැමිණීම සනාථ කරන්න කියල පොඩි කොටසක උපදෙස් ටිකක් තියෙනව. ඒකට හේතුව සාමන්‍යයෙන් මේවගේ වෙඩිමක Plate එකක් 5000+ වෙනව. ඒකයි පැමිනීම සනාථ කරන්න කියන්නෙ. ඒකනිසා අනිවා යනවද නැද්ද කියල කලින් කියන්න.

latest-bridal-saree3.jpg

Dress.jpg


2.ඔබගේ ඇදුම. මේකත් ගොඩක් වැදගත් දෙයක්. සාමන්‍යයෙන් අපි වෙඩිමකට සහභාගිවෙනකොට අපේ ලගම නැදෑයෙක් නෙවේ නම් blazer එකක් දාන්නෙ නෑ. බොහෝ වෙලාවට ටයි එකක් දාන්නෙත් නෑ. අත්දිගට දාල නෝමල් යන්නෙ.ඒත් තරු හොටලේක වෙඩිමකට යනව නම් ඔයාල කාගෙ කවුරු උනත් අනිවා blazer එකක් දාලම යන්නෙ ඕනෙ. නැත්නම් චාටරේ තමා. jacket, tie, tie pin, pen තියෙනව නම් සුපිරි. 18ට වැඩි කෙල්ලෙක් නම් අනිවා සාරියක් තමා හොද. වෙන වෙන විච්චූරන ඇදුම වලට වඩා සාරියක් ඇන්දල ඉන්න කෙනෙකුට තමා අපිත් ඇහැ දාන්නෙ. ඒත් ඉතිං වෙන ඇදුනුත් තියෙනව. මම වැඩිය දන්නෙ නෑ. මොනා උනත් සුපිරියට යන්න ඕනෙ.

Wedding-Gifts.jpg


3. Present එක. ඔයා යන්නෙ තනියම හෝ කීප දෙනෙක් එක්ක නම් කලින්ම ගන්නදේ සැලසුම් කරල කලින්ම අරගෙන rap කරල තියාගන්න. මතක ඇතුව නම ලියන්න. එදාට ගන්න ඉන්න එපා. එහෙම උනත් ලෙඩ ගොඩක්. කලින් අරන් තියාගන්න එක හොදයි. හැබැයි ගන්න දේ ටිකක් expensive වෙන්න ඕනෙ. මොකද කෑම plate එක 5000+ වෙන නිසා 700-800 කෑල්ලක් දීල ආවොත් නෝන්ඩි. සල්ලි වලින් යාලුවො මනින්නෙ නෑ කියයි. එහෙනම් වැඩි වියදමක් ගියෙ නැතත් වටින දෙයක් දෙන්න. කන plate එකට සාදාරණයක් කරල එන්න. මොකද අපිට මිනිස්සුන්ගෙ හිත් කියවන්න බෑනෙ.

4.ටිකක් වේලාසනින් යන්න. ඇත්තටම මේ වගේ හෝටලයක වෙඩිමකට ඔබ යන වාහනය වැඩක් නෑ. මොකේ ගියත් hall එකට වඩා දුරින් තමා parking තියෙන්නෙ. ඒ නිසා වැඩක් නෑ. කවුරුත් දකින්නෙ නෑ. පාරෙ බස් එකේ උනත් ඇවිල්ල පාඩුවෙ යන්න පුලුවන්. ඒ ගැන වැඩිය හිතන්න එපා. වෙලාසනින් යන තරමට ගන්න පුලුවන් ෆන් එක වැඩී. පරක්කු උනොත් වෙල්කම් ඩ්‍රින්ක් එකේ ඉදන් ගොඩක් දේවල් මිස් වෙනව. එකක්වත් මිස් කරගන්න එපා අපරාදෙනෙ. present එක බාහිර කවර වලින් අයින් කරල Hotel එක ඇතුලට අරගෙන එන්න. බොහෝ වෙලාවට ඉස්සරහින්ම table එකක් තියෙනව. එතනට නම ලියල බාර දෙන්න තියෙන්නෙ.

