රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
මේ අපේ උදාර වූ
මාතෲ භූමියයී ... ...
මාතෲ භූමියයී ... ...
ආදි සිංහලේ ඒ ධීර මීමුතුන් ලෙයින් ... ...
සාර වූ උදාර වූ
මාතෲ භූමියයී ... ....
මාතෲ භූමියයී ... ....
මානීක්ය සේ පොළෝ ගැබේ නිධාන වී ... ... //
ඇත්තේ ඒ අභිත දූ පුතුන් ... ...
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ ... ... //
ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි ... ...
සින්ධූපමාන වැවු තලා මතින් ඇදී ... ... //
පද්ම රේනුයෙන් සුඝන්ද වී ... ...
රන් කරල් නමා හමා සිත් ප්රබෝදයෙන් පුරා ... ... //
එන්නේ උන් හෙළූ ප්රාණ වායුවයි ....
ගංගා තරංග රාව දී රිදී වනින් ... ... //
මල් පිපී කුළින් කුලේ හැපී ... ...
ගායනා කරන්නේ ආකාශයේ නැගී... ... //
වීරයින්ගේ ඒ යසෝ ගීතයයි ... ...
රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
මේ අපේ උදාර වූ
මාතෲ භූමියයී ... ...
මාතෲ භූමියයී ... ...