Holiday-Christmas-Gifts-Red.jpg


hall එක ඇතුලට නම් අරන් එන්න එපා. තැනක් නැත්නම් doorman ගෙන් ඒ ගැන අහන්න. වෙඩින් කේක් ඇතුලු වෙනකොටම තිබ්බොත් අනිවා ගන්න. සාක්කුවට එවලේම ස්තානගත කරන්න. පස්සෙ ඇතුලෙදි ආයිත් කේක් ඇල්ලුවොත් හම්බුනා කියනව එහෙම නෙමෙයි.

bride_side2.jpg


5.දැන් තියෙන්නෙ හොදට කෑලි දෙකතුනකට ඇහැ දාගන්න පුලුවන් වෙන විදියකට වාඩි වෙන්න තමා. ඒත් මතක ඇතුව හරි සයිඩ් එකෙන් වාඩි වෙන්න. bride side, groom side කියල බෙදල තියෙන්නෙ. එහෙම කරන්නෙ අමුත්තන් මග ඇරෙන එක වලක්වන්නයි හොරෙන් කන්න එන උන් අල්ල ගන්නයි. කෑලි සීන් නම් ඉතින් කොහෙටත් පොදුයිනෙ. ඒව කියන්න ඕනෙ නෑ. හැබයි පුතො නම්බර්ස් දෙනව නම් පරිස්සමින් මොකද අම්මල දුවල වගේ, දුවල අම්මල වගේ. මට තියෙනව හොද හොද නපුරු අත්දැකීම්. එක පාරක් හෙනගේමක් ගහල පැය ගානක් තිස්සෙ පැනි හලල හලල දුන්න dance floor එකේදි නම්බරෙ. හපොයි එයාට අවු 2 බබෙකුත් ඉන්නව. වෙලාවට ගුටිනොකා බේරුනේ.

weddingtablearrangementideaswedding-tableweddingtables.jpg


6.මේවගේ හෝටලේක හැම table එකකම වයින්, බයිට්ස්, වතුර තියල තියෙනව. පුටුවට අදාල ඒව අරන් පාවිච්චි කරන්න පුලුවන්. වයින් නම් ඉතින් සුපිරි. පට්ට රහයි. මතක තියාගන්න කවුරුහරි කෙනෙක් ඔයාල කෙරෙහි අවධානයෙන් හිටියොත් ඔයාල මොන වගේ අයද කියල පට ගාල හොයා ගන්න පුලුවන්. මේසෙ උඩ තියෙන දේවල් පාවිච්චියේදි ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමන්ට අයිති දේවල් තියෙන්නෙ මොන පැත්තෙන්ද කියල දැන්ගෙන ඉන්න ඕනෙ. වේටර් මලයෙක් මොනාහරි ලගට ඇවිත් දෙනව නම් එයාට ලගට එන්න ඉඩ හදල දෙන්න දුර ඉදන් ගන්න එපා. අතට ගන්නත් එපා. ඒ වගේම හැමවෙලේම එකම පැත්තකින් තමා වේටර් මලය serve කරන්නෙ. ඒ පැත්තට එන්නයි ඉඩ දෙන්න ඕනෙ. වැරදි පැත්තට ඉඩ දුන්නොත් නෝන්ඩි. ඒගොල්ලො හැම වෙලේම ඔයාලගෙ දකුනු පැත්තෙන් තමා දේවල් දෙන්නෙ වමෙන් තමා දේවල් ගන්නෙ. ඒ වගේම ඉඩ හදනකොට අදාල පැත්ත ගැන සැලකිලිමත් වෙන්න. that is a tradition not a rule. මේක වෙනස් වෙනතැන් තියෙනව.
ඒ වගේම වයින් ග්ලාස් එක අල්ලනකොට මෙන්න මේ විදියට අල්ලන්න.

wine.jpg


no matter what the shape or size of the glass or the type of wine.

600x600_1235631715684-SiennaWeddingBarSet-Up.jpg


7.ඊලගට ඉතින් ශොට් එකක් දාගන්න ඕනෙනෙ. මෙවැනි හොටෙල් වල කලාතුරකින් තමයි බෝතලේ පිටින් table එකට එවන්නෙ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට පොඩි බාර් එකක් වගේ පොට් එකක ශොට් එක දාල දෙනව. වර්ග 2-3ක් තියෙනව. නැත්නම් අපේ වේටර් මල්ලියෙක් ශොට් ටිකක් අතේ තියාගෙන ඇවිද ඇවිද ඉන්නව. ඉල්ලන් බොන්න තියෙන්නෙ. ඒත් මමනම් කියන්නෙ මේවයෙන් බොන්න එපා. සමහර වෙලාවට හෙන ගනන් 10000+ සුපිරි සැර බීම ජාති තියෙන්නෙ. ඒත් බොන්න එපා. වෙන ඔන වෙලාවක බොන්න පුලුවන් නෙ. මෙතනත් බොන්න යන්න එපා. අලුත් ජාතියක් නම් රහ බලන්න පොඩ්ඩ්ක් බොන්න වැඩිය එපා. මොකද මම නම් වෙඩිමකට යන්නෙ අම්මප කන්නමයි. ඉතින් බීල අල කරගන්නවට වඩා control පිට ඉදල කනකොට සුපිරි.

chinese-buffet.jpg


8.හරි දැන් තමා වැදගත්ම අංගය. කෑම. මෙතනදි තමා අලයො ඔක්කොම ඇන ගන්නෙ. හේතුව කෑම අරන් එද්දි හිටපු තැන වාඩි වෙන්න නෑ. වෙන සෙට් එකක් එක්ක කන්න වෙන්නෙ. කාගන්න බැරි උනොත් චාටර්. කන්න බැරි වෙයි කියල පොඩ්ඩක් බෙදාගන්නත් බෑ. පේරෙතකම ඊට වඩානෙ. මොකද මේවයෙ තියෙන කෑම අපි කවදාවත් කොච්චර සල්ලි තිබ්බත් එකපාර order කරන්නෙ නෑනෙ. ඒක නිසා මේවගේ අවස්තාවක්ම ඕනෙ. කෑම බෙද ගන්න විදිය පිලිබඳ ගොඩක් අයට දැනුම අඩුයි. අපිත් මුල් කාලෙ ඔහොම තමා පෙරේතකමට ලොවෙත් නැති දේවල් බෙදගෙන පස්සෙ අනාථ වෙලා ඉන්නව. විධායක ශ්‍රේණියේ නිලතලවල ඉන්න අය පවා මෙතන නාගන්නව. ඒක නිසා ශේප් එකේ ගොඩ දාමු. ඕගොල්ලන්ගෙ කැමැත්ත අනුව තමා ඉතින් කන්න ඕනෙ. ඒත් මම වගේ බඩ පැලෙන්න කන්න හිතන් ඉන්න අයට හිරනොවී ගොඩ දාගන්න පුංචි ඉගියක් දෙන්නම්.

catering.jpg


i.කෑමට ආරධනා ලැබුනාම මැදදි වගේ තමා සෙට් වෙන්න ඕනෙ. මුලින්ම ගියොත් රශ් එක වැඩී.සාමාන්‍යයෙන් බත් වර්ග කීපයක් තියෙනව. ඔකෙන් අඩුම සැරසිලි තියෙන බත් තමා හොද. plain එකයි, බුරියානි වගේ තියෙන ඒවයි අයින් කරන්න. බත් හැදි බාගයක් ඕනෙම නම් හැන්දක් හොදටම ඇති. සාමාන්‍ය පාටියක කනතරම් බත් දාගන්න එපා ලොවෙත් අනාත වෙනව. වෙනද කන ගානට වඩා 4න් පංගුවක් හොදටම ඇති.
ii.ඊලගට නූඩ්ල්ස්. ඔකෙනුත් පොඩ්ඩක් දාගන්න. හැදි බාගයක් තමා. ඊලගට මැකරෝනි, පැස්ට, ඔකෙනුත් හැදි බාගයක් ඇති .ඔය ටික ඉවර වෙනකොට මුලු කෑම එක වෙනද කන කෑම එකෙන් බාගෙට වැඩී නම් අමාරු වෙනව. දැන් එන්නෙ සෝස් වර්ග. නූඩ්ල්ස්, මැකරෝනි වගේ ගත්ත නම් creamy sauce, like mushroom, light herb sauces තමා හොද. චීස් රහ. චිලි ටොමැටෝ වගේ ඒව එපා. හොදි ඒව අඩුවෙන් දගෙන එක එක හැඩතල වලින් ඉන්න එවුන් ඔක්කොම දාගන්න.

new-india-buffet.jpg


iii.දැන් තමා රම්පෙට පොරි හැලෙන්න දෙන වෙලාව. මස්ටික. එක එක සත්තු එක එක විදියට ඉන්නව. සාමාන්‍යයෙන් බොහෝ මගුල් වල ඌරයි, හරකයි නෑ. ඔක්කොම ටික ටිකක් වැඩිපුර දාගන්න. Sea foods menu එකක් තිබ්බොත් ඔක්කොම දාගන්න. ඊලගට එක එක අමුතු නම් වලින් තියෙන එක එක ඒව. බය නැතුව ඔය ඔක්කොම දාගන්න පුලුවන්. මොකද අපි බත් ගත්තෙ අඩුවෙන්නෙ. ඔය ඔක්කොම බෙදා ගත්තත් මුලු plate එක ලොකුවට පේන්නෙ නෑ.
iv.ඊලගට සැලඩ්. ඕක තියෙන්නෙ වෙනම ලියින් එකක. බත් ලයින් එක වගේම ටිකක් දිගට තියෙනව. සැලඩ් ගද්දි ඔක්කොම ගනිල්ල. ආයිත් ඕව කවද කන්න වෙයිද දන්නෙ කවුද? හැම්බේකන් තිබ්බොත් නම පිරෙන්න දගනින්. කවුරුත් මුකුත් කියන්නෙ නෑ. ප්ලේට් එක පිම්බෙන්නෙත් නෑ. බත අඩු නිසා.

dragon_lunch_plate.jpg


v.ඊලගට ඒවලෙ හදන මොකක් හරි අයිටම් එකක් දෙකක් තියෙන්න පුලුවන්, බිත්තර, සොස්ජ් බදින් චෙෆෙක්, batter prawns බදින චෙෆෙක් ඉන්න පුලුවන්. එතනින් ඕන දෙයක් කැමති විදියකට හදා ගන්න පුලුවන්. ඇති තරමක් ගනින්. batter prawns එහෙම තිබ්බොත් නම් 10ක් වත් කන්න ඕනෙ නැත්නම් වැඩක් නෑ.

butterfly_prawn__18604__46636.jpg


9.දැන් ශේප් එකේ එන්න තියෙන්නෙ ටේබල් එකට. පිගාන ටිකක් ලොකුවට තියෙයි. හැබැයි rich plate එකක්. ප්ලේට් එක චෙෆෙක් එහෙම දැක්කොත් ඇහැක් ගහල හිනාවක් දානව ශුවර්. like a boss face එක දැන්ම පුටුවට ආව. ආ දැන් සෙට් එකක් එහෙම ඉන්නව නම් උන් ඔක්කොම එනකම් ඉදල හිමීට කන්න පටන් ගන්න තියෙන්නෙ. සාමන්‍ය්යෙන් table එකේ දෙන්නෙකුට වඩා කෑම ප්ලේට් තියගෙන ඉන්නව නම් කන්න පටන් ගන්න පුලුවන්. ඔක්කොම එනකම් ඉන්න ඕනෙ නෑ. ඒත් ගැන්සි රූල්ස් වලට අනුව සෙට් එකම එනකම් ඉන්න. අතින් කන්න බැරියෝ. මේ pic එකෙන් තමන්ගෙ බඩු මොනාද කොයි පැත්තෙද කියල හොයා ගන්න පුලුවන්.

informal-place-setting.png


table.jpg


mwd105616_sum10_hoops07_xl.jpg


10.හිමීට වැඩේ ගොඩ දාගන්න. ඔයාලගෙ හුරුඅත වෙනස් නම් හැන්ද ගෑරුප්පුව මාරු කරල ඇල්ලුවට අවුලක් නෑ. මුලදි දකින අය ඔයා දන්නෙ නෑ කියල හිතුවට ටිකක් කනකොට එයාල තේරුම් ගන්නව ඔයාගෙ හුරුඅත් ඒව බව. අවුලක් නෑ. හිමින් හිමින් ඔක්කොම ඉවර වෙනකන්ම කන්න. ඉතුරු කරන්න එපා. ඒ වගේම මගදි ආයිත් බෙදාගන්නත් යන්න බෑ. එක පාරයි බෙදාගන්න පුලුවන්..නැප්කින් එක නම් එලගත්තත් එකයි නැතත් එකයි. මොකද කවුරුත් ඕක එලා ගන්න දගලන්නෙ නෑ. කන විදිය දාන්න ගියොත් මේ ත්‍රෙඩ් එක ලොකු වෙනව. ඒක වෙන එකකින් දාන්නම්.

11.කාල ඉවර උනාම පිගන් ගෙනියන්න ඕනෙ නෑ හැදි ගෑරුප්පු තියන විදියෙන් වේටර්ස්ල දන්නව. ඒ ගේම එයාලගෙ අතට දෙන්න යන්න එපා.ඊලගට ඉතිං ඩෙසට් තමා ඕක නම් ඉතින් කොහෙත් එකයි.

2010-05-30-contstyle.gif


ඩෙසට් බෙදගෙන හැදි හොයන්න එපා. ඕක ගොඩක් වෙලාවට ඩෙස්ට් station එකේදි අපි දකින දෙයක් සමහරු හැදි හොයනව. මතක තියාගන්න. හැදි ඔක්කොම ටේබල් එකේ තියෙනව. desert නම් ප්ලෙට් 2-3ක් කෑවට අවුලක් නෑ. වැඩිය නෝට් නෑ. ඇපල් ගෙඩියක්, දොඩමක් එහෙම සාක්කුවේ දාගත්තත් නො ප්‍රොබ්.

628x471.jpg


12. ඔක්කොම කාල නටන්න දගලන්න එපා. බොක චාජ් උනොත් කාපුව අපරාදෙ. ටිකක් ඇගට අල්ලගන්න දීල නටන එක තමා හොද. ඊලගට ඉතින් අයිස් කෝපි 2-3කට වග කියල කපල් එකත් එක්ක පොටෝ එකකුත් අරන් සැහැල්ලුවෙන් ගෙදර එන්න තමා තියෙන්නෙ.

එහෙනම් අපි ගියා. ත්‍රෙඩ් එකේ අඩුපාඩු ඇති. ඒවත් පෙන්නල දීල හොද නම් මොනා හරි කියල යන්න. උදේ ඉදන් හැදුවෙ. ඊලගට ටේබල් මැනර්ස්, අඩුවට බොන්න පුලුවන් සුපිරි පොට්, ඔඩෙල් එකේ ශුෂී රෙස්ටුරන්ට් එකෙන් කන හැටි වගේ ත්‍රෙඩ් වලින් සෙට් වෙමු.

11.gif
11.gif
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio

pattai tx kiyala dunnata pattai

Thnaks kollo
එල එල තෑන්ක්ස්.. ;)

mama hetama yanawa star class hotel ekakin kanna.

mama gihin awith thread ekak dannam
ඒත් ඔයාට ඔච්චර කෑම ගොඩක් order කරන්න බෑනෙ. වෙඩිමක් හරි Special function එකක් හරි ඔනෙමයි ඔහොම කන්න..

pattaaaaaaaaaa :Dmeva mehema kiyala dena eka hoday...samahar evun innava avahama hotel eka vinasa harala yana...un avahama ithin hotel eke evuntath epa venava
ඔව් ඒක ඇත්ත. ඒ වුනාට තරු හෝටලේකට ගොඩක් වෙලාවට නලු නිලියො ඇමතිවරු බහිනව. ඒක නිසා බොන්න එහෙම වැඩිය දෙන්නෙ නෑ. :no:
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹල වගේ 10ක් ආවොත් වෙඩින් එකම ඉවරයි :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් ඒක ඇත්ත. ඒ වුනාට තරු හෝටලේකට ගොඩක් වෙලාවට නලු නිලියො ඇමතිවරු බහිනව. ඒක නිසා බොන්න එහෙම වැඩිය දෙන්නෙ නෑ. :no:

    ehemath ne bn...illovoth apita nodi inna be.aniva denna one...samahara yakku enava bn bonna balagenama..ehema ekek dekkahama ithin api serve karana evunta shape eke kiyanava limit karanna kiyala..